පරිශීලක:D.s.hansana thanoj
ගංගාවේ සංගීතය
[සංස්කරණය]01 ගංගාවේ සංගීතය පද්‍ය පන්තියේ කවියා ඉදිරිපත් කරන ජිවන දර්ශනය පිළිබඳව ඇගයිමක් කරන්න.
ගංගාවක ස්වරූපය කියා පාමින් එච් .එම් කුඩලිගම මහතා නිර්මාණය කර ඇති ගංගාවේ සංගිතය පද්‍ය පන්තියෙන් ‘‘ජිවිතයේ ස්ව නැමැති ලෝක ධර්මතාවය කියා පායි ."
ගංගාවක් ඉතා කුඩාවට ආරම්භ වි කඳුගල් මෙන් සම තැනිතලා ද පසු කරමින් විවිධ වු බාධක හමුවේ ඒවාට මුහුණ දෙමින් මහ සයුර වෙත ගලා ගෙන යායුතුයි . මේ ජිවිතය ද එලෙසමය . උපන් කෙනෙකුට මරණය නියතයි. මරණය පැමිණෙන තුරු උපන් දා සිට විවිධ බාධක දුක් කම්කටොලු , අභියෝග , දුක සතුට, ප්‍රිතිය මැද ජිවිතය ගෙවිය යුතුයි . මෙය සනාතන ධර්මතාවයකි .ඒ බව පද්‍ය පන්තිය පුරාම මානාව ගම්‍යමාන කරයි.
කුඩා කල ජිවිතය සරලය , ප්‍රිති ජනකය, උභතෝකෝටික ප්‍රශ්න නැත. ඒ බව මෙලෙස දක්වයි .
කළදෝ දියෙන් පොඟවා රන් පුලින තලා
සංගිතවත් වි යමී ඉදිරියට ගලා
සරලව ආරම්භ වන ජිවිතය පහසුවෙන් ඉදිරියට ගාලාගෙන එන අයුරු ඒ තුළින් දක්වයි .තවද
සුඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
ගංගාව ගැලිමට පටන් ගත්විට ගලා යා යුතුමය. ජිවිතය ඇරඹු දා පටන් බාධක කම්ටොලු මැද ඉන් පාලා යා නොහැක. පා පැලි රුධිරය ගැලුවද ජිවිතය ගෙවා දැමිය යුතු බව කවියා පැහැදිලි කරයි . මෙයයි යථා ස්වරූපය .
මිනිසුන් ගොසින් නිතරම ආපසු එන්නේ
කිම දැයි කියා කිසිවකු ඇයි නො සොයන්නේ
මෙයයි ජිවිතයේ ස්භාවය .බොහෝ අය ගඟ ගැන ප්‍රශ්න කෙරුවද . තම තමන්ගේ ජිවිත නැවත නැවත ඉපදෙන්නේ ඇයි දැයි ප්‍රශ්න නොකරන බව කවියා කියයි . මිනිසුන් සසර බැදිම අත්නොහැර ජිවිත් වන බව ගගේ ස්රූපය තුළින් නිරූපණය කරයි .
ගංගාව මහ මුහුදට එක්වි ගඟ නොමැති වු වා සේම මිනිස් ජිවිතයට අනිත්‍යභාවය අනිවාර්ය බව කවියා ගම්‍ය මාන කරයි .
මේ ආකාරයට සංසාර ගමනේ ස්රූපය නිරූපණය කිරිමට සරල වස්තුවක් වන ගඟ යොදා ගනිමින් උතුම් ජිවින දර්ශනයක් ලබා දෙන බව ප්‍රකාශ කළ හැකිය .
02 .අත්දැකිම රසවත් ව ඉදිරිපත් කිරිමට කවියා භාෂාව යොදාගෙන ඇති අයුරු සකච්ජා කරන්න.
සාහිත්‍ය නිර්මාණ වලදි නිර්මාපකයාගේ චීන්ත ස්භාවයන් ඒ ආකාරයෙන්ම සහෘද හදවත් තුළ ජනිත කරවිමේදි සුවිශේෂි වන්නේ උපයුක්ත භාෂවයි. සොබාදහමේ අසිරියත් සමඟ ගංගාවක ස්රූපය ගම්‍යමාන කරමින් විශිෂ්ට ජිවින දර්ශනයක් නිරූපනය කරයි . ඒ සැම අවස්ථාවම නිරූපනයේදි කවියා යොදා ගත් භාෂාව නිසා පද්‍ය පන්තිය රසවත් නිර්මාණයක් වුවාට සැකයක් නැත . ඉතාමත් කුඩාවට ඈත කඳු බෑවුමක සිට ඉමහත් ප්‍රිතියෙන් තම ජිවිතය ආරම්භ කරන ගඟ පහලට ඇද හැළෙන අයුරු සරළ බසිකින් ඉදිරිපත් කිරිම සුව්ශේෂි ලක්ෂණයකි .
01 කඳු බෑවුමක දං - බෝවිටි පඳුරු තලා
පහළට ඇදී පර මල් පෙති ඉවත නොළා
කළදෝ දියෙන් පොඟවා රන්පුලින තලා
සංගිතවත් වි යමී ඉදිරියට ගලා
ගමට ගලා ආ ගඟ හමුවේ බාධක අභියෝග ඇත
02 සැඟවෙමි -එබෙමි- නිසසල වෙමි-සසල වෙමී
ඇඹෙරමි- එහෙත්-පසු නොබසිමි- නොනවතිමි
කවදා කොතනකදි හෝ මහ මුහුද හිමී
හමු වුණු කෙණෙහි මා සතු බර ඔහුට දෙ මී
ලස්සනට ගලන ගඟ විටෙක නොපෙනි යයි. ගඟ අජිවි වස්තුවක් වුවත් ‘‘ සැගවෙමි එබෙමි නිසසල වෙමි. සසල වෙමි " යන පද යොදා ගැනිමෙන් ජිවි බවක් ආරෝපණය කර ඇත .ඒ සඳහා කවියා යොදාගෙන ඇත්තේ සරළ ජන බසයි .මාත්‍රා 18 ක් ඇති සමුදඝෝෂ විරිත යොදා ගනිමින් ගලන දියෙන් නැගෙන හඬ අපට අස්වයි .
අනිගිභවනීය දහසක් පිරිස මැද උපන් දිය උල්පත මහ ගගක් වී ගලා බස්නා අයුරු චීන්ත රූප මවමින් මෙලෙස ඉදිරිපත් කරයි .
03 රන්තරු පිරිවරා ගත් සඳ මඬල යට
මහ වන බිමක් මැද ගිරි කුළු අතර සිට
නොමියන හේලි දහමක පණිවිඩය පිට
කොඳුරමී කෙඳිරියක් මුළු ලොව නිසල කොට
මෙහිදි ‘‘නොමියන හේ ලී දහමක්" යන පද යොදා ගැනිමෙන් සනාතන ධර්මතාවය ගම්‍යමාන කරයි. සතුටෙන් අරඹා දුක් කරදර විද මහ සයුර හමු වු විට ගඟ අවසන සනිටුහන් කරන බව අපුර්වාකාරයෙන් විද්‍යාමාන කරයි . ගඟ ජිවතයට සම කරමින් . ජිවිතයේ අනිත්‍යතාව දැක්විමේදි ශබ්ද රසය ඇති කිරිමට වදන් යෙදිම උපයුක්ත භාෂවේ විශේෂ ලක්ෂණයකි .“සද්දේන් ගෙද්දෙන් , මැද්දෙක් , එද්දෙන් , යන පද තුළින් උපේකෂා සහගත ආකල්ප වල ස්වභාවය දක්වයි .
මේ ආකාරයට ‘ගංගාවේ සංගිතය ’ පද්‍ය පන්තියේ දි යොදා ගත් භාෂාව නිසා එය රසවත් නිර්මාණයක් බවට පත්වි ඇත .
03 රස නිෂ්පත්තිය සඳහා කවියා භවිතා කරන විවිධ තාව්‍යෝපක්‍රම විස්තර කරන්න.
තම ප්‍රස්තුනය සහෘදයා වෙත ගම්‍ය කිරිමේදි කවියා උපයුක්ත කර ගන්නා කාව්‍ය උපක්‍රම රසනිෂ්පත්තියට බෙහෙවින් ඉවහල් වේ . විශේෂ යෙන්ම තමා යොදා ගන්නා තේමාවට වඩාත් උචිත විය යුතුයි.
ගංගාවක් ගලන ආකාරය නිරූපණය සඳහා කවියා මෙහිදි යොදාගෙන ඇත්තේ එළිසමය සහිත සිවුපද ආකෘතියකි . ඈත කදු ශීඛරයකින් ආරම්භ වන ගංගාව මහ මුහුදට එකතුවන තෙක්ම ගලාගෙන යන අයුරු චින්ත රූප මවා පාමින් ඉදිරිපත් කිරිමට කවියා යොදා ගත් මේ අකෘතිය වඩාත් උචිත වි ඇත .
01 කඳු බෑවුමක දං - බෝවිටි පඳුරු තලා
පහළට ඇදී පර මල් පෙති ඉවත නොළා
කළදෝ දියෙන් පොඟවා රන්පුලින තලා
සංගිතවත් වි යමී ඉදිරියට ගලා
අජිවි ගඟ සජිවි බව ආරෝපණය කරමින් මේ සංසාර ගමනේ යාථාර්ථය ස්පර්ශ කිරිමට යොදා ගත් භාෂාවද කැපි පෙනෙයි.
සැඟවෙමි -එබෙමි- නිසසල වෙමි-සසල වෙමී
ඇඹෙරමි- එහෙත්-පසු නොබසිමි- නොනවතිමි
කවදා කොතනකදි හෝ මහ මුහුද හිමී
හමු වුණු කෙණෙහි මා සතු බර ඔහුට දෙ මී
මෙහිදි ගංගාව නැමැති කන්තාව මෙතෙක් රැගෙන ආ බර ස්වාමියා නැමැති මහ මුහුදට ලබා දි සැහැල්ලුව බාලාපොරොත්තුවන අයුරු සරල භාෂවක් මගින් තිව්‍ර කිරිමට සමත් වි ඇත . ‘මා සතු බර ඔහුට දෙමි’ යන්නේ දී වාචාර්ථය ඉක්මවා , ජිවි වස්තුන්ගේ ක්‍රියා කලාපය මානාව විදහ දක්වයි .
සංසාර ගමන මහ පුදුමාකාර දෙයකි . යාථර්ථය කිසිවකු තෝරා නොගන්නා නිසා එහි ඇලි ගැලි වාසය කරයි .
12 මී අඹ- කිරල -මාදම් ගෙඩි ළදරු වියේ
ඇකයෙහි හෙළා හඬවයි සැඬ සුළඟ රැයේ
සුළි මැද කැරැකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ
සමහර තැනක ලස්සන වන මල් කැකුළු තියේ
ගඟ ගලන විට සැඩ පහරට වැදි ගසා ගෙන යන දෑ බෝහෝය එමෙන්ම නපුරු සමාජය අහිංසක ළමා ලපටි බෝහෝ පිරිසක් බිළිගනු ඇත . එම යාර්ථතය හුවා දක්වන්නේ හරි අපුරු ආකාරයටය. සෘදය සිතේ අනුකම්පාව පෙරදැරි කොට ගත් දායාවක් ඇති කිරිමට උපයුක්ත බස සමත් කමක් දක්වයි .
බුදුන් වහන්සේ දේශනා කළ සනාතන ධර්මතාව ඉතාමත් පැහැදිලිව නිරූපණය කරන්නට මේ කියන්නා වු සියලු කාරනා බෝහෝ සෙයින් බලපා ඇත . ඉපදුනාට පසුව දුෂ්කරය කියා ජිවිතයෙන් පලා යැමට හැකියාවක් නොමැති බවත් පාධක අභියෝග ජයගෙන ජිවත් විය යුතු බවත් දක්වන්නේ අපුරුවාකාරයෙනි ‘‘ හිරිමල් සිනාරැලි" ‘රන්තරු’ වැනි රූපක භාවිතා කිරිම නිසා රසය තව තවත් වර්ධනය වි ඇත . මිනිස්සුන්ට අමතක වි ඇති යාථාර්තය සිහි ගන්නවා ගැනිමට ගත් සැම උපක්‍රමයක් ම පහේ සුවිශේෂිව දායකත්වයක් දක්වා ඇත .
05. කවියා අජිවී පරිසරයට සජිවිබවක් ආරෝපණය කරමින් තම පද්‍ය පන්තිය සාර්ථකව ඉදිරිපත් කරන ආකාරය විමසන්න.
කවියා සතුව ඇති අපුර්ව වස්තුව නිර්මාණය කිරිමේ ශක්ති මත් නිර්මාණයේ සාර්ථකත්වය රැදි පවති . ගඟක් ගලා ගෙන ගොස් මහ මුහුදට මුසු වන අයුරු නිරූපණය කිරිමේදි අජිවි ගඟට සජිවි බව අරෝපණය කිරිම තුළ නව්‍ය අත්දැකිමක් විදින්නට සලස්වා ඇත .
‘‘සංගිතවත් වි යම් ඉදිරියට ගලා " මෙහිදි" යම්" යන උත්තම පුරුෂ ඒකවචන ක්‍රියා පද තුළින් එක් යෙකු විසින් සජිවිව සිදුකරනු ලබන ක්‍රියාවලියක් ලෙස දක්වා ඇත . වර්තමාන කාලයේ දැන සිදුකරනු ලබන ක්‍රියාවලියක් ලෙස දක්වා තිබිම සුවිශේෂි වේ.
02 සැඟවෙමි -එබෙමි- නිසසල වෙමි-සසල වෙමී
ඇඹෙරමි- එහෙත්-පසු නොබසිමි- නොනවතිමි
කවදා කොතනකදි හෝ මහ මුහුද හිමී
හමු වුණු කෙණෙහි මා සතු බර ඔහුට දෙ මී
මෙම පද්‍ය පන්තිය පුරාවටම , ගඟ කාන්තාවට සම කරමින් , ඇය සමාජ ගත් වි , නොයකුත් දුෂ්කරතා බාධක , දුක් කම්කටොලු, මැද , ඒවා විද දාරා ගනිමින් ඉදිරියට යන ආකාරය දක්වයි . අභියෝග හමුවේ බිඳ නොවැටි ඉදිරියට ක්‍රම ක්‍රමයෙන් යන ආකාරය නිරූපිතය ‘‘සැගවෙමි- එබෙමි , ඇබෙරමි, පසු නොබසමි" යන පද්‍ය තුළින් සජිවි බව අරෝපණය කර ඇත . මහ මුහුද නැමැති රූපකය යොදා ගැනිම තුළ සනාතන ධර්මතාව ලොවට පසක් කරයි. ‘‘මා සතු බර ඔහුට දෙමි" යනුවෙන් යොදා ගැනිමෙන් ස්වාමියා හමුවු වාට පසුව කාන්තාව නැමැති ගඟ රැගෙන ආ බරින් නිදහස් වු බව දක්වයි . මහ මුහුද හමුවු සැනින් ගඟක් ගැන කාතාවක් ඉන්පසු කොතන කදිවත් සිදු නොකරන බව ගම්‍ය මාන කරයි .
13 හිරිමල් සිනා රූළි පෙණ පිඬු මීහිරි ත ම
ගල් පරවල ම හැපි හැපි බිහි කරමි ම ම
සම තැනිතලා වල හමුවෙයි අලස ක ම
නිරසයි අතරමඟ අවහිර නුදුටු බි ම
‘‘ගල්පරවලම හැපි හැපි බිහි කරමි මම " සමුද්‍ර ඝෝෂ විරිත යොදා ගනිමින් ජල දහාරාව ගල්කඳුවල හැපෙමින් පෙන නඟමින් ඉදිරියට ඇදි යන ආකාරය නිරූපිතය මෙහිදි යොදා ගත්බස නිසා අජිවි වස්තුවක් වුවද සජිවි බව අරෝපණය වි ඇත. ගලා හැලෙන ගඟේ චිත්ත රූප ඒ ආකාරයෙම සහෘද මනසේ ඇදෙයි .
‘‘නොමියන හේලි දහමක පණිවිඩය පිට
කොදුරුවේ කෙදිරියක් මුළු ලොව නිසලකොට"
අජිවි ගඟ යොදා ගනිමින් සනාතන දහම් පණිවිඩය ලොවට පසක් කර දෙයි ‘‘කොඳුරුම්" යන පද්‍ය යොදා ගනිමින් මෙතෙක් තමා ලත් අත්දැකිම ගඟ සමාජයට ප්‍රකාශකරන ආකාරය තිව්‍රර කරයි.
මේ ආකාරයට කුඩාවට ක්‍රම ක්‍රමයෙන් ආරම්භ වු ගඟ මුහුද හමුවු වන තෙක් ම ගැලිය යුතුය .ගලන ගඟ විඳින චමත්කාරය අපුර්ත්වයෙන් නිරූපණය කිරිමට කවියා දක්වා ඇති සමත් කම විශීෂ්ටය . අජිවි ගඟ සජිවි කන්තාවට සම කරමින් ඇගේ හඩින් ගැයෙන ගී රාවයක් ලෙස දක්වා තිබිම සුව්ශේෂි අංගයකි එබැවින් කවියා බලාපොරොත්තු වු අරමුණ සහෘද හදවතේහි ඒ ආකාරයෙන්ම ජනිත වන බව ප්‍රකාශ කළ හැකිය.