ප්‍රකරණ මෙනුව
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. (නොවැම්බර් 2009) |

අභිරුචිකරණය කල හැකි නෝම් හී වැඩතල ප්‍රකරණ මෙනුවක්

තෙවැනි-පාර්ශව මෘදුකාංග විසින් අභිරුචිකරණය කල හැකි වින්ඩෝස් 8 හී ප්‍රකරණ මෙනු.
ප්‍රකරණ මෙනුවක් ( සන්දර්භගත, ලුහු මග, සහ උත්පතන මෙනුවක් ලෙසින්ද හැඳින්වෙන) යනු දකුණත්-ක්ලික මූසික කාර්යයක් වැනි පරිශීලක අන්තර්ක්‍රියාවක් නිසාවෙන් පැන නගින චිත්‍රක පරිශීලක අතුරුමුහුණතක (GUI) මෙනුවකි. මෙහෙයුම් පද්ධතියෙහි හෝ යෙදුමෙහි හෝ වර්තමාන තත්ත්වයෙහි හෝ සන්දර්භයෙහි හෝ උපයෝජ්‍ය සීමිත වරණ කට්ටලයක් ප්‍රකරණ මෙනුවක් විසින් පිරිනැමේ. සාමාන්‍ය වශයෙන්, උපයෝජ්‍ය වරණයන් වන්නේ තෝරාගත් විෂයය හා සබැඳි කාර්යයන් වෙති.
ඉතිහාසය[සංස්කරණය]
සිරොක්ස් ඇල්ටෝ පරිගණකයෙහි, ස්මෝල්ටෝක් පරිසරයෙහි, මුලින්ම දක්නට ලැබුණු ප්‍රකරණ මෙනු එකල හැඳින්වුනේ උත්පතන මෙනු ලෙසිනි.