ප්‍රථමාධාර

විකිපීඩියා වෙතින්
විශ්වයම පිළිගත් ප්‍රථමාධාර සංකේතය.

ප්‍රථමාධාර යනු යම් හදිසි අනතුරක් හෝ හදිසි රෝගයක් නිසාවෙන් ඔත්පලව සිටින, ඕනෑම තත්වයක, ඕනෑම කෙනෙක් හට ප්‍රථමයෙන් හා ක්ෂණිකව ලබා දෙන සහායකි. (ප්‍රථම + ආධාරය)

රෝගියාට රෝහලකදී නිශ්චිත ප්‍රතිකාරයක් ලැබීමට ප්‍රථමව ලබාදෙන මෙම ප්‍රතිකාරය බොහෝවිට ඕනෑම පුද්ගලයෙකුට සිදුකළ හැකි සරල හා පහසු ක්‍රම වලින් සමන්විතය. නමුත් එමගින් අදාළ රෝගියාට ලැබෙන වාසිය මෙතෙකැයි යැයි කියා නිම කළ නොහැක. ඇතැම් විට ඔහු මරණයෙන් ගැලවීමක් හෝ සදාකාලිකව ආබාධිත වීමේ අවධානමකින් ගැලවීමක් විය හැක.

ප්‍රථමාධාර යනු මූලික ප්‍රතිකාරයක් පමණි. ඒ නිසා ප්‍රථමාධාර දෙන අතරේ වැඩි දුර ප්‍රතිකාර වලට යොමු කිරීම වැදගත්ය.

ප්‍රථමාධාර  වල අරමුණු -[සංස්කරණය]

1. පුද්ගලයෙකුගේ ජීවිතය, මරණයෙන් ගැලවීම.

2.යම් අනතුරක් හෝ රෝගයක් නිසා සිදුවූ හානිය තවදුරටත් සිදුවීම වැළැක්වීම.

3. රෝගියාගේ සුවවීම ඉක්මන් කරවීම.

ප්‍රථමාධාර පිළිබඳව  ඇති සිංහල පොත් -[සංස්කරණය]

ප්‍රථමාධාර යනු බටහිර ඇලොපැතික වෛද්‍ය විද්‍යාවේ කොටසක් වන බැවින් ඒ පිළිබඳව ඇති පො පතද බොහොමයක් ලියැවී ඇත්තේ ඉංග්‍රීසියෙනි. සිංහල බසෙන් ලියැවුණු ග්‍රන්ථ ප්‍රමාණය ඉතාමත් අල්පය. ඒවායෙනුත් සුදුසුකම් හා අත්දැකීම් සහිත අයවලුන් විසින් ලියන ලද ග්‍රන්ථද, සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් ලියන ලද ග්‍රන්ථද, නිවැරදි හා විශ්වාසනීය කරුණු ඉදිරිපත් කර ඇති ග්‍රන්ථද නොමැති තරම්ය.

දැනට ලියැවී ඇති පිළිගතහැකි තත්වයේ  ප්‍රථමාධාර පොත් පහත පරිදි වේ.

"A GUIDE TO SURVIVE -ප්‍රථමාධාර " - වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ


"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රථමාධාර&oldid=494548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි