ප්‍රවර්ග සාකච්ඡාව:පාසැල් ලැයිස්තු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ප්‍රවර්ගය පාසල් ලැයිස්තු ලෙස නිරවද්‍ය විය යුතු ය. පාසැල් ලෙස යෙදීම වැරදිය. සැල් වනාහි වෙළඳමය අදහසක් ගෙන දෙන්නකි. නිදොස් කරනු මැනවි. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:18, 1 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

පාසල හා පැසැල යන වචන දෙකම භාවිතයෙහි ඇත. භාෂාව භාවිතා කරන අයවළුන් එනම් පොදු ජනයා එම පද දෙකම භාවිතා කරති. අපට හෝ වෙනත් කිසියම් නියාමකයෙකුට හෝ මෙය භාවිතා කරව, එය භාවිතා නොකරව යැයි කිව නොහැක. වාසනාවකට මෙන් විකිපීඩියාවේ යළි‍යොමුකිරීම් ඇති බැවින් වැල දෙපසට යන විට අපට මැසි දෙකක් බැඳිය හැක. එකක් කිව යුතුය ඉහත මහතා පැවසූ එකකට මම එකඟ නොවෙමි. සැල යනු ශාලාව මිස ‍වෙළෙඳ යන අර්ථයක් නොදෙයි. එයට වෙළෙඳ අර්ථයක් ලැබෙන්නේ වෙළෙඳ සැල යැයි කිවූ විටය. පාඨශාලාව හෝ ශික්ෂා ශාලාව යන්න පාසැල හෝ සිප්සැල වෙයි. එනමුදු හුදී ජනී ජනයා පාසල හා සිප්සල ලෙසද වහරති. තවත් ඇත. දාන ශාලාව යන්න දන්සැල වන නමුදු දන්සල ද වෙයි. කුම් කරම්ද?--- ශ්වෙත (talk) 13:46, 1 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
මෙහිදී මා සැලැකූයේ ලේඛන වහර පිළිබඳවයි. ඔබ පවසනදේහි ද සත්‍යයක් තිබේ. නමුදු තවත් ප්‍රතිඋත්තර බලාපොරොත්තු වෙමි. තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:37, 3 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]