පරිශීලක:Kushani cst120003/Anula Vidyalaya

විකිපීඩියා වෙතින්

නුගේගොඩ අනුලා විද්‍යාලය ශ්‍රී ලංකාවේ බෞද්ධ බාලිකා පාසලක් වන අතර, එය 1941 දී ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමා විසින් ගුරුවරු පස් දෙනෙක් හා ශිෂ්‍යයාවන්  38 දෙනෙක් සහිතව ආරම්භ කරන ලදී. 

දැනට මෙම පාසලේ ශිෂ්‍යයාවන් ගණන 5,000 ඉක්මවයි. විදුහල්පති හා කාර්ය මණ්ඩලයේ  මග පෙන්වීමට අනුව මෙහි බෞද්ධ මූලධර්ම මත පදනම් වූ  අවිහිංසාව හා  ස්වයං විනය පවත්වා ගෙන යාමට ශිෂ්‍යාවන් පුරුදු පුහුණු කිරීම මෙහි පරම අභිප්‍රායයි.

මෙහි ආදිකතෘ තුමාගේ අරමුණ හා පාසලේ දැක්ම වනුයේ  මෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයාවන්, සෑම අංශයකින්ම " පරිපූර්ණ කාන්තාවන් " බවට හැඩගැස්වීමටය.

ඉතිහාසය [සංස්කරණය]

මෙම විද්‍යාලයේ ආදිකතෘ වරුන් වනුයේ,  ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමා, විද්වතෙක් , අධ්යාපනඥයෙක් , ලේඛකයෙකු , දාර්ශනිකයෙක් සහ මානව හිතවාදියෙක් වන අතර මෙහි ප්‍රාරම්භක විදුහල්පතිනිය පී.බී.ප්‍රනාන්දු මහත්මිය වේ. මෙම පාසල 1941 ජනවාරි මස 4 වන දින කෘෂිකර්ම අමාත්‍ය දේශමාන්‍ය ඩී. එස්. සේනානායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එවක පාලක මණ්ඩලය නම්: 

  • ආචාර්ය පී.බී.ප්‍රනාන්දු
  • ආචාර්ය ඩී.පී.මලලසේකර 
  • ආර්.ඩබ්ලිව්. රූපසිංහ මහත්මිය 
  • ඩී. ඩී. කෝදාගොඩ මහත්මිය
  • ඩී. එල්.එෆ්. පේද්‍රිස් මහත්මිය
  • ටී.යූ. ද සිල්වා මහත්මිය
  • ආර්. ප්‍රේමරත්න මහත්මිය 
  • එන්. විජේසූරිය මහත්මිය 
  • එස්. ආර්. විජේතිලක මහත්මිය 
  • නිර්මලා ඒකනායක මහත්මිය 
  • නන්දා රාජපක්ෂ මහත්මිය 
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Kushani_cst120003/Anula_Vidyalaya&oldid=364004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි