පරිශීලක:Ninnadadias/සාන්ත බෙනඩික් විදුහල, කොළඹ

විකිපීඩියා වෙතින්

{{Infobox school|name=St. Benedict's College|Name=St. Benedict's College|image=sbc_logo_1.jpg|motto=Religio, Mores, Cultura|motto_translation=Religion, Morals, Culture|address=College Street , Kotahena, Colombo 13|country=Sri Lanka|coordinates=6°56′55.19″N 79°51′52.34″E / 6.9486639°N 79.8645389°E / 6.9486639; 79.8645389ඛණ්ඩාංක: 6°56′55.19″N 79°51′52.34″E / 6.9486639°N 79.8645389°E / 6.9486639; 79.8645389ඛණ්ඩාංක: 6°56′55.19″N 79°51′52.34″E / 6.9486639°N 79.8645389°E / 6.9486639; 79.8645389 |type=Roman Catholic School|established=1865|director=Rev. Bro. Henry Dissanayake|#if:{{{Principal=Rev. Bro. Henry Dissanayake FSC|staff=120|grades=1 to 13 Local Syllabus|gender=Boys|lower_age=6|upper_age=19|pupils=2800|campus_size=|campus size=|colours=Green & White|free_{{#if:{සැකිල්ල:Free text1=Sri Lanka Colombo Municipality

සාන්ත බෙනඩික් විදුහල(ඉoග්‍රීසි- St. Benedict's College, දෙමළ-: புனித ஆசீர்வாதப்பர் கல்லூரி) ශ්‍රී ලංකාවේ කොලඹ කොටහේන ප්‍රදේශයේ පිහිටා ඇති රෝමානු කතෝලික පාසලකි.මෙම පාසල 1865 වර්ශයේ ගොඩනගන ලද අතර එය එවකට පාලනය කරන ලද්දේ ගරු.හෙන්රි දිසානායක සහෝදරතුමන් විසිනි.මෙම පාසල ශ්‍රීලංකාවේ ප්‍රමුකතම පාසලක් වන අතරම මෙය ශ්‍රීලංකාවේ පැරාණිතම කතෝලික පාසලයි.මෙම පාසල අවරුදු 150 වඩා පැරණි ඉතිහාසයකට හිමිකම් කියයි.

ඉතිහාසය[සංස්කරණය]

මෙය ශ්‍රීලංකාවේ පැරාණිතම කතෝලික පාසල වන අතර 1865 වසරේදි බෙනදික්ටයින් මිෂනාරිවරුන් (Benedictine Monks) විසින් ගොඩනගන ලදි. ආරම්භයේදි පන්ති කාමර කිහිපයක් හා සුළු කාර්යමණ්ඩලයකින් මෙය සමන්විතවී ඇත.1868දි මෙහි පාලන කටයුතු ඩිලාසල් සහෝදරවරුන් යටතට ගෙන ඇත. එතන් සිට මෙය ඩිලාසාල් සහෝදරවරුන් (La Sallian) ව්සින් මහෙවනු ලබයි.

ගරු.ඔස්ටින් ඇන්තනී සහෝදරතුමා,ග්ලාස්ටියන් ඔලිවර් සහෝදරතුමා,ඇල්බැන් පැට්රික් සහෝදරතුමා,ඇතන්ස් චාර්ල්ස් සහෝදරතුමා,ඔස්මන්ඩ් ග්‍රේගරි සහෝදරතුමා,ග්‍රැන්විල් සහෝදරතුමා සහ ඇන්සෙල්ම් කැලිස්ටස් සහෝදරතුමා මෙහි සිටි විදුහල්පතින් කිහිපදෙනෙකුවේ.

වර්තමානයේ පාසලේ තත්වය[සංස්කරණය]

වර්තමානයේ මෙම පාසල ඩිලාසාල් සහෝරතුමන්ලා විසින් මෙහෙවනු ලබයි.මෙය ලමයින් 3000කට පමන අධ්‍යාපන පහසුකම් සපයන අතරම මෙහි කාර්යමණ්ඩලය 200 පමණ වේ. ලමයින් සදහා 1 වසරේ සිට 13වසර දක්වා ඉංග්‍රීසි,සිංහල සහ දෙමළ මධයන් තුනෙන්ම අධ්‍යාපනය සපයයි. මෙම පාසල පසුගිය වසර කහිපයන් තුලදි 5 වසරශිෂ්‍යත්වය,සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවල උසස් ප්‍රථිපල වර්තාකර ඇත. මෙම පාසල ඉතා උසස් මට්ටමේ, විධිමත් අධ්‍යාපනයක් පවත්වාගෙන යමින් සිසුන්ගේ අධ්යාපන ජීවීත සාර්ථක කරගැනීමට උපකාරීවේ.

මෙහි ගොඩනැගිලි අතරට ප්‍රධාන ශාලාව,ගරු.ජේම්ස් සහෝදරතුමා, ගරු.ඇලෙක්සැන්ඩර් සහෝදරතුමා සහ ගරු.ලූක් සහෝදරතුමා නමින් නම්කර ඇති ගොඩනැගිලි,පුස්තකාලය,පරිගණක විදයාගාර දෙක,දේශන ශාලාව,භෞතික විද්‍යා,රසායනික විද්‍යා,ජීව විද්‍යා විද්‍යාගාර, සංගීත හා චිත්‍ර පන්තිකාමර තුන භාෂා මාධ්‍යසථානය අයත් වේ.

මීට අමතරව වෙනත් පහසුකම් පාසල විසින් සපයයි.

විද්‍යාලය(ද්විතීක අධ්‍යාපනය)[සංස්කරණය]

හය වසරේ සිට දහතුන වසර දක්වා මෙම ප්‍රදේශයේ ප්‍රධාන ස්ථානයක් වන ශාන්ත. ලුසියා ආසන දෙව්මැදුරට යාබදව පහිටා ඇත(විද්‍යාලය ලෙස හැදින්වන්නෙ මෙයයි).ඔරලෝසුකණු ගොඩනැගිල්ල, ප්‍රධාන ශාලාව,ගරු.ලූක් සහෝදරතුමා අනුස්මරණ ශාලාව, ගරු.ඇලෙක්සැන්ඩර් සහෝදරතුමා අනුස්මරණ ශාලාව, ගරු.ජේම්ස් සහෝදරතුමා අනුස්මරණ ශාලාව,ගරු. ග්‍රැන්විල් සහෝදරතුමා නමින් නම්කර ඇති පිහිනුම්තටාක සංකිර්ණය සහ ප්‍රධාන ශාලාව එහි පිහිටා ඇත. විෂයයට අදාළ හා විෂයන්ට පරිභාහිර අධ්යාපන කටයුතු පහසුකම් සපයමින් සිසුන්ගෙ ජීවීත ඉහළ නැංවීමට මෙම පාසල කටයුතු කරයි.

වර්තමානයේ මෙම පාසලෙහි 120 ගුරු කාර්යමණ්ඩලයක් සහ සිසුන් 2800 පමණ සිටී.

සෑම අංශයකම දක්ෂයතා පෙන්වන හා පාසලෙහි උන්නතිය උදෙසා කැපවන සිසුන් 50දෙනකුගෙන් සමනිවිත ශිෂ්‍යනායක මණ්ඩලය මෙහි ඇත. ඔහුන් ප්‍රධාන උත්සවවලට,ප්‍රධාන රැස්විම්වලට සහ පාසලෙහි විනය පාලනයට උපකාරවේ

ප්‍රථමික අධ්‍යාපනය[සංස්කරණය]

ගරු.බෙනඩික් බොනවිස්ටා සහෝදරතුමා විසින් මෙහෙවනු ලබන ප්‍රථමික අoශය දිවීතීක අංශයෙන් වෙන්ව පවතී.මෙහි 60දෙනකුගෙන් පමණ සමන්විත ගුරු කාර්යමණ්ඩලය විසින් සිසුන් 1000 පමණ අධ්‍යාපනය, ,ක්‍රීඩා,චිත්‍ර හා සංගීත කටයුතු සලස්වයි.

මෙම අංශය ප්‍රධාන ගොඩනැගිලි දෙකකින්ද, පන්තිකාමර හතලියකින් පමණද, පුස්තකාලයක් හා භාෂා මාධ්‍යස්ථානයකින්ද සමනිවිතය.මෙහිද බටහිර තූර්යවාදන කණ්ඩායමකින්ද,අපරදිග තූර්යවාදන කණ්ඩායමකින්ද, ගීතිකා කණ්ඩායමක්ද සහ බාලදක්ෂ කණ්ඩායමක් තිබේ.එමෙන්ම උත්සව කටයුතු සදහා සහ පාසලෙහි විනය පාලනයට සදහා සිසුන් 20ගෙන් සමන්විත ශිෂ්‍යනායක මණ්ඩලයක්ද මෙහි ඇත.

පැසිපන්දු ක්‍රීඩාපිටියකින් සමන්විත ලංකාවේ ප්‍රථම ප්‍රථමික අංශයට හිමිකම් කියන මෙහි මිට අමතරව මේසපන්දු,ටෙනිස්,ක්‍රිකට් සහ පිහිනුම් යන ක්‍රිඩාද ඇත.

අධ්‍යාපනය කටයුතු[සංස්කරණය]

2800ක් පමණ ළමයින් දක්ෂ, පළපුරුදු හා සුදුසුකම් ඇති ගුරුවරුන් යටතේ අධ්‍යාපනය ලබයි.

ළමයි ආරම්භකාලයේදි ඉගෙනුම ලබන්නේ ද්විතික අංශයෙන් වෙන්ව පවතින ප්‍රාථමික අංශයෙදීය..එහි ළමයින් 1000ක් පමණ ගුරුවරුන් 60 දෙනෙකුගෙන් පමණ මෙහෙවනු ලබයි. ප්‍රථමික අංශයෙ පන්ති කාමර, පුස්තකාලයක, පරිගණක විදයාගාර ,චිත්‍ර හා සංගීත උගන්වන පන්ති කාමර ඇත. ප්‍රාථමික අංශයේ ළමයින්ටද බාල දක්ෂ, කැඩෙට් සහා ක්‍රිකට්,පැසිපන්දු,පහිනුම්ක්‍රිඩා සහ පෙරදිග මෙන්ම අපරදිග තූර්යවාදන කණ්ඩායම් වලට සහභාගී වීමේ අවස්ථාව හිමිවේ.

The College Section consists of Grades 6-13. There are also 2 Computer Laboratories, a Library, Music, Dancing and Arts rooms, Physics, Biology and Chemistry Laboratories and a Lecture Hall.

ක්‍රීඩා කටයුතු[සංස්කරණය]

1865 ආරම්භ කරනලද සාන්ත.බෙනඩික් විදුහල ආරම්භයේ පටන් ක්‍රීඩාකටයුතු වලින් දිවයිනේ ඉදිරියෙන් සිටි පාසලකි.විශේෂයෙන් පාපන්දු හා පැසිපන්දු සදහා ජාත්‍යාන්තර ක්‍රීඩකයින් බිහිවී ඇත.මෙම පාසල දශක ගනනාවක් පුරා ක්‍රීඩාකටයුතු වල පුරෝගාමීන් හා ප්‍රමුකයන් වේ. රගර් ක්‍රීඩාව ලංකාවේ පාසල් මට්ටමට රැගෙන ආ මෙම පාසල,1964/65 වසරේ සමස්ථ ලංකා ක්‍රිකට් ශූරතාව දිනා ගත්තේය.ඊට අමතරව මෑත කාලීනව 2008 වසරේ සමස්ථ ලංකා මලල ක්‍රීඩා ශූරතාවය,2006,2007,2008 යන වසර වල පාපන්දු සමස්ථ ලංකා ශූරතා,2007 සහ 2008 වසර වල පැසිපන්දු සමස්ථ ලංකා ශූරතා සහ 2007 වසරේ හොකී සමස්ථ ලංකා ශූරතා දිනාගෙන ඇත.පහත ක්‍රීඩාවන් සාන්ත.බෙනඩික් විදුහලේ ඇත.

මෙම පාසලෙහි ජිම්නාස්ටික් ක්‍රීඩාගාරයක් හා ක්‍රීඩා විවේකාගාරයක් ඇති අතර විදුහලේ ක්‍රීඩාපිටිය පිහිටා ඇත්තේ බ්ලුමැන්ඩල් වීදියේය. ක්‍රිකට් සදහා ක්‍රීඩාතණතිලි, රගර්, පාපන්දු හා හොකී ක්‍රීඩා සදහා අවශ්‍ය ක්‍රීඩාපිටි පහසුකම් මෙන්ම මළලක්‍රීඩා සදහා පහසුකම්ද එම ක්‍රීඩාපිටියේ ඇත.

පාසල් පරිශ්‍රයේ පැසිපන්දු ක්‍රීඩාපිටි දෙකක් ඇති අතර ඉන් එකක් රාත්‍රී ක්‍රීඩා සදහාද යොදාගත හැක.ජිම්නාස්ටික් අභ්‍යාස සදහා ජිම්නාස්ටික් ක්‍රීඩාගරයද ,2010 වසරේ ගොඩනගනලද පිහිනුම් තටාකයද පාසල් පරිශ්‍රයේ ඇත.

බාහිර ක්‍රියකාරකම්[සංස්කරණය]

සමිති සහ සමාජීය

ආදි ශිෂ්‍යන් (ආදි ශිෂ්‍ය සංගමය)[සංස්කරණය]

1904 පටන් ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදි ශිෂ්‍යන් විද්‍යාලයේ කටයුතුවලට සහ කර්තව්‍යයන්ට විශාල කාර්යභාරයක් ඉටු කරයි. පාසලෙන් නික්ම යන සෑම ලමයකුටම ‘පාසලට යමක් නැවතලබා දියයුතුයි’ යන හැගීම ඇත. පාසල පළිබද ඇල්මක් ඇති ආදි ශිෂ්‍යන් මෙහි ව්‍යාපෘති,උත්සව සහා විවිධ ප්‍රධාන කටයුතු සදහා සහභාගීවන අතරම එහිදී තම අදහස් හා පළපුරුදු හුවමාරුකර ගනී. එමෙන්ම ඔහුන් හැකි සෑමවිටම ඔහුන්ගේ නොමසුලු දායකත්වය පාසලට ලබාදෙයි. ආදි ශිෂ්‍ය සංගමයට මෙහි ඇති සුභසාධක සමිතිය, ආදි ශිෂ්‍යක්‍රීඩා සංගමය හා සංවර්ධන අරමුදලට අනුබද්ධිත වේ. 

ශිෂ්‍ය නායක මණ්ඩලය[සංස්කරණය]

ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය, විද්‍යාලයේ වඩාත් කැපී පෙනෙන සංගමයකි. වසර 150ක් පුරා ශිෂ්‍ය නායක මණ්ඩලය මෙම පාසලටසේවය කර ඇත.විද්‍යාලයේ වර්තමාන ප්‍රධාන ශිෂ්‍යනායකයා වන්නේ රවීන්ත පෙරේරා සිසුවාය.2016 වර්ෂය සඳහා රවින්ද පෙරේරා (ප්‍රධාන ශිෂ්‍යනායක), ආකාෂ් රේන් (උප ශිෂ්‍යනායක), රන්දුල් පෙරේරා (උප ශිෂ්‍යනායක) තනතුරු හොබවයි. 

ආදිශිෂ්‍ය සංගමයේ විදේශීය ශාඛාජාලය[සංස්කරණය]

පාසලේ උන්නතිය උදෙසා ආදිශිෂ්‍යන් විසින් ලෝකයේ විවිධ රටවල ආදිශිෂ්‍ය සංගමයේ ශාඛා පිහිටා ඇත.ඔහුන් පාසල්මතාව සදහා දායකවීමට මෙසේ පිහිටුවා ඇත.

ආදිශිෂ්‍ය සංගමයේ ශාඛා

බාහිර සබඳතා[සංස්කරණය]