පාරමී කුලතුංග
ලුතිනන් ජෙනරාල් පාරමී සුගන්ධිකා බණ්ඩාර කුලතුංග RSP, VSV, USP, GW (උපත : 1950 , නුවර , විපත : 2006 ජූනි 26) ශ්‍රී ලංකා යුද හමුදවේ මාණ්ඩලික ප්‍රධානියා වූ අතර හෙතෙම හමුදාවේ තෙවන උසස්ම නිලය දැරීය.
2006 ජූනි 26 වන දින පන්නිපිටියේ දී එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකරුවකු ගේ ප්‍රහාරයකින් පාරමී කුලතංග මහතා මරණයට පත් විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 55 කි.
අධ්‍යාපනය
[සංස්කරණය]පාරමී කුලතුංග මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. පසුව ඔහු ඇමරිකා එක්සත් ජනපද යුධ විද්‍යාලයේ උපාධිධාරිය හදාරා තිබේ.
හමුදා ජීවිතය
[සංස්කරණය]ඔහු 1970 ජුලි 20 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදුණි. මුලික යුධ පුහුණුවෙන් පසු , ඔහු දෙවන ලුතිනන් ධුරයට පත් කරන ලදුව , ගැමුණු හේවා බලඇණියේ පළමු බැටෑලියනයට අනුයුක්ත කෙරින. යාපනය අර්ධද ්වීපය LTTE ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා ගෙනගිය සටනට පාරමී කුලතුංග මහතා සුවිශේෂී නායකත්වයක් ලබා දුන්නේය.