පරිශීලක සාකච්ඡාව:Wikisuwish/2016

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සුභ නව වසරක් වේවා[සංස්කරණය]


සුබ නව වසරක් වේවා[සංස්කරණය]

ඔබ සැමට සුබ නව වසරක් වේවා! සිංහල විකිපීඩියාව දියුණුවට පත් වේවා! එහි අන්තර්ගතය මෙන්ම තත්ත්වයද දියුණු වේවා! ----- Shwetha (talk) 02:16, 2 ජනවාරි 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය[සංස්කරණය]

ඔබ අප සියළුදෙනා සහයෝගයෙන් දායක වූ 2015 විකිපීඩියා ආසියානු මාසය සාර්ථකව එහි නිමාව වෙත පැමිණ තිබේ. එහි අවසාන පියවර වශයෙන් තැපැල්පත් එවීම සඳහා ලිපිනයන් ලබා ගැනීම මේ වන විට සිදුකරයි. මෙම පිටුව වෙත ගොස් ඔබට අදාල තොරතුරු ලබාදෙමින් පෝරමය සම්පූර්ණ කොට, මෙම ව්‍යාපෘතියේ අවසාන සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිමි. පෝරමය පිරවීමේ යම් කිසි ගැටළුවක් වේ නම් මාගේ හෝ අනෙක් ව්‍යාපෘති සංවිධායකවරයෙකුගේ සාකච්ඡා පිටුවෙහි සටහන් කරන්න. කරුණාකර පෝරමය සම්පූර්ණ කොට යැවූ බවට තහවුරු කරමින් පසුපණිවිඩයක් යොදන්න. ඔබට ස්තූතියි. --L Manju (talk) 11:00, 13 ජනවාරි 2016 (යූටීසී)[reply]

@L Manju ඔබේ දැනුම්දීමට ස්තුතියි. පෝරමය සාර්ථකව සම්පුර්ණකර යැවූවෙමි. --Sudheera1994 (talk) 11:17, 17 ජනවාරි 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

පසුගිය වර්ෂයේ පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසයට සහභාගී වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වන අතර එහි සංස්කරණයෙහි යෙදීම ඔබට විනෝදයක් වන්නට ඇතැයි අපි විශ්වාස කරමු. 2015 වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ලිපි 7,000 අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබූ අතර ඒ හේතුවෙන් එය විකිපීඩියාව තුල විශාලතම සංස්කරණ ව්‍යාපෘතිය බවට පත්විය. මෙවර එළඹෙන නොවැම්බරයේදීද මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට අප සූදානම් වන අතර ඊට ඔබේ සහභාගීත්වය අප අපේක්ෂා කරමු.

ගියවර සංස්කරණ ව්‍යාපෘතියෙහි මෙන් මෙවරද විශේෂ තැපැල්පතක් (නව ආකෘතියක) හිමිකරගැනීමට ඔබ කල යුතු වන්නේ, අවම වශයෙන් බයිට 3,500 ධාරිතාවකින් හා වචන 300 ක පමණ ප්‍රමාණයකින් සමන්විත ලිපි හතරක් හෝ වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීම පමණයි. මෙවර තැපැල්පත් එවීමේ කටයුතු දියුණු අයුරින්, එනම් තැපැල්පත් සැකසීම මෙම කාලයේදීත්, ලිපින එකතු කිරීම සංස්කරණ ව්‍යාපෘතිය අවසන් වූ වහාමත් සිදුකෙරේ.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත. මෙවර පත්වන ආසියානු තානාපතිවරයා වෙතට, ඔහුගේ සහතික පත්‍රය ඩිජිටල් සහ කඩදාසි මුද්‍රිත ආකාරයේ පිටපත් ද්විත්වයක් ලෙස ලැබීමට සලස්වනු ලැබේ.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! --L Manju (talk) 10:01, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]