පරිශීලක සාකච්ඡාව:Shane smith ssg

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ටුටන් කාමන් කියන්නේ කවුද , ටුටන් කාමන් කියන්නේ අදින් වසර 3500කටත් ඉහත ඊජිප්තුවේ රජකල කෙනෙක්.අවුරුදු 9 දි රජව ක්‍රි.පූ 1336 සිට ක්‍රී පූ 1327 දක්වා රජ කම් කලේලු. රජෙක් වුණත් හුගක් දුක් විදපු කෙනෙක් කියලා වාර්ථාවෙනවා. නිතර හටගත් උණකින් පෙළුන මොහු මරණයට පත් වෙනවා. මෙය ඝාතනයක් විදියටයි විශ්වාස කරන්නේ. එ ගැන නං මත හුගක් තියෙනවා.කොහොම වුණත් ටුටන් කාමන්ගේ ශරිරය තැන්පත් කරන විට ඔහුගේ බිරිද මේ සොහොනට අත තියෙන ඔනම කෙනෙක්ට විනාශය ලං කරන ලෙස දෙවියන්ගෙන් ඉල්ලුවාලු.

 කොහොම වුණත් ටුටන් කාමන් තමන්ගේ සොහොනේ අවුරුදු 3500 වඩා මමීයක් විදියට සාමදානයෙ සැතපුණා. එත් 1918 - 23 කාලයේ හැරල්ඩ් කාටර් නම් පුරාවිද්‍යාඥයා මෙ සොහොන සොයා කැණිම් සිදු කලා. බොහෝ කැප කිරිම් වලින් පසුව ඔහුට ගල් තැටියක් හමුවුණා. මේ කැණිම් වලට අනුග්‍රහය ලබා දුන්නේ කානවන් සාමිවරයා.ඔහු මෙයින් කලකිරිමට පත්ව නැවත එංගලන්තයට එනවා. එ කාලයේදිම හැරල්ඩ් කාටර් මේ ගල් පියන ටුටන් කාමන්ගේ සොහොනය යන මාර්ගයක් බවට අදුනා ගනු ලබනවා. එ ගල් පියන නැත්තම් ගල් දොරේ මෙසේ සටහන්ව තිබිණි " ටූටන්කාමුන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත" . මේ දොර ඇරිමට උත්සහා කල පලමු දිනම කාටර්ගේ කැනරි වර්ගයේ කුරුල්ලා නාගයෙකුගේ ගොදුරක් වෙනවා.මෙය අනතුරු ඇගවිමක් ලෙස ස්වදේශික සේවකයෙකු පැවසුවද කාටර් එය සිනාමුසු මුහුණින් ඉවතලනවා. ජනප්‍රවාදය අනුව ටුටන් කාමන්ගේ ආරක්ශකයන් ලෙස සැලකුවේ ගිජුලිහිණියා හා නාගයන් ය. එසේම එම සතුන් ඔහුගේ සංකේතය විය.
  කාටර් කෙසේ හෝ මෙ පියන විවෘත කරගන්න සමත් වෙනවා එ තුළ ගලින් කරන විශාල පෙට්ටියක්ද එ තුළ එකින් එක බහාන ලද රත්තරනින් කල පෙට්ටි තුනක්ද අවසාන පෙට්ටියේ ටුටන් කාමන්ද එහි වැතිර සිටියේය.එම කුටිරයේ වටිනාකමින් මිලකල නොහැකි භාණ්ඩ රාශියක්ද විය.
 බිලි ගැනිම ඇරබිණ. පලමු බිල්ල ආධාර දුන් කානවන් සාමිවරයා හා ඔහුගේ බල්ලාය. මදුරුවකු දශ්ඨ  කිරිමෙන් ආසාත්මිකව නියුමෝනියාව උත්සන්න වී වෛද්‍යවරු පවා මවිත කරමින් ඔහු මරණයට පත් විය. මෙසේ මරණයට පත් වන විට ඔහු කයිරෝ නුවර සිටි අතර ලන්ඩනයේ ඔහුගේ නිවසේ සිටි බල්ලා කානවන් මරණයට පත් වෙලාවේම් උඩු බුරමින් මැරි වැටිණි. කානවන් මිය යන විට මුළු කයිරෝ නුවරම අන්ධකාරයෙන් වැසි ගියේ දාහවල රාත්‍රිය කරමිනි. අනෙක් පුදුමය නං කානවන්ට මදුරුවා දශ්ඨ කල ස්ථානය වු ලකුණ ටුටන් කාමන්ගේ මුහුණේ එම ස්ථානයේ ම සටහන් ව තිබිණ. මේ පලමු මිනිස් බිල්ලයි.

ශාපයේ දෙවන බිල්ල බවට පත්වුයේ ආතර් මේස් නම් කැණිම් වල නිරත වු තවත් පුරාවිද්‍යාඥයකුය.හදිසියේ කෝමා තත්ත්වයට පත් ඔහු සිහි නොලබාම දින ගණනක් තුළ මරණයට පත් විය. එයද කෙසේ විදැයි අභිරහසකි.

 තෙවන බිල්ලට පත් වුයේ කානමන්ගේ අවමගුලට සහභාගි වී ටුටන් කාමන්ගේ සොහොන නැරඹු ඔහුගේ මිත්‍ර ජොර්ජ් ගෝල්ඩුඩ් නැමැත්තා ය.අධික උණකින් ඇද වැටුණ ඔහුද පැය ගණනක් තුළ මරු දැකිය.
  හතරවන බිල්ල බවට පත් වුයේ ටුටන් කාමන් සොහොනේ වයස හා වකවානු X කිරණ මගින් නිරික්ශනය කිරිමට ආර්චිබොල්ඩ් රීඩ් නැමැති විකිරණ විද්‍යඥයාය.ඔහුද මව්‍ රටට පැමිණි වහා අධික වෙහෙස නිසා මරණයට පත් විය.
 පස්වන බිල්ල වුයේ කානවන්ගේ පෞද්ගලික ලේකම් රිචඩ් බොතෙල් නම් පුද්ගලයා වන අතර සොහොන විවෘත කිරිමෙන් මාස හතරකට පසු ඔහුද හෘදයාබාධයක් නිසා මරු වැලද ගනි.
හයවන බිල්ල වුයේ ජෙයෙල් වුල් නැමැති කර්මාන්ත ශාලා හිමියෙකි.ඔහුද මෙම සොහොන දැක බලා ගෙන මාස තුනකින් අධික උණක් නිසා වෛද්‍යවරු පුදුම කරමින් මරු වසගයට ගියේය.පසුව කානවන්ගේ සොයුරෙක්ද නැවත මෙම සොහොන කැණිම් කටයුතු කල අතර ඔහුද මරු වසගයට ගියේය. 
 නමුත් කාටර් 1939 දක්වා ජිවත් විය.එය පුදුමයකි. ඊජිප්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂක මුහමද් ඉබ්‍රාහිම් සොහොනෙන් සොයාගත් පුරාවස්තු විදේශයන්හි ප්‍රදර්ශණය කිරිමට ඊජිප්තු රජය විසින් 1966 දී ගත් තීරණයට එකහෙලාම විරුද්ධ වුයේය.පුරාවස්තු රටින් පිටකළහොත් රටට භයානක ඉරණමකට මුහුණ දිමට සිදුවන බව කියා සිටියේය.අවසාන සකච්චා වෙන් පසු පිටත පැමිණිනෙන මොහු කාරයක හැපි එතනම මරණයට පත් විය. ආචාර්‍ය ගාමාල් මෙය ශාපයක් නොව සිද්ධි සමුදායක් බව පැවසිය. මෙම මමිය එංගලන්තයට ගෙන යාමට ඇසුරුම් කල දිනම රාත්‍රියේ ඔහුද මරණයට පත් විය. 
  මෙලෙස මරණ 9 කට අධික වාර්ථාමය මරණ ඇති මෙම ශාපය කිසිවෙකු මෙතෙක් විස්තර කොට නැත. කවරහෝ භයානක වෛරසක් , බැක්ටීරියාවක් අද වන විටත් සොයා ගෙන නැත.

එකම විස්තරය වන්නේ මොවුන් සියලු දෙනා ටුටන් කාමන්ගේ නින්දට බාධා කොට ශාපයට ලක්ව ඇති බව පමණකි.මෙය කියවු ඔබටද ලියු මටද ටුටන් කාමන්ගේ ශාපයේ තවත් බිල්ලක් නොවේවායි පතමි.

සටහන ෂේන් ස්මිත් ගමගේ