පසු ප්‍රක්ෂේපණ රූපවාහිනී

විකිපීඩියා වෙතින්
tiny globe
අඟල් 45 සෙනිත් CRT පසු ප්‍රක්ෂේපණ රූපවාහිනීය

පසු ප්‍රක්ෂේපනය යනු විශාල තිර රූපවාහිනී සංදර්ශක තාක්ෂණික ක්‍රමයකි. බොහෝමයක් ඉතා විශාල තිර සහිත ටීවී (අඟල් 200 දක්වා හෝ ඊට වඩා වැඩි) පසු ප්‍රක්ෂේපණය යොදා ගනී. මෙහි ප්‍රභේදනයක් වන්නේ සමානම තාක්ෂණයක් යොදා ගන්නා තිරයකට ප්‍රක්ෂේපණය කෙරෙන වීඩියෝ ප්‍රක්ෂේපකයයි.

1970 පමණ සිට ප්‍රක්ෂේපණ රූපවාහිනී වාණිජමය වශයෙන් මිළ දී ගැනීමට තිබූ නමුත් එම කාලය වන විට එයට CRT හි රූපවල තියුණු බව සමඟ ගැලපීමට නොහැකි විය. නූතන ආකෘති විශාල ලෙස වර්ධනය වී ඇති අතර මිළ අධික කාර්යක්ෂම HDTV විශාල තිර සංදර්ශක සපයයි. තවමත් LCD හා ප්ලස්මා පැතලි තිරවලට වඩා ඝනකම් නූතන පසු ප්‍රක්ෂේපණ රූපවාහිනී එහි මුල් කාලීන රූපවාහිනීවලට වඩා කුඩා පාදයකින් යුක්ත වන අතර බිත්තියෙහි එල්ලීමට තරම් සැහැල්ලු වේ.

ප්‍රක්ෂේපණ රූපවාහිනීවල ප්‍රක්ෂේපණ පද්ධති වර්ග තුනක් භාවිතා වේ. CRT ප්‍රක්ෂේපක එයින් මුල්ම වර්ගය වූ අතර ඒවා අඟල් 40 පසු කර යාමට සමත් වූ ප්‍රථම රූපවාහිනිය වේ. එය ප්‍රමාණයෙන් විශාල වූ අතර සමීප පරාසවල දී රූප අපැහැදිලි වේ. නවීන තාක්ෂණික ක්‍රමවලට DLP (පරාවර්තී ක්ෂුද්‍ර දර්පන චිප) හා LCD ප්‍රක්ෂේපක ඇතුළත් වේ. LCoS , LCD ප්‍රක්ෂේපක තාක්ෂණික ක්‍රම වර්ගය 1080p විභේදක බලයක් ලබා ගැනීමට හැකියාව ඇත. උදාහරණ: සෝනි හි SXRD, JVC හි D-ILA, හා මයික්‍රො ඩිස්ප්ලේ කෝපරේෂන්හි ලික්විඩ් ෆිඩලිටි හි ඇතුළත් වේ.

2005 දී හා 2006 දී වඩා මිළ අධික LCD රූපවාහිනි ප්ලස්මා පැතලි තිර රූපවාහිනිවලට වඩා ප්‍රචලිත වූ නමුත් LCD වල මිළ පහත වැටීම හා දියුණු වීම් සෝනි, පිලිප්ස්, ටොෂීබා හා හිතාචි ආයතන ඔවුන්ගේ පෙළ ගැස්වීම්වලින් පසු ප්‍රක්ෂේපණ රූපවාහිනී ඉවත් කිරීමට සැලසුම් කිරීමට හේතු වී ඇත. වර්තමානයේ සැම්සුං, මික්ෂුබිෂි, RCA , පැනසොනික් හා JVC වෙළෙද පොළෙහි රැඳී සිටී. මුල් කාලීන පසු ප්‍රක්ෂේපන රූපවාහිනීවල විශාල බවින් අදහස් කළේ ඒවා බිත්තියෙහි එල්ලිය නොහැකි බවයි. බොහොමයක් පැතලි තිර පාරිභෝගිකයින් ඔවුන්ගේ රූපවාහිනී බිත්තිවල නොඑල්ලූ නමුත් එසේ කළ හැකි වීම ප්‍රධාන විකුණුම් ලකුණක් සේ සැලකූහ.


සටහන්[සංස්කරණය]

Projection_TV