පුතණ්ඩියා
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
පුතණ්ඩියා | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | ත්‍රිශූල දීප තඹවිට |
කතාවස්තුව | බුද්ධික ජයරත්න |
නිශ්පාදනය | සමන්ත මීඇල්ල, මෙත්සිරි කුමාරසිංහ |
සිනෙමාරූපණය | ත්‍රිශූල දීප තඹවිට |
සංස්කරණය | ප්‍රවීන් ජයරත්න |
සංගීතය | සරත් ද අල්විස් |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
කතාව
[සංස්කරණය]ඔහු නමින් විමුක්තිය, සත්‍ය දේ කතා කරන පුවත්පත් වාර්තාකරුවෙකි. ඔහු පාතාලයේ රහස් හෙළිකලේය. ඔහු සිතා සිටි ලෙස ත්‍රීරෝද රථ කරුවන් යනු පාතාලයට සම්භන්ද අය බවයි ඊට හේතුව ඔහුගේ පියා පාතාලයට සම්බන්ධ වූ දැනට සිරගතව සිටින ධර්මේය. මෙම හේතූන් නිසාවෙන් තම පෙම්වතියගේ දෙමව්පියන් මුණගැසීමට නොගොස් මඟහැර යයි. මන්ද තම වටපිටාව ගැන ඇයගේ දෙමව්පියන් දැන ගතහොත් සිදුව්න විනාශය ගැන සිතායි.
මේ අතර හදිසි අනතුරකට ලක්වන මොහු ටික කලක් රෝහල් ගත කෙරෙයි. සිහි ආපසු සොයාබල්ද්දී, තම ජීවිතය බේරාගැනීමට රෝහලට ගෙන පැමිණියේ හා තමාට ලේ දන් දුන් පුද්ගලයා සොයා යයි. ඔහු අජිත්ය, ඔහුද ත්‍රීරෝද රථ රියැදුරෙකි. ඔහු හා සිටි සෙසු ත්‍රීරෝද රථ කරුවන්ද තමාට උදවු කළ බවද ඔවුන් අසරණ දුප්පතුන් බවද විමුක්ති දැනගති. ඉන් පසු ඔහුගේ මතය ව්‍යාජ්යක් හා ත්‍රීරෝද රථ කරුවන් යනු දුප්පත් අහිංසක මිනිසුන් බව පෙනීගියේය. ඉන්පසු එම දුප්පත් ත්‍රීරෝද රථකරු අජිත් සමඟ තම සමාජ හිතකාමී මෙහෙවර කරගෙන යනු ලබයි.[1]
රංගනය
[සංස්කරණය]- බුද්ධික ජයරත්න
- හිමාලි සිරිවර්ධන
- ජීවන් කුමාරතුංග
- නෙහාරා පීරිස්
- අර්ජුන කමලනාත්
- ධනංජය සිරිවර්ධන
- නිහාල් ප්‍රනාන්දු
- මේනක රාජපක්ෂ
- ධර්මප්‍රිය ඩයස්
- ජයනි සේනානායක
- ටිරොන් මයිකල්
- දුලීකා මාරපන
- මෙතුල් ශාමක(ළමා) - විමුක්ති
- චතුර පෙරේරා
නිෂ්පාදනය
[සංස්කරණය]කලා අධ්‍යක්ෂණය - දිනේෂ් ජයශාන්ත සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න වෙස් ගැන්වීම - ජේ. සුරනිමල
ගීතයන්
[සංස්කරණය]- ගීත ගායනා - අමරසිරි පීරිස්
- ගී පද රචන - කැළුම් ශ්‍රීමාල්
- මගහැර ගියා නොවේ - අමරසිරි පීරිස්
- නිදා නොනිදා - අමරසිරි පීරිස්
- ^ "පුතණ්ඩියා නම් වූ ඔහු". Sarasaviya.lk. 2016-07-21. සම්ප්‍රවේශය 2016-07-22.