පාංශු ඛාදනය හා දේශගුණික විපර්යාසය
ගෝලීය උණුසුම හා වර්ෂාපතන රටාවේ වෙනස්කම් නිසා ලෝකයේ දේශගුණික විපර්යාසයන් ඇතිවෙමින් පවතින බව ලොව සියළුම වායුගෝල විද්‍යාඥයෝ ඒකමතිකව පිළිගනිති. හරිතාගාර ආවරණය නිසා වායුගෝලීය උණුසුම ඉහළ යාමෙන් ජල චක්‍රය වේගවත් වීම නිසා අධික වර්ෂාපතනයක් ඇති වේ. කාර්ල් හා නයිට් (1998) දි වාර්තා කළ අන්දමට 1910-1996 කාලය තුළදී ඇමරිකා එක්සත් ජනපදය හා ඒ අවට ප්‍රදේශ වල වර්ෂාපතනය ඉහළ ගොස් ඇත. තවද පෙර 10% වු අධික වර්ෂාපතන ප්‍රමාණයෙන් 53% ක ප්‍රමාණයක්ද ඉහළ ගොස් ඇත.
තවද 50 mm ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙන දින ප්‍රතිශතයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
පංශු ඛාදනය පිළිබඳ සිදු කෙරුණු අධ්‍යයන වලින් හෙළිවී ඇත්තේ වර්ෂාපතනයේ ප්‍රමාණය හා සීඝ්‍රතාව ඉහළ යාම නිසා පාංශු ඛාදනය සීඝ්‍රතාවයද වැඩි වී ඇති බවය. එම නිසා ලෝකයේ වර්ෂාපතනය ඉහළ යා හැකි යැයි සැලකෙන ප්‍රදේශවල පාංශු ඛාදන සීඝ්‍රතාවයද ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය නැවත්වීමට වඩා දියුණු ක්‍රම අනුගමනය කල යුතුය. පාංශු ඛාදන වේගය දේශගුණ විපර්යාස සමඟ වෙනස් වීමට බලපාන විවිධ හේතු තිබේ.
ඒ අතරින් වඩාත් සෘජුව බලපෑ හැකි හේතුව වන්නේ වර්ෂාපතනය සමඟ ඛාදනය වැඩිවීමයි. වෙනත් හේතුන් වන්නේ,
1. තෙතමන ප්‍රමාණයත් සමඟ බැඳුනු ශාක වල ජෛව ස්කන්ධ නිෂ්පාදන වල වෙනස්වීම හේතුවෙන් ශාක වියනේ ඇතිවන වෙනස්කම්.
2. උෂ්ණත්වය මත රඳාපවතින ශාක අවශේෂ දිරාපත් වීමේ වේගය හා පස මත රඳා පවතින පාංශු ක්ෂුද්‍ර ජීව ක්‍රියාකාරිත්වය මෙන්ම ශාක ජෛවස්කන්ධ නිෂ්පාදන වේගය යන කරුණු වෙනස්වීම නිසා පොළව මත අපද්‍රව්‍ය වැස්ම වෙනස්වීම.
3. පසේ තෙතමනය වර්ෂා රටාවේ හා උත්‍ස්වේදන සීඝ්‍රතාවය වෙනස් වීම නිසා ඇතිවන බලපෑමෙන් කාන්දුවීම හා අතිරික්තයේ ප්‍රමාණයද වෙනස්වීම.
4. පසේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය සාන්ද්‍රණය අඩුවීම නිසා පාංශු ඛාදන වේගයද වෙනස්වේ. මෙමගින් පාංශු ඛාදනය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන පාංශු ආකෘතියක් සකස්වන අතර පාංශු පෘෂ්ඨයේ පිරිවැස්ම හා සිවිය වෙනස් වීම නිසා අතිරික්තය ඉහළ යාම.
5. ශීත සෘතුවේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පාංශු ඛාදනයට හේතු නොවන හිම ලැබීම වෙනුවට පාංශුඛාදනයට හේතුවන වර්ෂාපතනය ලැබීම.
6. නිත්‍ය තුහින දියවීම හේතුවෙන් ඛාදනයට ලක් නොවන පාංශු තත්තවයක සිට ඛාදනයට ලක්විය හැකි ආකාරයට පස සකස් වීම
7. භූමියේ භාවිතය වෙනස් වීම සමඟ නව දේශගුණික තත්ව වලට හැඩගැන්වීමේ අවශ්‍යතාව prusksi හා nearing (2002) අනුව බිම පාවිච්චිය නොසලකා හැර ඉතිරි සාධක පමණක් සැලකු විට අපට දේශගුණික විපර්යාසය නිසා වර්ෂාපතනයේ සිදුවන 1% ක වෙනස් වීමටසාපේපේක්ෂව පාංශු ඛාදනය වේගයද 1.7% කින් වෙනස් වීමත් අපේක්ෂා කළ හැක.
පාංශු ඛාදනය යනු පස සෝදා යෑමයි