පල්ලියේ පාරිභාෂික වදන්

විකිපීඩියා වෙතින්
නයිසියාවේ පළමුවන කවුන්සිලයේ බිෂොප්වරු නයිසියානු ඇදහිල්ල සමග සිටිනු දක්වන සුරුවමක්

කිතුනු දේවස්ථාන විස්තර කිරීමට ඉතිහාසය පුරා විවිධ පාරිභාෂික වදන් භාවිතා විය එයින් සමහරක් මෙහිදී සාකච්ඡා කෙරේ.

චර්ච් යන ඉංග‍්‍රිසි වදන දෙවියන් ගේ නිවස යන අරුත් ඇති ග‍්‍රීක කයිරියේක් යන වදනනින් බිඳී ආවකි. අද වන විට එය විවිධ අර්ථ සහිත වදනක් බවට පරිණාමණය වී ඇත. අපෝස්තලික ඇදහිල්ලේ ශුද්ධ වූ කතෝලික පල්ලිය යන පදය සඳහන් අතර එය එකතුව ශුද්ධභාවය, විශ්වීයත්වය හා අපෝස්තලිකබව යන ක‍්‍රිස්තියානි දේවස්ථානයේ හඳුනාගැනීමේ සලකුනු හතර සම්බන්ධයෙන් පවතී.

සත්‍යලබ්ධික දේවස්ථානය (මෙහි ඉංග‍්‍රීසි වදන ඕතඩොක්ස් දේවස්ථානය ලෙස යෙදෙන නමුත් පෙරදිග ඇති ඕතඩොක්ස් නිකාය සමග මිශ‍්‍ර කර නොගත යුතුය) යන පදය සත්‍ය ක‍්‍රිස්තියානි කණ්ඩායම් මිත්‍යාදෘෂ්ටියන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා භාවිතා විය. නයිසියානු ඇදහිල්ල සම්බන්ධයෙන් මෙය බොහෝ විට භාවිතා වූ අතර අදටත් එම පළමු නිල මතය විශේෂණය සඳහා එය භාවිතා වේ.

ක‍්‍රිස්තුස්ගේ මණ්ඩලය (බොඩි ඔෆ් ක‍්‍රයිස්ට් ) යන්න යේසුස් වහන්සේ මුල් කොට ගත් සමස්ත කිතුණු සංවිධානය සඳහා භාවිත වේ.

යුධකාමී පල්ලිය හා ජයග‍්‍රාහී පල්ලිය (චර්ච් මිලිටන්ට් ඇන්ඞ් චර්ච් ත‍්‍රයම්පන්ට්) යන්නෙන් ලෝක තලයෙන් ඔබ්බට ස්වර්ගය දක්වා විහිදුනු පල්ලිය ගැන කියවේ. යුදකාමී පල්ලිය යන්නෙන් සියලූම ජීවත්වන කිතුනුවන් හැඟවෙන අතර ජයග‍්‍රාහී පල්ලිය යන්නෙන් ස්වර්ගයේ සිටින්නන් හැඟවේ රෝමානු කතෝලික පල්ලිය පීඩාකාරී ස්ථානයේ සිටින්නන් සඳහා පීඩාවේ පල්ලිය සහ බලාපොරොත්තුවේ පල්ලිය (චර්ච් සෆරින්ග් චර්ච් එක්ස්පෙක්ටන්ට්) යනුවෙන් සංකල්ප දෙකක් භාවිත කරයි.

ශාන්තුවර එකමුතුව (කොමියුනියන් ඔෆ් සෙන්ට්ස්) යන්න යාඥාව තුලින් සම වූ ඇදහිල්ල හරහා සියලූ කිතුනුවෝ මරණය හෝ භෞතික වෙන්වීම හෝ ආදිය නොසලකා එකතුව ඇති බව අඟවයි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Christian_Church#Terminology