පාදම් වර්ගඵලය

විකිපීඩියා වෙතින්

පාදම් වර්ගඵලය යනු වනාන්තර කළමණාකරණයේ දී භාවිතා කරන පදයකි. මෙමඟින් දෙන ලද භූමි භාගයක පිහිටා ඇති ශාක කඳන්වල පාදම් ප්‍රදේශයේ හරස් කැපුම් මඟින් ආවරණය කරගන්නා වර්ගඵලය පිළිබඳව අදහසක් පළ කරයි.

සාමාන්‍යයෙන් බොහෝ රටවල්වල මෙම මිනුම සිදු කරන්නේ භූමි තලයෙන් ඉහල දී මිනිසෙකුගේ පපුව මට්ටමේ උස ප්‍රදේශයේ දීය ( 1 – 1.5 මීටර්) මෙහි දී සෑම ගසකම පොත්ත ද ඇතුළත්ව සම්පූර්ණ විශ්කම්භය මනියි. වනාන්තරවල නිෂ්පදිතය හා වර්ධන වේගය සංසන්දනාත්මකව පරීක්ෂා කිරීම සඳහා, සාමාන්‍යයෙන් මෙම මිනුම් කරනු ලබන්නේ භූමියෙන් එක් හෙක්ටයාරයකටය.

"https://si.wikipedia.org/w/index.php?title=පාදම්_වර්ගඵලය&oldid=464947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි