පරිශීලක:Shane44/sandbox

විකිපීඩියා වෙතින්


ජීව විද්‍යාව ද්වාරය

Tree fern
Tree fern
ජීවවිද්‍යාව හෙවත් ජීවවේදය යනු ස්වභාවික විද්‍යාවෙහි අංශයකි., ජීවීන් සහ ඔවුන් පරිසරය සමඟ දක්වන අන්තර් සම්බන්දතාවන් පිලිබඳව සිදුකරන අධ්‍යයනයන් හැඳින්වීමට භාවිතා වන නාමයයි. ජීවීන්ගේ ව්‍යුහය,ක්‍රියාකාරිත්වය,වර්ධනය,සම්භවය,පරිනාමය සහ ව්‍යාප්තිය ජීව විද්‍යාවෙහි අන්තර්ගත වෙයි.

ජීවවිද්‍යාව මඟින් ජීවීන්,ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය,ජීව විශේෂයන්ගේ පැවැත්ම, විවිධ විශේෂ අතර ඇති අන්තර් සබඳතා ,ජීවීන් හා ස්වභාවික පරිසරය අතර ඇති අන්තර් සබඳතා පිළිබඳ විස්තර කිරීම හා වර්ගීකරණය සිදුකරයි.

ඔබ දැන සිටියාද...

  • ජාන චිකිත්සාවේදී අවශ්‍ය ජාන හඳුන්වාදීමට හෝ ඖෂධ අණු පරිවහණය සඳහා වයිරස වල ප්‍රවේණික ද්‍රව්‍ය ඉවත් කර කැප්සිඩය නම් එහි භාහිර කොටස යොදාගන්නා බව.

තෝරාගත් පින්තූරය

කුරුමිණි වර්ගවල විශාල එකතුවක්

Entomology හෙවත් කෘමි විද්‍යාව යන පදය ග්‍රික සම්භවයක් දරන පදයකි. මෙහිදී කෘමින් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරයි. හඳුනාගත ඇති කෘමි විශේෂ සංඛ්‍යාව මිලියන 1.3 වන අතර එය ලෝකයේ සමස්ත ජීවින් සංඛාවෙන් තුනෙන් දෙකක් නියෝජනය කරනු ලබයි. මොවුන්ගේ සම්භවය අදින් වසර මිලියන 400 කට පමණ පෙර සිදුවී ඇති අතර මොවුන් මිනිසා සහ අනෙකුත් ජීවින් සමග විවිධ අන්තර ක්‍රියා සිදු කරයි. එමනිසා මොවුන්ගේ ජීව විද්‍යාව පිළිබදව අධ්‍යයනය ඉතා වැදගත්ය.

...තව දුරටත් කියවන්න...

තෝරාගත් ලිපිය

මයිටොකොන්ඩ්‍රියා

මයිටොකොන්ඩ්‍රියා වනාහි සෛලීය ශ්වසනයෙන් සෛලයට අවැසි ශක්තිය හෙවත් ATP නිපදවන ඉන්ද්‍රිකාවකි. සෛල තුළ ජව පොළවල් සේ ද මෙය හැඳින්වේ.

සෛල ප්ලාස්මය පූරකයේ විසිරී ඇති මෙය පටල දෙකකින් වටවූ කුඩා ඉන්‍ද්‍රියිකාවකි. හැඩය ගෝලාකර හෝ දණ්ඩාකාර හෝ ඕවලාකාර වේ. පිටත හා ඇතුලත ලෙස වූ පටල දෙක අතර අන්තර්පටල අවකාශයක් ඇත. අභ්‍යන්තර පටලයේ ඇති රැලිති ස්වභාවයන් (නැමීම් කොටස්) ‘මියර‘ නම් වේ. වටවූ කොටස පූරකය හෙවත් මජ්ජාව නම් වේ. එතුල 70s වර්ගයේ රයිබසෝම, න්‍යෂ්ටික අම්ල හා සෛලීය ශ්වසනයේ කෙබ් චක්‍රයට අවැසි එන්සයිම ඇත. මයිටොකොන්ඩ්‍රියා ස්‍වයං ප්‍රතිවලිත ඉන්ද්‍රිකාවකි.

...තව දුරටත් කියවන්න...


මාතෘකාවන්

ජීව විද්‍යාව (ග්‍රන්ථ)

කාය විවච්ඡේද විද්‍යාව - මානව විද්‍යාව - Astrobiology - ජීව රසායන විද්‍යාව - Bioengineering - Bioinformatics - Biotechnology - උද්භිද විද්‍යාව - Cell biology - Conservation biology - Developmental biology - Ecology - Environmental science - Evolutionary biology - ප්‍රවේණි විද්‍යාව - Mathematical biology - Medicine - Microbiology - Immunology - Molecular biology - Mycology - Neuroscience - Paleontology - Palynology  Parasitology - Pharmacology - Phylogenetics - Physiology - Systems biology - Taxonomy - Toxicology - Virology - සත්ත්ව විද්‍යාව

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Shane44/sandbox&oldid=188081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි