පාණ්ඩ්‍ය යුද්ධය 1167-1183

විකිපීඩියා වෙතින්

පරාක්‍රමබාහු සහ පරාක්‍රම පාණ්ඩ්‍ය අතර ඇතිවූ සන්ධානය, 1120 වන විට චෝල අධිරාජ්‍යය ක්‍රම ක්‍රමයෙන් කුඩා වන්නට බොහෝ සෙයින් බලපෑවේය.

1167 දී පරාක්‍රම නම් පාණ්ඩ්‍ය රජු, ඔහුට සතුරු කුලසේකර පාණ්ඩ්‍ය සහ චෝලයින් අතර තිබුණු සන්ධානයට එරෙහිව, ලංකාවේ පරාක්‍රමබාහු රජුගෙන් උදව් ඉල්ලා සිටියේය. එවැනි ඉල්ලීමක් අසාමාන්‍ය නොවන්නේ පාණ්ඩ්‍යයන් සහ සිංහලයන් අතර කාලයක් තිස්සේ පැවති එකමුතුවක් තිබුණූ හෙයිනි. ඒ චෝලයන්ට එරෙහිවයි. එමෙන්ම ඔවුන්ගේ (පාණ්ඩ්‍ය) ප්‍රභූවරු රටින් පිටුවහල් වී සිටි අවස්ථාවලදී සිව් වැනි මහින්ද (956-972) රජුගේ මාළිගයේ නැවතී සිටියහ. ඒ දෙවැනි පරන්තක චෝලගේ ආක්‍රමණයෙන් පසුවයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවෙන් උදව් ලැබෙන විට ප්‍රමාද විය. පරාක්‍රමබාහු රජුගේ හමුදාපති වූ ලංකාපුර, පාණ්ඩ්‍යනාඩු වෙත පැමිණෙන විට කුලසේකර විසින් මදුරෙයි අගනගරය අල්ලා ගෙන පරාක්‍රමගේ බිරිඳ සහ දරුවන් මරා තිබුනේය. ඔහුගේ පුතා වීරපණ්ඩු කුමරු කෙසේ හෝ පලා යාමට සමත් විය. මදුරෙයි බලා යනවාට වඩා ලංකාපුර සෙනෙවියා රාමනාදන්පුරම් පෙනෙන තෙක් මානයේ ස්ථානයකට ගොඩ බැස රාමේෂ්වරම් අල්ලා ගත්තේය. එය ඉන් පසු ගතවූ අවුරුදු 30 කට හෝ ඊටත් වැඩි කාලයක් තිස්සේ සිංහලයන්ගේ පාලනය යටතේ තිබුණි. එහි ඔහු පරාක්‍රම නම් බල කොටුවක් තැනුවේය. මේ යුද්ධයේ මුල් අවස්ථාවේ ඔව්හු කුලසේකර සමග කිහිප අවස්ථාවකදී සටන් වැදුනහ. අනතුරුව ඔහු මදුරෙයි නගරය වටලා නගරය අල්ලා ගත්තේය. වීරපණ්ඩු නැවතත් බලයේ පිහිටවූ නමුත් එය නාමමාත්‍රික වශයෙන් පමණි. මන්ද ලංකාපුර සෙනෙවියා දකුණු ඉන්දියාවපුරා චෝලවරු සමග නිරන්තර සටන් කරමින් මදුරෙයි නගරයෙහි තවදුරටත් සිටීම හේතුවෙනි.

ලංකාපුර සෙනෙවියා සහ කුලසේකර අතර ඉන්පසු ඇති වූ සටන් පිළිබඳ විස්තර කිරීම සඳහා චූලවංශය LXXVII පරිච්ඡේදයේ (77) වැඩි කොටසක් කැප කර ඇත්තේය. කුලසේකර සමහර විට සටන් කරන්නට ඇත්තේ චෝර (චෝල) යන්ගේ උදව් ලබා ගෙන විය හැකිය. ලංකාවේ උත්සාහය සාර්ථක වුනේ පරාක්‍රමබාහු පාණ්ඩ්‍යනාඩුවෙහි බලය සම්පූර්ණයෙන්ම වාගේ ස්ථාපිත කළ බව පෙනී ගිය හෙයිනි. (මෙම පරිච්‍ඡේදය නම්කර තිබෙන්නේ පාණ්ඩ්‍ය රාජ්‍යය ජයග්‍රහණය කිරීම යනුවෙනි.) එපමණක් නොව එම ජයග්‍රහණය සැමරීම සඳහා නගරයක් නිර්මාණය කොට එය 'පණ්ඩුවිජය' නමින් නම් කිරීමද සිදු විය. කෙසේ වෙතත් එම විස්තරය හදිසියේ නතර වන්නේය. ලංකාපුර ශ්‍රි ලංකාවට ආපසු ඒමක් ගැන හෝ තුන්වැනි වීරපණ්ඩු බලයට ඒමේ බලාපොරොත්තුව සඵල වීම ගැන විස්තර සඳහන් නොවේ.

විස්තරවල ඉතිරි කොටස දකුණු ඉන්දීය ලේඛනවලින් අහුලා ගත හැකිය. කෙසේ වෙතත් පල්ලවරායන්පෙට්ටෙයි ලේඛනයෙහි සඳහන් වන්නේ (1163-1178) රාජාධිරාජ චෝල රජු විසින් ලංකාපුර පරාජය කොට ඔහුගේ හිස මදුරෙයි නගරයේ වාහල්කඩක එල්ලා තැබූ බවකි. එසේ වුවද 1176 දී දෙවැනි රාජාධිරාජ සමග සටන් කොට ජයග්‍රහණ කිහිපයක් අත්පත් කර ගනිමින් පරාක්‍රමබාහුගේ හමුදාව පාණ්ඩ්‍යනාඩුවෙහි තව දුරටත් රැඳී සිටි බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාව හමුදාව පාණ්ඩ්‍යනාඩුවෙන් ආපසු කැඳවීම තුන්වැනි වීරපණ්ඩු 1181 දී පරාජය වන තෙක් සිදු නොවීය. එසේ වුවත් රාමේෂ්වරම් ප්‍රදේශයේ තව දුරටත් ඔවුහු රැඳී සිටියහ.

"https://si.wikipedia.org/w/index.php?title=පාණ්ඩ්‍ය_යුද්ධය_1167-1183&oldid=218563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි