ප්‍රංශ ආගමික යුද්ධ

විකිපීඩියා වෙතින්
ප්‍රංශ ආගමික යුද්ධ
යුරෝපියානු ආගමික යුද්ධ පිළිබඳ ලිපි මාලාවෙහි හි කොටසකි

ප්‍රොන්ස්වා ඩිබුවා විසින් නිමැවුණු ශුද්ධවු බර්තලොමිව් දිනයෙහි සංහාරය නිරූපණයක්
දිනයමාර්තු 1562 – අප්‍රේල් 1598 (වසර 36 සහ මාස 1)
පිහිටුම

ප්‍රංශ ආගමික යුද්ධ යනුවෙන් හැඳින්වෙන්නේ, 1562 සහ 1598 වසර අතරතුර, ප්‍රංශ රාජධානියෙහිදී , රෝමානු කතෝලිකයන් සහ හ්‍යුගනෝවරු (ප්‍රතිසංස්කරණවාදී/කැල්වින්වාදී ප්‍රොතෙස්තන්තවරු) අතර දිගු කාලීන කාලසීමාවක් තුල පැවති යුද්ධය සහ ජන අසහනය වෙයි. යුරෝපියානු ඉතිහාසයෙහි දෙවන මාරක ආගමික යුද්ධය ලෙසින් සැලකෙන මෙය තුලදී, ප්‍රචණ්ඩත්වය, සාගතය හෝ රෝග නිසාවෙන් මිලියන තුනක ජනයා නට බව ඇස්තමේන්තු කර ඇත (මිලියන අටක ජනයා බිලිගත් වසර තිහෙහි යුද්ධයට පමණක් දෙවන වෙයි). [1]

මෙම ගැටුමෙහි සිදුවීම් බොහෝමයක් සිදුවූයේ, ප්‍රංශයෙහි දෙවන හෙන්රි රජුගේ වැන්දඹුව වූ කැත්රීන් ඩ මෙඩිසී විසින් ඇයගේ වයෝ බාල පුතුන් වෙනුවෙන් රාජ්‍ය තන්ත්‍රය සිදු කල ඉතා දිගු කාල සීමාව තුලදීය.

  1. ක්නෙක්ට්, රොබට් ජේ. (2002). ද ප්‍රෙන්ච් රිලිජස් වෝර්ස් 1562-1598. ඔස්ප්‍රේ ප්‍රකාශකයෝ. p. 91. ISBN 9781841763958.
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රංශ_ආගමික_යුද්ධ&oldid=426883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි