පරිශීලක:H.a.d.ranasingha

විකිපීඩියා වෙතින්

චීන ‍‍ඔපෙරා අපරදිග ඔපෙරා නාට්‍ය තරමටම දීර්ඝ ඉතිහාසයක් නොතිබුනද මෙය දැනට වසර 200ට පමණ පෙර ආරම්භවු බව පිළිගනු ලබයි.චීන නාට්‍ය පිළිබදව විධිමත් ලේඛන හමුවන්නේ 13වන ශතවර්ෂයේදීය නමුත් මීට පෙර චීනය තුළ නාට්‍ය කලාවක් නොතිබු‍නෙයැයි පැවසීම මෙහි අර්ථය නොවේ.

1950 වන විට චින ඔපෙරා නට්‍යය 350 ක් පමණ සොයාගෙන ඇති අතර මෙම නාට්‍යය පහසුවෙන් හදුනාගැනීමට හැකියාව ලැබි ඇත්තේ ප්‍රාදේශීය භාෂාඋපයෝගී කරගෙන චීන ඔපෙරා රචනාවි තිබීම නිසාය.

චීන ඔපෙරා සතු විශේෂ ලකෂණය වන්නේ එය සංවාද, නර්තනය, ගීත ගායනය , සටන් දර්ශන, සර්කස් යන අංග මෙම නාට්‍යය වලදී ප්‍රධාන වීමයි. රංග භූමිය චීන ඔපෙරා රගදක්වනු ලබන්නේ ශ්‍රී ලාංකාවේ නාඩඟම් රගදැක්වු ආකාරයටම විවෘත රංඟමඩලකයි. නාඩඟම්වලදි මෙනචීන ඔපෙරා නාට්‍යය නරඔන ප්‍රේකෂකයින් තුන් පැත්තක සිට නාට්‍යය නරඔන අතර මෙහිදි රංගන ශිල්පීන්ට වඩාත් අවධානයෙන් යුතුව රංගනයේ යෙදීමට සිදුවේ. චීන ඔපෙරාව සතු තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ එහි බටහිර ස්වභාවික රංගසම්ප්‍රදායේ නාට්‍යය වලදී මෙන් වේදිකා පසුතල දර්ශන වළින් අලංකාර කර නොතිබීමයි. මේ තුළින් රංගශිල්පියායේ සහා ප්‍රේෂකයාගේ කාලය හා අවකාශය පිළිබදව තිබෙන සිමා මායිම් බිද දමනු ලබයි. චීන ඔපෙරා සතු තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ චීන ඔපෙරවේ නඑ නිළියන් වේදීකාවට හදුන්වාදීම සදහා ලංකාවේ නාඩගම නාට්‍යය වලදී මෙන් පොතේගුරැගේ චරිතයක් චීන ඔපෙරාවේ නොසිටීමයි. එම නිසා නාට්‍ය ඒ අවස්ථාව, ඒ ඒ චරිත, සිදුවීම් ආදී සියල්ල නඑ නිළියන්ගේ ගීත ගායනය, අනුරෑපනයෙන්, ආදියෙන් රඟපාන පසුබිම පිළිබදවත්, ඒ අවස්ථාව පිළිබදවත් ප්‍රේක්ෂකයාට අවබෝධ කරගැනීමට හැකියාව ලැබේ. නිදසුනක් ලෙස ධීවරායාගෙන් පළිගැනීම නාට්‍යයේ මහඑ ධීවරයාත් ඔහුයේ දියණියත් ගඟ මැද මාඑ අල්ලමන් සිටින බවට ප්‍රේකෂකයාට පහත දෙබසින් පහසුවෙන් තේරැම් ගත හැකිවේ. “ තාත්තයි මමයි - අපි දෙන්නා ගඟ මැද මාඑ අල්ලනවා” චීන ඔපෙරා දියුණු වීමට නන්ෂු දායකවී ඇති අතර එහි ප්‍රතිඑලයක් ලෙස මින් යුගයේදී චුවාන්ශී ශෛලිය වර්ධනය විය. චීන ඔපෙරාවේ සංගීතය බටහිර ඔපෙරාවේ මුලිකම ලක්ෂණය වන්නේ සංගීතයයි. එහි සියඑම නර්ථනයන් රංඟනයන් සංගීතමය නාදමාලාවකට අනුවගොඩනගා ඇති අතර නමුත් චීන ඔපෙරාවේ ගායනය , නර්තනය, සංවාද, සටන් දර්ශන සහ සර්කස් ආදී සියල්ල නාට්‍යය තුළදී සමානව වැදගත් ස්ථානයන් ලබාගෙන ඇත.මෙම සියල්ලේහිම එක හා සමාන වු දායකත්වය නාට්‍ය සාර්ථකත්වයට උපකාරිවේ. චීන ඔපරාවේ පසුබිම් සංගීතයට සහභාගිවන කන්ඩායම් දෙකක් දක්නට ලැබේ. එනම් වෙන්ධ්ෂං එහ වුධ්ධාංය. වීන ඔපෙරාවේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ විවිධ නඑ චරිත සහ විවිධ භූමිකා නිරෑපනය කිරිම සදහා විවධ සංගීත පිච්, විවිධ රාග තාල මෙලඩි ආදිය භාවිතා කිරීමයි. එසේම චීන ඔපෙරාවේ සංගීතය මගින් නාට්‍යෙයේ සියඑ අර්ථකථන කැටිකර ඉදිරිපත් කරනු ලබයි. චීන ඔපෙරාවේ සංගීතය මගීන් නාට්‍යයට සිදුවන තවත් සේවයක් වන්නේ මෙම රාග සහ තාල මහින් චරිත සහ එම චරිතය සතු විවධ භාවයන් ලක්ෂණයන් පිළිබිගු කිරිමයි. එනම් දුක, සතුට, බිය, වේදනාව, විශ්මය, වැනි හැගීම් ප්‍රබල ලෙස සංගීතය තුලින් නිරැපනය කරනු ලබයි. තවත් පෙරදිග ඉතාමත් වැදගත් නාට්‍යය සම්ප්‍රධායක් වන ජපන් කබුකී නාට්‍යෙයේ මෙන් චීන ඔපෙරා නාට්‍යෙයේදීද අපට හදුනාගත හැකි තවත් විශේෂ ලකෂණයක් වන්නේ දීර්ඝ කාලයක් පුරාවට පැවතතෙන එන නඑ -කුල ක්‍රමයයි. චීන ඔපරා ශිල්පීන් මෙම එක් නඑ ගුරැ කුලයකට බැදි දීර්ඝ කාලයක් පුහුණුවීම් සිදුකල යුතු වේ. චීනය තුළ ප්‍රසිද්ධියටපත් එවන් නඑ -කුල යන්ට උදිහරණ ලෙස ම- ලියන්මිලිය ගුරැ කුලය, මාලීයන් නඑවා ප්‍රධාන කොට ගොඩ නැගී තිබෙණ අතර යු- ෂුවාන් නඑවා ප්‍රධාන කොටගෙන යු ගුරැ කුලය ඇතිවී ඇත. ඒ ඒ ගුරැ කුල එකම කථා වස්තුව රඟදැක්වුවද එම කාථාවස්තුව එක් එක් තුරැ ගුලයෙන් ගුරැ කුලයට වෙනස් වේ ප්‍රේක්ෂකයාට එම නඑවාගේ රංඟනය දුටු විට ඔහු කුමන ගුරැ කුලයකට අයත් නඑවෙක්ද්යි පහසුවෙන් අදුනාගත හැකිවෙ. එයට හේතුව වන්නේ ඒක් එක් ගුරැ කුල සතුව විවිධ සංගීත රාග සහ තල පද්ධතින් දක්නට ලැබීමයි. චීන ඔපරාවේ සංගීතය පොදු තනුවකට අනුව රචනා වීම සිදුවන අතර එහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ එය චීන අකෂර ක්‍රමයට අනුව පදනම් වි ඇති රචනා වි ඇත. චීන ඔපරාව සතුව සුථාවර වු තනු 02 ක් දක්නට ලැබෙන අතර xipi-- මෙම තනුව චීන ඔපරාවේදී යොදාගනු ලබන්නේ ප්‍රීතිය, සජීවී අත්වය ප්‍රකාශ කිරිම සදහායත් , errhuang- මෙම තනුව ගෞරවාන්විත ගැඹුරැ චින්තන ප්‍රකාශ කිරිම සදහා මෙය භාවිත කරනු ලබයි. චීන ඔපෙරාවේ වාදක මණ්ඩලය එතඑම් විශාල නොවන අතර එම වාදක මන්ඩලය විසින් වාදනය කරනු ලබන වාණ්ඩ භාණ්ඩ අතරින්

  • තිත්සී (චීන බටනාළාවක)
  • සුඔනා (චීන ක්ලැරිනට්)
  • ෂෙං (රීඩ් නළාව)
  • වුධ්ෂං වර්ගයට අයත් වන්නේ අවනද්ධ වාද්‍ය භානඩත්, ඝන භාණ්ඩත්ය. මුළු වාද්‍ය වෘන්දයම මෙහේවකු ලබන්නේ (තන්එ) නම් වු කුඩා බෙරයයි. කාලයක් පුරාවටම ඉතාමත් දියුණු තතවයෙන් වර්ධනය වු දීන ඔපරා නාට්‍ය තුළ සංගීත අංශයෙන් ගොන් යන සංගීත භාණ්ඩයත් බෙරත් ඉතාම වැදගත් ස්ථානයක් හිමිකරගනු ලබයි. මෙම නාට්‍ය තුළ ගීත ගායනය සහ වාද්‍ය සංගීතය යන දෙකම තිබේ.

'සංකේත භාවිතය සහවේදීකාව'

පෙරදීග බොහෝ නාට්‍ය සම්ප්‍රධායන් වලදී මෙන්ම චීන ඔපරා නාට්‍යෙය්දීද බටහිර නාට්‍යය වලදී මෙන් වේදීකාව අලංකාරය කීරිමට රංඟ භාන්ඩ යොදාගනු ලබන්නේ නැති අතර එම සියඑම කාර්යයන් සංකේත භාවිතකරමින් සිදුකරනු ලබයි. චීන ඔපරාවේ විශේෂ ලකෂනය වන්නේ එහි යාථාර්ථය යිදිරිපත් කරනු ලබන්නේ සංකේත උපයෝගී කොටගෙනය.

  • නිදසුන් ලෙස අතින් කසයක් රැගෙන එන විට ඔහු අස්වයකු පදින බව සංකේකවත් කරනු ලබයි.

එසේම මේසයක් සහ පුටුවකින් විශාල අර්ථයක් චීන ඔපරා නාට්‍යය තුලදී ලබාදෙනු ලබයි, මේසයක් සහ පුටුයවක් තිබෙන විට එය කාමරයක් බව ප්‍රේකෂකයින් අවබොධ කරගත යුතුය. එය ස්ථාන ගත කරන ආකාරය අනුව එය සරසන ආකාරය අනුව නාට්‍යය තුළ එකම පුටුව සහ මේසය වුවද එය නාට්‍යය තුල විවිධ අර්ථයන් ගෙනදීමට සමත්වේ. එය රජ මාළිගාවක්, ඝෝෂාකාරි අවන්හළක්, උසාවියක් විය හැකීය.

  • මේස රෙද්ද මකර රෑපවළින් අලජකාරය කර තිබේනම් එය රජ මාළිඟවක් වේ
  • මේස රෙද්ද ලා නිල් පාට රම්බ්‍රෝයිඩ කළ ඔකීඩ් මල් වලින් සරසා තිබේ නම් එය ලියන මේසයක් වෙ.
  • පුටුව මේසයට පිටු පසීන් ඇත්නම් එය ගාම්භීර අවස්ථාවක් වේ. මෙය යුධ කටයුතු සාකච්චා කරණ අවස්ථාවක් අධිරාජයාගේ රාජ සභාව ආදීය නීරෑපණය කෙරේ.
  • පුටුව මේසයට ඉදිරියෙන් ඇත්නම් එය දෛනීක ජීවිතයේ සමා්‍යය අවස්ථාවක් වේ.

චීනය සතුව මෙවන් සංකීර්ණ අර්ථයන් ලබාදෙන සංකේතයන් බහුලව භවිතා වන අතර එම සංකේතයන් ප්‍රේකෂයාට පහසුටවෙන් අවබෝධ කරගත හැකී වන්නේ චීන ප්‍රේකෂකයාට එම නඑ වර්නයන් හුරැ පුරැදු නිසාවෙන්ය.

වූෂූ සටන් දර්ශන වෙනත් පෙරදීග කිසිදු රටක දක්නට නොමැති ආකාරයෙන් සර්කස් සහ සටන් දර්ශන සජීවිව ඉදීරිපත් කිරිමේ හැකීයාව චීන ඔපරා නාට්‍යය ශිල්පීයාට සතුව තිබිය යුතුවේ. නමුත් තමන් සතු වන ඒම කුසලතාවය ඉදීරිපත් කළයුත්තේ එම නාට්‍යය තුළ ගොඩනගන චරිතයට උචිත ලෙස පමණත් වන අතර එය තමන්ට අවශ්‍ය ලෙස අත්තනොමතිකව තම ශුරත්වය ප්‍රධර්ශනය කිරිමට නඑවාට එය යොදාගත නොහැක එය තම ශුරත්වය ප්‍රධර්ශනය කිරිමේ අවස්ථාවක් නොවේ. චීනය තුල ප්‍රධාන සටන් ක්‍රම දෙකක් තිබේ. එනම් අතින් සිදුකරන සටන් ක්‍රමය සහ ආයුධ වළින් සිදුකරන සටන් ක්‍රමය වශයෙන්ය. වුෂු සටන් ක්‍රමය අතින් පමණක් සිදුකරන අතර චීන ඔපරාව සදහා යොදාගනු ලබන්නේ මෙම වුෂූ සටන් ක්‍රමයයි. මෙම වුෂු සටන් ක්‍රමය ආරම්භය සිදුවි තිබෙන්නේ ධාන්‍ය බුදුසහමට සම්බන්ධ භාවනා ක්‍රමයක් වශයෙන්ය.එම වුෂු සටන් ක්‍රමයම නවීකරණය කරගනිමින් චීන ඔපරා නාට්‍යට උචිත ලෙස යොදාගෙන තිබේ. චීන ඔපරා නාට්‍යය තුල මෙම සටන් සහිත දර්ශන අනිවාර්යෙන්ම අන්තර්ගතවි තිබෙන අකාරය දතකනට ලැබේ ඒයට ප්‍රධාන හේතුව වන්නේ චීන ඔපරාව සතු සියඑ කථා වස්තුන් ඉතිහාසයෙන් උපුටාගෙන තිබිමයි. චීන නර්තනය චීන ඔපරාව සතු තවක් විශේෂ ලකෂණයක් වන්නේ චීනය සතුව දීර්ඝ ඉතිහාසයකට උරැමවු නර්ථනය සම්ප්‍රධායේ ආභාෂයද චීන ඔපරාවට දායක කරගනු ලැබීය. ශ්‍රී ලංකාවේ උඩරට වන්නමේ මෙන් බෝහෝ සතුන් අනුකරණය කරන නර්ථන අංඟයන්ගෙන් එය පෝෂණය වී ඇත.ඔවුන් එසේ යොදාගනු ලබන නර්ථන අංඟ ලෙස චීපා, ගෞබියන්, තන්ග්මා, අයිෂිබු, ප්‍රධානත්වයක් ගනු ලබයි. චීන ඔපරාව සතු විශේෂ ලකෂණය වන්නේ නාට්‍ය තුළ තිබෙන ඒ ඒ චරිත සදහා චරිතයට උචිත ලෙස නර්ථනය යොදා ගැනිමයි. චීන ඔපරාවේ අංග රචනය

 චීන ඔපරාවේ ප්‍රධාන භූමීකා හතරින් (ෂෙං ජං,තන්, ට්ෂෞ) දෙකක්ම ඉතාමත් අලංකාර ලෙසින් වර්ණගන්වා තිබීම දක්ණට ලැබේ. ෂෙං චරිතයත් තන් චරියත් සෙසු චරිත වලට වඩා අතිශයෝක්තියකින් වර්ණගන්වා ඇත. මෙම අංඟ රචනය තුළින් ප්‍රේකෂකයාට පහසුවෙන් ඒ ඒ චරිත අදුනා හත හැකිවේ.  මෙ තුළින් ඒම චරිතය, එයි ඓතිහාසික පසුබිම , එම චරිතය සත් චරිතයක්ද දුෂ් චරිතයක්ද ඔහු සුන්දර චරිතයක්ද අසුන්දර චරිතයක්ද යන මෙ සියල්ලම අවබෝධ කරගත හැකිවනනේ චීන ඔපරා නාට්‍යයේ නඑවන්ට යොදන අංඟ රචනය තුළිනය.  චීන ඔපරාවේ ඓතිහාසික චරිතයක් නම් එම මුහුණ අංඟ රචනය කරනු ලබන්නේ ජනප්‍රිය සාහිත්‍යයේ එන තොරතුරැ වළට අනුවය. චීන ඔපෙරාවේ එන අංඟ රචනයේ එන තවත් විශේෂ ලකෂණයක් වන්නේ දුෂ්ටතම නිරෑපණය කරනු ලබන චරිත සුදු පාටින් වර්ණ ගැන්වීමයි. 

චීන නාට්‍ය කථා වස්තුව චීන ඔපරාවේ කථාවස්තුව පෙරදීග සහ අපරදීග කථා වස්තුන්ට වඩා යම් වෙනසක් පෙන්නුම් කරනු ලබයි.

  • ධ්ෂඋ පවුලේ අනාථයා

මෙය 14 වැනි සියවසේදී පමණ යිදිරිපත් කළ ගීත නාට්‍යක් වන අතර පසුකාලීනව මෙම ගීත නාට්‍ය ඉතාලි,ඉංග්‍රිසි භාෂාවන් වලටද පරිවර්තනය

  • රැමතීය මර්ධනයට අභියෝග කරයි
  • ආදරවන්තියගෙන් රජතුමා වෙන්විම
  • තුන්මන් හන්දිය
  • ධවල නාග
  • දෙව්ලොව අරගලය

වර්තමානය වන විට දීනය තුළ මෙම චීන ඔපෙරාවට සම්බන්ධ වන සියඑම නඑ නිළියන් වෘත්තීයක් ලෙසින් එය සිදුකරන පිරිසක් බවට පත්ව තිබේ. මෙහෙයින් නාට්‍ය පුහුණු කිරිමට ඒ සදහාම වෙන්වු අධාපන ආයතනයන් ද තිබේ. මෙම නාට්‍ය නියමිත වේලාවටම ආරම්භකරන අතර කාළගුණය ආදීය ඔවුන්ට බාධා කරනු ලැබුවද නාට්‍ය නියමිත වේලාවටම ආරම්භ කරනු ලබයි. වර්තමානයේදී චීන ඔපරා නාට්‍ය විදේශීය සංචාරකයින් ලැගුම් ගන්නා හොටෙල් අවට ඇති රංඟශාලාවලට පමණක් සීමාවී ඇති අතර එය ඔවුන්ගේ අන්‍යයතාවය ලෝකයා වෙත රැගෙන යාම සදහා ඔවුන් විසින් ගන්නා ලද උත්සාහයක් ලෙසින් හදුන්වා දියහැකි වේ. තද පැහැති අකුරු පෙළ මුළාශ්‍ර

කාරියවසම් තිස්ස , චීන නාට්‍ය හා රංග කලාව,1999,චතුර මුප්‍රකාශණය වැල්ලම් පිට්ය.

දිසානායක මුදියනසේථආසියාවේ නාට්‍ය හා නර්තන කලාව,1994,ඇස් ගොඩගේ සහ සහෝදරයෝ,පොත් ප්‍රකාශකයෝ සහ බෙදාහරින්නෝ,675,පි දඑස් කුලරත්ණ මාවත,කොළඔ 10. ජයවර්ධන ඩබ්ළිව්, නාට්‍ය හා රංග කලාව, 2008,ප්‍රීයදර්ශණි ප්‍රකාශණ,49එ/88,හංසගිර පාර,ගම්පහ.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:H.a.d.ranasingha&oldid=289726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි