පීතකන් කොණ්ඩයා

විකිපීඩියා වෙතින්

පැරණි ලෝකයට අයත් පක්‍ෂි කණ්ඩායමකි. ඵල භක්‍ෂකයෙක් වන නමුත් කෘමීන් ද ආහාරයට ගනී. ලිංගික ද්විරූපතාවයක් නොදක්වයි. කඳුකර කුරුල්ලෙකි. කඳුකරයේ මීටර් 1000ට ඉහළ කලාපයේ වනගත ප්‍රදේශවල සහ හොඳ ශාක ආවරණයක් සහිත ගෙවතුවල දක්නට ලැබෙන පියකරු කුරුල්ලෙකි. පුමාණයෙන් කොණ්ඩ කුරුල්ලාට සමාන වේ. උසින් අඩු ගසක දෙබලක හෝ පදුරක තනා ඇති කෝප්පාකාර කැදැල්ල හරිත වර්ණ පාසි එකතු කොට සාදනු ලබයි. පෙබරවාරි-මැයි සහ අගෝස්තු-ඔක්තෝම්බර් දක්වාත් අභිජනනය කරයි. ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ

"https://si.wikipedia.org/w/index.php?title=පීතකන්_කොණ්ඩයා&oldid=451041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි