පිංතාලිය

විකිපීඩියා වෙතින්
විහාරස්ථානයක වූ පැරණි පිංතාලියක්.

මහ මග ගමන් කරන මගීන්ගේ පැන් පවස සංසිඳුවා ගැනීම පිණිස මාර්ගය අසල තබා ඇති පානීය ජල බඳුන පිංතාලිය/පැන්තාලිය නම් වේ. මෙලෙස මහ මග යන එන්නන්ගේ පිපාසය සංසිඳවා ගනු පිණිස පැන් කළයක් තැබීම සහ එය හිස්වූවිට නැවත පිරිසිදු ජලය පුරවා තැබීම හා පැන් ගැනීමට භාජනයක් හා බීම පිණිස තවත් භාජනයක් තැබීම උසස් පින්කමක් ලෙස, එකල පැරණි ජනයා විශ්වාස කළහ.[1]

පැන්තාලියෙන් පැන් ලබාගැනීම සඳහා පැන්ළුව (කෙණෙස්ස) පවතී. හැන්දක් වැනි ව්‍යුහයක් වන එය, පැන්තාලියෙන් පරෙස්සමට පැන් ලබා ගැනීම උදෙසා භාවිතා කරයි. විවිධ දෑ යොදාගනිමින් පැන් ලබාගැනීම නිසා පැන්තාලියෙහි වූ ජලය අපිරිසිදු වීම, මෙම පැන්ළුව මගින් අවම කරයි.[2]

මහ මග යන එන්නන්ගේ පිපාසය සංසිඳවා ගනු පිණිස පානීය ජල බඳුනක් තැබීමේ මෙම වටිනා සංස්කෘතිය, ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයෙහි දැකගත හැකිවෙයි.[3]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "දහම් සිතුවිල්ල - කලෙකිනි මිනිසත් බව ලැබ ගන්නේ". ධර්මවිජය පදනම. 2012. සම්ප්‍රවේශය 2014 ජුනි 3. {{cite web}}: Check date values in: |accessdate= (help)
  2. "අත පැන් වත්කොට මත්පැන් බීම". සිළුමිණ. 2014 පෙබරවාරි 16. සම්ප්‍රවේශය 2014 ජුනි 3. {{cite web}}: |first= missing |last= (help); Check date values in: |accessdate= and |date= (help)
  3. "ජලය ගැන දෙසූ බුදු වදන්". බුදුසරණ අන්තර්ජාල කලාපය. 2008 සැප්තැම්බර් 14. සම්ප්‍රවේශය 2014 ජුනි 3. {{cite web}}: |first= missing |last= (help); Check date values in: |accessdate= and |date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=පිංතාලිය&oldid=346379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි