පාරම්පරික පරිපාලනය

විකිපීඩියා වෙතින්
tiny globe
මන්ත්‍රී මන්ත්‍රී මනෙයි,පෘතුගීසීන් සහ ලන්දේසීන් විසින් නැවත ප්‍රයෝජනයට ගත් ඇමතිවරුන්ගේ නිල නිවාසවල ඉතිරි වු කොටස්ය

මොරොක්කෝ ජාතික සංචාරක ඉතිහාස සටන් කරුවෙකු වු ඉබන් බතූතාට අනුව 1344 වන විට රාජධානියෙහි අගනුවර දෙකක් විය. එකක් උතුරේ “නල්ලුර්” වල වු අතර, මුතු සොයන කාලසීමාව තුළ ‘පුත්තලම’ අනික් අග නගරය විය. නියම රාජධානිය වු යාපනය අර්ධද්වීපය “පර්රු” සහ “ඌර්” හෙවත් ගම් යනුවෙන් හැදින්වෙන උප බෙදීම් ඇතුළත් වු පළාත් කීපයකට බෙදා තිබුණි. “පර්රු” යනුවෙන් අදහස් වුයේ වඩා විශාල භූමි ප්‍රදේශයකි. “ඌර්” හෙවත් ගම කුඩාම ඒකකයයි. මෙම ඒකක පාලනය වුයේ පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් ධුරානු ක්‍රම පිළිවෙලිනි. ඉහළම ස්ථානයේ සිටියේ රජුය. රාජ්‍යත්වය හිමි වුයේ පිය උරුමය අනුව යන පාරම්පරික ක්‍රමයකිනි. සාමාන්‍යයෙන් රජුගේ ඇවෑමෙන් රජුගේ වැඩිමහල් පුත්‍රයාට රජකම හිමිවේ. මෙම පාලන ධුරාවලියෙහි රජු ළගට සිටියෝ අධිකාරීවරුය. ඔවුහු පළාත්වල පාලනය ගෙන ගියහ. ඊළගට මුදලිවරුය. ඔවුන්ගේ කාර්යය වුයේ විනිශ්චයකරුවන් ලෙස යුක්තිය පසිදලීම සහ නීතිය අර්ථ කථනය කිරීමෙන් ඉඩම් පිළිබද නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමයි. ඊට අමතරව අදාළ පළාතේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම හා ඉහළ නිලධාරීන්ට වාර්තා කිරීමද ඔවුන්ගේ රාජකාරිවලට අයත් විය. මෙම ධූරාවලියෙහි ඊළගට පැමිණෙන්නේ “කන්කානි” නම්වු ආදායම් පාලකවරු සහ කනකපිල්ලේ වශයෙන් හැදින්වෙන ගණකාධිකාරීවරුන්ය. ඔවුන් “පන්ධාර පිල්ලේ” නමින්ද හඳුන්වනු ලැබුහ. ඔවුන් වාර්තා තබා ගැනීම හා ගිණුම් පවත්වා ගෙන යා යුතු විය.

මැනියම් යනු පරූ වරුන්ගේ ප්‍රධානියාය. මුදලියාර්වරු ඔහුට සහාය වු අතර “උදෙර්” වරු මුදලියාර්ට සහාය වුහ. මෙම උදෛයර්වරු එක ගමක හෝ ගම් කීපයක බලයලත් ප්‍රධානියා විය. නීතිය හා සාමය සුරැකීමේ බලය ඔවුන් සතු වු අතර බල ප්‍රදේශය තුළ ඉඩම් මැනීම, අදායම් එකතු කිරීම ආදී කටයුතු වලටද සහාය වුහ. ගම් ප්‍රධානියා නොහොත් ගම් මුලාදෑනියා “තලෛයාර්” “පඩන්කඩ්ඩි” හෝ අඩප්පනාර් යනුවෙන් හඳුන්වනු ලැබු අතර, බදු අය කිරීමේදී සහාය වීම හා තම බල ප්‍රදේශය තුළ සාමය පවත්වාගෙන යාම ඔහුගේ රාජකාරි විය. මෙම තනතුරුවලට අමතරව එක් එක් කුලය අනුව ඒ ඒ කුලයන්ගේ වගකීම් ඉටු කරන්නාවු ප්‍රධානියෙකුද සිටියේය.

“වන්නිමෙයි” යනු යාපනය අර්ධද්වීපයට දකුණින් පිහිටි භූමි ප්‍රදේශයක් විය. ඒවා ජනාවාස වී තිබුණේ සුළු වශයෙනි. වර්තමානයේ ඒවා උතුරුමැද හා නැගෙනහිර පළාත් ලෙස සැලකේ. මෙම කොටස් පාලනය වුයේ “වන්නියාර්” වරු ලෙස හඳුන්වනු ලැබු සුළු නිලධාරීන් විසිනි. යාපනය අර්ධද්වීපයට දකුණෙන් සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ නැගෙනහිරින් වු “වන්නිමෙයි”වලින් යාපනය රාජ්‍යයට වාර්ෂිකව බදු වෙනුවට තුටු පඩුරු ලැබුණි. මෙම තුටු පඬුරුවලට අයත්වුයේ මිල මුදල් , ධාන්‍ය , මී පැණි , අලි ඇත්තු සහ ඇත් දළ යනාදියයි. මෙම වාර්ෂික තුටු පඩුරු දිමේ ක්‍රමයක් භාවිතයට යොදා ගැනුණේ එම ප්‍රදේශ යාපනයට බොහෝ ඈතින් පිහිටා තිබීම හේතුවෙනි. VI වන පරාක්‍රමබාහු රජුගේ සේනාවක් 1450 දී අවුරුදු 17 ක් වැනි කෙටි කාලයකට බලය අල්ලා ගන්නා තෙක් 14 වන ශත වර්ෂයේ ආරම්භයේ හා මැද භාගයේ දිවයිනේ බස්නාහිර , දකුණ හා මධ්‍යම ප්‍රදේශයේ පැවති සිංහල රාජධානිය ප්‍රවේණිගත උරුමයන් යටතේ පාලනය විය. 1600 ආරම්භයේ පමණ දකුණු ඉන්දියාවේ මඩලකොට්ට නැමැති ප්‍රදේශයද යාපනය රාජධානිය මගින් පාලනය විය.


සටහන්[සංස්කරණය]

Jaffna_kingdom Administration
"https://si.wikipedia.org/w/index.php?title=පාරම්පරික_පරිපාලනය&oldid=472000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි