ප්ලෛස්ටොසීන අවධිය

විකිපීඩියා වෙතින්

ප්ලෛස්ටොසීන (සංකේතය PS[1]) යනු, ලෝකයේ මෑත පුනරාවර්ත හිමායනයන් පාරායත, මින් පෙර වසර 2,588,000 සිට 11,700 දක්වා පැවතුණු, භූවිද්‍යාත්මක අවධියකි.

එහි පැවති මෘද්වංගික සත්ත්ව සංහතියේ අඩුම වශයෙන් 70% හෝ වර්තමානයේ තවමත් ජීවත් වෙමින් සිටි, 1839 වසරේදී සිසිලියේදී සොයා ගත් ස්තරය සඳහා චාල්ස් ලයිල් විසින් මෙම පදය යොදා ගන්නා ලදි. ලාබාලතම ෆොසිල පාෂාණ ස්තරය ලෙසින් මුලින් ලයිල් විසින් සිතූ පැරණි ප්ලයොසීන අවධිය වෙතින් මෙය වෙනස් කර දැක්විණි. " ප්ලෛස්ටොසීන" ("වඩාත් අළුත්" හෝ "නවතම") යන නම ඔහු තැනුවේ, ග්‍රීක πλεῖστος, ප්ලීස්ටොස්, "වඩාත්", සහ καινός, චෙනූස් (කයෙනුස් ලෙසින් ලතින්කෘත), "නව";[2] වෙතින් වන අතර, මෙය ආසන්නයෙන්ම පූර්වගාමීව පවතින ප්ලයොසීන ("වඩා නව", πλείων, ප්ලෙයියෝන්, "වඩා", සහ කයයිනුස් වෙතින්), සහ ආසන්නයෙන්ම අපරාපරිය සහ වර්තමාන කාලය දත්වා විහිදෙන හෙලොසීන ("සම්පූර්ණයෙන්ම අළුත්", ὅλος, හොලොස්, "සම්පූර්ණ", සහ කයයිනුස් වෙතින්) අවධියන්, වෙතින් වෙනස් ලෙස කැපී පෙනෙයි.

ප්ලෛස්ටොසීන යනු, චතූර්ථක කාල පරිච්ඡේදයෙහි පළමු අවධිය හෝ කීනොසොයික යුගයෙහි හයවන අවධිය වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ජියෝලොජික් ඒජ් සිම්බල් ෆොන්ට් (ස්ට්‍රාටාජෙම්ඒජ්)" (PDF). USGS. 99-430. සම්ප්‍රවේශය 2011-06-22.
  2. "ප්ලෛස්ටොසීන". ඔන්ලයින් හටිමොලොජි ඩික්ෂනරි.
"https://si.wikipedia.org/w/index.php?title=ප්ලෛස්ටොසීන_අවධිය&oldid=330810" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි