පරිශීලක සාකච්ඡාව:Cdathuraliya

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන් අතුරලිය, වියුණු සටහන ලිපියේ කරලා තියෙන සංස්කරණ ගැන පොඩි සටහනක්.

  • ...බ්ලොග් (Blog) යනු... - මෙතන අපි Blog කියන මාතෘකාව යටතේ අළුත් ලිපියක් හදන්න ඕනෙ නෑ. මේ ලිපිය බ්ලොග් ගැන තමයි. ලිපියේ පහළින්ම ඇති [ [ en:Blog ] ] කියන එක දැක්කද? ඒකට කියන්නෙ interwiki කියලා. ඒකෙන්, මේ ලිපිය ඉංග්‍රීසි භාෂා පිටපතට ලින්ක් කරනවා.
  • ...Blogger හා Wordpress... - විකිපීඩියාවෙන් බාහිර වෙබ් අඩවි වලට මේ විධියට ලින්ක් දෙන්නෙ කලාතුරකින් - නොදී බැරිම නම්. මෙතැන අපි කළ යුත්තෙ බාහිර වෙබ් අඩවිය ගැන ලියැවුණු විකිපීඩියා ලිපියට ලින්ක් එකක් දෙන එක. මෙයට කියන්නෙ wikify කරනවා කියලා.

මම මේ තැන් දෙකම යළි සකසනවා. අහිතක් හිතන්න එපා. මම ඔබේ උත්සාහය අගය කරනවා. අපි මේ ලිපිය සම්පූර්ණ කරමු. :-) --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 05:32, 14 මැයි 2010 (යූටීසී)[reply]


ස්තුතියි දැනුවත් කළාට. මම මීට ආධුනිකයෙක්. myblog.lk සබැඳුම ඉවත් කළේ මන්ද?
CD Athuraliya

  • විකිපීඩියාව තුළ සඳහන් කරන කරුණු වල ප්‍රසිද්ධිය ඉතා වැදගත්. myblog.lk වලට වඩා ප්‍රසිද්ධ බ්ලොග්කරණ සේවා තියෙද්දී අපි එකවරම myblog.lk ගැන සඳහන් කරන එක හරි නෑ නේද? myblog.lk ගැන දන්නේ ලංකාව ඇතුළතත් යම් පිරිසක් පමණයි නේ.
  • තවත් දෙයක් සඳහන් කරන්නම්. පරිශීලක සාකච්ඡා පිටු වලදී පිළිතුරක් ලිව්වාම කාලමුද්‍රාව සහිත නිවැරදි අත්සන යොදන්න. පිළිතුර අවසානයේ tilde හතරක් එකපෙළට යතුරුලියනය කළාම හරි. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 19:22, 14 මැයි 2010 (යූටීසී)[reply]
  • පැහැදිළියි සහෝදරයා. බොහොම ස්තුතියි මේ කරුණු කියා දීම ගැන. --CD Athuraliya 20:11, 15 මැයි 2010
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Cdathuraliya&oldid=93342" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි