පලිබෝධනාශකවල පාරිසරික බලපෑම

විකිපීඩියා වෙතින්

නොනැසෙන කාබනික දූෂක[සංස්කරණය]

නොනැසෙන කාබනික දූෂක (POPs) යනු රසායනික, ජීව විද්‍යාත්මක හා ප්‍රභා සංස්ලේෂක ක්‍රියාවලි හරහා පාරිසරික ජීර්ණය වීම්වලට ප්‍රතිරෝධයක් දක්වන කාබනික සංයෝග වේ. මේ හේතුව නිසා ඒවා පරිසරයේ නොනැසී පැවතෙන බව හා විශාල පරාසයක ව්‍යාප්ත වීමේ හැකියාව හා මනුෂ්‍ය හා සත්ව පටකවල ජෛව සංචිත ලෙස , ආහාර දාමවල ජෛව විශාලක ලෙස පවතින බව හා මනුෂ්‍ය සෞඛ්‍ය හා පරිසරය මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව නිරීක්ෂණය කර ඇත.

1995 මැයි මාසයේ දී එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන පාලනය කිරීමේ කවුන්සිලය (GC) POPs අධ්‍යයනය කිරීමට තීරණය කළ අතර මූලිකව පහත POPs 12 සමන්විත ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලදී. ඒවා අශුද්ධ දුසිම (Dirty Dozen) ලෙස හැඳින්වේ. aldrin, chlordane, DDT, dieldrin, endrin, heptachlor, hexachlorobenzene, mirex, polychlorinated biphenyls, polychlorinated dibenzo-p-dioxins, polychlorinated dibenzofurans, හා toxaphene.[1] එතැන් සිට මෙම ලැයිස්තුව පිළිගැනීමට බඳුන් වූ අතර එයට පිළිකා කාරක පොලි චක්‍රීය ඇරොමැටික හයිඩ්‍රොකාබන (PAHs) හා සමහරක් බ්‍රෝමිනීකෘත ගිනි වැළැක්වීමේ ද්‍රව්‍ය මෙන්ම tributyltin (TBT වැනි) කාබනික ලෝහ සංයෝග ද ඇතුළත් විය.

‍POPs නිර්මාණය කරන සංයෝග කාණ්ඩ PBTs (Persistent, Bioaccumulative and Toxic) ලෙස ද වර්ගීකරණය කර ඇත. එසේත් නැති නම් TOMPs (Toxic Organic Micro Pollutants) ලෙස ද වර්ගීකරණය කෙරේ.

බොහෝමයක් POPs වර්තමානයේ දී හෝ අතීතයේ දී භාවිතා කරන ලද්දේ පලිබෝධනාශක ලෙසය අනෙක්වා කර්මාන්ත සැකසුම්වල දී හා ද්‍රාවක, PVC හා ‍‍ඖෂධ වැනි විශාල පරාසයක භාණ්ඩ නිෂ්පාදනයේ දී භාවිතා වේ. POPs නිෂ්පාදනය වීමේ ස්වාභාවික ප්‍රබව ස්වල්පයක් තිබුණත් බොහොමයක් POPs නිර්මාණය වනුයේ මනුෂ්‍යයන් විසින් සිදු කරන කාර්මික ක්‍රියාවලිවල දී සිතා මතා හෝ අතුරු නිෂ්පාදන ලෙසයි.

ශාක[සංස්කරණය]

නයිට්‍රජන් තිර කිරීම යනු උස ශාකවල වැඩීමට අවශ්‍ය සාධකයක් වන අතර එයට පසෙහි ඇති පලිබෝධනාශකවලින් බාධා එල්ල කරනු ලැබේ. කෘමිනාශක DDT , මෙතිල් පැරතියන් හා විශේෂයෙන් Pentachlorophenol යනාදිය legume-rhizobium රසායනික සංඥාකරණය සමඟ අන්තර් ගැටීම් පෙන්නුම් කරයි. මෙම සහවක රසායනික සංඥාකරණයේ මන්දනය නිසා නයිට්‍රජන් තිර වීම අඩු වන අතර එමඟින් බෝග ඵලදාව ද අඩු වේ. මෙම ශාකවල මූල ගැටිති ඇති වීම මඟින් සෑම අවුරුද්දක දීම කෘතීම නයිට්‍රජන් පොහොරවලින් ලෝක ආර්ථිකයට ඩොලර් බිලියන 10ක් ඉතිරි කර දෙයි.

පලිබෝධනාශකවලට මී මැස්සන් ජීවිතක්ෂයට පත් කළ හැකි අතර එමඟින් පරාගනය අඩු වීම, ශාක පරාගනය සිදු කරන කෘමීන් නැති වී යාම සිදු විය හැකි අතර ඒ හරහා මී මැසි ජනපද හිටි හැටියේ අතුරුදහන් වන ජනපද බිඳ වැටීමේ කැළඹීම ඇති කළ හැක. USDA හා USFWS මඟින් තක්සේරු කර ඇත්තේ එක්සත් ජනපදයේ ගොවිතැන්කරුවන්ට ඔවුන්ගේ වගා පරාගනය වීම අඩු වීම නිසා වසරකට අවම වශයෙන් ඩොලර් මිලියන 200 දක්වා පාඩු වන බවයි. මෙයට හේතුව පලිබෝධනාශක යොදා ගැනීම වන අතර මේ නිසා එක්සත් ජනපදයේ මී මැසි ජනපදවලින් 1/5ක් පමණ නැතිවී ගොස් ඇති අතර අතිරේක 15%ක් පමණ අපදාවලට ලක් වී ඇත.

පස[සංස්කරණය]

පලිබෝධනාශවල දී භාවිතා කරන බොහෝමයක් රසායනික ද්‍රව්‍ය ස්ථිර පාංශු අපවිත්‍ර කාරක වේ. ඒවායේ බලපෑම දශක ගණනක් පුරාවට පැවතිය හැකි අතර පස සංරක්ෂණයට දරුණු ලෙස බලපෑ හැකිය.

පලිබෝධනාශක භාවිතය මඟින් පසෙහි සාමාන්‍ය ජෛව විවිධත්වය අඩු කරනු ලබයි. රසායනික ද්‍රව්‍ය භාවිතා නොකිරීමෙන් හොඳ පාංශු තත්වයක් ඇති වන අතරම පසෙහි ඇති කාබනික ද්‍රව්‍ය වැඩි ජල වැළැක්වීමක් ලබා දෙයි. මෙය කාන්තාර වසර වලදී ගොවිපලවල ඵලදාව ඉහල නැංවීමට උදව් වේ. කාබනික ගොවිපලවල් විසින් ඔවුන්ගේ සමකාලීන අනෙක් කොටස්වලට වඩා 20%-40%ක පමණ ඵලදාවක් ලබා දෙයි. පසෙහි ඇති කුඩා කාබනික ද්‍රව්‍ය අන්තර්ගතයක් විසින් යෙදුම් පෙදෙස අතහැර යන පලිබෝධනාශක ප්‍රමාණය වැඩි කරන අතර එයට හේතුව වන්නේ කාබනික ද්‍රව්‍ය එකට බැඳී පලිබෝධනාශක බිඳ දැමීමට උදව් වීමයි.

වාතය[සංස්කරණය]

පලිබොධනාශක මඟින් වායු දූෂණය සිදු විය හැක. පලිබෝධනාශක ප්ලවනය සිදු වන්නේ පලිබෝධනාශක කුඩා අංශු ලෙස වාතයෙහි අවලම්භනය වීමේ දී සුළඟ මඟින් ‍ඒවා අපවිත්‍ර කරමින් අනෙකුත් ප්‍රදේශවලට ගෙන යාමෙනි. බෝග සඳහා යොදන ලද පලිබෝධනාශක අසල වූ ප්‍රදේශවලට වාෂ්ප වීම හෝ සුළඟ මඟින් යාම සිදු විය හැකි අතර එමඟින් වන ජීවිතය සඳහා තර්ජන ඇති විය හැක. එමෙන්ම විදින ලද පලිබෝධනාශක බිඳිති ‍හෝ අංශු දූවිලි ලෙස සුළඟ මඟින් අනෙක් ප්‍රදේශවලට යාම හෝ සුළ‍ඟේ ගසා ගෙන යන දූවිලි වැනි අංශුවල තැන්පත් වී වෙනත් ප්‍රදේශවලට යාම සිදු විය හැක. භූමි විසිර විදීම මඟින් අවකාශ විසිර විදීමට වඩා අඩු පලිබෝධනාශක ප්ලවනයක් ඇති කරයි. ගොවිතැන්කරුවන්ට තම වගා බිම් වටා හිස් ඉඩම් හෝ සදාහරිත ශාක වැනි බෝග නොවන ශාකවලින් යුත් අවරෝධක ප්‍රදේශ ඇති කළ හැක. මේවා සුළං කඩන ලෙස ක්‍රියා කරන අතර පලිබෝධනාශක අවශෝෂණය කර ගනී. එමඟින් පලිබෝධනාශක අනෙකුත් ප්‍රදේශවලට ප්ලවනය වීම නතර ‍වේ. මෙවැනි සුළං කඩන නෙදර්ලන්තයේ දී ගොවිතැන් සඳහා නීතිමය අවශ්‍යතාවයක් වේ.

ගොවි බිම්වලට ඉසින හා පස දුම් ගැස්සීම සඳහා යොදා ගන්නා පලිබෝධනාශක මඟින් වාෂ්පශීලී කාබනික සංයෝග ලෙස හඳුන්වන රසායනික සංයෝගයන් නිදහස් විය හැකි අතර ඒවා අනෙකුත් රසායනික ද්‍රව්‍ය සමඟ ක්‍රියා කර ඕසෝන් නැමැති දූෂකයක් සාදයි. මුළු ඕසෝන් නිෂ්පාදනය ආසන්න වශයෙන් 6%කට පමණ හේතු වන්නේ මෙම සංසිද්ධියයි.