පාලක පංතිය

විකිපීඩියා වෙතින්

පාලක පංතිය යනු, කිසියම් සමාජයක එවැනි විශේෂිත පංතියක් ඇති බව විධානුකූලයක් ලැබීමෙන් පසුව එම පංතිය බවට තමන් ස්ථාපනය කරගැනීමෙන්, එම සමාජයෙහි දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ගන්නාවූ හා එය සකස් කරන්නාවූ සමාජ පංතියක් වෙයි.

සමහරවිට, ඉහළ පංතියෙහි විශේෂිත කොටසක, බෙහෙවින් විශේෂිත තත්ත්වයන්ට ආසක්ත වන්නාවූ පාලක පංතියක් පවතියි: බොහෝමයක් ද්‍රව්‍යමය ධනය සහ අනෙකුත් සියළු පංතීන් මත බොහෝමයක් පුළුල් බලපෑම යන දෙකම එය සතුවන අතර, ප්‍රදේශයක, රටක සහ/හෝ ලෝකයෙහි ගමන් මගෙහි දිශාව හැඩගැන්වීමට මෙම බලය සක්‍රීය ලෙස දියත් කිරීම එය විසින් තෝරාගනියි.

සමාජ විද්‍යාඥයෙක් වන, සී. රයිට් මිල්ස් විසින් තර්ක කෙරෙනුයේ, බල ප්‍රභූත්වය වෙතින්, මෙම පාලක පංතිය වෙනස් වන බවයි. පසුවැන්න සරල වශයෙන්, දේශපාලන බලය බෙහෙවින් සතු වන්නාවූ කුඩා පුද්ගල කණ්ඩායමක් ලෙසින් හැඳින්වෙයි. මොවුනතරින් බොහෝ දෙනා, දේශපාලනඥයින්, කුලියට බඳවා ගත් දේශපාලන කළමනාකරුවන් සහ, හමුදාමය නායකයෝ වෙති.

ධනවාදය පිළිබඳ මාක්ස්වාදී දෘෂ්ඨිය අනුව, පාලක පංතිය, ධනවාදීන් හෝ ධනේශ්වර පංතිය සමන්විත වන්නේ, නිෂ්පාදන ක්‍රම සඳහා අයිතිය දරන්නාවූ සහ ඒවා පාලනය කරන්නාවූ මෙන්ම ඒ නිසාම කම්කරු පංතිය මත බලය පෑමට සහ ඔවුන් සූරාකෑමටද, ලාභයන්ගේ, පොලියෙහි සහ බදු කුලියෙහි (දේපළ ආදායමෙහි) පදනම වන අතිරික්ත වටිනාකම නිපැයීමට අවශ්‍ය තරමට ශ්‍රමය වැය කෙරුමට කම්කරුවන් මෙහෙයවීමටද හැකියාව ඇති අයවළුන් ගෙනි. තවදුරටත් බලය ගොඩ නැංවීමටද, තවදුරටත් පංති ආධිපත්‍යය පතුරුවාලීමටද, මෙම දේපළ ආදායම භාවිතා කල හැකි වෙයි. මෙවන් පංතියක ආර්ථික බලය විසින් එය වෙත අතිවිශේෂිත දේශපාලන බලය ප්‍රදානය කෙරෙන අතර, සැමවිටම පාහේ රාජ්‍යයෙහි හෝ රජයෙහි ප්‍රතිපත්ති, එම පංතියෙහි සංජනනාත්මක අභිරුචීන් ප්‍රතිභාසය කරයි.

පාලක පංති වෙත සෘණාත්මකව බැලීමට ප්‍රවණතාවයක් පවතින්නේ, සංජනනාත්මක "පහළ" පංතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ඔවුන් දක්වන්නේ ඉතා මද සැලකිල්ලක් හෝ අභිරුචියක් හෝ බව බොහෝවිට සැලකෙන බැවිණි.[උපහරණ ඇවැසිය]

"https://si.wikipedia.org/w/index.php?title=පාලක_පංතිය&oldid=322028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි