පැරසිටමෝල්

විකිපීඩියා වෙතින්
පැරසිටමෝල්
Systematic (IUPAC) name
N-(4-hydroxyphenyl)ethanamide
Clinical data
Licence data US FDA:link
Pregnancy cat. A (AU) B (US) safe
Legal status Unscheduled (AU) GSL (UK) OTC (US)
Routes Oral, rectal, intravenous
Pharmacokinetic data
Bioavailability ~100%
Metabolism 90 to 95% Hepatic
Half-life 1–4 h
Excretion Renal
Identifiers
CAS number 103-90-2
ATC code N02BE01
PubChem CID 1983
DrugBank APRD00252
ChemSpider 1906
Chemical data
Formula C8H9NO2 
Mol. mass 151.17 g/mol
  • C1=CC(=CC=C1NC(C)=O)O
Physical data
Density 1.263 g/cm3 g/cm³
Melt. point 168 °C (334 °F)
Solubility in water 14 mg/mL (25 °C) mg/mL (20 °C)
 YesY (what is this?)  (verify)

පැරසිටමෝල් වේදනා දුරු කරන බැවින් නිර්වේදනික කාණ්‌ඩයට ද, ශරීර උෂ්ණත්වය වැඩි වූ අවස්‌ථාවල පහත හෙළන බැවින් ප්‍රතිජ්වරක ඖෂධ කාණ්‌ඩයට ද අයත් වේ.

අඩංගු සංඝටක[සංස්කරණය]

N(4-hydroxyphenyl) ඇසිටැමයිඩ් යන සංයෝගය අන්තර්ගත ය. සංක්‌ෂිප්තව Acetaminophen යනුවෙන් හැඳින්වේ.

ඖෂධය පෙති, දියර, බින්දු ලෙස කුඩා ළමයින්ට දිය හැකි ෙඩ්‍රාපරයක්‌ සහිත ලෙස විවිධ ආකාරයෙන් නිපදවේ. පැරසිටමෝල් දියර (syrup)වල ඖෂධීය සංයෝගයට අමතරව වර්ණකාරක, ද්‍රාවනකාරක සංයෝග, රසගන්වන ද්‍රව්‍ය (flavouring agents) හා කල් තබාගැනීමේ ද්‍රව්‍ය ද අන්තර්ගත ය.

ඖෂධය ක්‍රියා කරන ආකාරය[සංස්කරණය]

පැරසිටමෝල් මඟින් මධ්‍ය ස්‌නායු පද්ධතියට අයත් මොළයෙහි (brain) ප්‍රොස්‌ටොග්ලැන්ඩින් (Prostoglandin) නමැති ජෛවරසායනිකය සැදීම නිශේධනය කරයි. ඒ Cyclooxygenase නම් එන්සයිමය නිශේධනය කිරීම මඟිනි.

Prostoglandin මඟින් වේදනාව දැනීම ද, ශරීර උෂ්ණත්වය ඉහළ යැම ද සිදු වෙයි. එබැවින් පැරසිටමෝල් ගත් විට වේදනාව දුරු වන අතර උණ (Pyrexia) ගත් අවස්‌ථාවල දී ශරීර උෂ්ණත්වය ද පහත හෙළයි.

පැරසිටමෝල් මඟින් මොළයෙහි Prostoglandin නිපදවීම නිශේධනය කළ ද පර්යන්ත පටකවල එම ජෛවරසායනිකය සැදීම නිශේධනය නො කරයි. එබැවින් පැරසිටමෝල් මඟින් NSAID ඖෂධ මෙන් ප්‍රදාහය (Inflammation) වළක්‌වා ලනු නො ලැබේ.

වෙනත් බොහෝ වේදනා නාශක ඖෂධ මඟින් ආමාශයේ ද Prostoglandin සැදීම නිශේධනය කරන බැවින් ආමාශයික වණ, හෝ එවන් වේදනාකාරී තත්ත්ව ඇති වෙයි. එහෙත් පැරසිටමෝල් මඟින් ආමාශය වැනි පර්යන්ත පටකවල ප්‍රොස්‌ටොග්ලැන්ඩින් සැදීම නිශේධනය නො කරන බැවින් ආමාශයික වණ හෝ උදරයේ අපහසුතා ඇති වීමක්‌ සිදු නො වේ. එබැවින් පැරසිටමෝල් උදරයට සෞම්‍ය වූ වේදනානාශකයක්‌ ලෙස නම් කළ හැකි ය.

භාවිතාවන්[සංස්කරණය]

    1. . වේදනා දුරු කිරීම සඳහා වේදනානාශක ඖෂධයක්‌ ලෙස.
    2. . ශරීරයේ උණ ගත් අවස්‌ථාවල අධික ශරීර උෂ්ණත්වය පහත හෙළීම සඳහා
    3. . දත් රෝගවල දී දත් වේදනා දුරු කිරීමට.
    4. . ඔස්‌ටියෝආතරයිටිස්‌ රෝගවල දී.
    5. . මිග්‍රේන් රෝග අවස්‌ථාවල දී.
    6. . හිසරදය දුරු කිරීම සඳහා.
    7. . රුමැටික වේදනා දුරු කිරීම සඳහා.
    8. . උගුර වණ වී තුවාල ඇති වූ අවස්‌ථාවල දී (Sore throat).
    9. . ස්‌ත්‍රීන් ගේ මාස්‌ ශුද්ධියේ දී ඇති වන වේදනා දුරු කිරීමට
    10. . ඉන්ප්ලුවෙන්සා රෝග අවස්‌ථාවල දී.
    11. . ස්‌නායු ආශ්‍රිතව ඇති වන ස්නායු වේදනාව නම් වේදනාකාරී තත්ත්ව දුරු කිරීමට.


අතුරු ආබාධ[සංස්කරණය]

නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ගත් විට අතුරු ආබාධ ඇති වීම සිදු නො වන තරම් ය. එහෙත් කලාතුරකින්, සමේ පලු දැමීම හා වෙනත් ආසාත්මිකතා ලක්‌ෂණ ඇති විය හැකි ය.

පැරසිටමෝල් මාත්‍රාව[සංස්කරණය]

පැරසිටමෝල් මාත්‍රාව වන්නේ කිලෝග්රෑමයට මිලිග්රෑම් 15කි. (15mg/kg) දිනකට දිය හැකි උපරිම මාත්‍රා ගණන 4කි. (පැය 6කට වරකි). එබැවින් පැය 24ක්‌ තුළ දී 60 mg/kg ඖෂධ ප්‍රමාණයක්‌ නියමිත අගය වෙයි.

පැරසිටමෝල් කුඩා දරුවන්ට දීමේ දී විශේෂයෙන් ම සැලකිලිමත් විය යුතු ය. නිෂ්පාදකයන් ගේ ඇසුරුම්වල වයස සහ බර අනුව දරුවාට දිය යුතු පැරසිටමෝල් ඖෂධ මිලිලීටර් ගණන සඳහන් වේ. එය ෙඩ්‍රාපරයකින් හෝ තේ හැන්දකින් හෝ දිය හැකි ය. (තේ හැන්දක්‌ යනු 5ml කි.) එහි සඳහන් මාත්‍රාව ඒ අයුරින් ම දීමට වගබලාගන්න. සාමාන්‍ය බරින් යුතු වැඩිහිටියකුට වරකට දෙන මාත්‍රාව 1g(=1000mg) වෙයි.

පැරසිටමෝල් අධි මාත්‍රා වීම[සංස්කරණය]

පැරසිටමෝල් ඖෂධය වෛද්‍ය අනුමැතියකින් තොර ව ද භාවිතයට ගැනෙන නිසා සාමාන්‍ය වේදනා හා උණ රෝග අවස්‌ථාවල දී - (මෙය නිවැරැදි ඖෂධ භාවිතය නො වේ.) විවිධ වෙළෙඳ නම්වලින් එහෙත් එක ම පැරසිටමෝල් ඖෂධය අඩංගු ඖෂධ නිපැයුම් කිහිපයක්‌ එක විට ගැනීමක්‌ සිදු විය හැකි ය. එවිට ඖෂධය අධිමාත්‍රා වීම සිදු වේ. එනිසා සාමාන්‍ය වේදනා හා උණ රෝග අවස්‌ථාවල දී ද වෛද්‍ය නියමයට අනුව ම පැරසිටමෝල් ඖෂධය ගැනීම ඥානාන්විත ය. එමෙන්ම පැරසිටමෝල් කුඩා දරුවන්ට හසු වන ලෙස තැබූ විට ඔවුන් එම පැරසිටමෝල් දියර හෝ පෙති වැඩි ප්‍රමාණයක්‌ ගිල දැමීම නිසා ද කුඩා දරුවන්ට එය අධි මාත්‍රා විය හැකි බැවින් ඖෂධ ගබඩා කර තැබීමේ දී සැලකිලිමත් වන්න.

පැරසිටමෝල් අධි මාත්‍රා වීමේ දී වමනයට එන ස්‌වභාවය හා වමනය, ආහාර අරුචිය, උදරයේ වේදනාව, අවරුධිර පීඩනය දහඩිය දැමීම හා ඇඟ සුදුමැලි වීම වැනි ලක්‌ෂණ ඇති වේ. අක්‌මා සෛලවලට ද හානි පැමිණේ. මේ ලක්‌ෂණ ඇති වන්නේ නම් වෛද්‍ය උපදෙස්‌ නොපමාව ලබාගන්න. මේ අධිමාත්‍රා වීම ප්‍රතිකර්ම මඟින් සමනය කළ හැකි ය.

'සැ.යු(- වෛද්‍ය උපදෙස්‌වලින් තොරව පැරසිටමෝල් ඖෂධය දින තුනකට වඩා නො ගැනීමට වග බලාගන්න. ඔබට අක්‌මාරෝග හෝ වකුගඩු ආබාධ ඇත්නම් එය වෛද්‍යවරයාට දන්වන්න.'

"https://si.wikipedia.org/w/index.php?title=පැරසිටමෝල්&oldid=250141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි