Jump to content

පරිශීලක:Mudith Rubasingha

විකිපීඩියා වෙතින්

දොරපනේ

දොරපනේ ගම්මානය හමුවන්නේ ඌරුබොක්ක ඇඹිලිපිටිය මාර්ගයේය. ඌරුබොක්කේ සිට 10Km පමණ දුරකිනුත් ඇඹිලිපිටිය නගරයේ සිට 22Km පමණ දුරකිනුත් පමණ මෙම සුන්දර ගම්මානය දැකගත හැකිය. මෙම ප්‍රදේශය ඉතා ඈත අතීතයේ සිටම ජනාවාස වී තිබිනි. තේ වගාව හා කුරුදු වගාව මෙම ප්‍රදේශයේ ජනතාවගේ මූලික ආදායම් මාර්ග වේ. එයට අමතරව ගම්මිරිස්, කරාබු නැටි, පුවක් වැනි අමතර බෝග වගාවන්ද දැකගත හැකිය.

මෙම ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම ඉතා සුවිශේෂී වේ. වියලි කලාපය හා තෙත් කලාපයේ සීමා වෙන්වන කලාපයකට ආසන්නව දොරපනේ ගම්මානය පිහිටා තිබුනද එහි දැකගත හැක්කේ තෙත් කලාපීය දේශගුණයයි. එමෙන්ම ඉතාම ඉහල ජෛව විවිධත්වයකින් පරිසර පද්ධතියක් මෙම ගම්මානය ආශ්‍රිතව තිබුනද වර්තමානයේ ජනාවාස සුලබ වීම මත එම පරිසර පද්ධතීන් සහමුලින් විනාශ වී ඇත. නමුත් තවමත් ඇතැම් කුඩා දියපහරවල් ආශ්‍රිතව විසිතුරු ජෛව විවිධත්වයක් හදුනාගත හැකිය. ⁣

දොරපනේ ගම්මානය මූලිකවම කුඩා කදුහෙල් කිහිපයක පැතිරී ඇත. මෙම කදුහෙල්ද වර්තමානයේ ජනාවාස වී ඇත. බටහේනකන්ද, දඩයම්කන්ද, වීරමලකන්ද ආදී ප්‍රදේශ දොරපනේ ගම්මානය අවට පිහිටා ඇත.

දොරපනේ ජාතික පාසල හා දොරපනේ පුරාන විහාරය ගම්මානයේ ඇති වැදගත් ස්ථාන වේ. පාරම්පරික දේශිය වෙදකම්වලට මෙම ප්‍රදේශය තරමක් දුරට ප්‍රසිද්ද වේ.

කටුවන බලකොටුවට සම්බන්ධ උමං මාර්ගයක දොරක් මෙම ගම්මානයට පෙනීම නිසා දොර පෙනේ යන අර්ථයෙන් දොරපනේ යන නම නිර්මානය වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Mudith_Rubasingha&oldid=494841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි