පරිශීලක සාකච්ඡාව:Suprabuddha

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; නාමයක් නොමැති ආශ්‍රේය සඳහා පෙළක් තිබිය යුතුයබි‍්‍රට්න්වුඩ්ස් සම්මුතියෙන් පසු අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය[සංස්කරණය]

හැදින්වීම[සංස්කරණය]

ඉතාමත් ශ‍්‍රීඝ‍්‍ර ලෙස දියුණු වී ඇති තොරතුරු හුවමාරු තාක්‍ෂණය හේතුවෙන් අද වන විට ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වෙමින් පවතී. ඒ හේතුවෙන්ම අන්තර්ජාතික සබඳතාවලින් තොරව කිසිඳු රටකට සංවර්ධන මාවතට ප‍්‍රවේශ වීම නොහැකි වී ඇත. එහෙයින් සියලූම රටවල් හුදකලාව නොසිට රාජ්‍යයන් අතර සබඳතා ඇති කර ගනිමින් කටයුතු කිරීම කැපී පෙනෙන කාරණයකි. මෙසේ විවිධ ආකාරයෙන් ජාතීන් අතර ඇතිවන සබඳතාවයන්ගේ මුල් පුරුක වශයෙන් අන්තර්ජාතික වෙළඳාම හඳුන්වා දිය හැකිය. අන්තර්ජාතික වෙළඳාම වඩාත් සාර්ථක කර ගැනීම උදෙසා අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමයක්ද අවශ්‍ය වේ. මන්ද යත් වඩාත් පුළුල් වශයෙන් සළකා බලන කළ අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමයක් මගින් ප‍්‍රධාන වශයෙන් කාර්යයන් තුනක් ඉටු වන බැවිනි. ඒවානම්,

1. ගෙවුම් ශේෂ තත්ත්වයන් සැකසීම. (විනිමය අනුපාත ඇති කිරීම හා වෙනස් කිරීම මේ යටතේ සිදු වේ.) 2. ගෙවුම් ශේෂ තුලනය කිරීම සඳහා දායක වීම. (රටවල් අතර ගෙවුම් ශේෂ තුලනය නොවු විට අවශ්‍ය ගෙවීම් සඳහා ණය හෝ සංචිත මගින් මුදල් සැපයීම මේ යටතේ සිදු වේ. ) 3. අන්තර්ජාතික මුදල් හෝ සංචිත සැපයීම. ආදියයි.

මේ ආකාරයෙන් පවතින අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමයේ විකාශනය පිළිබඳ විමසා බලන විට විවිධ කාලවකවානු වලදී එහි පැවති විවිධ වෙනස්කම් හඳුනාගත හැකිය. මන්ද යත් කාලීන වශයෙන් ඇතිවන ආර්ථික තත්ත්වයන් අනූව මූල්‍ය ක‍්‍රමයේ ද විවිධ වෙනස්කම් සිදුවන බැවිනි. ඒ අනූව අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් වන තීරණාත්මක අවස්ථාවක් ලෙස 1944 ජූලි මාසයේ දී ඇති කර ගත් බි‍්‍රට්න්වුඞ්ස් සම්මුතිය පෙන්වා දිය හැකිය. මෙකී බි‍්‍රට්න්වුඞ්ස් සම්මුතියෙන් පසුව අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමයේ ඇති වූ වෙනස්කම් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම නිබන්ධනයේ මූලික අරමුණයි.

කෙසේ වෙතත් බි‍්‍රට්න් වුඞ්ස් සම්මුතියෙන් පසු ඇති වූ අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය පිළිබඳ හැදෑරීමට ප‍්‍රථම ඊට පූර්වයෙන් පැවති අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ද වැදගත් යැයි මාගේ විශ්වාසය යි. මන්ද යත්, එකී ප‍්‍රාග් අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය හා ඒ ආශි‍්‍රත ඓතිහාසික තත්ත්වයන් බි‍්‍රට්න්වුඞ්ස් සම්මුතිය හා පශ්චාත් අන්තර්ජාතික මුල්‍ය ක‍්‍රමය බිහි වීමෙහිලා බලපා ඇති හෙයිනි.

ඒ අනූව මෙම නිබන්ධනයේ පළමු පරිච්ෙඡ්දය තුළින් මා විසින් දෙවන ලෝක යුද්ධයට පෙර පැවති අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය පිළිබඳව අවදානය යොමු කර ඇත. විශේෂයෙන්ම ඒ යටතේ පළමු ලෝක යුද්ධයට පෙර හා පසු මෙන්ම මහා ආර්ථික පරිහානි අවධියේදීත් පැවති අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය සහ එහි හැසිරීම පිළිබඳ කරුණු දක්වා ඇත.

අනතුරුව මෙම නිබන්ධනයේ දෙවන පරිච්ෙඡ්දය තුළින් පශ්චාත් දෙවන ලෝක යුද සමය තුළ ඇති වූ බි‍්‍රට්න්වුඞ්ස් සම්මුතිය හා අන්තර්ජාතික මුල්‍ය ක‍්‍රමය පිළිබඳ අධ්‍යයනය සිදු කර ඇත. එහිදී ද මූලික වශයෙන් බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමය බිහි වීමට හේතු, එහි යෝජනා සහ ඒවායේ ප‍්‍රථිඵල මෙන්ම අවසාන වශයෙන් බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමය බිඳ වැටීමට හේතු වූ කරුණු ද සාකච්ඡුා කොට ඇත.

අනතුරුව මෙම නිබන්ධනයේ තුන්වන පරිච්ෙඡ්දය යටතේ බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමයෙන් පසු අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය වර්තමානය දක්වා හැඩගැසුණු ආකාරය පිළිබඳ තොරතුරු සම්පින්ඩණය කර ඇත.

අවසාන වශයෙන් මෙම නිබන්ධනයේ සඳහන් සියලූම තොරතුරු අනූව අන්තර්ජාතික මුල්‍ය ක‍්‍රමය සහ එහි විකාශනය පිළිබඳ සාරාංශ ගත අදහසක් එක් කර ඇත.

දෙවන ලෝක යුද්ධයට පෙර සමයේ අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය[සංස්කරණය]

මානව වර්ගයාගේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී පෙර දක්නට නොවු විරූ ආකාරයෙන් සිදු වූ යෝද ගැටුම් දෙකක් හඳුනා ගත හැකිය. එනම්, විසිවන ශත වර්ෂයේ ඇති වූ පළමු හා දෙවන ලෝක මහා සංග‍්‍රාමයන්ය. මෙම ලෝක යුද්ධයන් අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය සකස් වීම කෙරෙහි සෘජු බලපෑමක් සිදු කර ඇත.

එහිදී මූලික වශයෙන් පළමු ලෝක යුද්ධයට පෙර අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය පිළිබඳව විමසා බැලීමේ දී පෙනීයන්නේ ඒ කාලය තුලදී ස්ථාවර විනිමය අනුපාතික ක‍්‍රමයක් පැවති ඇති බවයි. මෙම විනිමය අනුපාතික ක‍්‍රමය රන් මිණුම් ක‍්‍රමය වශයෙන් හඳුන්වයි. මෙම රන් මිණුම් ක‍්‍රමය යටතේ සෑම රටක මුදල් ඒකකයක වටිනාකම ස්ථාවර රන් ප‍්‍රමාණයක් අනූව තීරණය කරන ලදි. එසේ තීරණය කරනු ලබන වටිනාකම ”රන් සමකය” ලෙසින් හඳුන්වන ලදි. එසේ සෑම රටක්ම තම දේශීය මුදලේ විදේශීය අගය රන් වලින් නම් කිරීම තුළින්ම ඒ ඒ රටවල් අතර මුදල් වර්ග හුවමාරු අනුපාතය එනම් විනිමය අනුපාතය තීරණය වේ. උදාහරණයක් වශයෙන් රන් මිනුම් ක‍්‍රමය යටතේ බි‍්‍රතාන්‍ය පවුම් එකක් රන් ගේ‍්‍රන්ස් 10 ක් වශයෙන් හා ඇමරිකානු ඩොලර් 2 ක් රන් ගේ‍්‍රන්ස් 10 ක් ලෙස නියම වී පැවතිණි යැයි උපකල්පනය කළහොත් එහිදී පවුම් 1 ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 2 ක් වශයෙන් පවුම් හා ඩොලර් අතර හුවමාරු අනුපාතය තීරණය වේ. මෙම රන් මිනුම් ක‍්‍රමය යටතේ ඇති කිසිම රටක් රන් ආනයනය හෝ අපනයනය සීමා නොකළ යුතු අතර සෑම රටක්ම සියලූ ඉල්ලූම් සපුරා ලීමට ප‍්‍රමාණවත් රන් සංචිතයක් තබා ගත යුතු විය. මෙම ක‍්‍රමය 1914 තෙක් බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක කරන ලදි.

අනතුරුව 1925 - 31 අතර කාලයේ දී මෙම ක‍්‍රමය වෙනස් ලෙස ඝනරන් මිනුම :ඨදකා ඊමකකසදබ ීඒබා්රා* වශයෙන් ක‍්‍රියාත්මක කරනු ලැබීය. මේ යටතේ ඉබේම කඩදාසි මුද්‍රිත ව්‍යවහාර මුදල් එක් එක් වශයෙන් රන් වලට පරිවර්තනය කිරීමට නොහැකි වූ අතර, අවුන්ස හාරසියයක් බරුති රන් පොලූ එංගලන්ත බැංකු විසින් එම වටිනාකම ඇති ව්‍යවහාර මුදල් වලට හුවමාරු කරන ලදි.

මෙම 1925 - 31 සමයේදීම මෙම ක‍්‍රමයට වෙනස් වූ ක‍්‍රමයක් ඩෙන්මාර්ක්, නෝර්වේ සහ ස්වීඩන් යන ස්කැන්ඩිනේවියානු රටවල භාවිතා විය. එය රන් විනිමය මිනුම :ඨදකා ෑංජය්බටැ ීඒබා්රා* යනුවෙන් හඳුන්වනු ලැබීය. මෙම ක‍්‍රමය යටතේ රටේ මධ්‍යම බැංකුව විසින් එම රටේ ව්‍යවහාර මුදල් රන් මිනුමේ වෙනත් ඕනෑම සාමාජික රටක ව්‍යවහාර මුදල් සම`ග ඉල්ලූ විට හුවමාරු කරන ලදි.


මේ අනූව රන් මිණුම් ක‍්‍රමය 1914 දී ඇති වූ ලෝක මහා යුද්ධයෙන් පසුව අත් හිටුවා ඇති බව පෙනේ. එසේම ඊට අනතුරුව පැවති ඝන රන් මිනමු මෙන්ම රන් විනිමය ක‍්‍රමය ද 1931 න් පසු අත් හරිනු ලැබීය. ඊට ප‍්‍රධානතම හේතුව වූයේ පළමු ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ මහා ආර්ථික පරිහානියයි.

1929 ඔක්තොම්බර් 24 වන දින ඇමරිකාවේ නිව්යෝක් නුවර කොටස් වෙළඳපල බිඳවැටීමත් සම`ගම ආරම්භ වූ මෙකී පරිහානිය 1933 වර්ෂය දක්වා පැවතිණී. මෙම ආර්ථික පරිහානිය හේතුවෙන් මහා බි‍්‍රතාන්‍යය සතු රන් සංචිත ප‍්‍රමාණය අඩුවීම නිසා මුදල් ක‍්‍රමය රනිින් වෙන් කිරීම සිදු විය. එසේම අබාද වෙළඳාම ද අත් හරින ලදි. මේ නිසා බි‍්‍රතාන්‍යයේ එතෙක් පැවති ගතානුගතික මුදල් ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ලදි. එපමණක් නොව රාජ්‍ය නිර්බාදවාදී ප‍්‍රතිපත්තියේ අන්තිම ආරක්‍ෂක ස්ථානය වූ එක්සත් ජනපදය ද, එරට මහත් ආදරයෙන් සැළකූ ආර්ථික මත වලට පයින් ගසා පෙර නොවූ විරූ පමණට ආර්ථික ව්‍යාපාරයන් රජයේ ම`ග පෙන්වීමට යටත් කරවීමට ද කටයුතු කරන ලදි. මෙම ආර්ථික කුණාටුව කෙසේ ඇතිවීද යන්න පිළිබඳව නොයෙක් අදහස් පළ වී ඇත. කෙසේ වෙතත් පොදුවේ ගත් කළ පළමු ලෝක යුද්ධය නිසා ඇතිවූ ව්‍යසනයන් මීට සෘජුවම බලපා ඇත. එනම්,1 x ජාතික ණය ප‍්‍රතිශතයන් ඉහළ යාම. x යුද්ධය නිසා රටවල් වල ආදායම් මාර්ග විනාශ වීම. x යුද්ධයෙන් පසු නැවත නැගී සිටීම සඳහා වන වියදම් ඉහළ යාම. x රටවල් වල ආර්ථික ප‍්‍රතිපත්ති යුද්ධයට ගැලපෙන ලෙස වෙනස් කිරීම. x බැංකු තැන්පතු විශාල වශයෙන් අඩු වීම. x අස්ථීර මුදල් ක‍්‍රම x යුද්ධයට මුදල් සෙවීම උදෙසා බදු වැඩි කිරීම හේතුවෙන් ඉතිරිකිරීම් අධෛර්යමත් වීම. x කර්මාන්ත මගින් රැුස් කළ ලාභ හදිසියේම වෙනස් කළ හැකි ආකාරයේ අන්තර්ජාතික වෙළඳාම ආශ‍්‍රිතව සිදු වූ වෙනස්කම් x නාස්තිකාර අධික වියදම් ආදියයි.

මෙම ආර්ථික අර්බුදය ආරම්භයේ දී ආහාර හා අමුද්‍රව්‍ය වල මිළ ගණන් දරුණු ලෙස පහත වැටුණි. එසේම ලෝකයේ මුදල් ක‍්‍රම සම්බන්ධයෙන් අන්‍යොන්‍යය ගැලපීමක් නොමැති වූ නිසා 1930 ට පෙර පැවති උසස් ජීවන තත්ත්වයන් පහත වැටීම නොවැළැක්විය හැකි විය. මෙම බිඳවැටීමට ප‍්‍රධානතම හේතුව වූයේ අධි නිෂ්පාදනයයි. කෘෂිකාර්මික මෙන්ම කාර්මික ක්‍ෂේත‍්‍රයේ ද සිදු වූ මෙම අධිනිෂ්පාදනයේ ප‍්‍රථිඵලය වූයේ මිළ ගණන් පහත වැටීමයි. මේ හේතුවෙන් පීඩාවට පත් ජාතීන්ගේ ක‍්‍රය ශක්තිය හීන විය. විශේෂයෙන්ම එක් රැුස් වු භාණ්ඩ තොග පැවතීම හා අමුද්‍රව්‍ය මිළ පහත යාම හේතුවෙන් නිෂ්පාදිත (කාර්මික* භාණ්ඩ වල මිළට වඩා ඉතා ශ‍්‍රීඝ‍්‍රයෙන් කෘෂිකාර්මික භාණ්ඩ වල මිළ පහළ බසින ලදි. මේ නිසා ප‍්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනයෙහි නිරතවූ කෘෂිකාර්මික රටවල් වලට කාර්මික රටවල් නිපදවූ භාණ්ඩ මිළදී ගැනීමට

නොහැකි වන තරමටම දුප්පත් විය. ඒ හේතුවෙන් කාර්මික රට වලද අධිනිෂ්පානයක් පැවති අතර ඒ හරහා විරැුකියාවද වර්ධනය විය. මේ ආකාරයට අන්තර්ජාතික වෙළඳාම මුළුමනින්ම ඇණ හිටින තත්ත්වයකට පත් විය.

ඇතිවෙමින් පැවති මෙම දැඩි ආර්ථික පරිහානියට පිළියම් සෙවීම සඳහා රාජ්‍යයන් 64 ක ගේ සහභාගීත්වයෙන් 1933 ජුනි මාසයේ දී ලෝක මුදල් හා ආර්ථික සම්මේලනයක් ලන්ඩන් නුවර දී පැවැත්විණි. කෙසේ වෙතත් මෙම සම්මේලනය තුළ දී යුරෝපා රටවල් හා එක්සත් ජනපදය අතර මතබේදකාරී අදහස් හුවමාරු වන්නට විය. එනම් යුරෝපීය රටවල් ප‍්‍රධාන වශයෙන්ම ප‍්‍රකාශ කරන ලද්දේ මෙකී ආර්ථික අර්බුදය නිමා කිරීමට නම් පළමුව මුදල් ක‍්‍රම වල ස්ථායීකරණයක් ඇති කළ යුතු බවයි. මන්ද යත් අන්තර්ජාතික වෙළඳාම අවහිර වන පරිදි පනවා ඇති තීරු බදු ඉවත් කිරීමට නම් මුදල් උච්චාවචනය පළමුව අවසාන කළ යුතු හෙයිනි. කෙසේ වෙතත් මීට වෙනස් මතයක් දරමින් එක්සත් ජනපදය ”නව පිළිවෙළ” නම් වූ ප‍්‍රතිසංස්කරණ ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරන ලදි. එමගින් ප‍්‍රකාශ කරන ලද්දේ ඩොලරයේ වටිනාකම අඩු කිරීමෙන් හුවමාරු භාණ්ඩ වල තත්වය ඉහළ නැංවිය හැකි බවයි. මෙකී ප‍්‍රතිවිරෝධතාවයන් හමුවේ මුදල් ක‍්‍රම ස්ථායීකරණය සම්බන්ධයෙන් එක`ගතාවයකට පැමිණීමට මෙම සමුළුව අපොහොසත් විය. එලෙසම ආර්ථික ජාතිවාදය කරා ගමන් කිරීම නැවැත්වීම මෙන්ම ආර්ථික අතින් නිවැරදි දිශාවකට ජාතීන් යොමු කරවීමට ද මෙම සමුළුවට හැකියාවක් නොලැබුණි. මේ තත්ත්වයන් මත එක් එක් රටවල් තම ආර්ථික ප‍්‍රතිපත්තීන් මත පිහිටා කටයුතු කිරීම සිදු කරන ලදි.

මේ ආකාරයට මහා ආර්ථික පරිහානිය නිසා බලගතු තර්ජනයකට ලක් වූ යුරෝපීය ආර්ථික ක‍්‍රමය බිඳ වැටීම තුළ පළමු ලෝක යුද්ධයේදී ජර්මනිය හා බි‍්‍රතාන්‍ය විසින් අත්සන් කරනු ලැබූ වර්සෙල්ස් ගිවිසුම හරහා තමාට සිදුවූ අසාධාරණයන් ඉවත් කර ගැනීමට ජර්මනිය නැවත සංවිධාන වීමත් සම`ග වසර විස්සකට පසු නැවත ලෝක යුද්ධයකට ම`ග විවර විය. එය දෙවන ලෝක යුද්ධය විය.

පශ්චාත් දෙවන ලෝක යුද සමයේ අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය (බි‍්‍රට්න්වඩුස් සම්මුතියේ ආරම්භයේ සිට එහි අවසානය දක්වා)[සංස්කරණය]

බි‍්‍රට්න්වුඞ්ස් සමුළුවේ ආරම්භය හා ඒ සඳහා බලපෑ සාධක[සංස්කරණය]

1939 සැප්තැම්බර් මාසයේදී ජර්මානු හමුදා විසින් පෝලන්තය ආක‍්‍රමණය කිරීමට එරෙහිව බි‍්‍රතාන්‍යය විසින් යුද ප‍්‍රකාශ කිරීමත් සම`ග ආරම්භ වූ දෙවන මහා ලෝක සංග‍්‍රාමය අවසන් වූයේ 1945 වර්ෂයේදී අගෝස්තු මාසයේ දී ඇමරිකානු ගුවන් නියමුවන් විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නුවර වලට පරමාණු බෝම්බ හෙළීමත් සම`ගය.

මෙසේ නැවත වරක් වසර හයක පමණ කාලයක් පුරා පැවති යුද්ධයත් සම`ග යුරෝපා ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ලක් විය. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර වසර වූ 1938 වන විට බටහිර යුරෝපයේ ගෙවුම් ශේෂ හි`ගය ඩොලර් මිලියන 1800ක් පැවතිණි. නමුත් යුද්ධයෙන් පසු 1947 පමණ වන විට එහි අගය ඩොලර් මිලියන 7500 ක් පමණ දක්වා වැඩි විී තිබුණි. මේ සඳහා හේතු වූ කරුණු කිහිපයකි. එනම්,1 1. දෙවන ලෝක යුද්ධයට පෙර පැවති අපනයන ආදායම යුද්ධයෙන් පසු ශ‍්‍රීඝ‍්‍ර ලෙස පහළ යාම. 2. බටහිර යුරෝපීය රටවල් අමුද්‍රව්‍ය ආනයනය සඳහා දැරූ වියදම් ඉහළ යාම. 3. යුද වියදම් ඉහළ යාම නිසා විදේශ සංචිත ක්‍ෂය වීම.

මේ ආදී තත්ත්වයන් හේතුවෙන් දෙවන ලෝක යුද්ධය අවසානය වන විට බටහිර ලෝකයේ ආර්ථික අතින් ඉහළින් වැජඹුණු සියලූම රාජ්‍යයන් ණයගැති භාවයට පත් වෙද්දී ආර්ථික අතින් ශක්තිමත්ව ණයහිමි එකම රාජ්‍ය ලෙස පැවතියේ ඇමරිකා එක්සත් ජනපදය පමණකි.

මේ අනූව දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති කරන ලද යුරෝපය න`ගා සිටුවීමේ වැඩපිළිවෙළෙහි ප‍්‍රධානතම අරමුණ වූයේ යුරෝපීය ජනතාවගේ ජීවන තත්ත්වය යළි න`ගා සිටුවීම සහ පෙර පැවති තත්ත්වයට යුරෝපා ආර්ථිකය ගෙන ඒමය. මෙකී අරමුණු ඉටු කර ගැනීම උදෙසා බටහිර යුරෝපීය ආර්ථිකයේ නිෂ්පාදනය හා ඵලදායිතාවය වර්ධනය කර ගැනීම හා ඊට සමගාමීව වෙළඳපළ පුළුල් විමේ අවශ්‍යතාවය ද පැන නැගුණි. කෙසේ වෙතත් ප‍්‍රායෝගිකත්වය තුළ නිෂ්පාදනය පුළුල් කිරීමට අවැසි ප‍්‍රාග්ධන ආයෝජනය යුරෝපය තුළින්ම සොයා ගැනීම දුෂ්කර අත්දැකීමක් විය. ඒ සඳහා තිබු එකම විකල්පය වූයේ විදේශ ආධාර ලබා ගැනීම හෝ පරිභෝජනය සීමා කිරීමයි. මේ නිසා යුරෝපයේ ආර්ථිකය න`ගා සිටුුවීම තරමක් සංකීර්ණ විය.

මීට අමතරව දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇතිවූ ප‍්‍රශ්න තවත් සංකීර්ණවීමට හේතු වූ කරුණුක් ලෙස ලිබරල් ධනවාදය හා කොමියුනිස්ට්වාදය අතර වූ එදිරිවාදීකම් ද පෙන්වා දිය හැකිය. එනම් බටහිර රටවල් හා සෝවියට් දේශය අතර දේශපාලනික වශයෙන් පැවති මතවාදීමය බෙදීමයි. ඒ යටතේ බටහිර රටවල් වඩාත් බියට පත් වූයේ පවතින අහිතකර ආර්ථික වටපිටාව තුළ කොමියුනිස්ට්වාදී අදහස් ලෝකය පුරා ව්‍යාප්ති වීමට තිබූ හැකියාව පිළිබඳවය. මෙම අවදානම බැහැර කිරීමෙහිලා ප‍්‍රධානතම ක‍්‍රියාකාරකයා ලෙස නැගී සිටියේ එවකට බටහිර ලෝකයේ ආර්ථික අතින් ප‍්‍රමුඛතම රාජ්‍ය ලෙස පැවති ඇමරිකා එක්සත් ජනපදයයි. විශේෂයෙන්ම 1947 දී හඳුන්වා දුන් මාර්ෂල් සැලැස්ම මෙහිලා ඉතා වැදගත් විය. එමගින් යුරෝපා ආර්ථික යලි ස්ථාපිත කිරීම සඳහා ඇමරිකාව විසින් ආර්ථික අතින් පිරිහිනු ජාතීන් හට ණය, ආධාර හා ත්‍යාග ලබා දීමට කටයුතු කරන ලදි.

මේ ආකාරයට ආර්ථික හා දේශපාලනමය වශයෙන් ඇති වෙමින් පැවති අර්බුදකාරී තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ආර්ථික සහයෝගීතාවයක අවශ්‍යතාවය සියලූම රාජ්‍යයන් විසින් අපේක්‍ෂා කරන ලදි. ඒ සඳහා නව අන්තර්ජාතික මුල්‍ය ක‍්‍රමයක් ස්ථාපිත විය යුතු බව සෑම රාජ්‍යයකම අදහස විය. මෙකී නව මූල්‍ය ක‍්‍රමය අන්තර්ජාතික මුදල්, මූල්‍ය සහ වෙළඳ යන ත‍්‍රිවිධ ක්‍ෂෙත‍්‍රයන්ට අදාළ විය. මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් වූ සාකච්ඡුාවක් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂියර් ප‍්‍රාන්තයේ කැරොල් නගරයට අයත් ප‍්‍රදේශයක් වන බි‍්‍රට්නිවුඞ්ස් ආසන්නයේ පිහිටි මවුන්ට් වොෂිංටන් හෝටලයේදී රටවල් 44 ක නියෝජිතයින් 730 කගේ සහභාගීත්වයෙන් සිදු විය. 1944 ජූලි 01 වන දා සිට 22 දක්වා සති තුනක පමණ කාල සීමාවක් පැවති මෙම සාකච්ඡුා වටය බි‍්‍රටින්වුඞ්ස් සමුළුව ලෙස හැඳින්වීය. මේ නමින් ප‍්‍රචලිත වී තිබුණත් මෙය විධිමත් ලෙස හැඳින්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මුදල් හා මූල්‍ය සමුළුව (United Nations Monetary and Financial Conference) යනුවෙනි. මෙකී සාකච්ඡුාවන්ගේ මූලිකම අපේක්‍ෂාව වූයේ පළමු සහ දෙවන ලෝක යුද්ධ කාලය තුළ පැවති අවුල් සහගත ආර්ථික තත්ත්වය නැවත ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් ඇති නොවීමට කරුණු සැකසීමයි.

මෙම සමුළුවට සහභාගී වූ නියෝජිතයින් මතවාදීමය වශයෙන් ගැටුණත් සමුළුව ආරම්භයේ දීම ප‍්‍රධාන කරුණු ති‍්‍රත්වයක් සම්බනධයෙන් එක`ගතාවයකට පැමිණෙන ලදි. එනම්, 1. අන්තර්ජාතික මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් කිසියම් නිශ්චිත වූ තීරණයකට එළැඹීම. 2. ජාතීන්ගේ සංගමයට සමානව කටයුතු කෙරෙන මූල්‍යමය හා ආර්ථික සංවිධානයක් බිහි කර ගැනීම. 3. සමූළුවේ කටයුතු මෙහෙයවීමේ වගකීම මෙම සමුළුවේ ඇමරිකානු කණ්ඩායමේ හ`ඩ බවට පත්ව සිටි සහකාර භාණ්ඩාගාර ලේකම් හැරී ඩෙක්ස්ටර් වයිට්ට සහ බි‍්‍රතාන්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කරන ලද ජෝන් මේනාඞ් කේන්ස් ට පැවරීම.

මෙම එක`ගතා සහිතව ආරම්භ වූ සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නියෝජිතයෝ නව අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමයක් උදෙසා විවිධ යෝජනා ඉදිරිපත් කරන්නට විය.

බි‍්‍රට්න්වුඞ්ස් සමුළුවේ යෝජනා[සංස්කරණය]

මෙම සමුළුව තුළ ඉදිරිපත් කෙරුණු නව මූල්‍ය ක‍්‍රමයක් සම්බන්ධයෙන් වූ යෝජනා අතුරින් ඉතා වැදගත් ස්ථානයක් හිමි වූයේ කේන්ස්ගේ හා වයිට්ගේ යෝජනා වලටය.

එහිදී බි‍්‍රට්න්වුඞ්ස් සමුළුව පැවැත්වීමට පෙර සිටම කේන්ස් යෝජනා කරමින් සිටියේ විධිමත් වූ ආර්ථික හා මූල්‍යමය ක‍්‍රමවේදයක් අන්තර්ජාතික වශයෙන් ස්ථාපිත කළ යුතු බවයි. ඊට හේතුව වූයේ ඒ වන විට රජයමින් පැවතියේ එකිනෙකාගේ බෙලි කපා ගන්නා වගකීම් විරහිත ආර්ථික හා මූල්‍යමය ක‍්‍රමයක් වීමයි. ධනවාදයත් යටත්විජිතවාදයක් එක්තැන් වූ තැන එබඳු පොර බැඳීමක් අනිවාර්ය බව කේන්ස් පැවසීය. මෙම අවුල් සහගත තත්ත්වය අවසන් කරන, අන්තර්ජාතික වශයෙන් එක`ග විය හැකි ආර්ථික හා මූල්‍යමය ශික්‍ෂණයක් ඇති කළ හැකි ක‍්‍රමවේදයක් බිහි කිරීම කේන්්ස්ගේ ඒකායන අරමුණ විය. එකී අරමුණ ක්‍ෂාක්ක්‍ෂාත් කර ගැනීම වුදෙසා බි‍්‍රට්න්වුඞ්ස් හි දී කේන්ස් විසින් ”අන්තර්ජාතික නිශ්කාෂණ සංගමයක්” සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. මෙම සංගමය පිහිටුවීමෙන් කේන්ස් අදහස් කරන ලද කරුණු කිහිපයක් විය. එනම්, 1. අන්තර්ජාතික මුදලක් ඇති කිරීම. 2. දේශීය ව්‍යවහාර මුදල් ඒකක වල විනිමය අනුපාත තීරණය කිරීමේ නිසි පිළිවෙලක් සහ ඒ සම්බන්ධ එක`ගතාවයක් ඇති කිරීම. 3. රන් නිපැයුම සහ රටවල රන් සංචිත පැවැත්ම ප‍්‍රතිපත්ති අනූව නොව ලෝක වාණිජ්‍ය සඳහා කාලීන වශයෙන් අවශ්‍ය වන පරිදි අන්තර්ජාතික මුදල් ප‍්‍රමාණය තීරණය කිරීම. 4. රටක අභ්‍යන්තර ස්ථායිතාවය ඇති කිරීම සඳහා සෑම රටකටම ලෝක වාණිජ්‍යය තුළ එම රටට ඇති වැදගත්කම මත සංචිත තොගයක් ඇති කිරීම. 5. ලෝක ආර්ථික කරුණු සැලසුම් කිරීමට සහ හැසිරවීම සඳහා දේශපාලනයෙන් තොර වූ මධ්‍යම ආයතනයක් පිහිටු වීම. 6. අන්තර්ජාතික ව්‍යවහාරික මුදල් ඒකකයක් නිකුත් කිරීම.

මෙකී යෝජනාවන් සම්බන්ධයෙන් සහභාගී වූ රටවල් විවිධ මත පළ කරන ලදි. එහිදී විශේෂයෙන්ම කේන්ස් විසින් ප‍්‍රකාශ කරන ලද අන්තර්ජාතික ව්‍යවහාරික මුදල් ඒකකයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට ඇමරිකාවේ එක`ගතාවය ද හිමි විය. නමුත් එහිදී කේන්ස් යෝජනා කරන ලද්දේ එකි අන්තර්ජාතික මුදල් ඒකකය ”බැන්කෝ” යනුවෙන් නම් කළ හැකි බවත්ය. ඒ සම්බන්ධ ඇමරිකාවේ අදහස වූයේ එය ”යුනිටාස්” යනුවෙන් නම් කළ යුතු බවයි.

මෙම කේන්සගේ යෝජනාවල් හැරුණු විට අන්තර්ජාතික ව්‍යවහාර මුදල් ක‍්‍රමයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත වයිට් විසින් ද යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. මෙම යෝජනාවද කේන්ස්ගේ යෝජනාව හා සමකාලීන වූ එකකි. මොහුගේ යෝජනා වල මූලික අරමුණු පහත පරිදි දැක්විය හැකිය.


1. ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව විනිමය අනුපාත වටිනාකම අඩු වීම වැළැක්වීම. 2. ද්වි පාර්ශවික වෙළඳ පිළිවෙළවල් නැති කිරීම. 3. විනිමය පාලනය නැති කිරීම හෝ අඩු වශයෙන් අඩු කිරීම. 4. අන්තර්ජාතික වෙළඳාම දිරි ගැන්විම. 5. අන්තර්ජාතික වෙළඳාම තුලනය කිරීමට උපකාරී වීම.

මෙකී අරමුණු ඉටු කර ගැනීම උදෙසා ඔහු විසින් ”එක්සත් සහ සමුහ රාජ්‍යවල ස්ථායිකරණ අරමුදල” නමින් අන්තර්ජාතික ආයතනයක් පිහිටුවීමට යෝජනා කරන ලදි.

මේ ආකාරයට ඉදිරිපත් වූ බි‍්‍රතාන්‍යයේ කේන්ස්ගේ හා ඇමරිකාවේ වයිට්ගේ යෝජනා අතුරින් බි‍්‍රට්න්වුඞ්ස් හිදී වැඩි පිළිගැනීමකට ලක් වූයේ වයිට්ගේ යෝජනාවන්ය. එකී යෝජනා හා අනෙක් රාජ්‍යයන්ගේ අදහස් වලට ද අනූව යමින් මෙම සමුළුව තුළ දී විධිමත් ආකාරයෙන් සැකසුණු අන්තර්ජාතික මූල්‍ය හා ආර්ථික ක‍්‍රමවේදයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් ද එවැනි ක‍්‍රමවේදයක් නියාමනය උදෙසා පිහිටුවන ආයතනික පද්ධතියක් රාජ්‍යයන්ගේ මැදිහත් වීමෙන් ගොඩනැගීම සම්බන්ධයෙන් ද සැවොම එක් වූහ.

බි‍්‍රට්න්වුඞ්ස් සමුළුවේ ප‍්‍රතිඵල[සංස්කරණය]

1. අන්තර්ජාතික මූල ක‍්‍රමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන නව අන්තර්ජාතික සංවිධාන දෙකක් බිහි වීම.

1.1 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (Internatinal Monetary Fund - IMF) පශ්චාත් දෙවන ලෝක යුද සමයේ ජාත්‍යන්තර මූල්‍ය ක‍්‍රමය හැසිරවීම සඳහා නිදහස් ආර්ථික තන්ත‍්‍රයක් වශයෙන් ක‍්‍රියාත්මක වීම සඳහා මෙම ආයතනය ඇති කරන ලදි. මෙකී ආයතනය හරහා මූලික අභිලාෂයන් දෙකක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු විය. එනම්,

                             1.	ජාත්‍යන්තර මූල්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් ද්‍රවශීලතාවයක් ඇති කිරීම.
                             2.	ජාත්‍යන්තර මූල්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ප‍්‍රමාණවත් යාන්ත‍්‍රණයක් ඇති කිරීම.

ඒ අනූව මෙමගින් බලාපොරොත්තු වූයේ කෙටිකාලීන ගෙවුම් ශේෂ හි`ගයන්ට මුහුණ දුන් රටවල් විසින් ආනයන සීමා කිරීම, වෙළඳාම සම්බන්ධයෙන් සීමා පැනවීම වැනි ජාතික මට්ටමේ පියවර ගැනීම් වැළැක්වීමයි. එනම් ආර්ථික ජාතිවාදය නැවත ඇති නොවීමට කරුණු සකස් කිරීමයි.

1.2 ප‍්‍රතිසංස්කරණය සහ සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික බැංකුව (ලෝක බැංකුව) (Internatinal Bank for Reconstruction and Development - IBRD) යුද්ධයෙන් විනාශ වූ යුරෝපා ආර්ථිකය පිළිසකර කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන සැලසීමේ වගකීම පැවරීම උදෙසා මෙම ආයතනය පිහිටවනු ලැබීය.

2. වෙළඳාම හා තීරු බදු පිළිබඳ පොදු එක`ගතාවය :ඨැබැර්ක ්ටරුැපැබඑ දබ ඔ්රසෙෙි ්බා ඔර්ාැ - ඨ්ඔඔ* ඇති කර ගැනීම. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන් බි‍්‍රට්න්වුඞ්ස් සමුළුවේ සෘජු ප‍්‍රථිපලයක් ලෙස මෙය බිහි නොවුන ද මෙය ද බොහෝ දුරට බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමයට සම්බන්ධවූවක් ලෙස සැළකිය හැකිය. මන්ද යත් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ඨ්ඔඔ මගින් ද බලපොරොත්තු වූයේ එකම දෙයක් වන හෙයනි. එනම්, ලෝක ආර්ථිකය කළමනාකරණය කිරීමයි. ඒ යටතේ ඨ්ඔඔ හි ප‍්‍රධානතම කාර්ය වන්නේ අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධයෙන් වන සීමා ලිහිල් කිරීම තුළින් එහි වර්ධනයක් ඇති කිරීමයි.

3. නව විනිමය අනුපාත ක‍්‍රමයක් හඳුන්වා දීම. 1945 බි‍්‍රට්න්වුඞ්ස් සම්මුතිය යටතේ ස්ථාවර විනිමය අනුපාත ක‍්‍රමය රන් මිනුම් ක‍්‍රමයෙන් බැහැරව යොදා ගන්නා ලදි. ඒ අනූව මේ යටතේ පේළි දෙකකින් යුත් පරිවර්ත්‍ය ක‍්‍රමයක් හඳුන්වා දෙන ලදි. මෙම ක‍්‍රමය තුළ ප‍්‍රධාන ස්ථානය ගත්තේ ඇමරිකානු ඩොලරය යි. ඇමරිකානු මුදල් බලධාරීන් ඩොලරය කලින් නියම කරන ලද අචල මිළකට රන් අවුන්සයක් සම`ග පරිවර්ත්‍ය කිරීමට බැඳී සිටියහ. මෙම අචල මිළ වනුයේ ඩොලර් 35 කි. මෙම පරිවර්ත්‍යය විදේශ මධ්‍යම බැංකු වෙත පමණක් සීමා විය. ඒ නිසා පුද්ගලයින්ට තම ඩොලර් රන් වලට පරිවර්ත්‍ය කිරීමට අවශ්‍ය වූ විට ඔවුන් පුද්ගලික රන් වෙළඳ පොළට යා යුතුය. එහිදී රන් අවුන්සයකට ඩොලර් 35 ක් ලබා දිමේ සහතිකය නොතිබුණි.

මෙම දෙපේළි ක‍්‍රමයේ දෙවන පේළිය වූයේ සාමාජික රටවල ව්‍යවහාර මුදල් ස්ථාවර මිළකට ඩොලර්වලට පරිවර්ත්‍ය කිරීමට ඇමරිකානු මුදල් බලධාරීන් බැඳී සිටීමය. මෙම මිළ නිල මිල හෝ සමත්වය මිළ යනුවෙන් හඳුන්වන ලදි. මූලිකවම මෙය ද අචල මිළක් විය. මන්ද යත් එය වෙනස් වන්නේ එහි මූලික අසමතුලිතතාවයකින් පමණි.

මෙවැනි දෙපේළි පරිවර්ත්‍ය ක‍්‍රමයක් සඳහා වූ අවශ්‍යතාවය ඇති වීමට බලපෑ කරුණු දෙකකි. එනම්, විනිමය පාලනය නැති කිරීම හා ණය ගැනීම යි. මෙම නව විනිමය අනුපාතික ක‍්‍රමය බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමය, බි‍්‍රට්න්වුඞ්ස් සම්මුතිය ලෙස හැඳින්වීය.

4.	”හි`ග ව්‍යවහාර මුදල් වගන්තිය” හඳුන්වා දීම. 

බි‍්‍රතාන්‍ය යෝජනාවක් වූ මෙකී වගන්තිය සඳහා ඇමරිකාව ඇතුළු සියලූ ජාතීහු එක`ග වූහ. මෙම වගන්තිය අනූව යම් රටක් වෙනත් රටක් සම`ග කරන වෙළඳාම තුළින් විශාල හි`ගයක් ලබා ඇත්තේ නම් එම හි`ගය ලද රටට අනික් රටින් ආයාත කිරීම් සීමා කිරීමට අවසර හිමි විය. මේ අනූව මෙවැනි හි`ගයක් ඇති වූ විට එය සාපේක්‍ෂව හරිගැස්වීමේ වගකීම හි`ගය ඇති රටට මෙන්ම අතිරික්තය ඉපැයූ රටට ද පැවරිණි.

මීට අමතරව මෙම සමුළුව තුළ දී අන්තර්ජාතික වෙළඳ සංවිධානය පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ ද ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලබාගැනීමට නොහැකි විය. ඒ අනූව වෙළඳාම, මුදල් සහ මූල්‍ය සම්බන්ධතා වලට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල :ෂඵත්‍*ල ලෝක බැංකුව හා වෙළඳාම හා තීරු බදු පිළිබඳ පොදු එක`ගතාවය :ඨ්ඔඔ* යන අන්තර්ජාතික සංවිධාන තුනෙන් සමන්විත ව්‍යුහය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වු අන්තර්ජාතික ආර්ථික සබඳතා ක‍්‍රමයෙහි ප‍්‍රධාන කුළුණු තුන විය. මේ හැරණු විට බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමය යුරෝපා ආර්ථික සහයෝගිතා සංවිධානය, හිලව් කිරීම සඳහා අන්තර්ජාතික බැංකුව සහ වෙළඳාම සහ සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ කොමිසම වැනි අන්තර්ජාතික ගිවිසුම් සහ එම ආයතන වල උපදෙස් වලින් ද සමන්විත වන්නේය. කෙසේ වෙතත් නව ගෝලීය ව්‍යවහාර අරමුදලක් පිළිබඳ වූ කේන්ස් ගේ හා වයිට්ගේ අරමුණ ඒ අයුරින්ම ඉටු කර ගැනීමට මෙහිදී නොහැකි විය. ඒ වෙනුවට අන්තර්ජාතික මුල්‍ය අරමුදල පිහිටුවීමෙන් තමන්ට වුවමනා වූ බොහෝ දේ සාක්ක්‍ෂාත් කර ගැනීමට කේන්ස් හා වයිට් සමත් වූහ. විශේෂයෙන්ම මෙකී සමුළුවේදී කේන්ස් හා වයිට් දෙදෙනා විසින් ගත් තීරණ මත 1945 දී බි‍්‍රතාන්‍යයට පිරිනැමුණු එක්සත් ජනපද ඩොලර් බිලියන 3.75 ක ඇමරිකානු ණය මුදලත්, මාෂල් සැලැස්ම යටතේ යුරෝපයට ලැබුණු එක්සත් ජනපද ඩොලර් බිලියන 13 ත් 1949 දී ස්ටර්ලිං පවුම සියයට 30 කින් අවප‍්‍රමාණය කිරීමත් නිසා යුද්ධයෙන් වැනසුණු යුරෝපය පිබිදුනු බව බොහෝ අර්ථශාස්ත‍්‍රඥයින්ගේ මතයයි.

බි‍්‍රට්න්වුඞ්ස් සම්මුතිය බිඳ වැටීම හා ඒ සඳහා බලපෑ සාධක[සංස්කරණය]

1947 මාර්තු මාසයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යයන් පටන් ගැනීමත් සම`ගම බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමයේ ආරම්භය සනිටුහන් විය. මෙම ක‍්‍රමය යටතේ පෙර පැවති රන් මිනුම් ක‍්‍රමය තරම් දැඩි නොවුවත් ස්ථාවර විනිමය අනුපාතික ක‍්‍රමයක් ක‍්‍රියාත්මක විය. විශේෂයෙන්ම එහිදී ඩොලරය හා රන් අතර නියමිත අගයක (රන් අවන්සයක් = ඩොලර් 1* පරිවර්ත්‍යභාවයක් පවත්වා ගන්නා ලදි. එහෙත් පසුකාලීනව ඇති වූ විවිධ හේතු මත මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට නොහැකි විය.

බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමය මුහුණ දුන් බරපතලම ප‍්‍රශ්නයක් වූයේ එක්සත් ජනපද ඩොලරයේ අගය පිළිබඳ අස්ථාවරභාවයයි. මීට තුඩු දුන් සාධක කිහිපයක් විය. මූලිකව ලෝක ආර්ථික කටයුතු වල තුලනයේ වෙනසක් ඇති වී තිබුණි. දෙවන ලෝක යුද්ධ අවසානයේ ඇමරිකා එක්සත් ජනපදය ලෝක වෙළඳාමේ අනගිභවනීය වූ අතර ඩොලරය ඉතා ශක්තිමත් විය. එක්සත් ජනපද ගෙවුම් ශේෂ අතිරික්ත මගින් රැුස් වූ රන් හා ඩොලර් තොගය අති මහත් විය. මෙකළ ජපානය හා ජර්මනිය යුද්ධයෙන් විනාශ වූ රටවල් විය. එහෙත් නොබෝ කලකින් මෙම රටවල් දියුණු වූ අතර ගෙවුම් ශේෂ අතිරික්ත මගින් විදේශ වත්කම් බෙහෙවින් වර්ධනය විය. මේ අතර 1960 දශකයේ දී එක්සත් ජනපදයේ ගෙවුම් ශේෂ හි`ග ඇති විය. මේ අනූව ලෝකයේ ආර්ථික බලයේ

සාපේක්‍ෂ වෙනස්කම් 1970 වන විට ඇති වී තිබුණි. මේ වෙනස්කම් වලට සරිලන පරිදි ජපන් යෙන්, හා ජර්මන් මාර්ක් ප‍්‍රතිප‍්‍රමාණය කිරීම හෝ ඩොලර් හා පවුම් අවප‍්‍රමාණය කිරීම සිදු වූයේ නැත.

මේ අතර උද්ධමනය නිසා රන් මිල තත්ත්වානුකූල නොවීය. 1947 පැවති මිළ මට්ටම 1970 වන විට බෙහෙවින් වෙනස් වී තිබුණි. එහෙත් රන් අවුන්සයක මිළ ඩොලර් 35 ක් ලෙස එම මට්ටමේම පැවතිණි. මෙය රන් මිල අවතක්සේරු කිරීමක් විය.

එක්සත් ජනපද ගෙවුම් ශේෂ හි`ග නිසා විදේශ විනිමය වෙළෙඳපොළවල ඩොලර් විශාල ප‍්‍රමාණයක් සංචලනය විය. එම ඩොලර් රන් මිළ වැඩි වීම පිළිබඳ සමපේක්‍ෂණය සඳහා යොදා ගත හැකිවීම ඒ පිළිබඳ පීඩනයක් ඇති වීමට බලපෑ ප‍්‍රධාන හේතුව විය.

මේ තත්ත්වයන් මත දශකයක පමණ කාලයක් තිස්සේ ඩොලරයේ හා පවුමේ අවප‍්‍රමාණයක් අපේක්‍ෂා කළද එය සිදු නොවුණි. අවසානයේදී 1967 දී බි‍්‍රතාන්‍ය රන් පවුම 14.3% අවප‍්‍රමාණය කිරීමෙන් පසු ඩොලරයද අවප‍්‍රමාණය කෙරෙනු ඇතැයි යන සමපේක්‍ෂණය තහවුරු විය.

1967 දී අන්තර්ජාතික ද්‍රවශීලතාවය ඇති කිරීමට මුල් වරට අන්තර්ජාතික ගෙවීම් ක‍්‍රමයක් ලෙස විශේෂ හැර ගැනීමේ හිමිකම (Special Drawing Rights - SDR) නිකුත් කිරීමට තීරණය විය. 1970 දී මෙම විශේෂ හැර ගැනීමේ හිමිකම ඩොලරයට හා ඒ මගින් රන් හා සම්බන්ධ විය. එහෙයින් මෙම විශේෂ හැර ගැනීමේ හිමිකම රන් කඩදාසි ලෙසද හැඳන්විණි.

මෙම තත්ත්වයන් හමුවේ වුව ද 1971 වර්ෂයේ මාර්තු මාසය වන විටත් එක්සත් ජනපද ගෙවුම් ශේෂයේ පැවති අඛණ්ඩ විශාල හි`ගය ද්‍රවශීල ප‍්‍රාග්ධනයේ ගලා යාමට තුඩු දුන්නේය. ඒ අතර තුර යුරෝපයේ සමහර කුඩා රාජ්‍ය වල මහ බැංකු එ්වායේ ඩොලර් අරමුදල් කොටසක් රන් සඳහා හුවමාරු කර ගැනීමට උත්සහ කරන ලදි. එහිදී එක්සත් ජනපද පෙඩරල් බැංකුව විසින් ඩොලර් රන් පරිවර්ත්‍යභාවය අත්හිටු වීමට තීරණය කරන ලදි. ඊට අමතරව 10% අතිරේක ආනයන බද්දක්ද පැනවීමට කටයුතු කළේය. එසේ නොවුනේනම් නියත වශයෙන්ම එක්සත් ජනපදය සතු රන් සංචිත සිඳී යාමේ අවදානමක් තිබුණි. ඒ අනුව මේ හරහා බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමයේ මූලික අංගයක් ලෙස පැවති රන් - ඩොලර් පරිවර්ත්‍යතා මූලධර්මය බිඳී ගියේය. ඉන් පසුව 1971 අගෝස්තු මාසයේ 15 වන දින ඇමරිකානු ජනාධිපති රිචඞ් නික්සන් විසින් 1944 දී ආරම්භ කරන ලද ඇමරිකානු ඩොලරය රන් වලට සහ වෙනත් වත්කම් වලට පරිවර්තනය කිරීම නැවතීම නිල වශයෙන් දන්වා සිටින ලදි. මේ හරහා වර්ෂ 25 ක් පමණ සාර්ථකව ක‍්‍රියාත්මක වූ අන්තර්ජාතික මුල්‍ය ක‍්‍රමය වූ බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමය අවසාන වන ලදි.

බි‍්‍රට්න්වඩුස් සම්මුතිය බිඳ වැටීමෙන් පසු සමයේ අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය[සංස්කරණය]

1971 අගෝස්තු මාසයේ දී බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමය බිඳ වැටීමෙන් පසු අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් වන නව ක‍්‍රමයක් වශයෙන් 1971 දෙසැම්බර් මාසයේ දී ස්මිත්සෝනියන් සම්මුතිය ඇති කර ගන්නා ලදි. මෙකී සම්මුතිය මගින් ඩොලරය අවප‍්‍රමාණය කිරීමෙන් නිල රන් මිල ඉහළ දමන ලදි. ඒ අනූව ඩොලරයේ අගය ග‍්‍රෑම් 0.888671 සිට ග‍්‍රෑම් 0.818573 දක්වා පහත වැටුණු අතර රන් අවුන්සයක මිළ ඩොලර් 35 සිට ඩොලර් 38 දක්වා වැඩි විය. මීට සමගාමීව ජපන් යෙන් හා ජර්මන් මාර්ක් ප‍්‍රතිප‍්‍රමාණය කරන ලදි.

ඊට අමතරව බි‍්‍රට්න්වුඞ්ස් සම්මුතිය තුළ දී පැවති විනිමය අනුපාතිකය 1% සීමාව වෙනුවට 2.25% දක්වා නියමිත අගය ඉක්මවා ඉහළ හෝ පහළ දැමීමට ඉඩ දෙනු ලැබීය. එසේම බි‍්‍රට්න්වුඞ්ස් සම්මුතිය අවසාන කරමින් එක්සත් ජනපදය විසින් පනවන ලද 10% අතිරේක ආනයන බද්ද අවලංගු කිරීම ද ස්මිත්සෝනියන් සම්මුතිය යටතේ සිදු විය. නමුත් ඩොලරයේ පරිවර්ත්‍යතාවය නැවත ඇති නොකරන ලදි.

කෙසේ වෙතත් මෙකී ස්මිත්සෝනියන් සම්මුතිය මගින් ඉඩදෙන ලද විනිමය අනුපාත උච්චාවචන ප‍්‍රතිශතය පිළිබඳ යුරෝපීය ආර්ථික හවුලේ රටවල එක`ගතාවයක් නොපැවතිණි. ඒ හේතුවෙන් 1972 අපේ‍්‍රල් මාසයේදී යුරෝපා හවුලේ රටවල් අතර විනිමය අනුපාතික උච්චාවචනය ඉන් අඩකඩ සීමා කිරීමට තිීරණය විය. අනතුරුව 1972 ජූලි මස දී බි‍්‍රතාන්‍ය විසින් පවුම පා වීමට ඉඩ හරින ලදි. ඒ වන විට ද ඇමරිකාවේ පැවතියේ ගෙවුම් ශේෂ හි`ගයකි. මෙම තත්ත්වය මත 1973 පෙබරවාරි වන විට ප‍්‍රබල සමපේක්‍ෂණයකට ම`ග පෑදු අතර ඒ හරහා රන් මිළ ඩොලර් 42.22 දක්වා ඉහළ දැමීමෙන් ඩොලරය තව දුරටත් අවප‍්‍රමාණය කරන ලදි. එහෙත් 1973 මාර්තු මාසයේදී මෙකී සමපේක්‍ෂණ පීඩනය දැඩි වීම නිසා නිල මැදිහත්වීම් වලට පමණක් ඉඩ හැර විනිමය අනුපාත වලට පා වීමට ඉඩ හරින ලදි. මේ ආකාරයට 1971 දී බි‍්‍රට්න්වුඞ්ස් ක‍්‍රමය බිඳ වැටීමෙන් පසු වඩා ස්ථාවර විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීමට දරන ලද සියලූ උත්සාහයන් 1973 වන විට අසාර්ථක විය.

මේ හේතුවෙන් 1970 ගණන් මුල් කාලයේ සිට බිඳ වැටී තිබුණු අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා ඉදිරිපත් වූ යම් යම් යෝජනා සැලකිල්ලට ගනිමින් 1976 දී ජැමෙයිකාවේදී පවත්වන ලද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව මගින් අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් වන වැදගත් තීරණ කිහිපයක් ගන්නා ලදි. එහිදී ප‍්‍රධාන වශයෙන්ම මෙම සමුළුවේ දී මූල්‍ය අරමුදලේ සලාකය වැඩි කිරීම, විනිමය අනුපාතික ක‍්‍රමය, රන් පිළිබඳ පැවති තත්ත්වය, භාරකාර අරමුදලක් පිහිටුවීම, විශේෂ හැර ගැනීමේ හිමිකම (SDR) ආදිය පිළිබඳ සැළකිල්ලට ගන්නා ලදි. ඒ අනූව 1978 අපේ‍්‍රල් මාසයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මුල්‍ය අරමුදලේ දෙවන සංශෝධනය ක‍්‍රියාත්මක කරන ලදි. ඒ යටතේ එතෙක් පැවති අන්තර්ජාතික මූල්‍ය ක‍්‍රමයේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

1. පේ‍්‍රමතිලක එ්, විදේශ වෙළඳ න්‍යාය, විනිමය වෙළෙඳ පොල හා ගෙවුම් ශේෂය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන, 2001

2. නානායක්කාර එන්. ඞී., අන්තර්ජාතික මුදල් ක‍්‍රමය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන, 2002

3. කරුණාදාස ඩබ්. එම්. ජාත්‍යන්තර ආර්ථික සබඳතා, ඉමේජ් ලංකා ප‍්‍රකාශකයෝ, දෙහිවල, 1999

4. සෙනෙවිරත්න සී. ලෝක සංවිධාන, ගුණසේන සහ සමාගම, කොළඹ, 1995

5. සවුත්ගේට් ජේ. ඩබ්. සංක්‍ෂිප්ත යුරෝපා ඉතිහාසය, ගුණසේන සහ සමාගම, කොළඹ, 1987

6. හෙට්ටිආරච්චි යූ. ජාත්‍යන්තර මූල්‍ය ආර්ථික විද්‍යාව, පුබුදු ප‍්‍රකාශකයෝ, මාකොළ, 1997

7. චන්ද්‍රසිරි ඩබ්.බ්‍රෙට්න් වුඞ්ස් කතාව ලිපිය, සටහන, ශ‍්‍රී ලංකා මහ බැංකුව, 2011 මැයි - ජුනි

8. Retrived Septembe 24,2012 http://en.wikipedia.org/wiki/Fixed

ශ‍්‍රී ලංකාවේ බැදුම්කර වෙළදපොළ[සංස්කරණය]

ප‍්‍රවේශය[සංස්කරණය]

ඕනෑම රටක ආර්ථික කාර්ය සාධනයේදී රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය වශයෙන් ගැනෙන දෙඅංශයකි. නිෂ්පාදන කාර්යයේදී මේ දෙඅංශයම නියුක්ත වේ. එහෙත් රජයේ පවත්නා පොදු අරමුණු හා කාර්යයන් ඉටු කිරීමේදී පෞද්ගලික අංශය ඉදිරිපත් වීමක් සාමාන්‍යයෙන් සිදු වන්නේ නැත. එ් අනුව රජයක් තම පොදු අරමුණු ඉටු කර ගැනීමටත්, සමාජය තිරසාර සංවර්ධන ඉලක්කයන් කරා රැුගෙන යාමටත් කටයුතු කළ යුත්තේ හුදකලාවමය. මෙකී කාර්යය සඳහා අති විශාල පිරිවැයක් දැරීමට රජයකට සිදුවේ. මෙම සංවර්ධන ක‍්‍රියාදාමයන් වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් සහ එම වියදම් සපුරා ගැනීම උදෙසා සිදු කෙරෙන ආදායම් ක‍්‍රම වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණය තුළ සඳහන් වේ. නිශ්චිත කාල පරාසයක් තුළ දියත් වන රජයේ මෙම ඇස්තමේන්තු කර ඇති වියදම අපේක්‍ෂිත ආදායම් මගින් ආවරණය කර ගැනීමට නොහැකි වන විට රජයට යම් යම් මූල්‍ය අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ. මෙම තත්ත්වය අයවැය හි`ගය නම් වන අතර එම පරතරය පියවා ගැනීමට අපොහොසත් වුවහොත් රජයේ ඉලක්ක කරා යෑමට නොහැකි වෙයි. ඒ හේතුවෙන් රජය නිරායාසයෙන්ම යොමු වන්නේ ණය අංශය වෙතටයි. මෙකී ණය සැපයුම මූලාශ‍්‍ර දෙකකින් ඉටු කර ගත හැකිය. එනම්, 01. දේශීය අංශයෙන් ණය ලබා ගැනීම. 02. විදේශීය අංශයෙන් ණය ලබා ගැනීම.

01. දේශීය වශයෙන් ණය ලබා ගැනීම.[සංස්කරණය]

අයවැය පරතරයන් පියවා ගැනීම සඳහා රජය විසින් ණය ලබා ගන්නා විට රටේ අභ්‍යන්තරය තුළින් ණය ලබා ගැනීම ”දේශීය වශයෙන් ණය ලබා ගැනීම” ලෙස හඳුන්වයි. මෙහිදී බැංකු ක‍්‍රමය තුළින් හා බැංකු පද්ධතියෙන් පිටස්තර වෙළෙඳපොළෙන්ද ණය ලබා ගැනීම සිදු කරයි. මෙසේ ණය ලබා ගැනීම සඳහා දේශීය වශයෙන් භාවිතා කරන ප‍්‍රධාන මූලාශ‍්‍ර තුනකි. එනම්, 01. භාණ්ඩාගාර බිල්පත් 02. රුපියල් ණය 03. භාණ්ඩාගාර බැඳුම්කර

මෙකී ත‍්‍රිවිධාකාර වූ දේශීය ණය මූලාශ‍්‍ර අතරින් මෙකී නිබන්ධිකාව තුළ මූලික වශයෙන්ම අධ්‍යයනයට ලක් කරන්නේ ”භාණ්ඩාගාර බැඳුම්කර” පිළිබඳවය.

ඒ අනූව මෙම නිබන්ධනයේ පළමු පරිච්ෙඡ්දය තුළින් මා විසින් බැඳුම්කර වෙළඳපල පිළිබඳ හැඳින්වීමක් සිදු කර ඇත. ඒ යටතේ බැඳුම්කර වෙළඳපල හා බැඳුම්කරයක් යනු කුමක්ද? යන්න පළමුව සාකච්ඡුා කොට ඇති අතර අනතුරුව බැඳුම්කරයක වැදගත් අංග, අනෙකුත් ණය උපකරණයන් සම`ග සසඳන විට බැඳුම්කර වල පවතින සුවිශේෂ ගුණාංග යනාදිය පිළිබඳ හැදෑරීමක් සිදු කොට ඇත.

එලෙසම මෙම නිබන්ධනයේ දෙවන පරිච්ෙඡ්දය හරහා ගත වූ දස වසරක ආනුභවික තොරතුරු ඇසුරින් ශ‍්‍රී ලංකාවේ බැඳුම්කර වෙළඳපලේ නව ප‍්‍රවණතා පිළිබඳ විමර්ශනයක් සිදු කොට ඇත.

බැඳුම්කර වෙළඳ පළ හැඳින්වීම.[සංස්කරණය]

1.1 බැඳුම්කර වෙළෙඳ පළ යනු කුමක්ද?[සංස්කරණය]

බැඳුම්කර වෙළඳපල යන්න ”ණය සුරැුකුම්පත් විකුණන හා මිළදී ගන්නා ස්ථානය” වශයෙන් සරලව හැඳින්විය හැකිය. මේ තුළ ප‍්‍රධාන වශයෙන් රජය විසින් නිකුත් කරනු ලබන සුරැුකුම්පත් මෙන්ම සමාගම් විසින් නිකුත් කරනු ලබන සුරැුකුම්පත් ද ඇතුළත් වේ.

ශ‍්‍රී ලංකාව තුළ බැඳුම්කර වෙළඳපල ආරම්භය සිදුවන්නේ 1990 වර්ෂයේ දීය. ඉන් අනතුරුව ක‍්‍රියාත්මක වූ මූල්‍ය අංශ ප‍්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ 1995 වර්ෂයේ දී මූල්‍ය වෙළඳපල සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වූ නීතිමය සංශෝධන කිහිපයක් සිදු විය. ඒවානම්, 1.බැංකු පනත 2.මුදල් නීති පනත 3.දේශීය භාණ්ඩාගාර බිල්පත් පනත 4.ලියාපදිංචි කළ කොටස් හා සුරැුකුම්පත් ආඥා පනත

මෙම සංශෝධන අතරින් රජයේ සුරැුකුම්පත් හා මහ බැංකු සුරැුකුම්පත් වෙළඳපොල දියුණු කිරීමේ අදහසින් උක්ත සඳහන් 2, 3, හා 4 යන පනත් සංශෝධනයට ලක් විය. එකී සංශෝධන මත සිදුවූ ප‍්‍රධාන වෙනස්කම් දෙකකි. එනම්, 1. බැංකු නොවන ප‍්‍රාථමික වෙළඳ නියෝජිතයින්ට මහ බැංකුවේ ජංගම ගිණුම් විවෘත කිරීමේ පහසුකම් සැපයීම. 2. භාණ්ඩාගාර බැඳුම්කර නම් වූ නව උපකරණයක් නිකුත් කිරීම.

මෙසේ ආරම්භ වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපල තුළ නූතනයේ දී භාවිතයට ගනු ලබන ප‍්‍රධාන ණය උපකරණ දෙකකි. එනම්, 1. භාණ්ඩාගාර බැඳුම්කර 2. සාංගමික බැඳුම්කර

1.2 භාණ්ඩාගාර බැඳුම්කරයක් යනු කුමක්ද?[සංස්කරණය]

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ”භාණ්ඩාගාර බැඳුම්කර” නම් වූ නව ණයකරයක් 1997 මාර්තු මාසයේදී හඳුන්වා දෙන ලදි. මෙය හඳුන්වා දීමේ ප‍්‍රධාන අරමුණු වන්නේ රාජ්‍ය වියදම් සඳහා මුදල් සැපයීම හා ණය සුරැුකුම් වෙළඳපොළ සංවර්ධනය කිරීමය. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම හා සම්බන්ධ නීතිමය විධිවිධාන 1995 අංක 32 දරණ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැුකුම්පත් (සංශෝධන* පනත යටතේ අන්තර්ගත වේ. ඒ අනූව ශ‍්‍රී ලංකා රජයට සංවර්ධන ව්‍යාපාති මූල්‍යනය කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම සඳහා රජය වෙනුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ නෛතික කාර්යභාරය පැවරී ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුවටයි. ඊට හේතුව ශ‍්‍රී ලංකා රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ සියලූම වගකීම 1949 අංක 58 දරණ මුදල් නීති පනතේ 13 වැනි වගන්තිය ප‍්‍රකාරව මහ බැංකුවට පැවරී ඇති නිසාය. 1995 අංක 32 දරණ ලියාපදංචි ස්කන්ධ සහ සුරැුකුම්පත් (සංශෝධන* පනතේ 15 වැනි වගන්තියට අනූව භාණ්ඩාගාර බැඳුම්කරයක් යන්න මෙසේ නිරූපණය කළ හැකිය.

”භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කරනු ලැබූ විට ඒ බැඳුම්කරය නිකුත් කරනු ලබන්නේ යම් මුල් මුදලක් සඳහාද ඒ මුදල හා එ් මත වූ පොලිය, පනතේ අදාළ විධිවිධාන වලට හා නියමයන්ට අනුකූලව, එහි සඳහන් කරන ලද දිනයන්හිදී හෝ ඒ බැඳුම්කරය නිදහස් කර ගැනීම සඳහා එම නියමයෙන් තබා ගෙන ඇති විකල්පයක් ප‍්‍රකාර හෝ ගෙවීමට ආණ්ඩුව බැඳී සිටින උපකරණයකි.”

මේ අනූව බැඳුම්කරයක් යනු ”රජය විසින් රජයේ ඉදිරි වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය ණය අරමුදල් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් භාවිතා කරනු ලබන දිගු කාලීන ණය උපකරණයකි” යනුවෙන් හඳුන්වා දිය හැකිය.

1.3 බැඳුම්කර වර්ග[සංස්කරණය]

දිගු කාලීන ණය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිතා කරනු ලබන බැඳුම්කර ප‍්‍රධාන වශයෙන් රජය මෙන්ම සමාගම් විසින්ද නිකුත් කරනු ලබයි. ඒ අනූව බැඳුම්කර 01. භාණ්ඩාගාර බැඳුම්කර 02. සාංගමික බැඳුම්කර ලෙස කොටස් දෙකකි.

01.භාණ්ඩාගාර බැඳුම්කර[සංස්කරණය]

සංවර්ධනය සඳහා අවශ්‍ය වන්නාවූ අරමුදල් සම්පාදනය කර ගැනීම උදෙසා රජය විසින් නිකුත් කරනු ලබන දිගු කාලීන ණය උපකරණය වන්නේ භාණ්ඩාගාර බැඳුම්කරය. මෙසේ ණය ලබා ගැනීම උදෙසා රජය විසින් පසුගිය කාල සීමාව තුළ හඳුන්වා දුන් විශේෂ භාණ්ඩාගාර බැඳුම්කර වර්ග දෙකකි. එනම්, 01. ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරය 02. ශ‍්‍රී ලංකා ජාතිය ගොඩනැගීමේ බැඳුම්කරය

01.ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර[සංස්කරණය]

ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යනු ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය විසින් 1957 අංක 29 දරණ විදේශ ණය පනතේ විධිවිධානයන්ට අනුකූලව නිකුත් කරන ලද ණය උපකරණයකි. මේවා විදේශ මූලාශ‍්‍රයන්ගෙන් අරමුදල් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරනු ලබයි.

අතීතයේ සාර්ථක ලෙස විදේශ අරමුදල් රැුස් කර ගැනීමෙන් ගොඩනගාගත් පිළිගැනීමත් වර්තමානයේ අන්තර්ජාතක පොලී අනුපාතයන් පහළ මට්ටමක පැවතීමත් මත ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමටත් ඒවා අනේවාසික ශ‍්‍රී ලාංකිකයින් සහ අනෙකුත් විදේශීය ආයෝජකයින් අතර විකිණීමටක් අපේක්‍ෂා කෙරේ. එහි මූලික නිකුතුව මගින් වසර 2 ක කාලවකවානුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් වටිනා බැඳුම්කර නිකුත් කරන ලදි.

පහත දැක්වෙන කාණ්ඩයන්ට අයත් ආයෝජකයෝ ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිළ දී ගැනීමට සුදුස්සෝ වෙති. x ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව 1953 අංක 24 දරණ විනිමය පාලන පනත යටතේ ලැබී ඇති අවසරය මත පත්කරනු ලබන බලයලත් අලෙවිකරුවන් x 1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත හා 1937 අංක 7 දරණ ලියාපදිංචි ව්‍යාපාර ස්කන්ධ හා සුරැුකුම් ආඥා පනත යටතේ මහ බැංකුව විසින් පත් කරන ප‍්‍රාථමික අලෙවිකරුවන් x ශ‍්‍රී ලංකාවේ හෝ ඉන් පිටත හෝ පදිංචිව සිටින ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය ලත් විදේශිකයින් x ශ‍්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන ශ‍්‍රී ලාංකිකයින් x ශ‍්‍රී ලංකාවෙන් පිටත රැුකියා හෝ ව්‍යාපාර වල නිරත වී සිටින ලාංකිකයින් x ද්විත්ව පුරවැසිභාවය ලත් ශ‍්‍රී ලාංකිකයින් හෝ විදේශිකයින් හා ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් ගත සමාගම් වල ආයෝජනය කරන ආයෝජකයන්ටය.

ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වල වටිනාකම් නිර්ණායකය වන්නේ ඇමෙරිකානු ඩොලර්ය. සංවර්ධන බැඳුම්කරවල ආපසු ගෙවීම් රජය විසින් සහතික වන බැවින් එ්වා නැවත මුදල් කර ගැනීමේ අවදානමක් නොමැත. වෙළඳපොළ වර්ධනය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද නියෝජිතයින් වෙතින් සුදුසුකම් ලද ආයෝජකයින්ට මෙම බැඳුම්කර මිළදී ගත හැකිය. මෙම නියෝජිතයින් ආයෝජකයින්ගෙන් ලබා ගන්නා අරමුදල් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ”රාජ්‍ය ණය ඇමෙරිකානු ඩොලර් දායක මුදල්” ගිණුමට බැර කරනු ඇත. ඉන් පසුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් මෙම මුදල් ශ‍්‍රී ලංකා රුපියල් ලෙසින් රජයට බැර කරනු ලැබේ.

මෙහි කල්පිරීමේ කාලය වසර දෙකක් ලෙස සඳහන් වුවද කල් පිරීමේ කාලය සම්පූර්ණ වීමට පෙර ඒවා මුදල් කර ගැනීමට අවශ්‍ය නම් නිකුත් කළ දිනයේ සිට වසරකට පසු එසේ කිරීමට හැකිවන විකල්පයක් (ඡුමඑ ධචඑසදබ* ද සංවර්ධන බැඳුම්කර අළලා පවතී. මෙහි ආයෝජනය කළ හැකි අවම මුදල් ඇමරිකානු ඩොලර් 100,000 කි. එමෙන්ම එම මුදල් තවත් වැඩි කළ හැක්කේ ඩොලර් 10,000 අගයන් මගින් පමණි. මේ සඳහා අදාළ පොලී අනුපාතය ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට සමගාමීව සිදු කෙරෙන අතර අර්ධ වාර්ෂිකව පොලී ගෙවීම සිදුවේ. අදාළ වසරේ මාර්තු 16 වන දින හා සැප්තැම්බර් 16 දිනවලදී පොලී හා කල් පිරීම් සඳහා කරනු ලබන ගෙවීම් සිදු කිරීමට නියමිත දිනයි. ගෙවීම් සිදු කරනු ලබන බලයලත් නියොජිතයා වනනේ ලංකා බැංකුවයි. මෙම බැඳුම්කර තුළ කරන ආයෝජනය මගින් උපයන පොලී ආදායම කිසිම ආකාරයකට සෘජු හෝ වක‍්‍ර බද්දකට යටත් නොවේ.

එසේම සංවර්ධන බැඳුම්කර පිටසන් කිරීමෙන්, භාරදීමෙන් හා ලියාපදිංචි කිරීමෙන් පැවරිය හැකිය. මෙම පැවරීම සඳහා අවශ්‍ය වන පැවරීමේ අයදුම් පත් මහ බැංකුව විසින් පත් කරන ලද නියෝජිතයින්ගෙන් ලබා ගත හැකිය. අදාළ පැවරීම පොලී හෝ මුදල් ගෙවීම හෝ යන කවර හෝ ගෙවීමකට දින 30 කට පෙර රාජ්‍ය ණය අධිකාරී වෙත ලියාපදිංචි කළ යුතුය. මෙසේ කිරීමට හේතුව බැඳුම්කරයේ නිවැරදි අයිතිකරු වෙතම ගෙවීම් සිදුවන බවට මහ බැංකුවට සහතික වීමට අවශ්‍ය වන නිසාය. තවද මෙහි සුදුසුකම් ලද පුද්ගලයන් දෙදෙනෙකුට වුවද ආයෝජනය කළ හැකිය. බැඳුම්කරයේ මුලින් නම සඳහන් වන පුද්ගලයාට මුල් මුදල් හා පොලී ගෙවීම් සිදු කෙරෙන අතර ඔහුගේ මරණය සිදුවුවහොත් එයින් පසුව නම සඳහන් පුද්ගලයාට එම ගෙවීම් කරනු ලැබේ. මෙය රටේ සංවර්ධනයම ඉලක්ක කර ගත් ණය උපකරණයක් බවද කිව යුතුය.

02.ශ‍්‍රී ලංකා ජාතිය ගොඩනැගීමේ බැඳුම්කරය[සංස්කරණය]

1957 අංක 29 දරණ විදේශ ණය පනතේ විධිවිදානයන්ට අනුකූලව රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන දීර්ඝකාලීන දැවැන්ත ව්‍යාපෘති සඳහා ප‍්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමේ අරමුණින් 2006 පෙබරවාරි මස 03 වැනි දින සිට ක‍්‍රියාත්මක වන පරිදි නවතම ණය උපකරණයක් ලෙස ශ‍්‍රී ලංකා ජාතිය ගොඩනැගීමේ බැඳුම්කරය හඳුන්වා දෙන ලදි.

මෙම බැඳුම්කර නිකුත්කිරීමේ ප‍්‍රධානතම අරමුණ වන්නේ නිර්නේවාසික ශ‍්‍රී ලාංකිකයන්ට අවදානම් රහිත සවිමත් අයෝජන අවස්ථාවක් හිමි කර දීමයි. එමෙන්ම ඒ මගින් ඔවුන්ට යළි ජාතිය ගොඩනැගීමේ කර්තව්‍ය සඳහා සඵල හා සෘජු ලෙස දායක වීමට අවස්ථාවක් සලසා දීමට ද බලාපොරොත්තු වේ. මෙම ජාතිය ගොඩනැගීමේ බැඳුම්කරය මගින් ඒකරාශී කරන සියලූම අරමුදල් රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොමු කරනු ලැබේ.

මෙම බැඳුම්කරයේ ආයෝජනය කිරීමට සුදුසුකම් ලබන ආයෝජකයින් පහත පරිදි වේ.

x විදේශයන් හී ස්ථීර පදිංචිය ලබා සිටින ශ‍්‍රී ලාංකිකයෙක් වීම. x ශ‍්‍රී ලංකාවෙන් පිටත රැුකියා හෝ ව්‍යාපාර වල නිරත වී සිටින ලාංකිකයින් x ද්විත්ව පුරවැසිභාවය ලත් ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු වීම. x ශ‍්‍රී ලංකාවේ හෝ විදේශයන් හී ජීවත් වෙමින් විදේශීය මුදලින් ආදායම් උපයන ශ‍්‍රී ලාංකික වෘත්තිකයෙක් හෝ වෘත්තිකයන් වීම. x විශ්වසනීයත්වය පදනම් කරගෙන ඉහතින් දැක්වූ සුදුසුකම් සපුරන පුද්ගලයින් වෙනුවෙන් කටයුතු කරන බැංකුවක් වීම.

උක්ත සඳහන් සුදුසුකම් සපුරාලන ආයෝජකයින් විසින් එකී සුදුසුකම් තහවුරු කර මෙම බැඳුම්කරයෙහි ආයෝජනය කිරීම සඳහා පහත සඳහන් ලියකියවිලි ද ඉදිරිපත් කළ යුතුය. 1. විදේශ ගමන් බලපත‍්‍රයෙහි ඡුායා රූපය හා එය දරන්නාගේ විස්තර දැක්වෙන පිටුවල ඡුායා පිටපත් 2. දෙරටේ දී පාවිච්චි කරන ලද නම් වෙනස් වූයේ නම් උප්පැන්න සහතිකයේ ඡුායා පිටපතක් 3. විදේශ විනිමය උපයන ශ‍්‍රී ලාංකික වෘත්තිකයෙක් නම් මුදල් ඉපැයීම තහවුරු කෙරෙන ලිපි ලේඛණ

මෙම බැඳුම්කර කල්පිරෙන්නේ වසර පහකිනි. එමෙන්ම මෙම බැඳුම්කර සඳහා අයෝජන කළ හැක්කේ මුදල් වර්ග තුනකින් පමණක් වීම ද විශේෂත්වයකි. එනම්, එක්සත් ජනපද ඩොලර්, ස්ටර්ලිං පවුම් හා යුරෝ මුදල්ය. බැඳුම්කර නිකුත් කරනු ලැබූ දින සිට පරිණත වන දිනය දක්වා පොලිය අර්ධ වාර්ෂිකව ගෙවනු ලැබේ. මේ සඳහා ගෙවිය යුතු පොලී අනුපාතිය ගණනය කරනු ලබන්නේ ලෝකයේ අනෙකුත් රටවල පිළිගත් පොලී අනුපාතයන්ට සමපාත වන ලෙසිනි. තවද පොලී ගෙවීම් හා පරිණත වීමේ දී ලැබෙන ගෙවීම් ආයෝජකයාගේ අභිමතය පරිදි තම තමන් ආයෝජනය කළහැකි විදේශ මුදල් වර්ගයෙන් හෝ ශ‍්‍රී ලංකා රුපියල්වලින් නියමිත දිනයන් වලදී ලබා ගත හැකිය. මෙහි සියලූම ආදායම් බද්දෙන් නිදහස් කොට ඇත. නමුත් මෙහි ආයෝජනය කරන්නා ශ‍්‍රී ලංකාවේ නේවාසිකයෙක් වන්නේ නම් ඔහු හෝ ඇය ශ‍්‍රී ලංකාවේ ආදායම් බදු නීති රීති වලට අනිවාර්යයෙන්ම යටත් වේ. එහිදී එවැනි ආයෝජකයෙකු වෙනුවෙන් ලැබෙන පොලී ආදායම මත හෝ මෙම බැඳුම්කර පැවරුමකදී ලැබෙන ප‍්‍රාග්ධනය මත හෝ අය කරන ලද ආදායම් බදු ආදිය බැඳුම්කර නිකුත් කරන්නා විසින් අදාළ නේවාසික ආයෝජකයාට ආපසු ගෙවීම සඳහා බැඳී සිටී.

02. සාංගමික බැඳුම්කර[සංස්කරණය]

සාංගමික බැඳුම්කර යනු, පොලී ගෙවීමේ පදනම මත ව්‍යාපාරික සමාගම් විසින් නිකුත් කරනු ලබන මධ්‍යකාලීන හෝ දිගුකාලීන සුරැුකුම්පත් වේ. විශේෂ වත්කමක් මත පදනම් නොවී කරනු ලබන සමාගම් බැඳුම්කර ණයකර යනුවෙන් ද ව්‍යවහාර වේ.

සමාගම් බැඳුම්කර සහ ණයකර සාමාන්‍යයෙන් නිකුත් කරනු ලබන්නේ මනා ස්ථාවරත්වයක් හා ඉහළ ප‍්‍රමිතියක් ඇති මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයන්ය.

සමාගම් බැඳුම්කර වල ණය (පොලී) අනුපාතයන්හී ඇතිවන විචල්‍යතාවය ආර්ථිකයේ විශේෂයෙන් සංගමික අංශයේ ඇතිවිය හැකි අවදානම් සංඥා හඳුනාගැනීමට උපකාරී වේ. සමාගම් බැඳුම්කර වෙළඳපළෙහි ඇතිවන සංවර්ධනයන් තුන් ආකාරයකින් මූල්‍ය පද්ධති ස්ථාවරත්වයට බලපෑ හැකිය. එවානම්, 01. සමාගම් බැඳුම්කර වෙළඳපලෙහි සිදුවන වෙනස්වීම්, මූල්‍ය ආයතන වල ආයෝජන කළඹෙහි වටිනාකම වෙනස් වීමටත් බැඳුම්කර වෙළඳපල සංවර්ධන ගාස්තු හා කොමිස් වෙනස් වීමටත් බලපෑ හැකිය. 02. වෙළඳපොලෙහි මෙම මිළ වෙනස්වීම මූල්‍ය ආයතන වල ගනුදෙනු කරුවන්ගේ ආදායම් සහ වත්කම් කෙරෙහි බලපෑමට ඉඩ ඇත. 03. සමාගම් බැඳුම්කර මූල්‍ය ආයතන වල නව ප‍්‍රාග්ධනය රැුස්කිරීමේ පිරිවැය කෙරෙහි බලපෑම් කළ හැකිය.

ශ‍්‍රී ලංකා සමාගම් බැඳුම්කර වෙළඳපල ඉතා කුඩා සහ නොදියුණු බැවින් මූල්‍ය පද්ධතිය කෙරෙහි බලපැම් කළ හැකි හා ඒ තුළින් මතුවන අවදානම් සීමිතය. කෙසේ වෙතත් සාංගමික බැඳුම්කර වෙළඳපොල තුළින් ආර්ථිකයේ සම්පත් බෙදා හැරීමේ කාර්යක්‍ෂමතාවය මත බලපෑමක් ඇති වේ. දේශීය වෙළඳපලෙහි බැඳුම්කර නිකුත් කිරීමේ දී, මූල්‍ය ආයතන මෙම බැඳුම්කර නිකුත් කිරීමේ මූලිකයන් වන අතර එම ආයතන තම ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමටත් ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමටත් අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා බැඳුම්කර, විශේෂයෙන්ම ණයකර නිකුත් කිරීම කරනු ලබයි.

1.4 බැඳුම්කරයක මූලික ලක්‍ෂණ[සංස්කරණය]

ශ‍්‍රී ලංකා මහ බැංකුව රජය වෙනුවෙන් නිකුත් කරනු ලැබූ ප‍්‍රථම භාණ්ඩාගාර බැඳුම්කරය 1997 මාර්තු මස මුල සතියේදී නිකුත් කරන ලදි. ඊට පසුව දෙසතියකට වරක් නිකුත් කළ එම බැඳුම්කර සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන පුවත් පත් නිවේදනයන්ට අනූව භාණ්ඩාගාර බැඳුම්කරයක හඳුනාගත හැකි ලක්‍ෂණ කිහිපයකි.

1. ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන්, ශ‍්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දෙසතියකට වරක් නිකුත් කරන නව ණය උපකරණයක් වීම. 2. ආරම්භයේදී මෙය හඳුන්වා දෙන ලද්දේ වසර 2 හා 4 ක සීමාව වන පරිදි මධ්‍යකාලීන ණය උපකරණයක් ලෙසය. නමුත් නූතනයේදී වසර 2, 3, 4, 5, 6, 10, 15 හා 20 යන පරිණත කාල වලින් යුතු දිගුකාලීන ණය උපකරණයක් වීම. 3. එක් වරකට නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කරවල නිකුතු වටිනාකම රුපියල් දශ ලක්‍ෂ 500 ක් පමණ වේ. එ් අනූව අයදුම් කළ යුතු අඩුම ලංසුව ද රුපියල් දස ලක්‍ෂ 5 ක් වන අතර ඊට වැඩි වන ලංසු රුපියල් දස ලක්‍ෂයේ ගුණකයන්ගෙන් යුක්ත වීම. (දස ලක්‍ෂ 6, 7, 8, ආදී වශයෙන්* 4. තර`ගකාරී ලංසු සහිත වෙන්දේසි ක‍්‍රමයක් මගින් නිකුත් කරනු ලබන අතර එ් සඳහා නියමිත ප‍්‍රාථමික අලෙවිකරුවන් සහ බලයලත් ආයතනික ආයෝජකයින්ට පමණක් අයදුම් කළ හැකිය. එ් අනූව මහජනතාවට තමන්ට අවශ්‍ය බැඳුම්කර ප‍්‍රාථමික නියෝජිතයින්ගේන් මිළ දී ගත යුතු වේ. 5. අර්ධ වාර්ෂිකව ගෙවන වාර්ෂික කූපන් පොලී අනුපාතයන් දක්වා ඇති අතර එම පොලියට අමතරව කල් පිරීමේදී නාමික අගය ද ගෙවනු ලබයි. මෙකී සියලු ගෙවීම් අදාළ නියමිත දින වලදී මහ බැංකුව විසින් සිදු කරනු ලබයි. 6. සියලූම බැඳුම්කර, මුද්දර බද්දෙන් නිදහස් කර ඇති අතර භාණ්ඩාගාර බැඳුම්කර වැඩසටහන ආරම්භක කාලයේ දී පොලී ආදායම මත රැුඳවුම් බදු අය නොකළ ද වර්තමානයේ දී ප‍්‍රාථමික නිකුතුව තුළ පොලී ආදායම මත 10% රඳවා ගැනීමේ බද්දක් අය කරනු ලබයි. 7. පිටසන් කර භාර දීමන් තවත් කෙනෙකුට තමන් සතු භාණ්ඩාගාර බැඳුම්කරය පැවරිය හැකිවීම නිසා එය වෙළඳපොළේ පහසුවෙන් අලෙවි කළ හැකි ණය උපකරණයක් වීම. ඒ නිසාම සක‍්‍රීය ද්විතීය වෙළෙඳපොළක වර්ධනයට හේතු වීම. 8. භාණ්ඩාගාර බැඳුම්කර සම මිලට, අධි මිලට හෝ අව මිලට ලබා ගැනීමට හැකි වීම. (ආයෝජකයින් විසින් අපේක්‍ෂා කරන ඵලදායිතාවය මත* 9. ණය හා ප‍්‍රාග්ධන වෙළඳපලේ සංවර්ධනයට රුකුල් වන උපකරණයක් වීම. 10. වෙළඳපල විසින් නිශ්චය කරනු ලබන ඵලදාවන් අනූව නිකුත් කරනු ලැබීම. එනම්, වෙළඳපල බලවේ`ග මත පොලී අනුපාතය තීරණය වේ.

1.5 බැඳුම්කරයක වැදගත් අංග[සංස්කරණය]

බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ආයෝජකයින්ගේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය කෙරෙහි බලපානු ලබන බැඳුම්කරයක සතු වැදගත් අංග ලක්‍ෂණ කිහිපයක් පවතී. එවානම්,

01.නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය[සංස්කරණය]

රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රාජ්‍ය ආදායම් හා වෙනත් දිගුකාලීන ණය හා විදේශාධාර ප‍්‍රමාණවත් නොවන අවස්ථා වලදී රජය විසින් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර හා රුපියල් ණය යන මූල්‍ය උපකරණ භාවිතා කොට ණය ලබා ගැනීම සිදු කරයි. මෙම එක් එක් උපකරණ භාවිතා කරමින් ලබා ගත හැකි ණය ප‍්‍රමාණය කිසියම් සීමාවකට යටත්ව සිදුවේ. එ් අනූව භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ එකී සීමාව පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන අතර රුපියල් ණය හා භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබා ගන්නා ණය ප‍්‍රමාණය අදාළ වර්ෂයේ විසර්ජන පනත මගින් තීරණය කරයි.

එ් අනූව රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාවය මත විසර්ජන පනත අනූව ලබා ගන්නා එකී තීරක ණය ප‍්‍රමාණය ලබා ගැනීමට අවශ්‍ය භාණ්ඩාගාර නිකුත් කිරීම සිදුවන්නේ වෙන්දේසි ක‍්‍රමයක් මගිනි. වර්තමානය වන විට සාමාන්‍යයෙන් මසකට තුන් හෝ හතර වතාවක් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පවත්වනු ලබයි. මෙම වෙන්දේසි ක‍්‍රමය සාමාන්‍ය සමාජය තුල පවත්වන වෙන්දේසි ක‍්‍රමයෙන් බැහැර වූවකි. ඊට හේතුව මේ තුළ ටෙන්ඩර් ක‍්‍රමයක් මෙන්ම වෙන්දේසි ක‍්‍රමයක් ද මිශ‍්‍රව පැවතීමයි. රජය විසින් සෘජුවම මහජනතාවට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමක් සිදු නොවන අතර එය සිදුවන්නේ ප‍්‍රාථමික අලෙවිකරුවන් හරහාය. ඒ අනූව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක‍්‍රියාවවියට අදාළ ප‍්‍රධාන අවස්ථා දෙකක් පවතී. එනම්, 01. ප‍්‍රාථමික නිකුතුව 02. ද්විතියික වෙළඳපල

01. ප‍්‍රාථමික නිකුතුව (ප‍්‍රාථමික වෙන්දේසිය)[සංස්කරණය]

රජය විසින් ප‍්‍රාථමික අලෙවිකරුවන් වෙත භාණ්ඩාගාර නිකුත් කිරීමේ අවස්ථාව ප‍්‍රාථමික නිකුතුව හෙවත් ප‍්‍රාථමික වෙන්දේසිය යනුවෙන් හඳුන්වනු ලැබේ. ප‍්‍රාථමික අලෙවිකරුවන් යනු, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කොට ඇති රජයේ සුරැුකුම්පත් ගනුදෙනු කරනු ලබන අතරමැදියන්ය. වෙන්දේසිය සඳහා ලංසු ඉදිරිපත් කිිරීම සිදු කළ හැක්කේ මෙම ප‍්‍රාථමික අලෙවිකරුවන්ට පමණි. භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජකනය කිරීමට බලාපොරොත්තු වන වෙනත් ආයෝජකයන් වෙතොත් ඔවුන් ලියාපදිංචි වාණිජ බැංකු වලින් හෝ උක්ත සඳහන් කළ ප‍්‍රාථමික අලෙවිකරුවන් මාර්ගයෙන් තම අයදුම් පත් අදාළ වෙන්දේසිය පවත්වන දිනයේ පෙ.ව 11 ට පෙර ශ‍්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කළ යුතුය.

ප‍්‍රාථමික අලෙවිකරුවන් විසින් ඉදිරිපත් කරන ලංසුවක අවම මිළ රුපියල් මිලියන 5 ක් විය යුතු අතර ඉන් අනතුරුව ඉදිරිපත් කරනු ලබන ලංසු රුපියල් මිලියනයේ ගුණිතයන් විය යුතුය. මෙම ප‍්‍රාථමික වෙන්දේසිය සඳහා ලංසු තැබීම තර`ගකාරී පදනමක් මත සිදු වුව ද වෙන්දේසියට පූර්ණ දායකත්වය ගැනීමේ අරමුණින් සේවක අර්ථ සාධක අරමුදලට තර`ගකාරී නොවන පදනමක් මත ලංසු තැබීමට අවකාශය සලසා දෙන ලදි. ඊට හේතුව භාණ්ඩාගාර බිල්පත් වලදී මෙන් ප‍්‍රාථමික වෙන්දේසියේදී බැඳුම්කර මිළදී ගැනීමේ විධිවිදාන ශ‍්‍රී ලංකා මහ බැංකුවට හිමි නොවීමයි. එහෙයින් ප‍්‍රාථමික වෙළෙදුන් පිළිබඳ වගකීම් ප‍්‍රකාශනයේ දක්වා ඇති ආකාරයට :ීඍඡුෘ* ඔවුන්ගේ ප‍්‍රධානතම වගකීම වන්නේ ප‍්‍රාථමික වෙන්දේසියට පූර්ණ දායකත්වය සැපයීමයි. ඒ අනූව එක් එක් ප‍්‍රාථමික අලෙවිකරුවන්ට මහ බැංකුව විසින් ඉදිරිපත් කර ඇති පොලී අනුපාතය පදනම් කරගෙන අව මිළට, සම මිළට හෝ අධි මිළට භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලුම් කළ හැකිය. මෙකී ලංසු මහ බැංකුව විසින් පිළිගනු ලබන්නේ අවරෝහණ ක‍්‍රමයකටය. එනම් වෙන්දේසියට ඉදිරිපත් විී ඇති උපරිම ලංසුවේ සිට තමන්ට අවශ්‍ය ණය අරමුදල් ප‍්‍රමාණය ආවරණය වන ලංසුව දක්වා වූ ලංසුන් පමණක් පිළිගනී. ඒ අනූව පිළිගනු ලබන ලංසු වලට ලැබෙන මිළ වන්නේ එම ලංසු ඉදිරිපත් කළ මිළ වන හෙයින් එහිදී එක් එක් ආයෝජකයාට බැඳුම්කර සඳහා ගෙවීමට සිදුවන්නේ විවිධ මිළයන්ය. ඒ නිසා මෙම වෙන්දේසි ක‍්‍රමය බහු මිළ වෙන්දේසි ක‍්‍රමය යනුවෙන් හඳුන්වයි.

මෙම වෙන්දේසිය සඳහා ප‍්‍රාථමික අලෙවිකරුවන් මහ බැංකුවට පැමිණීමක් සිදු නොවන අතර ඔවුන් සම්බන්ධ කරන විද්‍යුත් පරිගණක පද්ධති ජාලය හරහා එය සිදුවේ. ඒ අනූව අදාළ ලංසු සාර්ථක වූ ප‍්‍රාථමික අලෙවිකරුවන්ට නියමිත කාලයේ සිට පැය දෙකක් ඇතුළත ඒ බව දැනුම් දෙනු ලබන අතර ඊට අමතරව වෙන්දේසියට පසු දින ප‍්‍රධාන පුවත් පත් වල ද අදාළ වෙන්දේසි ප‍්‍රථිපල පළ කරනු ලබයි. අනතුරුව අදාළ සාර්ථක ලංසු කරුවන් විසින් තම මිළදී ගැනීම් වලට අදාළ ගෙවීම් වෙන්දේසි දිනයේ සිට දින දෙකක් ඇතුළත දී සිදු කළ යුතුය.

02. ද්විතීක වෙළඳපල[සංස්කරණය]

ප‍්‍රාථමික නිකුතුවෙන් පසු ලබා ගත් බැඳුම්කර එහි ආයෝජකයින් අතර ගනුදෙනු කිරීම ද්විතිය වෙළඳපල නම් වේ. භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් ද්වීතික වෙළඳපලක් ඉස්මතු වීම සඳහා බලපාන ලද කරුණු කිහිපයකි. එනම්, x හුවමාරු කළ හැකිවීම. x පහසු මිළ ගණන් වලට ලබා ගත හැකිවීම. x අඩු අවදානම මෙකී ද්වීතිය වෙළඳපල තුළ සිදුවන ප‍්‍රධාන කාර්යයන් ද්විත්වයකි. එනම්, 1. මිළදී ගැනීම හා විකිණීම. 2. නැවත මිළදී ගැනීම සහ ප‍්‍රතිවර්තන නැවත මිළදී ගැනීම.

මින් මුලින් සඳහන් වූ කාර්යය නියම ද්විතීය වෙළඳ පල ගනුදෙනු වන අතර පසුව කී එ්වා ඇතිවන්නේ ද්‍රවශීල අවශ්‍යතා වලිනි. මෙම ද්විතියික වෙළඳපල තුළ ද ගනුදෙනු කිරීම සිදු කළ හැක්කේ මහ බැංකුව විසින් අනුමත කර ඇති ආයතන මාර්ගයෙන් පමණි. බැඳුම්කරවල ආයෝජනය කිරීමට කැමති ආයෝජකයන්ට මෙම ආයතන හරහා බැඳුම්කර මිළදී ගැනීම හෝ විකිණීම සිදු කළ හැකිය.

02. කූපන් අනුපාතිකය[සංස්කරණය]

බැඳුම්කරය හෙවත් සුරැුකුම වනාහි එක්තරා ආකාරයක ගිවිසුමකි. එකී ගිවිසුමට අනුව කල් පිරෙන දිනය තෙක් සමාන කොටස් සමූහයකින් යුක්තව පොලී මුදල් ගෙවීම් කරනු ලැබේ. සමාන කාල පරිච්ෙඡ්ද මගින් ගෙවනු ලබන මෙම මුදල් කොටස ‘‘කූපන්’’ යන නමින් හඳුන්වනු ලැබේ. ඒ අනූව කූපන් බැඳුම්කර වශයෙන් ශ‍්‍රී ලංකාවේ නිකුත් කරන ලද පළමු ණය සුරැුකුම් පත වූයේ භාණ්ඩාගාර බැඳුම්කරය. මෙසේ කූපන් නොගෙවනු ලබන බැඳුම්කර ශූන්‍ය කූපන් බැඳුම්කර යනුවෙන් හඳුන්වයි. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පූර්වයෙන් නිශ්චිත කරනු ලබන මෙම කූපන් අනුපාතය වෙළඳපල පවතින පොලී අනුපාත ප‍්‍රවණතා වලට අනුකූලව අඛණ්ඩව ගැලපීම සිදු කරනු ලැබේ.

මෙම කූපන් ගෙවීම වාර්ෂිකව, අර්ධ වාර්ෂිකව, කාර්තුමය වශයෙන් සිදු කෙරේ. මුල් අවධියේදී මෙම පොලී ආදායම් ලබා ගැනීමට අදාළව පොලී කූපන් බැඳුම්කර සහතික වලටම අමුණා ලබා දුන් අතර ආයෝජකයින් විසින් හය මසකට වරක් ගෙවනු ලැබූ පොලී ප‍්‍රමාණය ලබා ගැනීම සඳහා තම බැඳුම්කර සහතික ප‍්‍රාථමික අලෙවිකරුවන්ට ඉදිරිපත් කළ යුතුය. අනතුරුව ප‍්‍රාථමික අලෙවිකරුවන් විසින් කූපන් වෙන් කොට පොලී මුදල් ලබා ගැනීම සඳහා හ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට යොමු කරන ලදි. කෙසේ නමුත් නූතනය වන විට භාණ්ඩාගාර බැඳුම්කර හරහා සිදුකෙරෙන සියලූම කටයුතු නිර්ලේඛණ සුරැුකුම් පත් ක‍්‍රමයට අනූව සිදුවන අතර ‘‘තත්කාලීන දළ පියවීම් ක‍්‍රමය’’ තුළින් සියලූම ගෙවීම් පියවීම ඉතා කාර්යක්‍ෂමව සිදුවේ.

මෙසේ සිදුකෙරෙන ගෙවීම් ප‍්‍රමාණයන් වාර්ෂිකව ගණනය කර එය බැඳුම්කරයේ මුහුණත අගයෙන් හෝ සම අගයෙන් බෙදා ප‍්‍රතිශතයක් වශයෙන් ප‍්‍රකාශ කිරීම ‘‘කූපන් අනුපාතිකය’’ නම් වේ.

03. කල් පිරීම[සංස්කරණය]

භාණ්ඩාගාර බැඳුම්කර දිගු කාලීන ණය උපකරණයක් වන අතර වසර 2, 3, 4, 5, 6, 10, 15 හා 20 යන පරිණත කාල වලින් යුතු බැඳුම්කර මේ දක්වා නිකුත් කර ඇත. ඒ අනූව භාණ්ඩාගාර බැඳුම්කරයක නිශ්චිත පරිණත දිනයක් පවතී. පරිණත දිනය යනු, බැඳුම්කරය නිකුත් කිරීමෙන් පසු එහි නාමික අගය නැවත ගෙවීමට බැඳී සිටින දිනයයි. දිගුකාලීන ණය උපකරණයක් බැවින් බැඳුම්කර මිළදී ගැනීමට ප‍්‍රාථමික වෙළෙන්දන් පොදුවේ වැඩි සැළකිල්ලක් දැක්වූ හෙයින් ඉතා ශ‍්‍රීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වී තිබේ. බැඳුම්කරයක පරිණත කාලය අරමුදල් වල අවශ්‍යතාවය මත තීරණය කරනු ලබයි.

04. මුහුණත් අගය (මුහුණත් වටිනාකම/ නාමික අගය)[සංස්කරණය]

මුහුණත අගය හෙවත් නාමික අගය යනු භාණ්ඩාගාර බැඳුම්කරයක් හෝ සාංගමික ණයකරයක් වෙනුවෙන් පරිණත කාලය අවසන් වීමේ දී එ්වා නිකුත් කරන්නන් විසින් ගෙවීමට පොරොන්දු වන මුදලයි. ඒ ඒ බැඳුම්කර වල මුහුණත අගයේ ප‍්‍රමාණය එ්වා නිකුත් කරන්නන් විසින් තීරණය කරනු ලබයි. උදා :- 2008 ඔක්තොම්බර් මස ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද සාංගමික ණයකරයේ මුහුණත වටිනාකම රු.100/= කි.

05. පැවරීම[සංස්කරණය]

භාණ්ඩාගාර බැඳුම්කර භාණ්ඩාගාර බිල්පත් මෙන් හුදු පිටසන් කිරීමෙන් තවත් කෙනෙකු අතට පත් කළ හැකිය. එසේ පැවරීමේ දී පිටපත් කරන්නාගේ පිටසන වාණිජ බැංකුවක් හෝ අනුමත ප‍්‍රාථමික වෙළෙන්දෙකු විසින් සහතික කළ යුතුය. එහෙත් රජයේ රුපියල් සුරුකුම්පත් පැවරිය හැක්කේ රාජ්‍ය ණය දෙපාර්තමේන්ුවේ එම සුරැුකුම්පත් ලේඛනයේ ලියාපදිංචි වීම තුළින් පමණි.

06. අවදානම[සංස්කරණය]

භාණ්ඩාගාර බැඳුම්කර මහ බැංකුව විසින් රජය වෙනුවෙන් නිකුත් කරන නිසා කිසිදු අවදානමක් නැත. එමනිසා මෙය ”අවදානමෙන් නිදහස් උපකරණ” ලෙස හඳුන්වයි. ඒ අනූව මෙය ආකර්ශණීය ණය උපකරණ බවට පත්ව තිබේ. කෙසේ වෙතත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් අවදානම් තත්ත්ව කිහිපයක් පවතී. එනම්, x පොලී අනුපාතික අවදානම අනාගතයේ පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර වල මිළ පහළයාමේ අවදානමයි. x ප‍්‍රති ආයෝජන අවදානම අනාගතයේ ලැබෙන පොලී මුදල් නැවත ආයෝජනය කළ හැකි පොලී අනුපාතිකය පහළ බැසීමයි. x උද්ධමන අවදානම අනාගත සත්‍ය උද්ධමනය ආයෝජනය කරන අවස්ථාවේ අපේක්‍ෂා කළ උද්ධමනයට වඩා වැවිීම හේතුවෙන් අපේක්‍ෂිත පොලී හා පරිණත අගයේ මූර්ත වටිනාකම අඩුවීම. x ද්‍රවශීලතා අවදානම භාණ්ඩාගාර බැඳුම්කර පවතින වෙළඳ මිළට ආසන්න මිළකට ඉක්මණින් විකිණීමට නොහැකිවීමේ අවදානමයි.


07. භාණ්ඩාගාර බැඳුම්කර ඵලදාවන්[සංස්කරණය]

ප‍්‍රාථමික නිකුතූන් වලදී භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදාවන් රඳා පැවතුනේ ප‍්‍රාථමික වෙළෙන්දන් විසින් ඒවා මිළදී ගනු ලැබූ මිළ ගණන් මතය. කූපන් අනුපාතය හුදෙක් හැ`ගවිමේ ඵලදාවක් පමණි. මේ නිරීක්‍ෂණය කරනු ලබනනේ කල් පිරීමේ දී ලැබෙන තථ්‍ය ඵලදාවන් පිළිබඳවය.

ප‍්‍රාථමික වෙන්දේසි වලදී වට්ටමට හෝ සම මිළට හෝ අධි මිළකට හෝ ලංසු තැබීමේ නිදහස ප‍්‍රාථමික වෙළෙන්දන් සතු විය. වෙළෙන්දන්ගෙන් වට්ටමකට ලංසු පිළිගැනෙන්නේ නම් කල් පිරීමේ දී ඵලදාව කූපන් අනුපාතයට වඩා වැඩි වනු ඇත. ලංසු සම මිළට පිළිගැනෙන අවස්ථා වලදී කල් පිරීමට ලැබෙන ඵලදාව කූපන් අනුපාතයට සමාන වනු ඇත. එසේම වෙළෙන්දන් අධි මිළට ලංසු ඉදිරිපත් කර තිබේ නම් කල් පිරීමේ දී ලැබෙන ඵලදාව කූපන් අනුපාතයට වඩා අඩු වනු ඇත.

වඩා මෑතකාලීන වෙනදේසි වලදී අධි මිලට ලංසු ඉදිරිපත් වී ඇති අතර එහි ප‍්‍රථිඵලයක් වශයෙන් කල් පිරීමේ දී ඵලදාව කූපන් අනුපාතයට වඩා සැළකි යුතු ප‍්‍රමාණයකින් අඩු වී තිබේ.

08. ප‍්‍රති විකුණුම් හා ප‍්‍රති මිළදී ගැනීම්[සංස්කරණය]

මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව විසින් භාණ්ඩාගාර බිල්පත්, බැ`දුම්කර යනාදී වශයෙන් ඇති ණය උපකරණ අලෙවි කිරීම සිදු කරන අතර ඇතැම් අවස්ථා වලදී එනම් ප‍්‍රමාණවත් දායකත්වයක් නොවන විට හෝ අවශ්‍යතාවය අනුව හෝ මහ බැංකුව විසින්ම භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සිදු කරයි. මේ ස`දහා මහ බැංකුව විවට වෙළ`දපොළ හා සම්බන්ධ වේ.

කෙසේ වෙතත් මෙසේ මිලදී ගැනීම කළ හැක්කේ භාණ්ඩාගාර බිල්පත් පමණි. ඒ හැර වෙනත් ණය උපකරණ සෘජුවම ලබාගැනීම කළ නොහැකිය. එසේ වුවද ද්විතීය වෙළ`ද පොළ තුළදී තාවකාලිකව භාණ්ඩාගාර බැ`දුම්කර මිලදී ගැනීමට මහ බැංකුවට හැකියාවක් පවතී. මේ අනුව භාණ්ඩාගාර බිල්පත් හා බැ`දුම්කර යොදා ගනිමින් ආර්ථිකයට මුදල් විදීමක් මෙන්ම ආර්ථිකයෙහි මුදල් අවශෝෂණය කර ගැනීමට මහ බැංකුවට හැකියාව ඇත. මේ අනූව මුදල් වෙළ`දපොළ තුළ ක‍්‍රියාත්මක වන විවිධ මූල්‍ය ආයතන වලට ණය මුදල් හුවමාරු කර ගැනීම ස`දහා හෝ කෙටිකාලීන අතිරික්ත ද්‍රවශීලතා පවතින විට තම ක්ෂේත‍්‍ර තුළට ණය දීමට නොහැකි නම් හෝ මහ බැංකුව කරා පැමිණීමට සිදුවේ.

ඒ අනුව ඒක්ෂණ වෙළ`දපොළේ ද්‍රවශීලතාවය හි`ග අවස්ථාවන්හි මූල්‍ය ආයතන විසින් ණය මුදල් හුවමාරු කර ගැණීම ස`දහා මහ බැංකුව කරා යොමුවීම සිදුවේ. එහිදී සිදුවන්නේ මහ බැංකුව විසින් නිකතුත් කරණු ලැබූ ණය උපකරන තාවකාලිකව නැවත මහ බැංකුවට විකිණීමයි. (එනම් එකී මූල්‍ය ආයතන සතු සුරුකුම්පත් මහ බැංකුව විසින් මිලදී ගැණීමයි.* මෙය ප‍්‍රති විකුණුම් යනුවෙන් හ`දුන්වන අතර ඊට නියම වන පොළී අනුපාතිකය ප‍්‍රති විකුණුම් පොළි අනුපාතිකය වශයෙන් හ`දුන්වයි. මෙම අනුපාතය ඒක්ෂණ ණය අනුපාතිකයට වඩා මදක් ඉහළ අගයක් ගනී.

මෙලෙසම ඒක්ෂණ වෙළ`දපොළ තුළ කෙටිකාලීන වශයෙන් අතිරික්ත ද්‍රවශීලතාවයක් පවතින විට එම අතිරික්ත ද්‍රවශීලතාවය ඒක්ෂණ වෙළ`දපොළ තුළදී ණයට දීමට නොහැකි වූ විට මහ බැංකුව කරා යොමු වීම සිදුවේ. එහිදී මහ බැංකුවේ ද්විතීක වෙළ`දපොළ හෙවත් විවට වෙළ`දපොළ ඒකකයන් භාණ්ඩාගාර බිල්පත් හෝ බැ`දුම්කර මිලදී ගැනීම සිදුවේ. මේ හරහා ආර්ථිකයේ ඇති අතිරික්ත ද්‍රවශීලතාවය උරා ගැනීමක් සිදුවේ. මෙය ප‍්‍රති මිලදී ගැනීම ලෙස හ`දුන්වන අතර ඊට අය කරන පොළී අනුපාතිකය ප‍්‍රති මිලදී ගැනීමේ පොළී අනුපාතය ලෙස හ`දුන්වයි. 1.6 බැඳුම්කරය හා බැඳුණු විකල්ප ප‍්‍රතිලාභයන් :ධඑයැර ධචඑසදබ`ි* භාණ්ඩාගාර බැඳුම්කරයක් මිළදී ගැනීමේ දී ඒ සම`ග බැඳී පවතින සුවිශේෂී වූ ප‍්‍රතිලාභයන් හා විවිධ වාසිදායක තත්ත්වයන් බැඳුම්කර හා බැඳුණු වික්ලප ප‍්‍රතිලාභ ලෙස හඳුන්වයි. මෙමගින් බැඳුම්කර වල ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින් ඊට ආකර්ෂනය කර ගැනීමක් සිදුවේ.

මෙවැනි සුවිශේෂී වශයෙන් වූ ප‍්‍රතිලාභ පවතින බැඳුම්කර සඳහා නිදසුන් අවස්ථා පහත පරිදි දැක්විය හැක.

1. ශ‍්‍රී ලංකා ජාතිය ගොඩනැගීමේ බැඳුම්කරයේ ආයෝජනය කරන ආයෝජකයෙකු බදු සහන සහිතව නවීන මෝටර් රථයක් ආනයනය කිරීමට සුදුසුකම් ලබයි. එනම් තමන් ආනයනය කරනු ලබන මෝටර් රථයේ පිරිවැය, රක්‍ෂණය හා තීරුබදු වටිනාකමේ එකතුව බැඳුම්කරවල ආයෝජනය කරන ලද මුදලේ සමස්ත වටිනාකමින් 20% ක් නොඉක්මවන්නේ නම් මෝටර් රථය ආනයනය සඳහා අදාළ වන බද්දෙන් 75% ක බදු ප‍්‍රතිශත සහනයක් ලැබේ. අදාළ බද්දෙහි ඉතිරි 25% ක බදු ප‍්‍රතිශතය ගෙවීමෙන් පසුව වාහනය ආනයනය කිරීමට සුදුසුකම් ලබයි.

2. Put Option බැඳුම්කරයෙහි කල්පිරීමේ කාලය සම්පුර්ණ වීමට පෙර එ්වා මුදල් කර ගැනීමට ඇති හැකියාව මේ නමින් හඳුන්වයි. ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සම්බන්ධයෙන් මෙය ක‍්‍රියාත්මක වේ. ඒ අනූව එහිදී සංවර්ධන බැඳුම්කරයේ පරිණත කාලය වසර දෙකක් ලෙස සඳහන් වුවද කල් පිරීමේ කාලය සම්පූර්ණ වීමට පෙර ඒවා මුදල් කර ගැනීමට අවශ්‍ය නම් නිකුත් කළ දිනයේ සිට වසරකට පසු එසේ කිරීමට හැකියාව පවතී.

ශ‍්‍රී ලංකා බැඳුම්කර වෙළඳ පළෙහි මෑත කාලීන ප‍්‍රවණතා[සංස්කරණය]

සංවර්ධනය වන ජාතීන් හට තම සංවර්ධන අරමුණු ළ`ගා කර ගැනීමට කළ යුතු රාජ්‍ය ආයෝජන කටයුතු සඳහා වර්තමානයේ රාජ්‍ය ණය නැතිවම බැරි අංගයක් බවට පත් වී ඇත. විශේෂයෙන්ම දියුණු වන ජාතීන්ගේ රාජ්‍ය ඉතිරි කිරීම් හීනවීම හෝ බොහෝ විට ඉතිරිකිරීම් නොමැති වීම නිසා අවශ්‍ය ආයෝජන කටයුතු සඳහා අරමුදල් රැුස් කර ගැනීමට දේශීය සහ විදේශීය වෙළඳපල තුළින් මුදල් ණයට ගැනීමට සිදුව ඇත. මේ අනූව දේශීය වෙළඳපල තුළ රාජ්‍ය අරමුදල් සපයන ක‍්‍රියාකාරී ණය උපකරණය වශයෙන් භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර හා රුපියල් ණය පවතී. මේ අතරින් වර්තමානය වන විට මෑතකදී හඳුන්වා දුන් භාණ්ඩාගාර බැඳුම්කර වඩත් ප‍්‍රචලිතව පවතී.

මෙසේ නව උපකරණයක් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර හඳුන්වා දීම ශ‍්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ සංවර්ධනය කෙරෙහි විවිධාකාරයෙන් වැදගත් වේ. 01. මහ බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපත්තිය මැනවින් ක‍්‍රියාත්මක කිරීමට උපකාරී වන විවිට වෙළඳපලේ කටයුතු වලට වර්තමානයේ දී යොදා ගන්නා භාණ්ඩාගාර බිල්පත් හා රුපියල් ණය අතරට අලුතින් එකතු කර ගත හැකි නව උපකරණයක් වීම. 02. ප‍්‍රාග්ධන වෙළඳපලේ සංවර්ධනය සඳහා රුකුලක් වීම. 03. රජයේ ණය සම්බන්ධයෙන් දිගු කාලීන ඵලදා වක‍්‍රයක් නිර්මාණය වීම.

මෙවැනි වැදගත්කම් වවින් සමන්විත භාණ්ඩාගාර බැඳුම්කර වැඩසටහන හරහා වෙළඳපල දිරිගන්වන සුළු ප‍්‍රවණතා ප‍්‍රදර්ශනය කර තිබුණද ආරම්භක අවධියේ දී ඒ තුළ මූලික හිර කපොලු කිහිපයක් තිබුණි.

ඉන් පළමු කාරණය වූයේ භාණ්ඩාගාර බැඳුම්කර මැදි කාලීන ණය උපකරණයක් ලෙස පමණක් භාවිතා වීමයි. එනම්, මුල් කාලයේදී නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර වල පරිණත කාලය වසර 2 - 3 අතරට සීමා විය. මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ පොලී අනුපාත ඉහළ අගයක පැවතීමයි. නමුත් මෙම ණය උපකරණය තුළින් රජයට වාසියක් ලබා ගැනීමට නම් දිගු කාලීන වශයෙන් ඉදිරිපත් කළ යුතු විය. ඊට හේතුව බොහෝ ආයෝජකයින් වාණිජ බැංකුවල ඉතිරි කිරීමේ හා කාලීන තැන්පතු වලට ලැබෙන පොලියට වඩා භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමට පෙළඹී සිටීමයි. එම තත්ත්වය අවම කිරීමට නම් හැකිතාක් දුරට කෙටි කාලීන ණය උපකරණ වල සිට මැදි හා දිගු කාලීන ණය උපකරණ දක්වා අවශ්‍ය සංවර්ධනය සිදු කළ යුතු විය. මේ තත්ත්වය තුළ රජය විසින් ක‍්‍රමයෙන් 2002 වර්ෂය පමණ වන විට වසර 5 - 6 පමණ දක්වා වූ බැඳුම්කර නිකුත් කිරීමට යොමු විය. මේ සඳහා මූලික ලෙසම, x අතිරික්ත ද්‍රවශීලතාවය x අඩුවෙමින් පැවති උද්ධමනය x වෙළඳපොල පොලී අනුපාතය ආදී කරුණු හේතු සාධක විය. අනතුරුව පැවති යහපත් ආර්ථික තත්වය තුළ භාණ්ඩාගාර බැඳුම්කර වල පරිණත කාලය වසර 10, 15, 20 යනාදී වශයෙන් දීර්ඝ කාලයක් නිකුත් කරන ලදි. මේ අනූව වර්තමානය වන විට වසර 2 සිට 20 දක්වා වූ කල් පිරීමේ කාලය සහිත දිගු කාලීන බැඳුම්කර නිකුත් කිරීම සිදුවේ.

එලෙසම ශ‍්‍රී ලංකා බැඳුම්කර සම්බන්ධයෙන් සුවිශේෂී කඩඉමක් වශයෙන් පෞද්ගලික ලැබීම් අපේක්‍ෂිත පරිදි නොලැබීම හා අනෙකුත් විදේශීය මුලාශ‍්‍ර පහසුකම් අඩු වීම යන කාරණා හේතුවෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නමින් නවතම බැඳුම්කරයක් හඳුන්වා දීම පෙන්වා දිය හැකිය. මෙම බැඳුම්කර කොටස් දෙකකින් නිකුත් කළ අතර එහි පරිණත කාලය වසර දෙකක් විය. මේ හරහා විදේශ ආයෝජන මෙරටට ඇද ගැනීමක් සිදු වූ අතර ප‍්‍රාග්ධන වෙළඳපලෙහි ශක්තිමත් භාවයට එය වඩාත් වැදගත් විය.

මීට සමගාමීව මෙම කාලසීමාව තුළ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපල දියුණු කිරීම උදෙසා විවිධ ක‍්‍රියාමාර්ග ගන්නා ලදි. ඒවා අතර පහත කරුණු ප‍්‍රධාන වේ. x රජයේ සුරැුකුම්පත් සඳහා තැන්පතුගාරයද ඇතුළත් පත‍්‍ර රහිත සුරැුකුම්පත් පද්ධතියක් ඇති කිරීමට කටයුතු කිරීම. x ප‍්‍රාථමික වෙළඳුන්ට අවශ්‍ය ප‍්‍රාග්ධනය පවත්වා ගැනීම සඳහා උපදෙස් නිකුත් කිරීම. x වෙළඳපල සහභාගීවන්නන්ට හා පොදුවේ වෙළඳපලට රජයේ සුරැුකුම්පත් වෙළඳාම සම්බන්ධයෙන් වන තොරතුරු සැපයීම වැඩි කිරීම.

ශ‍්‍රී ලංකා භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපල අළලා පවතින ප‍්‍රධාන දුර්වලතාවයක් වනුයේ වෙළඳපල සහභාගීවන්නන්ට හා ආයෝජකයින්ට ප‍්‍රමාණවත් තරම් තොරතුරු නොමැති වීමයි. එනම්, 1923 අංක 08 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත හා 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැුකුම්පත් ආඥා පනතට අනූව මුදල් ඉතිරි කරන්නට වැඩි වාසි අත් කර දෙන අවස්ථාවන් රජය විසින් හ`දුන්වා දුන් නවතම ණය උපකරණ වූයේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැ`දුම්කරය. එමෙන්ම මෙය මුදල් ඉතිරි කරන්නන්ට අනුව ආයෝජන උපකරණ දෙකකි. මෙය වඩාත් සුරක්‍ෂිත, අවධානම් රහිත යෙදවුම් අවස්ථාවන්ය. අනිකුත් ඉතිරිකිරීමේ මාධ්‍යයන්ට වඩා ඉහළ පොලී අනුපාතයක් සහිත ආයෝජනයකි. යෙදවුමකි. එවක් පටන් මෙම වාසිදායක තත්වයන් තේරුම් ගත් වාණිජ බැංක,ු පෞද්ගලික මූල්‍ය ආයතන, ප‍්‍රාථමික වෙළ`දුන්, විවිධ ආයෝජකයන්, වෙළ`දුන් හා ව්‍යාපාරිකයන් උක්ත උපකරණ තුළ ආයෝජන කිරීම හෙවත් මුදල් ඉතිරි කිරීම ම`ගින් ද එදා මෙදාතුර පුළුල් වාසි ලැබීමට සමත් වි ඇත. නමුත් මෙම උපකරණ තුළ ආයෝජනය කිරීමෙන් වඩාත් ඵලදායී වාසි රැුසක් අත් කර ගත හැකි බැව් රටේ සාමාන්‍යය ජනතාව නොදැන සිටියා වැනිය. ඒ පිළිබඳ දැනුවත් භාවයක් නොවූ නිසා මෙම ආයෝජන මාර්ග කෙරෙහි යොමු වීමෙන් වැළකී සිටින බව පෙනෙන්නට ඇති කාරණයකි. මේ බැව් සැළකිල්ලට ගනිමින් ශී‍්‍ර ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැ`දුම්කර තුළ ආයෝජනය සිදු කරමින් වඩා වැඩි මූල්‍ය වාසි අත් කර ගැනීමේ අවස්ථාවක් බහුතර ජන කොටස් වලට ලබා දීමට කටයුතු ආරම්භ කර තිබේ. එ් අනූව ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සාමාන්‍ය පොදු ජනතාවට හා වෙනත් ආයතන වලට මෙම නවතම ආයෝජන අවස්ථාව ලබා දෙමින් 2007-08-01 වැනි දින දිවයින පුරා මධ්‍යස්ථාන 13 කදී අලෙවිසැල් 13ක් ආරම්භ කරන ලදී.

බැඳුම්කර වෙළඳපල සම්බන්ධයෙන් බලපෑ තවත් බාධකයක් වූයේ කඩදාසි පදනම් කරගත් සහතික ද්‍රව්‍යාත්මක වශයෙන් නිකුත් කිරීම වෙළඳ කටයුතු වලට අවහිරයක් වී තිබීමයි. මෙම බාධකය ඉවත් කරමින් 2004 පෙබරවාරි 04 දින සිට නිර්ලේඛණ සුරැුකුම්පත් පියැවීමේ ක‍්‍රමය ආරම්භ කරන ලදි. මේ යටතේ රාජ්‍ය සුරැුකුම්පත් නිකුත් කිරීම හා ගනුදෙනු ලේඛණ ගත කිරීම පත‍්‍ර රහිතව සිදු කෙරේ. මේ යටතේ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා මුල් අවධියේ දී නිකුත් කරන ලද කඩදාසි පත‍්‍රයට වඩා සුරක්‍ෂිත පරිගණක සටහනක් අදාළ ආයෝජකයා වෙත නිකුත් කෙරේ. එබැවින් එය සුරක්‍ෂිතය. මන්ද යත් එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි අතර සොරකම් කිරීමට ද නොහැකිය. අවශ්‍ය වන විට නීත්‍යානුකූලව ගනුදෙනු කළ හැකිය. මේ හරහා බැඳුම්කර වෙළඳපලෙහි කාර්යක්‍ෂමතාව වැඩි වූ අතර ආවදානම අඩු විය.


බැඳුම්කර වෙළඳපල සම්බන්ධයෙන් තවත් සුවිශේෂී වෙනස්කමක් වූයේ රාජ්‍ය බැංකු විසින් රජයට දී ඇති බැංකු අයිරා පහසුකම් භාණ්ඩාගාර බැඳුම්කර බවට හැරවීමේ ක‍්‍රියාවලිය තුළ තුන් අවුරුදු කල් පිිරීමේ කාලයක් සහිත මිළ දර්ශනය හා බැඳි බැඳුම්කර රජය විසින් 2005 දී ප‍්‍රථම වරට නිකුත් කරන ලදි. භාණ්ඩාගාර බැඳුම්කර වල තත්ත්වය එසේ වුවත් සාංගමික බැඳුම්කර වල තත්ත්වය ඊට වෙනස් තත්වයක් වාර්ථා විය. එකී වෙළඳපල කටයුතු සඳහා යම් බාධාකාරී තත්වයක් පැවති අතර ඒ තුළ මන්දගාමී වෙළඳපල ක‍්‍රියාකිරීමක් දැකිය හැකි විය. ආයතනික ආයෝජන පදනමක් නොමැතිවීම ඉහළ පෙළේ සමාගම් සඳහා ආකර්ෂණීය පොලී අනුපාතිකයන් සහිත බැංකු ණය පහසුකම් ලබා ගත හැකි වීම, ණය නිකුත් වියදම් අධික විට ආයෝජකයින්ගේ වැදගත්කම් ප‍්‍රමාණවත් නොවීම වැනි කරුණු සාංගමික බැඳුම්කර වෙළඳපල සම්බන්ධයෙන් පැවති බාධාකාරී තත්ත්වයන් විය. නමුත් 2000 ඔක්තොම්බර් මාසයේ දී නිකුත් කරන ලද එක්සත් ජනපද ඩොලර් අගයෙන් යුත් ප‍්‍රථම ජාත්‍යන්තර ස්වෙවරීත්ව බැඳුම්කර මගින් එම තත්වය වෙනස් වන ලදි. මෙහි මූලික අරමුණ වූයේ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ අරමුදල් රැුස් කර ගැනීමයි.

මේ අනූව බලන කළ ආරම්භක අවස්ථාවේ පැවති විවිධ දුර්වලතාවයන් වර්තමානය වන විට පූර්ණය කර ගැනීමට ශ‍්‍රී ලංකා බැඳුම්කර වෙළඳපල සමත් වී ඇති බව දක්නට ලැබේ. ඒ අනූව ආරම්භයට සාපේක්‍ෂව වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කර ඇති බව කිව හැකිය. එසේ වුවද තව බොහෝ දුරට වර්ධනය විය යුතු අංශයන්ද පවතින බවද කිව යුතුය.

ඇමණුම්[සංස්කරණය]

ප‍්‍රාථමික අළෙවිකරුවන්[සංස්කරණය]

1.ලංකා බැංකුව 2.කැපිටල් එලයන්ස් සමාගම 3.සෙලින්කෝ ශ‍්‍රීරාම් සුරැුකුම්පත් සමාගම 4.කොමර්ෂල් බැංකුව 5.ෆස්ට් කැපිටල් ටෙ‍්‍රෂරිස් සමාගම 6.එච්. එන්. බී සුරැුකුම්පත් සමාගම 7.නැට්වෙල්ත් සුරැුකුම්පත් සමාගම 8.එන්. එස්. බී අරමුදල් කළමණාකරණ සමාගම 9.මහජන බැංකුව 10.සම්පත් සුරැුකුම්පත් සමාගම 11.සෙලාන් බැංකු වත්කම් කළමනාකරණ සමාගම

ද්වීතික වෙළඳපොළ සහභාගිකරුවන්[සංස්කරණය]

1.ලංකා බැංකුව 2.සිටි බැංකුව 3.කොමර්ෂල් බැංකුව 4.ඩොයිෂ් බැංකුව 5.ඞී.එෆ්.සී.සී වර්ධන බැංකුව 6.හබීබ් බැංකුව 7.හැටන් නැෂනල් බැංකුව 8.හොංකොං සහ ෂැංහයි බැංකුව 9.අයි.සී.අයි.සී.අයි බැංකුව 10.ඉන්දියානු බැංකුව 11.ඉන්දියානු ඕවර්සීස් බැංකුව 12.එම්.සී.බී බැංකුව 13.ජාතික සංවර්ධන බැංකුව 14.නේෂන් ට‍්‍රස්ට් බැංකුව 15.පෑන් ඒෂියා බැංකුව 16.මහජන බැංකුව 17.පබ්ලික් බෑන්ක් බර්හඞ් 18.සම්පත් බැංකුව 19.සෙලාන් බැංකුව 20.ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් (පකිස්ථානු) බැංකුව 21.ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව 22.ඉන්දියානු රාජ්‍ය බැංකුව 23.යූනියන් බැංකුව

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

1.ශ‍්‍රී ලංකා මහ බැංකුව. (2000 - 2009* වාර්ෂික වාර්තා ශ‍්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 2වින්සන් මර්වින් ප‍්‍රනාන්දු. ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ප‍්‍රතිසංස්කරණ සහ භාණ්ඩාගාර බැඳුම්කර ලිපිය, ආර්ථික විමසුම ( 1997 දෙසැම්බර්), මහජන බැංකුව 3.කේ. පී. ඞී. ධීරසිංහ. භාණ්ඩාගාර බැඳුම්කර වැඩසටහන ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රවණතා ලිපිය, ආර්ථික විමසුම ( 1998 ජනවාරි/ පෙබරවාරි), මහජන බැංකුව 4.මහින්ද සාලිය. රාජ්‍ය ණය උපකරණ සහ ව්වට වෙළඳපොළ ලිපිය, සටහන සගරාව ( 2001 නොවැම්බර් / දෙසැම්බර්), ශ‍්‍රී ලංකා මහ බැංකු සන්නිවේදන දෙපාර්තමේන්තුව 5.කරසිංහ ආරච්චි, අමරපාල. රාජ්‍ය ආයෝජන සව්මත් කිරීම සහ ඊට ග‍්‍රාමීය අංශය දායක කර ගැනීම ලිපිය, සටහන සගරාව (2008 ජුලි/අගෝස්තු), ශ‍්‍රී ලංකා මහ බැංකු සන්නිවේදන දෙපාර්තමේන්තුව 6.රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, නිර්ලේඛන සුරැුකුම්පත් පියවුම් ක‍්‍රමය සහ මධ්‍යම තැන්පතු ක‍්‍රමය ලිපිය, සටහන සගරාව (2004 පෙබරවාරි/මාර්තු - සටහන) ශ‍්‍රී ලංකා මහ බැංකු සන්නිවේදන දෙපාර්තමේන්තුව 7.කරසිංහ ආරච්චි, අමරපාල.ජාතිය ගොඩනැගීමේ නවතම මූල්‍ය උපකරණය ලිපිය සටහන සගරාව (2006 ජුලි/අගෝස්තු ) ශ‍්‍රී ලංකා මහ බැංකු සන්නිවේදන දෙපාර්තමේන්තුව 8.ඩබ්. එම්. හේමචන්ද්‍ර. සංවර්ධනයට බැඳුම්කර ලිපිය සටහන සගරාව (2001 සැප්තැම්බර්) ශ‍්‍රී ලංකා මහ බැංකු සන්නිවේදන දෙපාර්තමේන්තුව 9.Retrived August 24,2011 http://en.wikipedia.org/wiki/Fixed

විනිමය අනුපාතයන්[සංස්කරණය]

විනිමය අනුපාතයන් වර්ග

2402:4000:1246:FA1A:1:0:EF0:FEDA 15:19, 29 නොවැම්බර් 2023 (යූටීසී)[reply]

වර්තමානයේ පවතින විනිමය අනුපාතයන් 2402:4000:1246:FA1A:1:0:EF0:FEDA 15:20, 29 නොවැම්බර් 2023 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Suprabuddha&oldid=607372" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි