පුරාණ ආර්ථික විද්‍යා දැක්ම

විකිපීඩියා වෙතින්

අතිතයේ මෙසපොතේමියානු, ග්‍රීක, රෝමානු, ඉන්දියානු, චීන පර්සියානු හා අරාබි ජනයාට අතර ආර්ථික විද්‍යාවට අදාළ සිතු අයුරු වාර්ථා වෙයි. අතීතයේ රචකයන් වු ඇරිස්ටෝටල් චානක්යා (Chancliya) ක්වින් (Qin) ෂි හුආන්ග් (Shi Huang) ‍තොමස් ඇක්වෙනිස් (Thomes Aquines) හා Ibn Kholdun 14 සියවස දක්ව කාලය තුළ ආර්ථික විද්‍යාව පිළිබද අදහස් දැක් වූවෝ වෙති. පසුකාලින ගුරුකුලයට අයත්වු 14-07 සියවස දක්වා කාලය "අනෙක් කිසිම කණ්ඩායමක් සැදු පිරිසකට වැඩිය ශාස්ත්‍රිය ආර්ථිකය විද්‍යවට ළගා වු කාලයක් " ලෙස මුල්‍යමය, පොලි හා ස්වභාවිත නීතියට අනුව මිල සංකල්පය සලකා Joeseph Schumpeter විසින් ප්‍රකාශ කරන ලදී. Khaldn ‍ගේ Muqattdinch සංකල්පය හඳුනාගත් පසු නුතන ආර්ථික විද්‍යාවට සමීප සංකල්පයක් ‍ලෙස එය පිළිගත්තේය. මෑතක් වනතුරු ඔහුගේ සංකල්පය යුරෝපය විසින් දැන නොසිටි‍යේය.

වාණිජ වාදීන් හා පිසියෝක්‍රැටි නිකායිකයෝ පසුකාලීනයව මෙම විෂයේ දියුණුවට අත්වැලක් විය. ‍මෙම කණ්ඩායම් දෙකකට ජාතිවාදි ආර්ථිකයත්, නුතන ධනවාදයත් යුරෝපයේ ඇති කිරිමට දායක විය. වාණිජවාදය 16-18 ියවසේ ආර්ථිකයට පිටුවහලක් වන කරුණක් ලෙස වෙළෙන්දන් හා රාජ්‍යන්ත්‍රයන් අතර බහුලව සාහිත්‍යයෙන් පැතිර ගි‍යේය. දේශිය ධනය එහි රන් හා රිදි එකතුව අනුව සලකන ලද අතර රන් රිදි පතල් අහිමි රටවල් අපනයනයෙන් රන් රිදි ලබා ගත යුතු විය.එහිදි රන් රිදි හැරුණු කොට වෙනත් ද්‍රව්‍ය අනායනයට බාධා ඇතිකළේය. වාදයට අනුව ලාභ වු අමුද්‍රව්‍ය ආනයනය කර භාණ්ඩ නිපදවා අපනයනය කළ හැකිය. කොලනිවල නිෂ්පාදන තහනම් කර භාණ්ඩ ආනයනය නොකර ආනයනය කළ අමුද්‍රව්‍ය වලින් සැදු දෑ කොලනියට අලෙවි කිරීම මෙම සංකල්පයයි.

පිසියෝක්‍රැමියෝ වු ප්‍රංශ න්‍යාය වාදි ලේඛනයන් කණ්ඩායමටත් 18 සියවසේ ආර්ථික යනු ආදායම් හා වියදම් ඇති වක්‍රාකාර ක්‍රියාවලියක් ලෙස හැඳින්විය. Adem Smith විසින් මෙම වාදය එහි වු අඩුපාඩු සහිතවත් ප්‍රකාශ නොවු පරම සත්‍ය ලෙස ප්‍රකාශ කළේය. මොනුක්ට අනුව සත්‍ය වශයෙන් ආදායමක් ලබාගත හැක්කේ කෘෂි කර්මාන්තය ලෙස සලකා කෘෂිකර්මාන්තයට අනුබලදීමෙනි. කෘෂිකර්මානතයේ වියදම් ප්‍රතික්ෂේප කළ වාණිජ වාදය මොවුන්ගේ තර්කයට ලක්විය. පිසියෝකැමින් විවිධ වු බදු වර්ග වතුහිමින්ට පැවරූ එක් බද්ධකින් නිම කිරිමට යෝජනා කළේය. මෙසේ ඉඩම් බද්ධකින් සියල්ල නිමකිරිමට ආර්ථික විද්‍යාඥයන්ට(සියවකට පසුව සිටි Hennry George ඇතුළුව ) අනුව පැහැදිලි වු බදු ක්‍රමයක් ඇති විය. වාණිජ වාදයට එරෙහිව පිසියෝක්‍රැමියෝ ආර්ථික ආණ්ඩුවේ මැදිහත්විම අවම නිර්බාධක ක්‍රමයක් හදුන්වා දුනි.