පරිශීලක:Dusshyanta

විකිපීඩියා වෙතින්

සිහල රාජ්‍යය ක්‍රි.ව 1815 ක් වූ මාර්තු මස තුන්වැනි දින මහනුවර මඟුල් මඩුවේදී ගිවිසුම් පත්‍රයක් පිට එංගලන්තයේ තුන්වැනි ජොර්ජ් රජු වෙත පාවා දුන්හ. එයින් අවසන් වූ, වසර 133 ට අධික කාලයක් සුදු ජාතියට නතු වූ දෙදහස් සත්පනස් වසක් ස්වාධීනත්වයේ හිණිසට නැග ප්‍රතාපයෙන් සාමන්ත ජාතීන් පවා බිය ගැන්වූ සිහල ජාතියට පරදේසක්කාරයින්ට වහල්කම් කරන්නට සිදු වූහ.

   ක්‍රි.ව 1948 ක් වූ පෙබරවාරි මස සතරවැනි දින ලංකා රාජ්‍යය නැවත සිහල ජාතියට පැවරීමත් එය නිදහස ලෙස පැවසීමටත් තරම් අප රටේ නාමික සිංහලයන් පුරුදු පුහුණු වී ඇත. 
  අවාසනාවට ජාතියේම පවට සුද්දගෙන් උපන් කලු සුද්දො අතටම සිහල රාජ්‍යය පත්වීම අදවන විටත් පසක් කර ගැනීමට ඇතැමුන්ට නොහැකි වී ඇති බැව් ප්‍රකටයි. 
  ‎වසරින් වසර නිදහසක් උදා වූ බව පවසමින් ශ්‍රී ලාංකික ජනතාව පුරුදු වූයේ ප්‍රතාපවත් සිහල ධජයක් තිබියදී කොහේ දෝ නොතිබූ කොළ, තැඹිලි  යොදා ගත් සහාජීවනේ කොඩියක් එසවීමටත්, උත්සව, නැටුම්, පෙළපාළි හා විවිධ ක්‍රියාකාරකම් මගින් එය රට පුරා සැමරීමටත්ය.
  ‎
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Dusshyanta&oldid=417560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි