ප්‍රජා උද්‍යානකරණය

විකිපීඩියා වෙතින්

ප්‍රජා උද්‍යානයක් යනු මිනිසුන් කණ්ඩායමක් විසින් වගා කිරීම සිදු කරන භූමි භාගයකි. ප්‍රජා උද්‍යාන නැවුම් නිෂ්පාදන හා ශාකවලට ප්‍රවේශය සපයන අතරම මහන්සිය සංතෘප්ත කර ගැනීමට, අසල්වාසී වැඩි දියුණු කිරීම්වලට, ප්‍රජාව පිළිබඳ හැඟීමක් ලබා ගැනීමට හා පරිසරයට සබඳතාවක් ඇති කිරීමට ප්‍රවේශයක් ලබා දෙයි. මේවා භාරකාරත්වය, ප්‍රවේශය හා කළමණාකරණය හරහා පොදුව ක්‍රියාත්මක වන අතර සාමාන්‍යයෙන් දේශීය රජයන් හෝ ලාභ නොලබන ආයතනවල විශ්වාසය යටතේ හිමිකාරීත්වය ලබා ගනී.

නඟරයක ප්‍රජා උද්‍යානය එහි උද්‍යානකරුවන්ගේ ප්‍රජාව මෙන්ම විවිධත්වයකින් යුක්ත විය හැක. සමහරෙක් තනිවම මල් පමණක් වැවීමට තෝරා ගනී. අනෙක් අය සාමූහිකව වගා කරන අතර ඔවුන්ගේ ඵලදාව බෙදා ගනු ලැබේ. සමහරෙකුට පුද්ගලික භාවිතය සඳහා තනි පාත්ති තිබෙන අතර අනෙක්වා අබාධ සහිත උද්‍යානකරුවන් සඳහා ඔසවා තබන ලද පාත්තිවලින් සමන්විත වේ.

ප්‍රජා උද්‍යාන නාගරික ජනතාවගේ ආහාර ආරක්ෂිතභාවය නඟා සිටුවන අතර එමඟින් පුද්ගලයන්ට ඔවුන‍්ගේ ආහාර වවා ගැනීමට හෝ ඔවුන් වවන ලද ඒවා අනෙක් අයට ප්‍රදානය කිරීම ඉඩ ලබා දෙයි. මෙම උද්‍යාන මඟින් උද්‍යානකරුවන් ඔවුන්ගේ ආහාර ප්‍රබව සමඟ සමීප කිරීමෙන් හා සමාජ ප්‍රජාවක් නිර්මාණය කිරීමෙන් හුදකලාව බිඳ හෙලීම මඟින් නූතන නාගරික ජීවිතයට බාධා කරන ආකාර දෙකක දුරස්ථභාවයන් එරෙහිව සටන් කරනු ලැබේ. ක්‍රියාකාරී සමාජ අඩු අපරාධ හා ම්ලේච්ඡත්වය අත්දකින බවට ද සොයා ගෙන ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රජා_උද්‍යානකරණය&oldid=472439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි