පරිශීලක සාකච්ඡාව:Kjayalath

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

විකිපීඩියා ආසියානු මාසය 2017[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2017 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2017 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 50කට අධික සංඛ්‍යාවක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 13,000කට අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි!----Yasasuru (talk) 14:18, 26 ඔක්තෝබර් 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි![සංස්කරණය]

ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය ඇරඹී තිබෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:

  1. කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
  2. ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
  3. සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
  4. මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න අනු අං.|{{WAM user 2017|ඔබගේ පරිශීලක නාමය}}:| [[ඔබගේ දායකත්වය 1]], [[ඔබගේ දායකත්වය 2]])
  5. ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.

ස්තූතියි!----Yasasuru (talk) 12:33, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Kjayalath&oldid=410024" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි