පරිශීලක සාකච්ඡාව:නිපුනි දර්ශිකා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ගරු පරිශීලක තුමියනි,
තෙරේසා මවුතුමිය ලිපිය විකියට එක් කළ ඔබගේ පරිශ්‍රමය අගයමි. ඔබගේ ඒ පරිශ්‍රමය තවත් ඔපවත් වීමට නම්, ඒ ලිපිය හැකිතාක් සිංහල බසින් විය යුතුයි. එම නිසා, හැකි විටෙක එය කෙමෙන් කෙමෙන් පරිවර්තනය කරන්න. මට හැකි විටෙක එයට දායක වෙන්නම්. --- Shwetha (talk) 06:15, 27 මාර්තු 2014 (යූටීසී)[reply]

ගරු පරිශීලක තුමියනි
පසුගිය දිනෙක ලිපියක සාකච්ඡා පිටුවක ඔබ තැබූ සටහනක් රවිඳු නවින් පරිශීලකතුමන් විසින් මකා දැමීමට යෝජනා කොට ඒ බව ඔබ වෙත දැනුම් දීමක්ද කර තිබූ බව දුටිමි. මෙම ලිපිය ඔබ විසින් පරිවර්තනය කොට නිමා කොට තිබුණි. එය අකැප බවක් එතුමා විසින් සඳහන් කොට තිබුණි. මෙම පරිශීලකතුමා අතිශයින් ක්‍රියාකාරී සහ උනන්දු සහගත අයෙකු වන අතර එතුමා අතින් මෙලෙස වැරදි ලෙස අර්ථකතනයක් වීඇත. මෙලෙස පිටු සාකච්ඡාවල සටහන් තැබීමෙහි දෝෂයක් නැත. එහි ඔබ විසින් මෙම පරිවර්තනය සඳහා හිමිකම් ඉල්ලාද නැත. එවැන්නක් මකා දැමුමට විකිපීඩියාවෙහි උපමානයන්ද නැත. එබැවින් රවිඳු නවින් පරිශීලකතුමන් වෙනුවෙන් ඔබගෙන් සමාව ඉල්ලා සිටින අතර එම නිවේදනය ඉවත් කරගනිමින් එම මකාදැමීම් යෝජනාවද ඉවත් කර ගනිමි. --- Shwetha (talk) 00:28, 9 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
සමාවන්න. එල් මන්ජු මහතා විසින් එම මකාදැමුමෙහි යෝජනාව ඉවක් කර ගෙන තිබුණි. ඒ ගැන තුති පුදමි. නිවේදනය ඉවත් කලෙමි. ----Shwetha (talk) 00:31, 9 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
සමාවෙන්න ගරු පරිශීලක මහතාණනි, මා සාකච්ඡාව:තෙරේසා මවුතුමිය පිටුවයි මකාදැමුමට යෝජනා කළේ. අතීතයේ යම් පිටු පරිවර්තනය කොට තමාගේ පරිශීලක නාමය ප්‍රවර්ධනය කරවා ගැනීමට බෙහෙවින් උත්සාහ දරා ඇත. ඇය විසින් එම ලිපිය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කිරීම ගැන මම ඇයට ස්තූති වන්ත වෙමි. මෙවැනි පිටු පරිවර්තනය කල බොහෝ උතුමන් නිහඬයි නේද? ඔබත් එවැනි කෙනෙකි ශ්වේත ඇයි ඔබ එසේ නොකළේ. එසේ කිරීම විකිපීඩියාහි උචිතයි ද? අනුචිතයි ද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි.--Ravindu Navin (talk) 00:44, 9 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]