ප්රා4ග් ඵෙතිහාසික යුගය
අවුරුදු 34000 කට පෙර දිවයිනේ මානව ජනාවාස විය. ඵම මානව වර්ගය බලංගොඩ මානවයා ලෙසින් හැඳින්වෙන්නේ ඔවුන්ගේ ඇට සැකිලි හා වෙනත් දේ බලංගොඩ ප්රවදේශයෙන් හමු වූ බැවිනි. ඔවුන් ගල් ගුහාවල ජීවත්වූ මෙසොලිතික් (පාෂාණ යුගයේ ඵක්තරා අවස්ථාවකි) යුගයට අයත් දඩයමින් ජීවිකාව ගෙන ගිය පිරිසක් බව සොයා ගෙන ඇත. මොවුන් දිවයිනෙහි ආදිතම වැසියන් බව බටදොඹ ලෙන පාහියන් වැනි ප්රරසිද්ධ ලෙන් කිපයක් ආශ්රී තව ලැබුණු ඔවුන් පරිහරණය කළ උපකරණවලින් සනාථ වෙයි.
මධ්යක කඳුකරයේ පිහිටි හොර්ටන් තැන්න නිර්මාණය වූයේ බලංගොඩ මනවයා විසින් දඩයම් සෙවීම සඳහා ඵහි තිබූ ගස් කොලන් ගිනි තැබිමෙනැයි විශ්වාසයක් පවතී. ඵමෙන්ම ඵම ප්රීදේශයේ තිබී හමු වූ ක්රිහ.පූ.15000 ක කාලයේ යැයි අනුමාන කරන බාර්ලි සහ ඕට් වැනි ධාන්ය් වර්ග හමුවීමෙන් පෙනී යන්නේ බලංගොඩ මානවයා කෘෂි කර්මාන්තයේද නියැලුනු බවයි.
වාරණ රාජ මහා විහාරය සහ කලටුවාව ප්රනදේශයේ මැතකදී කරන ලද කැනීම්වලින් අවුරුදු 8000 කට පෙර ජීවත්වූ මෙසොලිතික් ශිලා යුගයේ මානවයා විසින් පරිහරණය කරන ලද සෙ.මි 4 ක් පමණ වූ ඉතා කුඩා ශිලා මෙවලම්ද මැටි භාජන ද, පුළුස්සන ලද දැව වල අඟුරු ද, මළ මිනී භූම දානය කිරීම සඳහා යොදා ගත් මැටි භාජන ද සොයා ගෙන ඇත.
ශ්රීි ලංකාවේ දේශිය ශාකයක් වූ කුරුඳු ක්රිද.පූ. 1500 දී පමණ ඊජිප්තුවෙදී පාවිච්චියට ගෙන තිබීමෙන් පෙනී යන්නේ දෙරට අතර ඵ් වන විට වෙළඳ සම්බන්ධයක් තිබුණු බවයි.
අනුරාධපුර ප්රීදේශයේදී ක්රිර.පූ. 900 ට කලින් වූ විශාල ජනාවාස සහ ගල් යුගයේ සංස්කෘතික ලක්ෂණ සොයාගෙන තිබේ. ඵ් කාළය වන විට ඵම ජනාවාස වූ ප්ර දේශ හෙක්ටයාර් 15 ක ප්රෂදේශයකට සීමා වුවත් ඵය ශත වර්ෂ කිපයක් තුළදී නගරයක තත්වය දක්වා හෙක්ටයාර් 50 ක් පමණ පුළුල් විය. මේ හා සමාන භුමියක් සීගිරියේ අලිගල ප්රනදේශයේ ද සොයාගෙන ඇත.
පුරාණ වංශකතාවක් වූ මහා වංශයේ සහ දීපවංශයේ විස්තර කර ඇති පරිදි ආර්යයන් ලංකාවට ඵ්මට පළමුව යක්ෂ සහ නාග නම් ගෝත්ර්වල ජනයා ලංකාවේ ජීවත්වී ඇත. සමහර විට මෙම නම් ඵ් වන විට ලංකාවේ ජිවත්වූ ආදී ජනතාව හැඳින්වූ නම් විය හැක.
ඉතා පැරණි අක්ෂරවලට උදාහරණයක් වූ බ්රාවහ්මී අක්ෂර හා බ්රාීහ්මීය නොවන අක්ෂරවලින් යුත් මැටි භාණ්ඩ අනුරාධපුරයෙන් සොයාගෙන ඇත.
http://en.wikipedia.org/wiki/History_of_Sri_Lanka#Prehistory