පරිශීලක:Ven karawita pannadassi

විකිපීඩියා වෙතින්

දෑල ශ්‍රී ගංගාරාම පිරිවෙන් මහා විහාරාධිපති පුජ්‍ය කෑගල්ලේ සුවිනීත නායක ස්වාමීන්වහන්සේ

කෑගල්ලේ කුරුකොහොතැන්නේ දී 1968.දෙසැම්බර් 18 වන දින උපන් උන්වහන්සේගේ ගිහි කළ නම පාලුවත්තේ ගෙදර සුනිල් ජයවීර නම් වෙයි. පාලුවත්තේ ගෙදර ගුණසේකර උපාසකතුමන්ටත් , වීරක්කොඩි අච්චිල්ලාගේ ටිකිරි මහත්තයා උපාසකතුමියටත් දාව කෑගල්ලේදී උපන් උන්වහ්න්සේ ඉනික්බිතිව උඩවලව ප්‍රදේශයේ පදිංචියට පැමිණියේය.

               ර/ උඩවලව පැරකුම් මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ යතෝක්ත සිදුවීමෙන් අනතුරුව දෑල ශ්‍රි ගංගාරාම මූලික පිරිවෙනට ඇතුලත්ව අධ්‍යාපනය ලැබීය. විහාරස්ථානයට පැමිණ දින හතරකින් (එනම් 1989 ජූලි 07 දින)උතුම් ප්‍රවෘජාවට පත්වීමට තරම් උන්වහ්න්සේ භාග්‍යමත් විය. 

දෑල ශ්‍රි ගංගාරාම පිරිවෙන් මහා විහාරාධිපති ව වැඩ සිටි ත්‍රිපිටකාචාර්ය පුස්සැල්ස්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේත් ,එම පරිවෙණධිපතිව වැඩ සිටි ශාස්ත්‍රවේදී කෝන්ගස්තැන්නේ පඤ්ඤාශේඛර ස්වාමීන් වහන්සේත් උන්වහන්සේගේ පැවදි ආචාර්යවරු වූහ.

එවක් පටන් අප කථානායකයාණෝ දෑල ශ්‍රි ගංගාරාම මූලික පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හා මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබ වර්ෂ 1994 දී පේරාදෙණි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්හ. එසේම රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් දෑ අවුරුදු ගුරු පුහුණු පාඨමාලාවක් ද උන් වහන්සේ හදාරා ඇත.

වර්ෂ දී අතිපූජ්‍ය බටුවිට නන්දාරම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකයේ අනුනායක ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් ද ත්‍රිපිටකචාර්ය පුස්සැල්ස්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ හ ශාස්ත්‍රවේදී කෝන්ගස්තැන්නේ පඤ්ඤාශේඛර ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් කුරුණෑගල මා ඔය උදකුක්ඛේප සීමා මාලකයෙන් උපසම්පදා භූමියට පත් වීමට උන්වහන්සේට හැකියාව ලැබුණි.

1990 දී තමා ඉගෙනගත් දෑල ශ්‍රි ගංගාරාම මූලික පිරිවෙනෙන්ම උප ගුරුවරයෙක් වශයෙන් තම ගුරු දිවිය ආරම්භ කළ අප කථානායකයාණෝ 2001 වසරේ සිට අද දක්වාම එහි පරිවේණාධිපති ධූරය හොබවයි.

එමෙන්ම උන්වහන්සේ ගුරුදේව ශාස්ත්‍රවේදී කෝන්ගස්තැන්නේ පඤ්ඤාශේඛර ස්වාමීන්වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව 2003 වසරේදී දෑල ශ්‍රි ගංගාරාම පිරිවෙන් මහා විහාරය කට්ටන්ගේ ශ්‍රි විමලදර්ශනාරමය යන උභය විහාරයන්හී අධිපතීත්වයට ද පත් විය.

වර්තමානය වනවිට විශල සිසු පිරිසකගේ ආචාර්යන් වහන්සේ හැටියටත්,නිවිතිගල ශාසනාරෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ලෙසත් පරිවේණාධිපති වහන්සේ නමක් ලෙසත් සම්බුද්ධ ශාසනයටත්,ප්‍රදේශයටත් විශාල මෙහෙයක් ඉටු කරනු ලබයි.

මෙවන් විශාල මෙහෙයක් ඉටු කරනු ලබන අප නා සමිදුන්ට තෙරුවනේ අනන්ත අශිර්වාදයෙන් දිඝාසිරි ලැබේවා ..........

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Ven_karawita_pannadassi&oldid=338401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි