පරිශීලක:Detective ravi story

විකිපීඩියා වෙතින්

Detective Ravi යනු ශ්‍රී ලංකා රහස් පරීක්ශක කතා මාලවකී . මෙම කතාමාලාව වට්සැප් හා ටෙලිග්‍රෑම් කතා මාලවක් ලෙස නිකුත් වන අතර මෙම කතාව රචනා කරන්නේ ලකිදු රශ්මික නම් පුද්ගලයෙක් විසිනි . 2023 වර්ශයේදී මෙම කතාමාලාව නිකුත් කිරීම ආරම්භ කර ඇත


පහතින් එම කතා මාලාවේ එන පලමු කතාව වන Detective Ravi Part - 1 කතාවේ පලමු කොටස ඇත . කියවා රස විදින්න


Detective Ravi

episode  1

👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න

🕵️‍♂️CID head officer

🧔🏻  detective රවී

👱‍♀️ detective  නෙත්මි

========================

📲📲

🕵️‍♂️  කවුද මේ call කරන්නේ    🤨🤨 අහ්හ් ඉන්ස්පෙක්ටර් වීරරත්න නේද?

හෙලෝ......මිස්ටර් වීරරත්න

මොකෝ එකපාරටම අපිව  මතක් වෙලා

👨🏻‍✈️අනේ සර්ලව අමතක වෙල තිබුනේ නෑ සර් මේ දවස් ටිකේ මං ගොඩක් busy  වෙල හිටියෙ😪 සර්ට call කලෙත් මට මේකෙ අගක් මුලක් හොයා ගන්න බැරි නිසයි සර් .මට මේකට සර් ගාව ඉන්න හොදම teem  එකක් ඕනි

🕵️‍♂️ම්ම්ම්ම්ම්ම් හරි හරි ඔක්කොටම කලින් කියන්නකො මොකක්ද  කේස් එක කියලා

👨🏻‍✈️ok sir මං මේක call එකකින් කියනවට වඩා සර්ව මුන ගැහිලා කියන එක හොදයි  කියල හිතෙනවා මට සර්ව හම්බවෙන්න පුලුවන්  තැනක් වෙලාවක් කියන්නකො මට හෙට නම් free හෙටම පුලුවන් නම් ගොඩක් හොදයි

🕵️‍♂️ ok මිස්ටර් වීරරත්න ,

    මටත් හෙට පුලුවන්  ප්‍රශ්නයක්  නෑ එහෙනම් අපි හෙට හවස 4ට වගේ curry Leaf  restaurant  එකේදි meet වෙමුද ?

👨🏻‍✈️ම්ම්ම් අවුලක් නෑ සර් මටත් එන්න පුලුවන්  එහෙනම් මම තියන්නම් සර්

🕵️‍♂️ ok මිස්ටර් වීරරත්න  

========================

     ✨   පසුවදා හවස 4 ට පමන

========================

👨🏻‍✈️ ඔන්න සර් මං කියපු වෙලාවටම ආවා

🕵️‍♂️ ඉතින් මිස්ටර් වීරරත්න මොනා හරි බොන ගමන් කතා කරමු නේද?

👨🏻‍✈️ අහ්හ් හරි සර් මං එන ගමන් Coffee  දෙකක් order කලා

ඔය කියනකොටම වේටර් coffee දෙක  ගේන්නෙ

🧑‍💼 සර් මෙන්න සර් order කරපු coffee දෙක, තව මොනව හරි ගෙන්න ඔනිද  සර් ?

👨🏻‍✈️ ම්ම්ම්ම් වෙන මොනවත් ඕනි නෑ thank you

🕵️‍♂️ හරි වීරරත්න දැං කේස් එක මොකක්ද කියන්න බලන්න👀

👨🏻‍✈️අහ්හ් ok sir ,  

දැනට සති දෙකකට විතර කලින් නෙ සර් මං අනුරාධපුර  ඉදල ආණමඩුවට මාරු උනේ ඒකත් අර කලිං මේකෙ හිටපු  ඉන්ස්පෙක්ටර් ගල්ලැහැවගේ ෆයිල් යට ගහපු සීන් එකක් හිංදා

හරි සර් මං දැං කියන්නම් කේස් එක

සර් කැලේට දර අහුලන්න ගිය වයසක මනුස්සයෙක්ට කැලේ තිබිලා ඇටකටු ටිකක් හම්බ වෙලා තිබුනා ඉතිං සර් මේ මනුස්සයායි එයගෙ පුතයි  පොලීසියට ඇවිත් මට මේ ගැන කිව්වා

ඉතින්  සර් මමයි සාජන් වික්‍රමසිංහයි ,සාජන් සෝමසිරියි ගිහින් බැලුවා එතනට

එතන සර් කිව්වා වගේම මනුස්සයෙක්ගෙ ඇටකටු තිබ්බා හැබයි සර්  check  කරලා බැලුවම  මට හොයා ගන්න පුලුවන් උනා එතන  තිබ්බෙ එක පිරිමියෙක්ගෙ ඇටකටු ටික්ක් විතරයි කියලා

ඒ වට පිට ස‍ෝදිසි කරල බලද්දිි අපිට තව දතකුත් හම්බ උනා හැබයි සර් ඇටකටු ටිකට ටිකක් විතර ඈතින් තමයි දත තිබ්බ‍ෙ.🦷🦷මට ඒ ව‍ෙලේ හිතට  ආපු සැකයක් නිසා ක‍ොලඹ යැව්වා දතයි ඇටකටු කෑල්ලකුයි  DNA check කරන්න අන්න ඒක‍ෙන් දැන ගත්ත ද‍ේ නිසයි මටමේකට sirගෙන් support  එක ගන්න ඔනී කියලා හිතුනේ

part 2👇

Detective Ravi Episode 2

👨🏻‍✈️ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න

🕵️‍♂️CID head officer

🧔🏻 detective රවී

👱‍♀️detective නෙත්මි

👨‍⚕️doctor විහග කවීශ

......................................................

🕵️‍♂️ ඉතිං මොකක්ද වීරරත්න DNA check එකෙන් දැනගත්තෙ

👨🏻‍✈️ මට shuwar සර් හිතන්නෙවත් නෑ ඒක

එතන තිබුන දතයි ඇටකටු වලයි DNA ගැලපෙන්නෙ නෑ

🕵️‍♂️මොකක් කිව්වා 😳


👨🏻‍✈️ ඔව් සර් අන්න ඒ නිසාම තමයි සර් මං sirගෙන් support එක ඉල්ලන්නෙ

🕵️‍♂️හරි වීරරත්න මං මේකට මගෙ ඉන්න හොදම officers ලා දෙන්නව එවන්නම්

👨🏻‍✈️ thank you ලොකු උදව්වක් සර්

...........පසු දින.............

🧔🏻 excuse me sir ,මම ඇතුලට එන්නද?

🕵️‍♂️ අහ්හ්හ් ඔව් රවී කෝ නෙත්මි ආවේ නැද්ද?

🧔🏻නෑ සර් එයා තව ටිකකින් එයි

🕵️‍♂️ අවුලක් නෑ රවී

   මේකයි මං ඔයාල දෙන්නට කතා කලේ විශේශ කේස් එකකට මේ කේස් එක මට භාර දුන්නෙත් ඉන්ස්පෙක්ටර් වීරරත්න 

ඇත්තම කිව්වොත් මේ කේස් එකට සාක්ශි නෑ ඔයාලට අග ඉදලා මුලටම සම්පූර්ණයෙන්ම හොයන්න වෙනවා

🧔🏻මොකක්ද සර් ඇත්තටම මේ කේස් එක

🕵️‍♂️ කේස් එකද , 🤨කේස් එක තමා කොල්ලො කේස් එක

 කැලේක තිබිලා මනුස්සයෙක්ගෙ ඇටකටු  ටිකක් හම්බවෙලා තියෙනවා  ඊට ටිකක් ඈතින්  තව දතකුත් හම්බවෙලා තියෙනවා

ඔයාලට තියෙන්නෙ මේ ඇටකටු වලයි දතෙයි අයිතිකාරයෝ හොයාගන්න වැඩි විස්තර ටික ඔයාල දෙන්නට මිස්ටර් වීරරත්න කියයි

🧔🏻 ok sir


🕵️‍♂️ ඉතින් මං හිතනව රවී ඔයාල මේ කේස් එක භාර ගනී කියලා ඔයාට දැන්ම මේ ගැන කියන්න බැරි නම් නෙත්මි එක්කත් කතා කරලම මට උත්තරයක් දෙන්න

🧔🏻 ඕක මොකක්ද සර් , ඕනිම දෙයක් මමයි මගෙ teem එකයි භාර ගන්නව බය වෙන්න එපා සර්

🕵️‍♂️ඔන්න ඔය වගෙ තරුන ලමයි ටිකක් තමයි දැන් මේ තැන් වලට ඕනි කරන්නෙ okok

හරි ඔයාල දෙන්නට අවශ්‍ය කරන ඔනෙම දෙයක් අපි වගේම මිස්ටර් වීරරත්නත් ගෙනත් දෙයි 

මං මේ ගැන මිස්ටර් වීරරත්නව inform කරන්නම් ඔයාල දෙන්න හෙටම යන්න ආණමඩුව පොලීසියට

🧔🏻 සර් මමයි නෙත්මියි විතරක් යා යුතු ගමනක්ද මේක ඊට අමතරව කාව වත් එක්කන් යන්න බැරිද?

🕵️‍♂️ම්ම්ම් එහෙම කාව වත් එක්කන් යන්න කෙනෙක් ඉන්නවද?

🧔🏻 ඔව් සර් මගෙ යාලුවෙක් සර් මිනිහ doctor කෙනෙක් ඒත් මිනිහා මේ side එකටත් ආසයි මං හිතනව එයාවත් එක්කන් ගියොත් අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා

🕵️‍♂️ ok පුතා ඔයා එහෙනම් එයාවත් එක්කගෙන යන්න මං ඔයාව විශ්වාස කරලයි එයාව එක්කන් යන්න කියන්නෙ ඒකත් මතක තියගන්න

🧔🏻හරි සර් අනිවාර්යයෙනම එහෙනම් මං යන්නම් සර්

🕵️‍♂️ ok පුතා good job

..................................................

🧔🏻 හෙලෝ නෙත්මි තෝ කොහෙද බං 🧐

👱‍♀️ අඩො බං මේ එන ගමං බං traffic එකට අහු උනා ඕයි 🚦

🧔🏻 හරි හරි බං කමක් නෑ උබ ඔහොම්මම විහගයගෙ ගෙදර වරෙන් මං සර් එක්ක කතා කලා මං උබට විස්තර කියන්නම්කො

👱‍♀️ විහගයගෙ ගෙදර😳 ප්‍රශ්නයක් නැද්ද බං😕 , සර් මොනව හරි කියයිද?

🧔🏻 අහ්හ් ඒක අවුලක් නෑ😌 මං මේකට ඌවත් එක්කගෙන යන්න අවසර ගත්තා🤪

👱‍♀️ තෝ නං මාරයි ඕයි 🥲

🧔🏻 එහෙම තමා බං අපි කොල්ලොනෙ🤟

....... ....................................................................

part 3👇


Episode - 3

👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න

🕵️‍♂️CID head officer

🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )

👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )

👨‍⚕️doctor විහග කවීශ ( කවී )

.................................................

හවස් වරුවේ එක පාරටම නෙතූ තමන්ගේ ගෙදරට ආවම doctor කවීශ පුදුම උනා

👱‍♀️ කෝ රවී ආවෙ නැද්ද ?

👨‍⚕️ නෑ බං තවම ආවෙ නෑ ඇයි හදිස්සියක් ද?🤔

👱‍♀️නැ නෑ බං රවී මට එන්න කිව්වා උබෙ ගෙදරට අපිට හම්බ උන අලුත්ම කේස් එක ගැන විස්තර කරන්න මං හිතුවෙ ඌ කියපු විදියට මේ වෙද්දි ඇවිල්ලත් ඇති කියලා

නෙතූ කිව්වා


👨‍⚕️ අහ්හ් එහෙමද බං සමහර විට තව ටිකකින් එයි

👱‍♀️ මට ඌ කියව්වා මේ සැරේ කේස් එකට උබවත් එක්කන් යන්න ඕනෙ කියලා


👨‍⚕️ අම්මටසිරි මූ එහෙම කිව්වද? මරුනෙ බං

====================================[සංස්කරණය]

කවී ගේ ගෙදරට ඇවිල්ලා පැය බාගයක් ගියත් රවී ආපු නැති නිසා නෙතූ රවීට call එකක් ගත්තා

📲📲📲📲📲

👱‍♀️ උබ කොහෙද බූතයො ඉන්නේ

🧔🏻 ඕම ඉදහන් උබ කියන පරක්කුවට එන්න මං රහත් වෙල නෑ යකින්නියේ 😅😅

👱‍♀️දැං බලපන් ඕයි කොච්චර වෙලා ගියාද මං කවීගෙ ගෙදරට ඇවිල්ලා 😪😪

🧔🏻 හරි සුදූ කෑ නොගහ ඉන්නකෝ මං විනාඩි පහෙන් ඔතන

👱‍♀️ අනේ බටර් පාර තියා ගනිං ඕක වෙන කෙල්ලෙක්ට දීපං එනව මෙතන😏

============[සංස්කරණය]

කියපු විදියටම කොල්ලා විනාඩි පහෙන් කවීගෙ ගෙදර .......................................................

🧔🏻 හම්බෝ කෝ බං උබල මං උබලටත් එක්ක pizza අරං ආවා

👱‍♀️ආනේ සුදූ ඔයා අපිට pizza ගෙනාවාද?

👨‍⚕️මොකක් 😲 ආ යකෝ මෙච්චර වෙල මූට බැන බැන නෙද බං උබ හිටියේ

👱‍♀️ ආ ඒවා එහෙම තමයි නේද සුදූ කෝ දෙන්න ඔය pizza ටික මට ඔයාලට බෙදලා දෙන්න

🧔🏻ඉක්මන් කරපන් බං උබල දෙන්නට කතාව කියන්න එපෑ

👱‍♀️ ආ මහත්තයෝ තමුන්ට දැංද ඉක්මන මතක් උනේ 😡

 මෙච්චර වෙලා හතරවටේ රවුං ගහල එනවා මෙතන අපිට ඉක්මං කරන්න කියන්න

🧔🏻අනේ නෑ නෙතූ බබා මං ඔයාට pizza ගේන්න ගිහින්නෙ පරක්කු උනේ

👱‍♀️ ආ මං දැන් තමුසෙට pizza ගේන්න කිව්වද?

🧔🏻 කන්න බැරි නං කෙලින් කියපං බං🤣 අපි දෙන්නට මෙක වැඩි වෙන එකක් නෑ නේද කවී

👨‍⚕️ තොපි දෙන්න වෙන්දටත් ඔහොම්මද බං ගෑනියි මින්හයි වගේ🤨

කෝ දැං කියන්න ගිය එක කියපන්කො😎

🧔🏻ම්ම්ම් මේකයි බං මේ සැරේ අපිට යන්න වෙලා තියෙන්නෙ ආණමඩුවට

මං සර්ගෙන් අවසර ගත්තා උබව එක්කන් යන්න

👨‍⚕️ හරි බං ඔය ටික මමත් දන්නවා උබෙ පම්පෝරිය නෙමේ කතාව කියපන්

🧔🏻 හරි ඕයි ඕනම දේකට enter එකක් තියෙනවා ටිකක් ඉදපන්

මෙන්න මේකයි seen එක

කැලේක තිබිලා මනුස්සයෙක්ගෙ ඇටකටු ටිකකුයි දතකුයි හම්බ වෙලා අපිට තියෙන්නෙ මේ ඇටකටු වලයි දත් වලයි අයිතිකාරයෝ හොයාගන්න


👱‍♀️ අයියෝ බං හෙන සිම්පල් කේස් එකක්නෙ  ඕක,  ඔය අහල පහලම අතුරුදන්  වෙච්ච  එකෙක්ගෙ වෙන්න ඇති බං  ඇටකටු  ටික  

🧔🏻 අනේ මංදා බං සිම්පල් ද, කැපිටල් ද බලන්න ඉතිං යන්නම වෙනවා දැංම ඇදුං එහෙම ලෑස්ති කර ගනිං අපි හෙට උදෙන්ම යනවා හවස් වෙද්දි පොලීසියට ගිහින් ඉන්ස්පෙක්ටර් වීරරත්නව හම්බවෙන්නත් තියෙනවා


.................................................

පහුවදා සවස තුනට පමන

.................................................

🧔🏻 හෙලෝ මේ ඉන්ස්පෙක්ටර් වීරරත්න නේද කතා කරන්නේ

මම CID officer  රවිදු  සිරිවර්ධන 

👨🏻‍✈️ අහ්හ් හරි හරි මට සර් කිව්වා ඒත් මං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට ඔයාගෙන් call එකක් එයි කියලා

🧔🏻 හ්හ්හ්හ් එහෙම තමා සර් අපි වැඩක් සෙට් උනාම ජීවිතේ ඒ වැඩේ තමා

සර් මං සර්ට කතා කලෙ අපිට මේ වෙලාව් සර්ව මුනගැහෙන්න පුලුවන්ද කියලා දැන ගන්න


👨🏻‍✈️ඔව් රවිදු මට පුලුවන් ඔයාලා එන්න පොලීසියට

🧔🏻 අනේ sorry වෙන්න ඕනි සර් අපිට පොලීසියට නම් එන්න බෑ

සර් එන්නකෝ ලග පාත තියෙන restaurant එකකට

👨🏻‍✈️ම්ම්ම් මට පැය දෙකක් දෙන්න අපි රස බොජුන restaurant එකේදි මීට් වෙමු

🧔🏻 ok sir එහ්නම් මං තියනව සර් good bye

👨🏻‍✈️ ටිකක් ඉන්න ඇයි අපිට පොලීසියෙදි meet වෙන්න බැරි

🧔🏻 හ්හ්හ් අපි ඒක meet උනාම කතා කරමුකො සර්

...................................................................... ඇයි 🧔🏻රවී පොලීසියෙදී meet වෙන්න බෑ කිව්වෙ🤨

part 4👇

Detective Ravi Episode 4



👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න

🕵️‍♂️CID head officer

🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )

👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )

👨‍⚕️doctor විහග කවීශ ( කවී )

.................................................


මිස්ටර් වීරරත්න කියපු වෙලවටම restaurant එකට ආවා

🧔🏻හෙලෝ ඉන්ස්පෙක්ටර් වීරරත්න මම රවිදු සිරිවර්ධන

මේ ඉන්නේ නෙත්මි යාපා බන්ඩාර

👨‍⚕️ එතකොට මං විහග කවීශ

👨🏻‍✈️ දැනගන්න ලැබීම සතුටක් මම ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න මට රමේෂ් කියලා කතා කරන්න

🧔🏻 ok sir සර් අපිට අවශ්‍ය information ටික අරගෙන ආවද?


👨🏻‍✈️ ඔව් රවිදු මේ ෆයිල් එකේ ඔයාලට ඕනි කරන ඔක්කොම information ටික තියෙනවා

====================================[සංස්කරණය]

( ෆයිල් එක අතට දුන්නු රමේෂ් වීරරත්න කේස් එක ගැන පූර්ණ විස්තරයක් කලා )

=====================================[සංස්කරණය]

මීට අමතරව ඔයාලට මගෙන් වෙන්න ඕනි කරන මොනව හරි දෙයක් තියෙනවද?

🧔🏻 එකක් නෙමේ සර් , ගොඩක් තියෙනවා ඒත් අපිට දැනට ඕනි කරන්නෙ සර්

අර town එකේ තට්ටු දෙකේ බිල්ඩිමේ දෙවෙනි තට්ටුවේ කොනේ ෆෝන් කඩේට එහා පැත්තෙන් තියෙන room එක rent එකට ගන්න

ඒ  විතරක් නෙමේ සර් අපිට තව gift items  ටිකකුත් ඕනි විකුනන්න
සර් ඊට අමතරව ඊට ටිකක් ඈතිං  අපේ විහගට  Medical center එකක්  දාල දෙන්න

👨‍⚕️ ඒකට මගෙ කොලබ තියෙන medical center එකෙන්ම බඩු ටිකක් ගෙන්නව ගන්න පුලුවන් මට තැනක් විතරක් හොයලා දෙන්න ඊට පස්සෙ පුලුවන්නෙ බඩු ටික මෙහෙට ගෙන්න ගන්න

👱‍♀️ ඊට අමතරව නම් සර් අපිට තව ඕනි මේ දවස් ටිකේ නැවතිලා ඉන්න තැන් තුනක්

අනිවාර්යයෙන්ම සර් ඒක තැන් තුනක තියෙන්න ඔනි

එක ලග නම් තියෙන්න බෑ

🧔🏻 දැනට නම් සර් මෙච්චරයි

ආ ආ තව දෙයක් සර් අපි සර්ව හම්බවෙන්න එනකන් සර් අපිව හම්බවෙන්න එන්න එපා මොනව හරි දෙයක් තිබ්බොත් අපි සර්ට call එකක් ගන්නම් . අපි game එක play කරන්නෙ අපේ විදියට සර් ඒක ගනන් ගන්න එපා

👨🏻‍✈️ok රවී ඔයාල කියපු දේවල් ඔයාලට දවස් දෙකක් ඇතුලත් ලැබෙයි

🧔🏻 සර් එහෙනම් අපි දැං යන්නම් අපි හෙටම වැඩ පටන් ගන්නවා

.........................................................

( රවීට සහ නෙතූට ඉන්ස්පෙක්ටර් රමේෂ් එක්ක කතා කරන්න දීලා doctor කවීශ නිහඬව හිටියේ මේ වැඩ වලට ආධුනික තමන්ට වඩා දේවල් රවී සහ නෙතූ හොදටම දන්න නිසයි )


👨🏻‍✈️ රවී යන්න ඉස්සෙල්ලා දෙයක් අහන්න තියෙනවා ඇයි ඔයා පොලීසියට එන්න බෑ කිව්වෙ මාව හම්බවෙන්න 🧐

🧔🏻 අහ්හ් ඒකද සර් අපි කලින් සැරේකත් මේ විදියටම පොලීසියකට උදව් කලා පාතාලෙ එකෙක්ව අල්ලගන්න , ඒත් සර් ඒ පොලීසියේ හිටපු පොලිස් කාරයෙක් පගාව අරගෙන මායි නෙතූ ගැනයි ඔක්කොම information දීලා තිබුනා 😒

අන්තිමට සර් පාතාලෙ එකෙක් අපි නැවතිලා ඉදපු කුලී ගෙදරට ඇවිල්ලා මට වෙඩි තිබ්බා 🔫

මේ doctor කවීශ නොහිටින්න අද මං ඉන්නෙ අඩි හයක් පොලව යට

👨🏻‍✈️ ඒකත් එහෙමද ? හ්ම්ම් හ්ම්ම්😕

එහෙනම් good luck ඔයාලට


මං හිතෙනවා ඔයාල මේ කේස් එක සාර්ථකව විසදලා දෙයි කියලා

🧔🏻 එහෙනං සර් අපි ගිහින් එන්නම්

👨🏻‍✈️Ok Ravi


රවී නෙතූ වගේම කවීත් restaurant එකෙන් එලියට ආවා

👨‍⚕️ ආ බං උබලා දෙන්නගෙ ඔලුවේ මේ කේස් එක විසදන්න මොකක් හරි plan එකක් තියෙනවද?

🧔🏻 එහෙම ලොකු plan එකක් නම් නෑ බං ඒත් මට විශ්වාසයි රමේශ් සැක කරනවා වගේම මේක

murder එකක්  කියලා 

ඒක murder එකක් නම් ගොඩක් දුරට ඒක මේ ලග පාතක ඉන්න කෙනෙක්ම කරන්න ඔනි මොකද රමේශ් කිව්ව ඒ ඇටකටු වල පුච්චපු පාරවල් තිබ්බා කියලා

මිනියක් පිච්චෙද්දි ඒක බාගයක් පිච්චිලා බාගයක් ඉතුරු වෙන්න ලොකු අවස්තාවක් තියෙනවා

ඒ හිංදා මුං මිනිය පිච්චිලා ඉවර වෙන්කන්ම එතනට වෙල ඉදලා තියෙනවා

මිනියක් පිච්චිලා ඉවර වෙනකන්ම ඒ ලග පාත ඉන්න තරම් උන් බයක් නෑ කියන්නෙම උන් මේ පැත්ත ගැන හොදටම දන්න මිනිස්සු

මිනියක් පිච්චෙන්න කොච්චර වෙලාවක් යනවද බං

අනික ඒ ඇටකටු ටිකවත් වලලන්න උන්ට උවමනාවක් තිබිලා නැහැනේ

👱‍♀️ඒ කියන්නෙ උන් දැනගෙන ඉදලා තියෙනවා මේ කැලේට මිනිස්සු එන්නෙ නැහැ කියලා🙄

🧔🏻 ඔව් නෙතූ අනිවාර්යයෙන්ම උන් දැන්ගෙන ඉදලා තියෙනවා

👨‍⚕️අන්න එතන තමා උන්ට වැරදුන තැන

තව දෙයක් බං ඔය ඔතන වැටිලා තිබ්බ කිව්වා නේද දතක්

👱‍♀️ ඔව් ඒක් මිනී මරුවගෙ වෙන්න ඕනි බං

උං මේ මනුස්සයව මොකක් හරි කරලා කැලේ ගාවට ගෙන්නගෙන ඌව මරලා ගිනිතියන්න ඇති

අන්න ඒ වෙලේ මේ මනුස්සයයි මිනීමරුවයි ගහ ගන්න ඇති අන්න ඒ වෙලාවෙ තමා මිනීමරුවගෙ දතක් ගැලවෙන්න ඇත්තේ

👨‍⚕️ අන්න point එක ඒකේ තේරුම මැරුන එකයි මිනීමරුවයි දෙන්නම හොදට දන්න කියන මිනිස්සු

මොකද බං මහ රෑක මොන මනුස්සයද බං කෑලෑ ගානෙ යන්නෙ නොදන්න එවුං කතා කලාට


🧔🏻 අනික බං මිනීමරුව හොදටම දැනගෙන ඉදලා තියෙනවා කැලෑවෙ ඉදලා මනුස්සයෙක්ග්ගෙ කෑ ගැහිල්ලක් ඇහෙන ලග පාතක ගෙයක් නැති එකත් මුං හොදටම දැන ගෙන ඉදලා තියෙනවා මේ ගම ගැන විස්තර ඒකෙනුත් ඔප්පුවෙනවා මුං මේ ගමේම මිනිස්සු කියලා

👨‍⚕️අන්න ඒකෙන් ඔප්පුවෙනවා බං මුං මේක කරලා තියෙන්නෙම හොදට plan කරලා

👱‍♀️ සමහර විට බං ඔය මැරුන මනුස්සයව පැහැරගෙන ආව වෙන්න බැරිද

🧔🏻මනුස්සයෙක්ව පැහැරගෙන් ඇවිල්ල බං ඒ මනුස්සයට ගිනිතියනකන්ම ඒ මනුස්සයට දතක් ගැලවෙන්න තරම් හයියක් තියෙන්නෙ කොහෙද බං

එහෙම කරනවා නම් ඌට හොදට නෙලලා තමයි අරං එන්නෙ

මට නං හිතෙන්නෙ මුං මොකක් හරි ගැන ඩීල් එකක් ගැන කතා කර ගන්න වෙන්න ඕනි එන්න ඇත්තෙ

ඒකෙදි වෙච්ච වචන හුවමාරුවක් නිසා සමහර විට මේ කේස් එක වෙන්න ඇත්තේ

මට නං හිතෙන්නෙම බං මේකෙ මිනී මරුවා හරි මීනීමරුවො හරී එක්කො හොද සල්ලි කරයො නැත්තම් පාතාල කාරයො


====================================[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Detective_ravi_story&oldid=542785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි