ප්‍රජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතිය

විකිපීඩියා වෙතින්
පුරුෂ ලිංගික අවයවය
  1. වෘෂණ කෝෂ
  2. අපිවෘශණය
  3. කටෝල කැවනෝසම
  4. ලිංග්‍රා චර්මය
  5. ෆ්රරෙනියුලම
  6. මුත්‍රාශ විවරය
  7. ශිරැ මුණ්ඩය
  8. කටෝල ස්පොන්ජියොසම
  9. ශිරපායි
  10. අණ්ඩ කෝෂය


පුරැෂ ප්‍රජනක පද්ධතිය යනු ඉන්ද්‍රියයන් සමුහයක එකතුවකි. එය ශරීරයට පිටතින් හා ශ්‍රෝණි ප්‍රදේශයේ ස්ථානගත වි ඇත. මෙය ප්‍රජනක ක්‍රියාවලියට දායකවේ. මෙම පද්ධතියේ ප්‍රධාන කාර්ය ප්‍රජනනයට අවශ්‍ය පුරුෂ ජන්මානු හෙවත් ශුක්‍රාණු සැපයීමයි.

පුරැෂ ප්‍රජනක පද්ධතියේ ඉන්ද්‍රයන්ගේ කාර්යයන් 3 කි. ඒවානම්

  • ශුක්‍රාණු නිෂ්පාදනය හා ගබඩාකර තැබීම- නිෂ්පාදනය සිදු වන්නේ,

වෘෂණකෝෂවලදීය. මෙම වෘෂණ කෝෂ පිහිටා ඇත්තේ උෂ්ණත්වය යාමනය කළ හැකි අණ්ඩ කෝෂ තුළය. මෙමගින් නිපදවන නොමේරු ශුක්‍රාණු අපි වෘෂණයට පිවිසෙන අතර එහි වර්ධනය සහ ගබඩාකර ගැනීම සිදුවේ.

  • ශුක්‍ර තරල නිපදවීම -

මේවා පුරස්ථි ග්‍රන්ථිය, ශුක්‍ර ආශයිකා, ශුක්‍රාණු ආශයිකා සහ ශුක්‍රනාල තුළ සිදුවේ.

  • සංයෝගය සහ ශුකාණු තැන්පත් කිරීම - මේ සඳහා ශිෂ්ණය, ශුකනාල සහ කුපර් ග්‍රන්ථි දායක වේ.

පුරුෂයින්ගේ ප්‍රදාන ද්විතියික ලිංගික ලක්ෂණ නම් දේහය විශාලවීම මාංශ පරිමාව වැඩිවීම, කටහඩ ගොරෝසු වීම, දේහයේ රෝම වර්ධනය , උරහිස පළල් විම සහ උගුරු ඇටය නෙරා ඒමයි.

ප්‍රධාන ලිංගික හොර්මෝනය නම් ඇන්ඩ්‍රජන් සහ ටෙස්ටෙස්ටොරෝන්ය.

සටහන්[සංස්කරණය]

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Male_reproductive_system
(A1685)