පියවර මැනීම (වන සංවර්ධන විද්‍යාව)

විකිපීඩියා වෙතින්


පියවර මැනීම යනු ක්ෂේත්‍රයේ දුර මැනීම, සඳහා භාවිතා කරන පහසු සහ වේගවත් ක්‍රමයකි. පියවර මැනීම යනු දුර මනින ක්‍රමයකි. තවද, බොහෝ විට ප්‍රදේශ මායිම් කිරීමට හෝ අත් කොම්පස සඳහා ද භාවිතා කරයි. බහුල වශයෙන් පියවර මැනීම කොටස්වලට වෙන් කර ඇත. උදාහරණයක් වශයෙන් දිග දන්නා දම්වැල්, තමන්ගේ “පියවර” දැන ගැනීම මගින් පහසුවෙන් දුර මැනීම කළ හැක.

ඔබ‍ගේ “පියවර” ක්‍රමාංකනය කිරීම

ඔබගේ පියවර තක්සේරු කිරීම සඳහා දන්නා දුර ප්‍රමාණයක් එනම් 66’ (එක් දම් වැලක්) හෝ 132’ (දම්වැල් 2 ක් ), තැනිතලා භූමියක් මත ඍජු රේඛාවක සළකුණු කළ යුතුය. එක් “පියවරක්” යනු පා පියවරවල් දෙකකි. කිහිප අවස්ථාවකදී දුර ප්‍රමාණය පියවර තබමින් ඒ සෑම අවස්ථාවකම එම දුර ප්‍රමාණය ඇවිදීම සඳහා වැයවුණු පියවර ප්‍රමාණය සටහන් කර ගන්න. පියවර තැබූ දුර ප්‍රමාණය එක් දම් වැලකට වඩා දිග වැඩි නම්, පියවර ප්‍රමාණය, දම්වැල් පියවර ප්‍රමාණයෙන් බෙදිය යුතුය. එක් “පියවරක” සාමාන්‍ය දුර ප්‍රමාණය තීරණය කිරීමට, ඇවිදින ලද මුළු දුර ප්‍රමාණය, එම දුර සඳහා වැය වූ පියවර සංඛ්‍යාවෙන් බෙදිය යුතුය. එක් පියවරකට ඇති දම්වැල් ප්‍රමාණය සහ එක් පියවරකට ඇති පා සටහන් ගණන සඳහා “පියවර පෝස්ටරය” බලන්න.

පියවර මැනීම යෙදෙන අවස්ථා

“පියවර මැනීම” වැඩි වශයෙන් යොදා ගන්නේ ශාකවල උස මැනීමට හෝ නියැදි අතර දුර මැනීමටයි. මෙමගින් කාලය ඉතිරි කරගත හැකි නමුත් මිණුම් පටියකින් මැනීම තරම් නිවැරදි නොවේ. ඊට හේතුව වන්නේ ස්වාභාවික භූම් ලක්ෂණ එනම් බෑවුම් සහිත පල්ලම්, ගල් සහිත ප්‍රදේශ, දියපාරවල් සහ ඝණ පඳුරු ඊට බලපෑමයි. සාමාන්‍යයෙන් “පියවර මැනීමේදී” අවහිරයක් හෝ බාධාවක් හමු වූ විට එය සමබර කිරීම හෝ එය පිටතින් මැනීම සිදු කරයි. කෙසේ නමුත් සමහර අවස්ථාවලදී අවහිරය පිටතින් පියවර මැනීම අනුමත නොකරයි. නිවැරදි පියවර මැනීම මැනීම සාර්ථකව කළ හැක්කේ අභ්‍යාස කිරීමෙනි. තමන්ගේ පියව‍රෙහි දුර දැන ගැනීම, පියවර මගින් මනින ලද දුර ප්‍රමාණයේ නිවැරදිතාවය සනාථකර ගැනීමට උදවු වේ.

අනෙකුත් ප්‍රයෝජන

පියවර මැනීම සිතියම් සඳහා ද භාවිතා කරයි. ක්ෂේත්‍රයේදී, සිතියම්වල සඳහන් කර ඇති නිවැරදි දුරවල් සනාථකර ගැනීම සඳහා පියවර මැනීම භාවිතා කළ හැක. දුර සහ දිග ඉතා වැදගත්වන, දේපල සීමා හෝ මායිම් හරස් කිරීම මගින් පියවර මැනීමේදී නිවැරදි දත්ත යෙදීම සඳහා අවස්ථාවක් සපයයි.






References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Pacing_%28forestry%29