පලීපාන මොහොට්ටාල

විකිපීඩියා වෙතින්

[1]පලීපාන මොහොට්ටාල යනු කීර්ති ශ්‍රී රාජසි‍ංහ රජුගේ කාලයේ සිට පූජාපිටිය,මාතලේ මොහොට්ටාල ලෙස කටයුතු කළ නිළමේ වරයකි.වැලිවිට අසරණ සරණ සිරි සරණංකර ස්වාමීන්වහන්සේව සඟරජ තනතුරට පත් කිරීමටද මූලිකත්වය ගන්නා ලදී.1803 උඩරට යුද්ධයේදී උඩරට සේනාවේ දෙවන අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරන ලදී.හංවැල්ල සටන අවසානයේ ඇතිවූ වැරදි අවබෝධයක් මත ශ්‍රී වික්‍රම රාජසි‍ංහ රජු විසින් ලෙව්කේ දිසාව සහ පලීපාන මොහොට්ටාල යන නිළමේවරුන් දෙදෙනාව හිස ගසා මරාදමන ලදී. අනුප්‍රාප්තිකයාද පලීපාන නිළමේ ලෙස හදුන්වන ලද අතර ඔහු ඇතැම් මූලාශ්‍රවල දිසාව තනතුර හෙබවූයෙක් ලෙසද හදුන්වයි.ඩොයිල්ගේ දිනපොතට අනුව ඔහුට මරුවල්ලියේ මුහන්දිරම් යන තනතුරද ලබාදී ඇත. 

  1. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
"https://si.wikipedia.org/w/index.php?title=පලීපාන_මොහොට්ටාල&oldid=566329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි