පීටර් ෆින්ච්

විකිපීඩියා වෙතින්
පීටර් ෆින්ච්
Peter Finch
from Passage Home (1955)
උපත
ෆ්‍රෙඩ්‍රික් ජෝර්ජ් පීටර් ඉන්ගල් ෆින්ච්

28 සැප්තැම්බර් 1916(1916-09-28)
මියගිය දිනය14 January 1977(1977-01-14) (වයස 60)
මිය යාමට හේතුවHeart attack
රැකියාවරංගනය
සක්‍රීය වසර1934–1977
කලත්‍රයා(යන්)තමාර ට්චිනරොවා (Tamara Tchinarova) (1943–59) 1 child
යොලන්ඩෙ ටනර් (Yolande Turner) (1959–65) 2 children
එලෙතා බැරෙට් (Eletha Barrett) (1973–77) (his death) 1 child
දරුවන්Charles Finch
Samantha Finch
Anita Finch
Diana Finch
සම්මානBest Actor
1976 Network

පීටර් ෆින්ච් (1916 සැප්තැම්බර් 28 - 1977 ජනවාරි 14) බ්‍රිතාන්‍යයේ උපත ලද ඕස්ට්‍රෙලියානු නළුවෙකි. නෙට්වර්ක් (Network) චිත්‍රපටයේ හොවර්ඩ් බේලෙ(Howard Beale) නම් රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නාගේ චරිත නිරූපණය සුවිශේෂී වන අතර ඒ වෙනුවෙන් ඇයට මරණින් පසුව හොඳම නළුවා වෙනුවෙන් ඇකඩමි සම්මානයක් හිමිවිය. එය BAFTA වෙතින් ඔහුට හිමිවුණු පස්වන හොඳම නළුවා සම්මානයයි. තවද, එම රංගනය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලොබ්ස් (Golden Globes) හොඳම නළුවා සම්මානයද හිමි විය. රංගන ශිල්පය වෙනුවෙන් මරණින් පසු ඇකඩමි සම්මාන හිමිකරගත් දෙදෙනාගෙන් පළමු වැන්නා වන්නේද මොහුය. දෙවැන්නා ඕස්ට්‍රෙලියවේ හේත් ලෙජර්(Heath Ledger) විය.

මුල් අවධිය[සංස්කරණය]

ෆ්‍රෙඩ්‍රික් ජෝර්ජ් පීටර් ඉන්ගල් ෆින්ච්(Frederick George Peter Ingle Finch) ලන්ඩන්හි ජෝර්ජ් ෆින්ච් (George Finch) සහ ඇලීශ්යා ග්ලඩ්ය්ස් ෆිශර්(Alicia Gladys Fisher)ට දාව උපත ලද අතර ෆින්ච්ට වයස 2දී ඔවුහු දික්කසාද වූහ. ජෝර්ජ් ෆින්ච් ඕස්ට්‍රෙලියවේ නිව් සවුත් වේල්ස් හි උපත ලැබුවද පැරිස්හි සහ සූරිච්හි අධ්‍යාපනය ලැබුවේය. 1912 දී එංගලන්තයට සංක්‍රමණය වන විට ඔහු පරියේෂණ රසායනඥයෙකු වූ අතර පසුව පළමු ලෝක සංග්‍රාමය අවධියේ රාජකීය හමුදා යුධෝපකරණ ප්‍රධාන වැඩපොළෙහි සහ රාජකීය කාලතුවක්කු හමුදාවේ සේවය කළේය.

1915දී හැම්ප්ශර් (Hampshire) හි පොර්ට්ස්මෞත් (Portsmouth) හිදී කෙන්ට් අධිනීතීඥයෙකුගේ දුවෙකු වූ ඇලීශ්යා ෆිශර් සමඟ විවාහ විය. එනමුඳු ජෝර්ජ් ෆින්ච්, පීටර් ෆින්ච්ගේ ජෛව විද්‍යාත්මක පියා නොවීය. තම සැබෑ පියා ඉන්දියානු හමුදා නිලධාරියෙකු වූ වෙන්ට්වොර්ත් එඩ්වර්ඩ් ඩලස් "ජොක්" කැම්බල් (Wentworth Edward Dallas "Jock" Campbell) බවත් ඔහු තම මව සමඟ පැවති අනියම් සම්බන්ධය තම දෙමාපියන්ගේ දික්කසාදයට හේතු වූ බව ෆින්ච් දැනගත්තේ ඔහුගේ වයස හතලිස් ගනන් වලදීය. ජෝර්ජ් පීටර්ගේ භාරකාරත්වය ලබා ගත් අතර ප්‍රංශයේ සහ ඉන්දියාවෙදී පීටර්ගේ මිත්තණිය (Laura Finch) විසින් ඔහු රැකබලාගන්නා ලදී. පසුව 1926දී ඔහු ඕස්ට්‍රෙලියවේ තම සීයා එඩ්වර්ඩ් හර්බර්ට් ෆින්ච් (Edward Herbert Finch) සමඟ වාසයට යැවුණු අතර ඔවුහු සිඩ්නිහි ග්‍රීන්විච් පොයින්ට(Greenwich Point)හි ජීවත් විය. ඇලීශ්යා ෆින්ච් 1622දී පීටර්ගේ සැබෑ පියා "ජොක්" කැම්බල් සමඟ විවාහ විය.

"https://si.wikipedia.org/w/index.php?title=පීටර්_ෆින්ච්&oldid=389701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි