පරිශීලක:Ashanlakshitha

විකිපීඩියා වෙතින්

ලෝකය නිර්මාණය වීම සහ ජීව පරිණාමය[සංස්කරණය]

පොළොවේ ජීවීන් ඇති වූයේ කෙසේද?[සංස්කරණය]

විශ්වයේ තාරකා අප්‍රමාණ සංඛ්‍යාවක් තිබෙන බව සියලු දෙනාම දන්නා කරුණකි. එහි ක්ෂීරපථය නම් චක්‍රාවාටයේ ඇති සූර්‍යයා නම් තාරකාව වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක නවයකි. ඒවායින් පෘථිවිය නැමැති ග්‍රහලෝකයේ ජීවීන් ජීවත් වේ. දැනට සොයාගෙන ඇති ජීවීන් ජීවත් වන එකම ග්‍රහලෝකය එය පමණි. එයින් අදහස් වන්නේ විශ්වයේ ඇති ජීවීන් ජීවත් වන එකම ග්‍රහලොව මෙය බවද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට නම්, පෘථිවියේ ජීවීන් ඇති වීමට බලපෑ කරුණු කාරණා පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුය. පෘථිවියේ ජීවීන් ඇති වූයේ සූර්‍යයාගේ ඇති විශේෂත්වයක් නිසා නොවන බව ප්‍රථමයෙන්ම වටහා ගත යුතුය. සූර්‍යයා වැනි තාරකා විශ්වයේ ඕනෑ තරම් තිබේ. නමුත් ඒ සියල්ලෙහිම ජීවීන් ඇතැයි සිතිය නොහැක.

පොළොවේ ජීවීන් ඇතිවූ ආකාරය අපට පමණක් නොව අතිතයේ ජීවත් වූ මිනිසාටද ප්‍රශ්නයක් වූ බව පෙනේ. මන්ද යත් එකල බිහිවූ ආගම් වලින් පවා මෙම ගැටලුව විසඳීමට උත්සාහ දරා තිබුණු බැවිනි. ඒ සියල්ලම දෙවියන්ගේ වැඩ යැයි ඔවුන් තීරණය කලහ. නමුත් ක්‍රමක්‍රමයෙන් දෙවියන්ගේ වැඩ ගැන මිනිසුන්ගේ සිත් තුල සාධාරණ සැකයක් මතු වීමට පටන් ගත්තේය.

විවිධ කටයුතු සඳහා පොළොව කැණීමේදී අවුරුදු  දස දහස් ගණන් පැරණි ජීවීන්ගේ ඇටකටු හා පොසිල හමුවී තිබේ. ඒවා වර්තමානයේ ජීවත්වන ජීවීන්ට වඩා තරමක් වෙනස්ය. එසේ නමුත් වර්තමාන ජීවීන් හා ඒවා අතර යම්කිසි නෑකමක් ඇති බව විද්‍යාඥයින්ට පෙනී ගොස් ඇති කරුණකි.

පසුව චාල්ස් ඩාවින් නම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා විසින් මෙම අවුල විසඳීමට නව වාදයක් ඉදිරිපත් කර ඇත. පරිණාමවාදය ලෙස අද ප්‍රසිද්ධව ඇත්තේ එයයි. විශේෂයන්ගේ ස්ථාවරත්වය පිළිබඳව ඩාවින්ට පෙර බලපෑ මතය ඔහුගේ පරිණාමවාදී න්‍යායය නිසා සුනි වී ගියේය. මුළු මහත් ජෛව විද්‍යාව විප්ලවවාදී ලෙස වෙනස් කල න්‍යාය ඩාවින් වාදය විය. ප්‍රකෘති වාදය පිළිබඳ වූ සියලු ක්ෂේත්‍රයන්ට කාවැදුනු පරිණාමවාදී චින්තනය දැඩි ලෙස තහවුරු විය. ඩාවින්ගේ සමකාලීයෝ ඔහුගේ න්‍යාය ආගම්වාදීන්ගේ කඳවුර වෙත ඔහු එල්ල කොට ගසන ලද බෝම්බයකට සමාන කළහ. ඩාවින්  වාදය තුලින් කියවෙන්නේ පළමුව ඒක සෛලික ජීවීන්ගෙන් ආරම්භ වී පසුව මිනිසා වැනි සංකීර්ණ ජීවීන් දක්වා එය පරිණාමය වී ඇති බවකි.

ඊළග ප්‍රශ්නය වූයේ ඒක සෛලික ජීවීන් ඇති වූයේ කෙසේද යන්නයි. ඊට පිළිතුරු සෙවීමට පෘථිවියේ උපත දක්වාම තොරතුරු සෙවීමට ඔවුන්ට සිදුවිය. පොළොව ඇති වූ මුල්ම කාලයේ එය මහා වායු ගුලියකි. එකළ පොළෝ ගෝලය හරියටම බාගයට තැම්බුණු බිත්තරයක් වැනි යැයි කීවොත් නිවැරදිය.

පළමුව පිටත කට්ටද ඉන්පසු ක්‍රමයෙන් ඇතුලතද සිසිල් විය. ඒ සිසිල් වීමේදී වායු වර්ග එකතු වී පොළොව වටා පිරුණි. පසු කාලයේදී පොළොවේ වායු ගෝලය බවට පත්වූයේ එදා ඒ පිටවූ වායු වර්ගයි. එහි වැඩිපුරම අඩංගු වී තිබුනේ හයිඩ්‍රිජන්, මීතේන්, ඇමෝනියා හා ජල වාෂ්පයි.

තවත් අවුරුදු මිලියන ගණනක් ගත වී‍මේදී වායුගෝලයේ විවිධ වෙනස්කම් සිදු විය. ඊට මුල් වූයේ හිරු එළිය, විදුලි කෙටීම්, ගිනි කඳු ආදියයි. එසේම හිරු එළිය, විදුලි කෙටීම්, ගිනි කඳු ආදියේ තාපය නිසා පොළොවේ තිබූ කාබන් මූල ද්‍රව්‍ය, වායු ගෝලයේ තිබූ වායුමය මූල ද්‍රව්‍යය හා සම්බන්ධ විය. පොලොවේ ජීවීන් හටගැනීමට මුල් වූ කබනික ද්‍රව්‍ය ඇතිවූයේ මේ සම්බන්ධවීම් වල ප්‍රතිඵලයක් වශයෙනි.

කබනික මූලද්‍රව්‍ය වලින් මුලින්ම සෑදී ඇත්තේ ජීවී, අජීවී අතර අණුවකි. පළමු ඒක සෛලික ජීවියා බවට පත් වූයේ මෙම අණුවය. මුල්ම ඒක සෛලික ජීවියාට නෑකම් කියන ජීවියෙකු අදද පොළෝ තලයේ ජීවත් වේ. ඒ සැවොම හොඳින් හඳුනනා අමීබාය.

මෙලෙස රසායනික නැතහොත් පණ නැති දේවල් වලින් පණ ඇති දේවල් බිහිවීම හඳුන්වන්නේ රසායනික පරිණාමය නමිනි. මෙය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ රුසියාවේ ඒ.අයි. ඔපාරින් නම් විද්‍යාඥයා විසිනි. මෙය සත්‍යයට බොහෝ ආසන්න බව නූතන විද්‍යාඥයින්ගේ පරීක්ෂණ මගින්ද තහවුරු වී ඇත. ඇමරිකාවේ ස්ටැන්ලි මිලර් නම් විද්‍යාඥයා පොළොවේ ප්‍රාථමික වායුගෝලයේ වූ වායු වර්ග වන හයිඩ්‍රිජන්, මීතේන්, ඇමෝනියා හා ජල වාෂ්ප ප්ලාස්කුවකට දමා ඒ තුළින් වරි වර විදුලි පුළිගු යැවීය. එහිදී ජීවීන් හට ගැනීමට මුල් වන රසායනික ද්‍රව්‍ය වර්ග තුනක් එනම් ඇමෝනියා අම්ල තුන් වර්ගයක් සෑදී තිබුණි.

මෙම පරීක්ෂණයට කීර්තිමත් ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයෙකු වන මහචාර්‍ය සිරිල් පොන්නම්පෙරුම මහතා විසින්ද වඩා දියුණු උපකරණ ආධාරයෙන් කර මිලර්ට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගෙන ඇත.

ඉහත සඳහන් කල ආකාරයට රසායනික ද්‍රව්‍ය වලින් ජීවීන් ඇති වීම විශ්වයේ සෑම තැනකම සිදු විය නොහැක. ඒවා ඇතිවිය හැක්කේ ඊට ඉතාම සුදුසු පරිසරයක පමණි. එසේ නම් ඉතාම සුදුසු පරිසරය සකස් විය යුත්තේ කෙසේ දැයි සලකා බලමු.

පොළොවේ ජීවීන් ඇති වීමට ප්‍රධාන හේතුවක් නම් ඊට අවශ්‍ය කාබන්, නයිට්‍රිජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් වැනි රසායනික ද්‍රව්‍ය මෙහි අඩංගු වීමයි. තවද පොළොවට ඝන වායුගෝලයක්ද ඇත. ඝන වායුගෝලයක් තිබීමට නම් එම ග්‍රහලෝකය සෑහෙන්න විශාල විය යුතුය. නොඑසේ නම් එහි ගුරුත්වාකර්ෂණ ශක්තිය අඩුවේ. එවිට වායුගෝලයේ ඇතිවායූන් ග්‍රහලෝකයෙන් මිදී අභ්‍යවකාශයට විසිරී යනු ඇත. එවිට ග්‍රහලෝකයේ ඉතිරිවන ඉතා තුනී වායු ගෝලයෙන් ජීවීන් ඇති වීමට අවශ්‍යතාවයන් ලබා නොදේ.

තවද ජීවීන් ඇති වීමට ග්‍රහලෝකය හිරුගේ සිට නියමිත දුරකින් පිහිටිය යුතුය. උවමනාවට වඩා වැඩියෙන් ලං වුවහොත්, ඇතිවන ජීවීන් තද උණුසුම හේතුවෙන් මිය යයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා ඈත් වුවහොත් ජීවීන් ඇතිවීමට අවශ්‍ය රසායනික සම්බන්ධවීම් සිදු නොවේ. එවිටද ජීවීන් ඇති නොවේ. මේ නිසා ග්‍රහලෝකය පිහිටිය යුත්තේ පෘථිවිය පිහිටා ඇති ස්ථානය මෙන් ඊට ඉතාම සුදුසු ස්ථානයකය. එවන් ග්‍රහලොවක ජීවීන් ඇතිවීම ස්වාභාවිකය.

මිනිසාගේ ආරම්භය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමේදී ඉහත ආකාරයේ දැනට පිළිගෙන ඇති විද්‍යාත්මක කරුණු අනුව පෘථිවිය වැනි ග්‍රහලොවක ජීවීන් ඇතිවීම ස්වාභාවක වූ දෙයක් ලෙස දක්වා ඇත. නමුත් මෙම විද්‍යත්මක විග්‍රහයේද බැහැර කිරීමට සිදුවන ආකාරයේ ගැටළු රාශියක් ඇත.

ඩාවින් වාදය පහසුවෙන් “දෙවියන් වහන්සේ” යන වචනය “ස්වභාවධර්මය” යන වචනයට අනුයුක්ත කලද, පොළොව මත ජීවය ස්වභාවයෙන් පටන් ගැනීමේ හැකියාවක් දක්නට නැත. එබැවින් ඇතැම් විද්‍යඥයන් අභ්‍යවකාශයේ සරල කාබනික අණු මගින් ජීවය ආරම්භ වූ බව පවසයි. එහෙත් එය ජීවිතය අහම්බෙන් උත්පාදනය වූ බවට සැබෑ සක්ෂියක් ලෙස ගත හැකිද? රථ වාහන කොටස් ඇති ගබඩාවක් තුල මෝටර් රථයක් අහම්බෙන් නිර්මාණය විය හැකිද? එබැවින් මෙම මතය බැහැර කිරීමට සිදුවේ.

දැනට පිළිගැනෙන කාල නිර්ණය ක්‍රම වලින් දැක්වෙන වයස අනුව පරම්පරා පරිණාමය පහත පරිදි වේ.

හොමිනිඩ් ඒප්[සංස්කරණය]

මොහුගේ මොළයේ විශාලත්වය 350 cm3 ක් පමණ විය.

ඔස්ට්‍රොලෝපිතිකස්[සංස්කරණය]

වසර මිලියන 5-2 අතර වාසය කල අතර මොළයේ විශාලත්වය 550cm3 කි. එය 200cm3 ක වර්ධනයකි.

හෝමෝ හැබිලිස්[සංස්කරණය]

හෝමෝ විශේෂයේ පැරණිතමයා ලෙස ගැනෙන්නේ පුරු මිනිසාය. අප්‍රිකාවේ සවානා වනාන්තර වල ළඳු කැළෑවල මොහු වාසය කල බව කියැවේ. මොහුගේ මොළය 750cm3 කි. එය 200cm3 ක වර්ධනයකි.

හෝමෝ ඉරෙක්ටස්[සංස්කරණය]

අප්‍රිකාව හැර යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වූ පළමු මානවයා හෝමෝ ඉරෙක්ටස්ය. 850cm3-900cm3 අතර ප්‍රමාණයේ මොළයකට හිමිකම් කියන මොහුද ස්වකීය පුරෝගාමියාගේ මොළය පරයා උපරිම වශයෙන් 150cm3 ක් ඉදිරියට ගොස් සිටී.

හොමෝ සේපියන්[සංස්කරණය]

මොවුන්ගේ මොළයේ ප්‍රමණය 1400cm3-1600cm3 ක් අතර වේ. ඒ අනුව ඔහුගේ පුරෝගාමියා වූ හෝමෝ ඉරෙක්ටස්ගේ මොළයේ ප්‍රමාණයට වඩා උපරිම වශයෙන් 850cm3 ක් පමණ ඉක්මවා සිටීමට මොහු සමත්ය.

සැලකිය යුතු බුද්ධියත්, භාෂාව හැසිරවීමේ හැකියාවත් මොවුන් සතුය. තාක්ෂණය හා සමාජයද, කෘෂිකර්මයද ඔවුන් වර්ධනය කරත්ම මානවයෝ වටපිටාව වැඩි වැඩියෙන් තම අණසකට ගත්හ. මානව පරිණාමවාදයේ වෙනත් ප්‍රවර්ධනීය ප්‍රවණතා හා සාපේක්ෂව බලන විට අචින්තනීය අධිවේගයකින් ඉදිරියට ගොස් ඇති බව පැහැදිලිය. අවසාන අදියරෙන් පසු මෙවන් දැවැන්ත බුද්ධිමය පිම්මකට අවතීර්ණය වීම වඩාත් ආශ්චර්‍යජනක සුවිශේෂ සිද්ධියකි.

ජීව පරිණාමය අතින් පමණක් නොව බුද්ධි පරිණාමය අතින්ද ඉතා කෙටි කලක් තුලදී මිනිසා තබා ඇත්තේ දැවැන්ත පියවරක් බව කිසිසේත් අමතක කල නොහැකිය. ස්වාභාවික අන්දමින් මිනිසාගේ පරිණාමය වූයේ නම් 850cm3 පමණ වෙනසකින් මිනිස් මොළය වර්ධනය විය හැකිද? පුරාණ මිනිසාගේ සිට අද දකින දියුණු මිනිසාගේ පරිණාමය දැකිය හැකිද? දැනට මිනිසාගේ සම්භවය පිළිබඳ ඉදිරිපත් වී ඇති විශාලතම ප්‍රශ්නය වන්නේ ආචාර්‍ය විලියම් ගොඩ්වින්ගේ සොයා ගැනීමයි.

නූතන මානවයා නියැන්ඩතාල් මානවයාගෙන් පැවත එන්නෙක් නොව දැනට වසර 40,000 කට පමණ පෙර ඔවුන් නියැන්ඩතාල් මානවයා සමග එකට ජීවත් වූ පිරිසක් බව ඔහුගේ ගවේෂණය මගින් හෙළි වී ඇත.

රොබට් වැරෝන් නැමැති සම්භාවනීය ලේඛකයා “The Mastery Of The World” නැමැති කෘතියේ (94 වැනි පිටුව) පිටසක්වලුන්ගේ පැමිණීම පිළිබඳව මෙසේ සඳහන් කරයි. “ඈත අතීතයේ මිහිපිට විභූතිමත් ශිෂ්ටාචාරයක් තිබුණා විය හැකිය. පිටසක්වල ජීවීන් එහි වූ බුද්ධිමත් ජීවීන් සොයා පෘථිවිය කරා පැමිණියේ එවන් අවධියකදී විය හැකිය.

මිනිසාගේ කායික, මානසික ප්‍රවර්ධනයට අවශ්‍ය දේ සපයා ඉන්පසු මිහිපිට සත්වයාට ඔවුන්ගේ ජාත ප්‍රදානය කළා විය යුතුය. පිටසක්වලුන් මිහිතලය මත ඇරඹූ ජීව පරිණාමය පිළිබඳ පරයේෂණයක් සාර්ථක අන්දමින් එසේ අවසන් විය. එවන් පාර ලෞකික ජාන සංකලනයක් නොවිණි නම් මිහිපිට මානවයාගේ ජීව පරිණාමය මෙතරම් කඩිනම් වීමට හේතු නොපෙනේ. එකල පෘථිවියේ වෙනත් සත්වයන්ගේ පරිණාමීය ප්‍රවණතාවය හා සාපේක්ෂව සලකා බලන විට මානවයාගේ ප්‍රගතිය අති ධාවනීය එකකැයි සිතේ.

එපමණක් නොව එම අවධියේ සිටි සෙසු වානරයන් අදටත් පෙර සිටි තැනමය. රුක් මගින් බිමට බසින්නටද ඔවුන් තවම සිතා නොමැත. මිහිතලය මත ප්‍රබල ශිෂ්ඨාචාරයක් ගොඩනැගීමත්, කලින් කල එහි ප්‍රගතිය පිරික්සීම හා නඩත්තු කිරීමත් පිටසක්වල ජීවීන්ගේ අරමුණ විය. මිනිසාගේ මෙලොව දියුණුවට අදාල ගණිත මිණිතාදී විද්‍යාත්මක දැනුම මෙන්ම ඔහුගේ අධ්‍යාත්මික ප්‍රගතිය සඳහාද ඔවුන් ක්‍රියාකල බවට ලොව නන් දෙසින් අසන්නට ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පිටසක්වළ ජීවීන් පිළිබඳ හෙළි  නොවූ කතා[සංස්කරණය]

ජර්මනියේ ෆර්ස්ටන් ෆීල්ඩ් බ්‍රේක් වලදී 1948 නොවැම්බර් 23 වෙනිදා දුටු පියාඹන පීරිසි පිළිබඳ දර්ශනය ඇත්ත වශයෙන්ම පුදුමය දනවන්නකි. එදා රාත්‍රි 11 ට පමණ F-80 යානය ගුවනේ අඩි 27000 කට ඉහළින් පදවමින් සිටි නියමුවා රතු ආලෝක විහිදුවමින් ගමන් ගන්නා අද්භූත යානයක් අහසේදී දුටුවේය. තමා යන දෙසටම පැයට සැතපුම් 900 ක පමණ වේගයකින් ගමන් ගන්නා එම යානය ගුවන් හමුදාවෙන් නොයවන ලද්දක් බව පාලක මැදිරිය සමග කල කතාබහෙන් හෙතෙම දැන ගත්තේය. එම අද්භූත යානය අඩි 50,000ක් දක්වා ඉහළට නැග අහසේ නොපෙනී ගියේය. මේ හා සම්බන්ධ වෙනත් කිසිම යානයක් හෝ පරීක්ෂක බැලූනයක් හෝ ඒ වෙලාවේ ගුවන්ගත නොකරන ලද බවට ගුවන් සේවා පාලක මධ්‍යස්ථානය සහතික විය. මේ ප්‍රවෘත්තිය ප්‍රොජෙක්ට් සයින් ව්‍යාපෘතියට වාර්තා කරන ලදී. ආරන්චිය ලබා දුන් කපිතාන්වරයා ගුවන් කටයුතු වල අති දක්ෂයෙකු නිසා ඒ පුවත ස්ථීර වශයෙන්ම විශ්වාස කටයුතු බව පිළිගත්තේය.

1948 ඔක්තෝම්බර් 15 දිනයේ ජපාන අහසේ P-61 Black Vidow ප්‍රහාරක යානාව රේඩාර් තලයේ කුමක් හෝ වස්තුවක් චලනය වෙන බව රාත්‍රී 2ට පමණ දැක ඇත. මේ කුමක් දැයි විමසීම පිණිස ප්‍රහාරක පෙට්‍රෝල් යානාව 6වාරයක්ම ගත් උත්සාහය ව්‍යර්ත විය. ඒ අද්භූත යානය සිය ගමන් වේගය පැයට සැතපුම් 1200ක් දක්වා වැඩිකර ඉදිරියට ගිය නිසාය. 7 වෙනි වර කරන ලද උත්සාහයේදී එහි වේගය අඩු කොට හඹා එන යානය තම යානයට ළං වීමට ඉඩ සලස්වන්නා සේ පෙනී ගියේය. එවර එම යානය ගෝලකාර වස්තුවක් බවත් අඩි 20-30 ක් පමණ දිග ඇති බවත් ඔවුන් පැහැදිලිවම දැක තිබේ.

මෙහි ගමන් ගත් මිනිසුන්ගේ හැඩරුව හා ඔවුන් අඳ සිටි අඳුම් ගැනද පැහැදිලි වාර්තා සටහන් කර තිබේ. මුලු සිරුරම වැසෙන සේ ඔවුන් අඳ සිටි අඳුම දිලිසෙනසුලු නිල් අඳුමක් ලෙස විස්තර කර තිබේ.

උතුරු ඩැකොටා අහසේ පියාසර කල ඉතාමත් දක්ෂ හා කාර්‍යශූර පළපුරුදු ගුවන් යානා නියමුවෙකු 1948 වසරේ ඔක්තොම්බර් 1 වෙනිදා දුටු දර්ශනයක වාර්තා පුවත්පත් වල පළ වෙන්නට විය. සිද්ධිය ආරම්භ වූයේ ලෙෆ්ටිනන් ජෝර්ජ් ගෝර්මන් ඔහුගේ P-51 Mustang ප්‍රහාරක යානයෙන් දෛනික නිරීක්ෂණය නිමා කොට රාත්‍රී 9 ට පමණ ෆාගෝ ගුවන් තොටුපොළට යානය පහත් කිරීමට සැරසෙද්දීය. එවිට ඔහු ගුවන්‍ යානයක  පසු භාගයේ විදුලි ආලෝකයක් තම යානයට යාර 1000 කට පමණ ඈතින් දකුණු දෙසින් පහතට ඇදීයන ආකාරය දුටුවේය. ඔහු මේගැන පාලක මැදිරියට වාර්තා කල අතර ඒ මොහොතේ වෙනත් කිසිම යානයක් ගුවන්ගත වී නැති බව මැදිරියෙන් වාර්තා කලේය.

තමා දුටු අමුතු ආලෝකය තවත් පැහැදිලිව නරඹන පිණිස ගෝර්මන් එදෙසට තම යානය පැදවීය. එම යානයට යාර 1000ක් පමණ ලගා වූ පසු එය විෂ්කම්භය අඩි 10-12ක් පමණ වන ඉතාමත් පැහැදිලි රජතමය පැහැගත් ගෝලාකාර වස්තුවක් බව දුටු ඔහු ඒ පිළිබඳව පාලක මැදිරියට වාර්තා කලේය. එය සලිත වෙමින් දැල්වෙන හා නිවෙන විදුලි ධාරා දිගින් දිගටම පිටකරන බවද ඔහු සඳහන් කරයි.

තමා යාර දහසෙනුත් ඔබ්බට යමින් යානයට වඩාත් ලං වීමට දරද්දී එය දකුණු ඇලයට හරවා ගමන් වේගය තවත් වැඩි කළේය. එම වේලාව වන විට ගෝර්මන්ගේ යානයේ වේගය පැයට සැතපුම් 400 දක්වා වැඩිකර තිබුණි. නමුත් ඔහුට එම යානය අසලකටවත් යා නොහැකි විය. මෙවර එම අද්භූත යානය වම් ඇලයට හරවා වේගය තවත් වැඩි කරමින් ඉහල නැංවීය. ගෝර්මන් තම යානය කෙලින්ම පැදවීය. එක් වරම ඒ අද්භූත යානය නැවත දකුණට තිබුණු නැම්මක් හරවා තම යානය අභිමුවට ගමන් කරන්නට විය.

ගෝර්මන් තම යානය එම අද්භූත වස්තුවේ ගැටීම වලක්වා ගැනීම පිණිස තම යානය එක්වරම පහත් කළේය. ඒනිසාම පිටසක්වල යානය P-51 යානයට වඩා අඩි 500ක් පමණ ඉහලින් විරුද්ධ දිශාවට මාරුවිය.

අද්භූත යානය නැවතත් ආපසු හැරී පෙර සේම තම යානය හා ගැටීමට මෙන් වේගයෙන් ඉදිරියට එනු ඔහු දුටුවේය. මෙවර නියතයෙන්ම එම යානය තම යානය හා ගැටෙන බව ඔහුට නිසැකය. එහෙත් මොහොතකින් එය ඇල උසට නැගෙමින් ඉහලට නැංගේය. ගෝර්මන් වන්නක් වුනාවේ යන චේතනාවෙන් එය හඹා ගියේය. මෙවර අඩි 14000ක් ඉහලදී ඔහුගේ යානයේ වේගය නැවතුනි. අද්භූත යානය දසුනෙන් ඉවත් වී නොපෙනී ගියේය. පුරා මිනිත්තු 37ක් තිස්සේ මේ හඹායාම ක්‍රියාත්මක විය.

මීට බාහිරව පයිපර් කප් යානයේ ගමන් කරමින් සිටි ආචාර්‍ය E.A කැනන් හා ඔහුගේ සහයකයාද මේ ගෝර්මන් විසින් පදවන ලද P-51 යානය හා අද්භූත පරසක්වල යානයද පැහැදිලිව දුටු බව පසුව වාර්තා කලේය. ගුවන් තොටුපොලේ පාලන මැදිරියේ ක්‍රියාකාරී ලොයිඩ් ඩී. ජොන්සන් හා එච්. ඊ ජොන්සන් යන දෙදෙනාම මේ අද්භූත යානයේ පැහැදිලි ක්‍රියාකාරකම් මනාව දුටු බව පවසති.

ඇමෙරිකානු ජාතික ජෝන් ඩේ, 1978 දෙසැම්බරයේ එක් සවසක සිය බිරිඳ සමග, හැරල් හීල්ස් එක්ස් හී නාට්‍යයට ගියහ. පස්වරු 9.20 ට ජෝන් ඩේ සිය ගමන ආරම්භ කළේය. එහෙත් ඔහුගේ ගමන කෙලවර වූයේ රාත්‍රී 12.45 ටය. වැනදා පැයකින් ගමන අවසන් කරන මොවුනට එදා මෙතරම් කාලය ගත වීම ප්‍රශ්නයක් විය. එහෙත් නිවසට පැමිණි පසු දඩි තැතිගැත්මක ලක්ෂණ පලකළ මොවුනට සිහිනෙන් මෙන් අද්භූත මිනිසුන්ට මැදි වූ ආකාරයත් එම අද්භූත මිනිසුන් තමා හා බිරිඳ රැගෙන ගිය ආකාරයත්, පරීක්ෂාවට භාජනය කරන ආකාරයත් මතකයේ රැඳී තිබිණ. එය මහත් මානසික වදයක් විය.

අවසානයේදී මනෝ විද්‍යාඥ ලියෝනාර්ඩ්, ජෝන් සහ ඔහුගේ බිරිඳ මෝහනයට පත් කළේය. එහිදී මතකය අවදි කල අතර ඔහු සහ බිරිඳ අරුම පුදුම කතාවක් හෙලිකළේය.

“මා මෝටර් රථයෙන් ගමන් කරද්දී අතරමගදී ආලෝක ධාරාවක් එල්ල වුණා. මට පෙනුනේ එම ආලෝක දහරාව විතරයි. ඊළගට මම සිටියේ අමුතු විදිහේ කාමරයක. අමුතු මිනිස්සු තුන්දෙනෙක් මා අසල සිටියා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා උසයි. ඇස් අමුතුයි. රෝසපාට ඇස්වල පිහාටු නැහැ. මා එක්ක ඒ අමුතු මිනිස්සු කතා කලා. ඒත් ඒ භාෂාව තේරුම් ගන්න අමාරුයි. භාෂාව ටෙලිපති ක්‍රමයක්. ඒ මිනිස්සු කතා කරන දේ මට තේරුණා. මම හිතන දේත් ඒ මිනිස්සුන්ට තේරුණා. මම ශල්‍යාගාරයකට ගියා. රොබෝ අතක් වැනි අතකින් මා පරීක්ෂා කලා.

තවත් මිනිස්සු දෙදෙනෙක් යළිත් උපකරණයක් මගින් ම පරීක්ෂා කලා. පරීක්ෂණයෙන් පසු මට යානය පරීක්ෂා කිරීමට සිතුනා. ඊළගට මා සිටියේ මෝටර් රථය පදවමින්.”

ජෝන්ගේ බිරිඳ සුසී මෝහනයට පත් කිරීමෙන් පසු හෙළිවූයේ ජෝන් පැවසූ කරුණුමය.

මෙහිදී මතුවූ නොවිසඳුනු ප්‍රශ්නයක් වූයේ පිටසක්වල ජීවීන් හා ජෝන් කතාබහ කලේ කුමන භාෂාවකින්ද යන්නයි. විද්‍යාඥයින්ගේ මතය වූයේ මෙලෙස කතාබහ සිදුකරනු ලැබුවේ ටෙලිපති, (TELEPATHY) ක්‍රමයකින් බවයි. ඒ අනුව පිටසක්වළ ජීවීන් පිළිබඳ සිදු කරන පරීක්ෂණ, නවීන තාක්ෂණය මගින් හසුකොට ගැනීමට නොහැකි වී ඇත්තේ පිටසක්වළ ජීවීන්ගේ අධි තාක්ෂණික මට්ටමට වඩා පෘථිවි ජීවීන්ගේ තාක්ෂණය පහළ මට්ටමක පවතින නිසා බවද පිළිගැනීමට සිදුව ඇත.

කපිතාන් සී.එස් වයිල්ස් හා ඔහුගේ සහායක නියමු ජේ.බී විටාඩ් ගමන් ගත්තේ ඊස්ටර්න් එයාර් ලයින් සමාගමට අයත් DC-3 ගුවන් යානයෙන් හුස්ටන් සිට බොස්ටන් දක්වාය. මෙදින උදේ 2.45 ට අලබානෙහි මොන්ටි ගෝමරි ප්‍රදේශයේ සිට අඩි 5,000 ට ඉහළින් මොවුහු පියාසර කළහ. මෙවිට තම යානය ඉදිරියෙන් දකුණට බරව තමනට ළංවෙමින් සිටින වස්තුවක් ඔහු දුටුවේය. මෙය හමුදා ජෙට් යානවක් විය හැකියැයි ඔහු එකවරටම සිතුවේය.

ඒ රාත්‍රිය ඉතාමත් පැහැදිලිය. අතරින් පතර වූ වළාකුඵ රැළි කිහිපයක් මැදින් දීප්තිමත් චන්ද්‍රාලෝකය විහිදෙමින් තිබුණි. තමන් ගමන් ගන්නා දෙසටම පියාසර කරන මෙම වස්තුව ගුවන් නැවියන් දෙදෙනාම පැහැදිලිව දුටුහ. මොවුන් ගමන් ගන්නා DC-3 ගුවන් යානයේ අනතුරුදායක රතු හා කොළ එළි පැහැදිව දැල්වෙමින් තිබුණි. මේ ආලෝක ධාරා දැකීමෙන් අනතුරුව එම යානය වෙනත් අතකට හරවා යනු ඇතැයි නැවියන් දෙදෙනාම නිගමනය කළහ. එසේ වුවද එම යානය තමන් දෙසටම එනු දුටු නියමුවෝ තැති ගත්හ. වේගය අනුව තව ක්ෂණිකයකින් එය තම යානයේ ගැටීම වළක්වා ගනු පිණිස වයිල්ස් සිය යානය දකුණට හැරවීය. මෙම අද්භූත යානයද මොහොතින් ගමන් මග වෙනස් කරමින් තම යානයේ දකුණු තටුවට අඩි 100ක් පමණ ඈතින් හඹා ගියේය. එම යානයේ සාමන්‍ය වේගය පැයට සැතපුම් 700ක් පමණ වියහැකියැයි ඔවුහු අනුමාන කළහ. දැන් නාවිකයෝ එම අද්භූත යානය දෙස බලති. වේගයෙන් හා ක්ෂණයකින් රඹ පැහැති විදුලි ආලෝක ධාරා පසුතලයෙන් විහිදුවමින් එය කෙළින්ම ඉහළට නැග අතුරුදන් විය.

මොවුන් කරන විස්තරයට අනුව මෙම යානයට පියාපත් නැත. සුරුට්ටුවක හැඩය ගනී. දෙපසේම ජනෙල් පේළි 2කි. මැග්නීසියන් හා සමාන ආලෝක ධාරා දිගින් දිගටම විහිදුවීය.

තිස් දෙහැවිරිදි කෙනත් ආර්නෝල්ඩ් 1947 ජුනි 24 දා ඔහුගේ තනි ඇන්ජිමේ ගුවන් යානය වොෂින්ටනයේ කැස්කේට් කඳුවැටියට අඩි 9200ක් ඉහළින් පදවමින් සිටියේය. එය ඉතා යහපත් හිරු එළියක් පැවැති සන්ධ්‍යාවකි. හදිසියේම ඔහු ඉදිරියෙන් නිල් හා සුදු පැහැති ආලෝක ධාරාවක් දිස්විය. එය පිපිරීමක් යැයි ඔහු එකවරම සිතුවේය. එය ඉතාමත් නුදුරේ බවද ඔහුට පෙනුණි. යානයේ හෝරාව සවස 3.00 දැක්වීය.

නිමේශයක් ගෙවී ගියේය. කිසිවක් සිදු නොවුනි. ආර්නෝල්ඩ් අහසේ සෑම අතම බැලුවත් ඔහුට කිසිවක් දක්නට නොලැබුණි. ඔහු තවදුරටත් ඈත බලද්දී DC-4 වර්ගයේ සැන්ෆැන්සිස්කෝ තනි අසුනේ යානයක් පැහැදිලිව ගුවනේ ගමන් කරනු දැක ළය සැහැල්ලු කරගත්තේය. ඒ සමගම හදිසියේ ඉතාමත් පැහැදිලි නිල් සුදු ආලෝක ධාරාවක් තම ගුවන් යානයේ පසුපසින් දර්ශනය විය. දැන් ඒ ආලෝකය තම යානයට උතුරු දෙසින් පැමිණ ඊට උඩින් වේගයෙන් යනු ඔහුට පෙනිණ. ඒ හා සමානව කඳුවැටියට ඉහළින් ඉතා දීප්තිමත් යමක් නොසිතිය හැකි තරම් වේගයකින් ගමන් කරනු ආර්නෝල්ඩ්ට පැහැදිලිවම පෙනුණි. එය ගුවන් හමුදාවේ නවතම අත්හදා බැලීමේ සේවාවට යොමු කල ප්‍රහාරක ජෙට් යානාවක් විය හැකි යැයි ඔහු සිතුවේය. තමා පදවන යානයේ සිට එම යානයට ඇති දුර අනුමාන කල නොහැකි තත්වයක පැවතියත් පරතරය සැතපුම් 20ක් විය හැකියැයි ඔහු නිගමනය කළේය.

පඩි පේළියක් මෙන් සිටින සේ එකිනෙකට ආසන්නව යානා 9ක්ම ගමන් කරනු දැන් ඔහුට පෙනේ. ඒවා එකිනෙක පහත්වෙමින් අතුරුදන් වන ආකාරයද ඔහු පැහැදිලිව බලා සිටියේය. ඔහුගේ අනුමානය අනුව එම යානාවල තටුවල දිග අඩි 45ත් 50ත් පමණ විය හැකි නමුත් වේගය අනුමාන නොකල හැකි විය.

මේ යානා පේළියේ පළමුවැන්න රෙයිනර් කඳුවැටියෙන් පහත් වන විට ඔහුගේ යානයේ වේලාව 3.02 පසුවී තත්පර 42 ක් ගත වී තිබුණි. ආර්නෝල්ඩ් ඔහුගේ සිතියම පරීක්ෂා කළේය. මේ කඳුමුදුනට එතැන සිට සැතපුම් 47ක් ඇති බව දැක්වීය. ඒ අනුව ඔහු දුටු යානයේ ගමන් වේගය ඔහු ගලපා බැලුවේය. එය හරියටම පැයකට සැතපුම් 1656ක් විය. මෙය මේ සමයේ එතෙක් ඔහු අසා ඇති වේගවත්ම ජෙට් යානයේ වේගය මෙන් තුන් ගුණයකි.

පිටසක්වල ජීවීන් පිළිබඳව මහත් ආන්දෝලනයට ලක්වූ සිද්ධිය වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝස්වෙල් ප්‍රදේශයෙනි. එම සිද්ධිය සැකෙවින් මෙසේය.

1947 ජූලි මාසයේ මුල් සතියේ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් කලාපයට හඳුනාගැනීමට අපහසු යානයක් ඇතුල් වූ බව එරට රේඩාර් උපකරණ මගින් කියවුණි. මේ යානය දින හතරක් පුරා පියාසර කර අවසානයේදී ජූලි හතරවනදා රාත්‍රියේදී නව මෙක්සිකෝ ප්‍රදේශයට කඩා වැටුනු බවත් රේඩාර් සංඥා මගින් දැනගන්නට ලැබුණි.

පසුදා උදෑසන තම බැටළු පට්ටියේ බැටලුවන් සෙවීමට ගිය මැක් බ්‍රැසල් නම් පුද්ගලයා රොස්වෙල් ප්‍රදේශයේ තිබූ විශාල ලෝහ කැබලි දැක ඒ බව පොලිසියට දැන්වීය. වැඩිදුර පරීක්ෂණ මගින් පෙනීගියේ ඒ ලෝහ කැබලි කඩා වැටුනු යානයට අයත් බවයි.

මේ ගැන පරීක්ෂණ කල මේජර් මාෂල් ප්‍රකාශ කරන්නේ ඒවා ගිනි නොගන්නා ලෝහ වර්ගයක් බවයි. බොහෝ දුරට ගල් කැබලි වලට සමාන වූ මේ ලෝහ පෘථිවියේ භාවිතා නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එසේම යානයේ තිබූ පාට දෙකකින් රැස් විහිදෙන කිඩා වස්තූන් කිහිපයක්ද ඔහු විසින් සොයා ගන්නා ලදී. දම් හා තවත් අමුතු පැහැයක් ගත් මේවා විස්තර කල නොහැකි ජ්‍යාමිතික හැඩයකින් යුක්ත වූ බවද පැවසේ.

අද්භූත යානයක කොටස් හමුවීමත් සමගම වෙනත් ග්‍රහලෝකයක ජීවත්වන ජීවීන් පැමිණි යානයක් කඩා වැටුණු බව මුළු ලෝකය පුරාම පැතිරුණි.  නමුත් ඇමෙරිකානු රාජ්‍ය දෙපර්තමේන්තුව පැවසුයේ එය කාලගුණය පරීක්ෂා කිරීමට යැවූ බැලුමක් කඩා වැටීම නිසා සිදුවූ අනතුරක් බවයි. නමුත් වාර්තා වූ තොරතුරු වලට අනුව මේ යානයේ ජීවීන් හය දෙනෙකු සිටි  බවත් ඉන් පස් දෙනෙක් යානය කඩා වැටීමක් සිදු වූ අනතුරෙන් මිය ගිය බවත් ඉතිරි ජීවියා ඇමෙරිකානු රහස් තොරතුරු ඒකකයේ අත්අඩංගුවට පත් වූ බවත් පැවසුණි.

ග්ලේන් ඩෙනිස් නම් අවමංගල අධ්‍යක්ෂකවරයා පවසන්නේ ගුවන් හමුදා නිළධාරියෙක් තමන්ගෙන් කුඩා ප්‍රමාණයේ මිනී පෙට්ටි කිහිපයක් ඉල්ලූ බවත් දින කිහිපයක් මළ සිරුරක් නරක් නොවී තබා ගන්නේ කෙසේදැයි විමසූ බවත්ය. ඒ අවස්ථාවේම රෝහලට ගිය ඩෙනිස් දැක ඇත්තේ රහසේම රෝහලට ඇතුලත් කරන පිරිසකි. ඔහු හෙදියකගෙන් මේ ගැන විමසූ විට ඇය අමුතු ජීවියෙක්ව ඇඳ පෙන්වූ බව ඩෙනිස් පවසයි. පසුවදාම මේ හෙදිය එංගලන්තයට මාරු කර යවා ඇති අතර ඉන් පසු ඇය පිළිබඳව කිසිම තොරතුරක් වාර්තා වී නැත.

1994 දී පෙන්ටගනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ 1947 දී රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණේ ඇමෙරිකාව යැවූ පරීක්ෂණාත්මක යානවක් බවයි. එහි මිනිසුන්ට සමාන රබර් මිනිසුන් සිටි බවත් පිටසක්වල ජීවීන් යැයි රැවටුනේ ඒවාට බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

නමුත් ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ සේවය කර විශ්‍රාම ගිය ග්‍රෑන් කොග්මන් නැමැත්තා ප්‍රකාශ කරන්නේ 1942දී කඩා වැටුනු යානයේ සිටි හිසකෙස් රහිත අඵ පැහැති සමක් ඇති අඩි 5 අගල් 4ක් පමණ උස ජීවීන් පස්දෙනෙකු තමා දුටු බවයි. ඔවුන් ගෙන යාමට තමා උදවු කල බවත් කොග්මන් පවසා ඇත. මේනිසා ඇමෙරිකානු රහස් දෙපාර්තමේන්තුව අප දන්නවාට වඩා බොහෝ දේ දන්නා බව වැඩි දෙනාගේ අදහසයි.

තුන්ගුස්කා ගගේ අභිරහස[සංස්කරණය]

මීට වසර 109කට පෙර එනම් 1908දී සයිබීරියාවේ තුන්ගුස්කා ගග අසලට වැටුනු යම්කිසි වස්තුවක් නිසා එම ප්‍රදේශය ලෝකයේ ඉතා ප්‍රසිද්ධියට පාත්‍ර විය. මෙය තුන්ගුස්කා උල්කාපාතය යනුවෙන් හැඳින්වින. මෙම හේතුවෙන් වනාන්තරයේ හෙක්ටයාර ගණනාවක් තුල පිහිටි ගස් කොළන් ආදිය විනාශ විය. විද්‍යාඥයෝ හා පරීක්ෂකයෝ අවුරුදු ගණනාවක් තිස්සේම එම ස්ථානය පිරික්සූහ. ඔවුන් අතරද මේ වස්තුව කුමක්දැයි යන්න පිළිබඳව උණුසුම් වාද විවාද ඇතිවිය. ඔවුන් විසින් මේ දක්වා නිල වශයෙන් නිගමන 80ක් පමණ ඉදිරිපත් කර ඇතත් එයින් බොහෝමයක් ඉදිරිපත් වීමත් සමගම බැහැර විය. එහෙත් අදටද මේ පිළිබඳ තර්ක විතර්ක ඉදිරිපත් වෙමින් පවතී. එහෙත් මෙය සිදුවී වසර 109ක් ගෙවීගියද තවමත් ඒ පිළිබඳව ඇති තතු සොයාගැනීමට හැකි වී නැත. පසුගිය වසර කිහිපය තුළදී ටයිගාවේ ඇදවැටුණු ගස් නැවත රෝපණය වී ඇත. එහෙත් මේ රෝපණය වී ඇති ගස් ලෝකයේ වෙනත් තැන්වල රෝපණය වූ එම වර්ගයන්හි ගස් වලට වඩා වෙනස් ලක්ෂණ වලින් යුක්තය.

ලෝකයේ ඕනෑම තැනක වැටෙන ලාව් ගසකට ඇත්තේ පෙති 2ක් සහිත පත්‍රයකි. ලාව් ගස ද්විබීජ පත්‍ර ශාකයක් වුවද ටයිගාවේ ඇති ලාව් ගසකට පත්‍ර 3කි. එමෙන්ම එහි දක්නට ලැබෙන සමහර තාල වර්ගයට අයත් ගස්වල අතු බෙදීමක් දක්නට ලැබේ. එපමණක් නොව මෙම ශාකවල ළාදලුවල පැහැයද පත්‍ර වල ඝනකම පත්‍ර වල පැහැය පත්‍රයේ නාරටි විහිදීම හා එහි ලාටුවල අඩංගු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය ආදියෙහි අසාමන්‍ය ලක්ෂණ දක්නට ලැබේ.

ශාක පමණක් නොව එහි වෙසෙන කෘමි සතුන්ද නොයෙකුත් විපර්‍යාසයන්ට ලක්වී ඇති බවත් පර්යේෂණ වලින් පෙනී ගොස් තිබේ. සාමාන්‍යයට වඩා මෙහි කෘමි සතුන් විශාලය. එමෙන්ම කුඩා ප්‍රමාණයේ සතුන් සාමාන්‍යයට වඩා බරින් වැඩිය. එමෙන්ම ඔවුන්ගේ ආයු කාලය, පිහාටුවල ස්වභාවය, ශරීර වර්ණය ආදියේ විශේෂ වෙනස්කම් දක්නට ලැබේ.

මෙවැනි පිපිරීමකින් අපට අනාවරණය කළ හැක්කේ කුමක්ද? මෙහි ලක්ෂණ අනුව අපට විද්‍යාමාන වන්නේ හයිඩ්‍රජන් බෝම්බයක පිපිරීමයි. දැනට එම නගර පිහිටි ස්ථානයේ නොයෙකුත් දැඩි පිළිස්සුම් සහිත පස් දැකිය හැකිය. නමුත් ඒ අවට කිලෝමීටර ගණනාවක් දක්වා විහිදුණු ප්‍රදේශයක සොඩම් හා ගොම්රා යන නගර තිබූ බවකට කිසිඳු සාක්ෂියක් දක්නට නැත.

හයිඩ්‍රජන් බෝම්බයක් හෙලීමට නම් ඉතා ඉහළින් පියාසර කරන යානයක් අවශ්‍යය. එසේ නම් රයිට් සහෝදරයන් විසින් ගුවන් යානය නිර්මාණය කිරීමට වසර දහස් ගණනකට පෙර අහසේ පියාසර කරන යාන තිබුණිද? වරෙක විස්තර කල පරිදි සොඩම් හා ගොම්‍රා නගර තිබූ පෙදෙස ආශ්‍රිතව ලෙබනනයේ දක්නට ලැබෙන ගලින් තැනූ විශාල වේදිකාව පමණක් දැනටත් ඉතිරි වී තිබේ. අඩි 60ක් පමණ දිග මේ වේදිකාව කුමක්දැයි කිසිවෙකුටත් අද දක්වා විස්තර කළ නොහැකිය. නමුත් විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් මෙය අතීතයේ පෘථිවියට පැමිණි පිටසක්වලයන්ගේ යානා නැවැත්වීම සඳහා යොදාගෙන ඇති බවට අනුමාන කරති. එසේ නම් සොඩම් හා ගොම්‍රා නගර වලට සිදුවූයේ කුමක්ද?

අතීත ගොම්‍රා හා සොඩම් නගරවැසියන් සමග පිටසක්වලයන් සබඳකම් පැවැත්වූ බවට ගත හැකි හොඳම නිදසුනක් ලෙසට ඒ අසල ඇති ගලින් නිමවූ වේදිකාව ගත හැකිය.

එමෙන්ම එම පිපිරීම පිළිබඳව එම නගරවැසියන් දැන සිටි බවත් මළ මුහුදේ ලියවිල්ලෙන් කියවේ.   මේ පිපිරීම දෙස නොබලන ලෙස උපදෙස් දී ඇති බවත් කියවේ. එසේ නම් ඒ නගරවැසියන්ට හෝ පෘථිවි වැසියන්ට වඩා දැනුම ඇති ජීවීන් පිරිසක් එය සිදුකරනු ලැබ ඇති බව මෙයින් පැහැදිලිය. ඔවුහු එම පිපිරීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක දැන සිටියහ. එබැවින් එම පිපිරීම දෙස නෙත් යොමු නොකරන මෙන් ඔවුන්ට දැනුම් දුනි.

එසේ නම් ඔවුන් මෙම පිපිරවීම කුමන අරමුණක් සඳහා සිදු කළේද? ඇතැම්විට අතීතයේ ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදාබැලීම සඳහා පෘථිවිය යොදා ගත්තා විය හැකිය. එසේ නොමැතිනම් ඔවුන්ගේ තාක්ෂණයෙන් ඉදිකල සොඩම් හා ගොම්‍රා නගර අනාගතයේදී තමන්ට බළපෑමක් වේ යැයි සිතූ නිසා ඒවා විනාශ කලා විය හැකිය.

මෙම පිපිරීම සිදු වූ ස්ථානයේ විකිරණශීලී ද්‍රව්‍ය අතිමහත්ය. පෘථිවියේ මෙතෙක් කිසිඳු තැනක දක්නට නොලැබෙන ආකාරයේ ඉමහත් චුම්භකත්වයක් මෙහි දක්නට ලැබේ. මැහිදී මාලිමා යන්ත්‍රයක් භාවිතා කලහොත් අපට බර්මියුඩා ත්‍රිකෝණයේදී මාලිමාවට සිදුවන වෙනස දැකගත හැකිය. මේ ප්‍රදේශය පිළිබඳ ඇති තතු සෙවීමට මූලික සාධකය සොයා ගැනීමට හැකිවූයේ සිදුවීමෙන් වසර 60කට පසුවය.

එය හමුවූයේ වෂ්කා ගං ඉවුරෙනි. එහි ගිය පුද්ගලයෝ කිහිපදෙනෙක් තමන්ගේ ගිලිහුණු යමක් සොයන්නට විය. එහෙත් එහිදී ඔවුන්ට හමුවූයේ ඉතා විශ්මයජනක ලෝහ කැබැල්ලකි. එය ඔවුන් අතින් අහම්බයකින් ගලක වැදුනු අතර එවිට එයින් ගිනි පිටවන්නට විය.

අනතුරුව එය මොස්කව් හි පිහිටි පර්යේෂණාගාරයක් වෙත යැවිණි. රිදී පැහැති 2kg ක් පමණ ස්කන්ධයෙන් යුතු වූ මෙම ලෝහ කැබැල්ල කොටස් තුනකට වෙන්කොට ඇමෙරිකාවේ ජාතික පර්යේෂණාගාරයට හා අනෙක සෝවියට් පර්යේෂණාගාරයකටත් යවන ලදුව එය පරීක්ෂණයට භාජනය කිරීමෙන් එහි 10% ක් ලැන්තානම්(Lanthanum), 67%ක් සීරියම්(Cerium), 8%ක් නියෝඩිමියම් ද(Neodymium), ඔක්සයිඩ වලින් තොර පිරිසිදු යකඩ 0.4% ක්ද විය.

මෙය පෘථිවියේ නිෂ්පාදිතයක් නොවේ. මෙවන් ලෝහ වස්තුවක් නිපදවීමට අප ලෝකයෙහි සතු අති නවීනතම තාක්ෂණයද ප්‍රමාණවත් නොවේ.

එය ඉතා ප්‍රභල LASER කදම්භයක පෘෂ්ඨයට පැමිණි කෝණයට සමාන කෝණයක් සාදමින් පරාවර්තනය කිරීමට සමත් විය. වෙඩි උණ්ඩයක් හෝ එය පසාරු කිරීමට අසමත් විය. පර්යේෂණ වලින් අනාවරණය වූයේ මෙය අඩි 27ක විෂ්කම්භයක් ඇති කවාකාර වස්තුවක කොටසක් බවයි.

ඒ අනුව මෙය මෙතෙක් කල් පැවසූ ආකාරයට තුන්ගුස්කා උල්කාපාතය ලෙස තවදුරටත් හැඳින්විය නොහැකි විය. මේ අතර මේ සිද්ධිය වන විට වයසින් වසර 2ක්ව සිටි අයෙකු මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේය. නමින් ඇලෙක්සැන්ඩර් කසාන්ට් සේව් නම් ඔහු තම වැඩිවිය මුඵමනින්ම කැප කලේ මෙම සිද්ධිය අධ්‍යයනය කිරීම සඳහාය. ඔහු 1940දී එය පිටසක්වලින් ආ යානයක් බව ප්‍රකාශ කලත් එය බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කළේය. එසේ ඔහුගේ අදහස .ප්‍රතික්ෂේප කලද පසුව සොයා ගත් ලෝහ කැබැල්ල හා එහි ගස් කොළන්වලද, ජීවීන්ගේද අසාමන්‍ය ලක්ෂණ හේතුවෙන් එය යම් ස්ථාවරත්වයකට පත් විය.

වසර 9ක් යනතුරුම 1976 සොයා ගැනීම් පුවත්පත්වල පළ නොවීය. 1985 ජනවාරියේදී සෝවියට් දේශයේ විද්‍යාඥ සර්ගෙයි බෝෂිව්, සෝෂලිස්ට් “කායා ඉන්සුන්ට්‍රියා” පුවත්පත වෙත නිවේදනයක් නිකුත් කරමින් තවත් ලෝකයක අජටාකාශ යානයක් පෘථිවියට ආසන්න කක්ෂයේකදී පුපුරා ගිය බව ප්‍රකාශ කළේය.

එසේ නම් තුන්ගුස්කා ගගේ අභිරහස පිළිබඳ කතා කිරීමේදී තවදුරටත් එය උල්කාපාතයකට සම්බන්ධ කල යුතු නැත. ඇති තතු දැනගැනීමෙන් එය පිටසක්වලට සම්බන්ධ වී අවසානය.

සමහරවිට මෙම හඳුනා නොගත් පියාසර වස්තුව පෘථිවියට ඇතුඵ වූයේ පෘථිවියේ යම් දෙයක් පිළිබඳව පර්යේෂණ කිරීමට විය හැකිය. එහෙත් එය ටයිගා වනයට පතිත වූයේ එහි පැමිණි ආගන්තුකයන්ට අප පෘථිවියේ පීඩනයට සරිලන ආකාරයට යානය පාලනය කර ගැනීමට අපහසු වූ නිසා විය හැකිය.

පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආගමනය[සංස්කරණය]

පිටසක්වල අමුත්තන් එන අභිරහස් කලාපය[සංස්කරණය]

පිටසක්වල යානා හා පිටසක්වල ජීවීන් පිළිබඳව කතා කිරීමේදී එය නොවැදගත් ලෙස සලකන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. නමුත් සියයට සියයක්ම පිටසක්වල යානා හා ජීවීන් පිළිබඳව සොයා බලන්නේද පර්යේෂණ රහසින්ම කරන්නේද ඇමෙරිකාවයි. එහෙත් පුදුමය නම් මේ සියල්ලම ලෝකයාට සියුම් අන්දමින් වසන් කිරීමයි. මේ සඳහා ඇමෙරිකානු රහස් ඔත්තු සේවා ඉතාමත් රහසිගත වැඩපිළිවෙලක් දියත් කර ඇත.

ලෝකයේ සියලුම රටවලට පැමිණෙන අභිරහස් යානා හා ජීවීන් සම්බන්ධ තොරතුරු සියල්ලම ඇමෙරිකානු රහස් අංශ වෙත යොමු කෙරේ. එමගින් අනිකුත් රටවලට හෝ ජනමාධ්‍ය වලට ඒ තොරතුරු ගලා යාම සම්පූර්ණයෙන්ම වළක්වයි. මෙම තොරතුරු සියල්ලම ඉතාමත් රහසිගත ලෙස නම් කෙරේ. මෙයින් පැහැදිලි වන්නේ අභිරහස් යානා හා ජීවීන් පිළිබඳව තොරතුරු සියල්ලම ඉතාම රහසිගත ලෙස ඇමෙරිකාව විසින් එක්රැස් කර අනාගත දැවැන්ත කාර්‍යභාරයක් සඳහා සූදානම් වන බවයි.

එහෙත් මෙහිදී මතුවන මූලික ප්‍රශ්නය වන්නේ මේ සියල්ලම ලෝකයෙන් සගවා තැබීමට බළපාන හේතු කවරේද යන්නයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ පිටසක්වල ජීවීන්ගේ තාක්ෂණය පිළිබඳව ඇතිවිය හැකි උනන්දුව නිසා පවතින අවධානමයි. මෙම මනඃකල්පිත සිතුවිල්ල මත සිටින ඇමෙරිකාව අභිරහස් යානා පිළිබඳ සියලුම පර්යේෂණ සිය ඒකාධිකාරය මගින් සගවාගෙන සිටියි. මෙය පැහැදිලි වන්නේ ඇමෙරිකාව “නොවාඩා” ප්‍රදේශයේ අතිවිශාල භූමි ප්‍රදේශයක පවත්වාගෙන යන අතිශයින්ම රහසිගත ප්‍රදේශයකි. එය හැඳින්වෙන්නේ නොවාඩා පර්යේෂණ මධ්‍යස්ථානය වශයෙනි.

එය 51 ප්‍රදේශය හෙවත් AREA 51 නමින් හඳුන්වයි. දැනට ලෝකයේ ඇති අතිශයින්ම රහසිගත ප්‍රදේශය ලෙස සැලකෙන්නේද මෙම ප්‍රදේශයයි. මෙහි සිදුවන්නේ කුමක්දැයි යන්න සොයා බැලීමට කිසිවෙකුට අවස්ථාව නොලැබේ. ඒ සඳහා ඇතුල්වීමට කිසිවකුටත් අවස්ථාව නැත.

51 ප්‍රදේශය පිහිටා ඇත්තේ එක් පසෙකින් නෙලිස් කඳුවැටිය සීමා මායිම්වය. අනික් පසින් ග්‍රෑම් විල හා විශාල කාන්තාර ප්‍රදේශයකින් සීමාවෙයි. කාන්තාර  වියළි දේශගුණයක් සහිත මෙම ප්‍රදේශයට ඉහළින් කිසිඳු ගුවන් යානයකට පියෑඹවීමට අවසර නැත. 51 ප්‍රදේශය ගුවන් යානා ගමනාගමනයේදී හඳුන්වන්නේ AREA-51 “THE BOX” ලෙසිනි. එහිදී ගුවන් යානා නියමුවන්ට සිදුවන්නේ 51 ප්‍රදේශයට අවත් හතරැස් කොටුව හරහා ගමන් නොකර එය වටා ගමන් කිරීමටය. ඇමෙරිකානු ගුවන් හමුදාව පැය 24 පුරාම මෙම ප්‍රදේශය දැඩි නිරීක්ෂණයට ලක් කරයි. කිසියම් ගුවන් යානයක් එම කලාපයට ඇතුල් වුවහොත් ඒ ගැන වහාම සොයාබැලීමට ඉදිරිපත් වෙයි.

මෙම ප්‍රදේශයේ භූ විෂමතාව ඇමෙරිකාවේ අනිකුත් ප්‍රදේශවල භූ විෂමතාවට වඩා වෙනස් ලක්ෂණ වලින් පිරී ඇත. දශක කීපයකට පෙර මෙම ප්‍රදේශය ගවයන් ඇති කරන තෘණ භූමි ප්‍රදේශයක් ලෙස ප්‍රචලිත විය. ගවයෝ දහස් ගණනක් මෙම තෘණ භූමිය පුරාම ජීවත් වූහ. වර්ග සැතපුම් 1350ක් පුරා විසිරී සිටියේ මිනිසුන් 100කටත් අඩු පිරිසකි. ඒ සඳහා මුල් වූයේ එම ප්‍රදේශයේ පැවති අධික වියළි ස්වභාවය හා යම් යම් අද්භූත සිදුවීම්ය.

කිසිඳු හේතුවක් නොමැතිව ගවයන් අතුරුදන් වීම, ගවයන් දෙතුන් එනා සෑම දිනකම අභිරහස් ලෙස මිය යෑම, ගොවිපොළ අයිතිකරුවන්ට මහත් ප්‍රෙහෙලිකාවක් වුවද එම තර්ජන මැඩපැවැත්වීමට නොහැකි විය. පසුව ගොවිපොළ අයිතිකරුවෝ සියලු ගොඩනැගිලි විනාශ කර ප්‍රදේශයෙන් ඉවත් විය. එහෙත් ගොවිපොළ භූමිය පෙන්වාදීම සඳහා සළකුනක් ලෙස තැපැල් පෙට්ටිය ඉතිරි කර යෑමට ඔවුන් අමතක නොකළේය. තැපැල් පෙට්ටිය දශක ගණනාවක් පුරාම අව්වැසි වලට හසුවෙමින් දුර්වර්ණව පැවතිණි.

දශක ගණනාවක් පැවති තැපැල් පෙට්ටිය කිසිවෙකුගේ අවධානයට ලක් නොවීය. 1996 මාර්තු 27 වෙනිදා තැපැල් පෙට්ටිය පිළිසකර කිරීමට නොවාඩා ප්‍රාන්ත නිලධාරීන් පියවර ගනු ලැබීය. එම තැපැල් පෙට්ටිය කඵ තීන්ත ආලේප කර වියළීමට පෙර පෙට්ටිය පැරණි තත්වයෙන් යළිත් පෙනෙන්නට වීම විශ්මය දනවන්නක් විය. එහෙත් මේ         51  කලාපයේ  ගොඩනැගිලි                  පිළිබඳව කළ පර්යේෂණ වලදී හෙළි වූයේ එම කාලය තුල කිසිවෙකු එම ප්‍රදේශයට නොගිය බවයි. එහෙත් නොවිසඳුණු ගැටළුව වූයේ තැපැල් පෙට්ටිය පැරණි තත්වයට පත්වූයේ කෙසේද යන්නයි. විටින් විට මෙම ප්‍රදේශය හරහා ගමන් කල පුද්ගලයන්ට අභිරහස් යානා දැකගන්නට ලැබී ඇත. ඒ සියල්ලම කඵ තැපැල් පෙට්ටිය අසලදී දැකගන්නට ලැබී ඇති බව එම තොරතුරු වලින් හෙළි විය. මේ නිසා බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ 51 ප්‍රදේශය පිටසක්වල අද්භූත යානා හා ජීවීන් ගොඩබසින ස්ථානයක් ලෙසය. එහෙත් මෙහි ආරක්ෂාව සලසන්නේ ඇමෙරිකානු විශේෂ අංශයක් මගිනි. එය හැඳින්වෙන්නේ “CAMMO DUDES” යනුවෙනි.

මෙහි ආරක්ෂාව සඳහා විශේෂ රථ හා හෙලිකොප්ටර් පවා යොදා ගනී. මෙතරම් ආරක්ෂාවක් සපයන්නේ කුමක් නිසාද යන්න ලෝකයේ බොහෝ විද්‍යඥයින්ට ගැටලුවකි.

51 ප්‍රදේශය පිළිබඳව ලෝකයේ විවිධ පර්යේෂකයින් චන්ද්‍රිකා උපයෝගී කරගෙන පර්යේෂණ පවත්වා ඇත. එමගින් හෙළි වී ඇත්තේ විශාල ගුවන් යානා ගුවන්ගත කරන ධාවනපථයන්, අති විශාල රේඩාර් ඇන්ටෙනා, අභිරහස් පර්යේෂණ ස්ථාන මෙන්ම ලෝකයේ විශාලතම ගුවන් පථය (සැතපුම් 24) මෙම 51 ප්‍රදේශයේ පිහිටුවා ඇති බවයි.

51 ප්‍රදේශයේ ස්ථාපිත අති විශාල ගුවන් පථය සැතපුම් 24ක් දිග වීම සුවිශේෂ කරුණකි. ඇමෙරිකානු රහස් ව්‍යාපෘති අතරින් එකක් පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේය. එය මෙමෙ ධාවන පථයයි. මේ පිළිබඳව සොයා බැලූ පර්යේෂකයින්ගේ අදහස වී ඇත්තේ පියාසර වස්තු උඩුගුවනට ගෙන එන මවුයානා මෙහි නිපදවන බවයි.

51 ප්‍රදේශයේ පිහිටුවා ඇති අතිවිශාල රේඩාර් ඇන්ටෙනා ලෝකයේ තිබෙන විශාලතම ඇන්ටෙනා පද්ධතිය බව කියති. 1992 අප්‍රේල් මස NBC මාධ්‍ය ආයතනය 51 ප්‍රදේශයේ තොරතුරු සොයා බැලීමට ගොස් ඇති අතර එහිදී එම පිරිසට 51 ප්‍රදේශයේ දකුණු ප්‍රදේශයේ ඉහළින් පියාසර කරන වස්තුවක් දක්නට ලැබී ඇත. මෙම අපූරු යානය වීඩියෝ ගතකල අතර 1992 අප්‍රේල් මස 20 වැනි දින NBC ප්‍රවෘත්ති සේවයෙන් විකාශය කෙරිණි.

1947න් පසු හඳුනා නොගත් පිටසක්වල යානා 51 ප්‍රදේශයේදී විටින් විට දක්නට ලැබුණු බව එම ප්‍රදේශවාසීන් හෙළිකර ඇත. එයට හේතුව 1947 රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණු පිටසක්වල යානයක සිටි පිටසක්වල ජීවීන් පර්යේෂණ සඳහා 51 ප්‍රදේශයට රැගෙන යාමයි.

මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වූවන් හෙළිකර ඇත්තේ එම යානයේ පණ පිටින් සිටි ජීවියා පිටසක්වල යානයක් පැමිණ ගෙන ගොස් ඇති බවය. පසුව 51 කලාපයේ නිලධාරීන් සමග මිත්‍ර වූ පිටසක්වල ජීවීන් ඒ මිත්‍රත්වය වෙනුවෙන් සුවිශේෂ තාක්ෂණයක් දුන් බවට මතයක් පවතී. ඔවුන්ගේ එම තාක්ෂණය උපයෝගී කරගෙන ඇමෙරිකාව විසින් F-22 , B-2 වැනි ප්‍රහාරක යානා නිපදවා ඇතැයිද සැකයක් පවතී.

මෙම යානා වල පවතින විශේෂත්වය වන්නේ කිසිඳු රේඩාර් සංඥාවකට හසු නොවී ඉලක්කය වෙත ගොස් ප්‍රහාර එල්ල කිරීමයි. පිටසක්වල යානාවල පැමිණීම හසු නොවෙන්නේද රේඩාර් තරංග උරා ගැනීමේ හැකියාව පවතින බැවිනි. එම තාක්ෂණය ප්‍රහාරක යානා සඳහා යොදාගත්තේ 51 ප්‍රදේශයේ පැවැත්වූ පර්යේෂණ මගින් බවට සැකකරයි.

එයට අමතරව න්‍යෂ්ටික අවි ආයුධ අත්හදා බැලීම් මෙන්ම ගුවන් යානා, ජීව විද්‍යාත්මක අවි, ආදී පර්යේෂණ පවත්වන බවද පිළිගැනේ. පිටසක්වල යානා වලින් පැමිණෙන ජීවීන් මානවයා සතු විද්‍යා හා තාක්ෂණික ඥානය පිළිබඳව සොයා බැලීමට 51 ප්‍රදේශයට පැමිණෙන බවටද සැක කරයි. මේ මතයට පරස්පර මතද ඇත. එමගින් පෙන්වා දෙන්නේ ඇමෙරිකාව සතු තාක්ෂණය මගින් පිටසක්වල යානා ගැන පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බවයි. පිටසක්වල යානා උපයෝගී කරගන්නා සිතා ගැනීමටවත් නොහැකි අධිතාක්ෂණය ඇමෙරිකානු තක්ෂණයට හසු නොවන බවද එම තාක්ෂණය හඳුනා ගැනීමට තවත් වසර සියදහස් ගණනක් ගතවන බවද පෙන්වා දී ඇත. එහෙත් 51 කලාපය පැවතෙන්නේ මුඵ ලෝකයාටම රහසින් සිදුකරන පර්යේෂණ බවට මතයක් පවතී.

වගා කව

පිටසක්වලින් පැමිණෙන බවට විශ්වාස කරන අද්භූත යානා විශේෂයන් පියාඹන පීරිසි ලෙස හඳුන්වයි. මේවා පැමිණීමත් සමගම පෘථිවිය පුරාම අස්වාභාවික සිදුවීම් රැසක් වාර්තා වීමට පටන් ගෙන ඇත.

එලෙස වාර්තා වූ සිද්ධි අතුරින් තවමත් නිවැරදි විසඳුමක් ලබා ගත නොහැකි වූ සිද්ධියකි අස්වනු වෘත්ත හෙවත් “වගා කව”. මෙය ඉංග්‍රීසියෙන් “CROP CIRCLE” ලෙස හඳුන්වයි. අස්වනු වෘත්ත ලෙස හඳුන්වන්නේ සශ්‍රීක වගා භූමියක් තුල එක රැයක් තුළදී ඇතිවන විශාල සංකීර්ණ එහෙත් අද්භූත් රටාවන්ය. මේවා අද්භූත රටාවන් ලෙස හඳුන්වන්නේ කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව ගොඩබිම පුරා ඇති වී තිබෙන බැවිණි. ඉඳහිට හිමෙහිද, කාන්තාර ප්‍රදේශවලදීද හමුවන අතර මේවා වෘත්තාකාර හෝ මුදු හැඩයෙන් යුක්ත වේ. එබැවින් CIRCLE ලෙස හඳුන්වයි.

ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, බ්‍රිතාන්‍යය, නවසීලන්තය, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ස්පාඥ්ඥය, බල්ගේරියාව, චිකොස්ලෝවෙනියාව, දකුණු අප්‍රිකාව, ඕලන්දය, නෝර්වේ ආදී රටවල් වලින් ඉහත කී අකාරයේ වගා කව පිළිබඳව වාර්තා වී ඇත. අසල්වැසි ඉන්දියාව තුළින්ද මෙවැනි කගා කව 1500ක් පමණ වාර්තා වී ඇත.

මුල්ම වගා කවය පිළිබඳ වාර්තා වූයේ බ්‍රිතාන්‍යයේ විල්ට්ෂයර් ප්‍රාන්තයේ වික්ටර් බෝන් ප්‍රදේශයෙන්ය. මෙවැනි ජ්‍යාමිතික රූප වලින් 80%ක්ම වාර්තා වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ වගාවන් ආශ්‍රිතවය.

මෙම අරුමපුදුම වගා කව වලට මුලින් අවධානයක් යොමු වූයේ 1980 වසරේදීය. මෙම වෘත්ත වල විශ්කම්භය අඩි 10 සිට අඩි 100ක් පමණ දක්වා විහිදේ. වෘත්තාකාරයටම හෝ තරු රටා ආකාරයට හෝ වූ මෙවැනි හැඩතල නිමවීමට ගතවන්නේ පැය කිහිපයක් වීම සැමගේ විශ්මයට හේතු වී ඇත. එහෙත් පුදුමයට කරුණක් වන්නේ අද වනතුරුත් මෙවැනි අස්වනු වෘත්ත ඇතිවන අයුරු කිසිවෙකු දැක නොමැති වීමයි. ලොව නන් දෙසින් මේවා වාර්තා වන අතර පසුගිය වසර 10 ඇතුළත බ්‍රිතාන්‍යයේ පමණක් මෙවැනි වෘත්ත වල වැඩිවීමක් දක්නට ලැබේ.

මෙවැනි අස්වනු වෘත්ත නිරීක්ෂණය කළ විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි මෙහිදී වගාවට හානියක් සිදුවී නොමැත. වගා කවයන්ට හසුවූ භූමිවල අස්වැන්න අනෙක් ප්‍රදේශයේ අස්වැන්නට වඩා බෙහෙවින් වැඩිවන බව වාර්තා වේ. ධාන්‍ය ගස්නම් ඇඹරී ගියද තිරිගු හෝ අනෙකුත් ධාන්‍යයන්ට ඉන් හානියක් සිදුවී නොමැති බවද පරීක්ෂකයෝ පෙන්වා දෙති. එහෙත් මේ ප්‍රදේශයන්ගේ චුම්භක ක්ෂේත්‍රය අනෙක් ප්‍රදේශයන්ට වඩා වෙනස් බවද විද්‍යාඥයෝ පෙන්වා දෙයි. තවද මෙම ප්‍රදේශයන්හි වගා කටයුතු කරනු ලබන ගොවි මහතුන් මෙවැනි සිදුවීම් වලින් අනතුරුව විවිධ රෝගාබාධයන්ට ලක්වී ඇතිබවද වාර්තා වේ. එනම්, හිසේ කැක්කුම, නාසයේ ආබාධ, ඇස්වල ආබාධ ආදියට හසුවීමයි.

කොලින් ඇන්ඩෲස් නම් පරීක්ෂකයා පසුගිය වසර 20 පමණ මුලුල්ලේ මෙවැනි වගා කව පිළිබඳ විවිධ පරීක්ෂණ වල නියැලුන පුද්ගලයෙකි.

ඔහු පවසන පරිදි මේවා තුළ ජ්‍යාමිතික රූප බහුලව ඇත. සමමිතිය පිළිබඳව පවසන ඇන්ඩෲස් මේවා යම් මිම්මකට සිදුකල ඒවා බවද සඳහන් කරයි. ඇන්ඩෲස් මෙම අරුම පුදුම වගාකව දිගින් දිගටම විශ්ලේෂණය ක‍ළ අතර මේවායේ සමීප දසුන් විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇත.

වරක් ඇන්ඩෲස් වගා කවයක් ආශ්‍රිතව කළ පරීක්ෂණයකදී ඒ අවට පිරිස් පවසා සිටියේ එම ප්‍රදේශයට පෙර දින රාත්‍රියේදී ආලෝක ධාරවක් ඇදී යනු දුටු බවයි. ඒ අනුව ඇන්ඩෲස් නිගමනය් කළේ අස්වැන්නක් මත හඳුනා නොගත් ආලෝක ධාරාවක් ඇදීයාමෙන් පසුව මෙවැනි වෘත්ත නිර්මාණය වන බවයි.

එහෙත් තවත් විද්‍යඥයින් පිරිසක් පවසන්නේ මේවා ගොවියන් විසින්ම සිදු කරන බවය. එහෙත් මහ රෑ තම වගා බිමට පැන ඒවා විනාශ කිරීමට ගොවියන්ට ඇති උවමනාව කුමක්ද? තවද මෙවැනි විශාල වූත් සංකීර්ණ වූත් නිර්මාණ කිරීමට ඔවුන්ට හැකියාවක් තිබිය හැකිද?

මෙවැනි අස්වනු රටා හමුවන ප්‍රදේශ දැනට හඳුනාගෙන ඇත. එනම් මෙවැනි රටාවන් හමුවී ඇත්තේ භූගත ජලය බහුලවමය ලැබෙන ස්ථාන, අධි ආරක්ෂිත කලාප ආශ්‍රිතව, පූජනීය ස්ථාන ආශ්‍රිතව ලෙස දක්වා ඇත.

මේ පිළිබඳව වැඩි දෙනෙකුගේ මතය වන්නේ මේවා සක්වල ජීවීන් විසින් පෘථිවියේ නිර්මාණය කරන ලද බවත්, ඉන් විශ්වය හරහා ගමන් කරන සක්වල යානාවන්ට නොයෙකුත් පණිවිඩ නිකුත් කරන බවය. එසේනම් කිසිවෙකුට නොදැනී නොපෙනී නිමේෂයක් තුළදී ඔවුන් මෙසේ තම සංඥා නිර්මාණය කරන්නේ තම සන්නිවේදන කටයුතු සඳහාමද?

තවත් පිරිසක් පවසන්නේ මෙම වගා කව සක්වල ජීවීන්ගේ අක්ෂර සංකේත බවයි. සිහිවටන ලෙස මේවා ඔවුන් පැමිණි ප්‍රදේශවල සටහන් කර යන බව මෙම පිරිස පවසයි. කෙසේ වුවද මේවා සක්වල ජීවීන්ගේ නිර්මාණයක් බව පිළිගන්නා පිරිස 80%ක් පමණ වේ.

කරුණු එසේ වුවද බර්මියුඩාවෙහි අභිරහස මෙන්ම වගා කවයන්හි අභිරහසද තවම පෘථිවි තලයටම රහසක් වී පවතී. යම් දිනෙක අප පිටසක්වල ජීවීන් සමග සෘජු සම්බන්ධතාවක් ගොඩනැගූ දිනට මෙම වගා කව පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණිය හැකිවනු ඇත.

පිටසක්වල ජීවීන්ගේ ලංකා ආගමනය[සංස්කරණය]

පිටසක්වල ජීවීන් ලංකාවට පැමිණීම පිලිබඳ තොරතුරුද මෑත කාලයේදී ප්‍රචාරය විය. පිටසක්වල සිට පැමිණෙන්නට ඇතැයි සැක කරන යානා 1960 සිට 2006 දක්වා විටින් විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

1960 -      නුවර එළිය

1970 -      එප්පාවල

1964 -      පොළොන්නරුව

1992 -      පොළොන්නරුව

1998 -      බණ්ඩාරවෙල

2000 -      කොස්ගම

2002 -      පොළොන්නරුව

2006 -      ගාල්ල

අභිරහස් යානා පිළිබඳව වාර්තා වූ වර්ෂ වේ.

ශ්‍රී ලංකාවේ ගාල්ලේදී දැකියහැකි වූ යානයක් ගොඩබැසීමේදී ඇති වූ සලකුණු “Corn Circles” ලෙසට හැඳින්වෙයි. මේ ආකාරයේ සළකුණු ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් හමු වී ඇත. ශ්‍රී ලංකාවේදී හමු වූ සලකුණ පිළිබඳව ආචාර්‍ය චන්දන ජයරත්න මහතා ඇතුඵ පිරිස විසින් පරීක්ෂණ පවත්වමින් සිටින අතර, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු ඉදිරියේදී හෙළිකොට ගැනීමට හැකිවනු ඇතැයි ඔවුහු කියති.

මෙසේ පැමිණෙන බවට සැකපහළ කළ ස්ථාන සියල්ල “SLUFORA” (ශ්‍රී ලංකවේ හඳුනා නොගත් යානා පිළිබඳ පර්යේෂණ ආයතනය) හි පරීක්ෂණ කණ්ඩායම් විසින් පරීක්ෂණයට භාජනය කොට තිබුණි. මේ සම්බන්ධව අ‍‍දහස් දක්වන ආචාර්‍ය චන්දන ජයරත්න මහතා මෙසේ කියයි.

“ගාලු ප්‍රදේශයේ ස්ථානයකට පැමිණි පිටසක්වල යානාවක් බවට සැකකරන ස්ථානය පරීක්ෂණයට භාජනය කොට ඇති අතර, ඉදිරියේදී ඒ පිළිබඳව තොරතුරු හෙළි කිරීමට හැකිවනු ඇත. වෙන්නප්පුව හා ගම්පහ ප්‍රදේශයේ අභිරහස් යානා හා ජීවියෙකු පිළිබඳව පුවත සැක සහිතයි”

ශ්‍රී ලංකාවේ හඳුනා නොගත් යානා පිළිබඳ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරී සංජීව බණ්ඩාරගේ අදහස මෙසේය.

“අභිරහස් යානා අධි තාක්ෂණයෙන් යුත් යානා විශේෂයක්. පැමිණෙන ජීවීන් සජීවී ජීවීන් නොව රොබෝවරුන් ලෙස හඳින්විය හැකියි. පෘථිවියේදී ඔවුන් හමුවන මිනිසුන් අහම්බෙන් හමු නොවන අතර, දීර්ඝ කාලයක් පුරා ආත්මයෙන් ආත්මයට හමුවන පිරිසක් විය හැකියි.”

පිටසක්වල ජීවීන් සෙවීමේ විද්‍යාත්මක පර්යේෂණ

පිටසක්වල ජීවීන් සෙවීමේ ව්‍යාපෘති[සංස්කරණය]

පිටසක්වල ජීවීන් හා යානා පිළිබඳව ලැබෙන තොරතුරු වැඩිවත්ම ඒවායේ නිරවද්‍යතාව පිළිබඳව ගැටළු මතුවිය. මෙම ගැටළු නිරාකරණය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ව්‍යාපෘති කීපයක් ආරම්භ කරන ලදී.

නිල් පොත් ව්‍යාපෘතිය(1947-1969)[සංස්කරණය]

-Project Blue Book-

1947 දී ආරම්භ කරන ලද මෙහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කලේ නෝත්චෙස්ට් විශ්ව විද්‍යාලයේ මහචාර්‍ය ඇලන් හයිනෙක් ය. 1947 සිට 1969 දක්වා කාලයක් තුල වාර්තා වූ සිදුවීම් 10,000කට ආසන්න ප්‍රමාණයක් මෙමගින් විමර්ශනය කළ අතර ඉන් 701ක් පැහැදිලිවම හඳුනාගත නොහැකි සිදුවීම් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ගුවන් හමුදාව විසින් ආරම්භ කරන ලද සයින් ව්‍යාපෘතිය (Project Sign) හා ග්‍රජ් ව්‍යාපෘතිය (Project Grudge) පසුව මේ යටතට පැවරුණි.

සෙටි SETI[සංස්කරණය]

-Search for Extra-Terrestrial Intelligence-

මීට වසර 40කට පමණ පෙර 1961දී ෆ්‍රෑන්ක් ඩ්‍රෙක්ගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ කරන ලදී. ලොව දසත විසිරී ඇති අති විශාල රේඩියෝ දුරේක්ෂ උපයෝගී කර ගනිමින් පෘථිවියට පිටින් එන කෘතිම රේඩියෝ සංඥා ග්‍රහණය කර ගැනීම මෙහි ප්‍රධාන කාර්‍යයයි.

SETI ව්‍යාපෘතිය යටතේ දිවෙන තවත් ශාකා ව්‍යාපෘති කිහිපයක්ද වෙයි.

ෆීනික්ස් (Phoenix)[සංස්කරණය]

මෙමගින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 200ක් තරම් ළගින් පිහිටි සමාන තරු 1000ක් නිරීක්ෂණය කිරීම ඉලක්ක කොට ඇත. 1995දී මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නිරීක්ෂණාගාරයේ පිහිටි මීටර 64ක විශ්කම්භයක් ඇති රේඩියෝ දුරේක්ෂයයි. 1996 සිට බටහිර වර්ජීනියාවේ අඩි 140 රේඩියෝ දුරේක්ෂයද යොදා ගැනුණි.

බීටා (Beta) –Bellion Cahnnel Extraterrestrial Array-[සංස්කරණය]

දත්ත ලබා ගැනීම සඳහා චැනල බිලියනයක් යොදා ගැනීම යන තේරුමෙන් නම් කරන ලද අතර හාවඩ් විශ්ව විද්‍යාලයේ පෝල් හොරොවිට්ස්කි ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදු කරන ලදී. හාවර්ඳි පිහිටි මීටර 26 රේඩියෝ දුරේක්ෂයෙන් 1.4GHz ක පරාසයක සංඛ්‍යාත නිරීක්ෂණය කරන ලදී. Million Channel Extraterrestrial Array හා මෙටා-2 මේ හා සබැඳුනු තවත් ව්‍යාපෘති දෙකකි.

සෙරන්ඩිප් (Seren dip)[සංස්කරණය]

-Search for Extraterrstrial Radio Emmissions from Near by Developed Intelligenr Populations-

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වී ව්‍යාපෘතියකි. ලෝකයේ ඕනෑම තැනක ඇති රේඩියෝ දුරේක්ෂ මේ සඳහා යොදා ගත හැකි විය. 1978 ආරම්භ කරන ලද අතර 1997දී සෙරන්ඩිප්-3 ද 1998 සෙරන්ඩිප්-4 ද ලෙස අනු ව්‍යාපෘති ක්‍රියාත්මක විය.

පයිනියර් 10- Pioneer 10[සංස්කරණය]

1972දී අභ්‍යවකාශගත කළ යානයකි. සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගිය පළමු යානය ලෙස වාර්තාවක්ද තබා ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ කිසියම් බුද්ධිමත් ජීවී කොට්ඨාශයක් විශ්වයෙහි සිටියි නම් ඔවුනට මිනිස් සංහතිය පිළිබඳ දැනුම් දීමයි. ඒ සඳහා යානයේ කුඩා රන් ආලේපිත ඇලුමිනියම් තහඩුවක අප ගැන පණිවිඩයක්ද ගැහැණු රුවක් හා පිරිමි රුවක්ද ඇඳ ඇත. මේ පණිවිඩය යානයට ඇතුලත් කල යුතු යැයි යෝජනා කළේ කාල් සේගන් ය.

ඩ්‍රෙක්ගේ සමීකරණය[සංස්කරණය]

සැබැවින්ම මේ විශ්වයේ වෙනත් ජීවයක් පවතිනවාද? මෙම ගැටළුවට ගණිතානුකූල විසඳුමක් මුල් වරට ලබා දුන්නේ රේඩියෝ තාරකා විද්‍යාඥ ෆ්‍රෑන්ක් ඩ්‍රෙක් ය. 1961දී අද අප අතර ප්‍රචලිතව ඇති “පිටසක්වල බුද්ධිමතුන් සෙවීමේ සමීකරණය” (ඩ්‍රෙක් සමීකරණය) ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ එය විසඳීමෙන් ඉහත ගැටළුව නිරාකරණය කරගත හැකි බවයි. කෙසේ වුවද අවාසනාවකට මෙන් එය විසඳීමට මෙතෙක් කිසිවෙකුත් සමත් වී නැත.

ඩ්‍රෙක් සමීකරණය 1961දී ෆ්‍රෑන්ක් ඩ්‍රෙක් විසින් හඳුන්වා දෙන ලදී.

පිටසක්වල බුද්ධිමතුන් සෙවීමේ සමීකරණය

N = R*× Fp × ne × fl × fi × fc × L

මෙම සමීකරණයෙහි අරුත:-

N = ක්ෂීරපථය තුළ සිටින, පෘථිවි වාසීන් සමග රේඩියෝ තරංග ආධාරයෙන් පණිවිඩ හුවමාරු කළ හැකි ශිෂ්ඨාචාර ගණන

R* = ක්ෂීරපථය තුළ පෘථිවි අවුරුද්දකට නව තරු ඉපදීමේ වේගය

Fp = මේ තුරු වලින් ග්‍රහ පදධති දරන තරු වල ප්‍රමාණය

ne = එක් තරුවකට අයත් ජීවය පැවතීමට සුදුසු ග්‍රහලෝක ගණන

fl = එම ග්‍රහලෝක වලින් ජීවය පරිණාමය වෙමින් පවතින ග්‍රහලෝක වල ප්‍රමාණය

fi = එම ග්‍රහලෝක බුද්ධිමත් ජීවීන් බිහිවෙමින් පවතින ග්‍රහලෝක වල ප්‍රමාණය

fc = එයින්ද රේඩියෝ තරංග ඔස්සේ සන්නිවේදනය කිරීමේ හැකියාවක් සහිත ජීව විශේෂ ගණන

L =         එසේ රේඩියෝ සන්නිවේදන කටයුතු සඳහා සුදුසු ජීවි ශිෂ්ඨාචාරයේ ආයු කාලය

පිටසක්වල ත්‍රිකෝණ සොයන්නෝ[සංස්කරණය]

පිටසක්වල බුද්ධිමත් ජීවීන් සොයා සිදු කෙරෙන සෙවීම්, බැලුම්, නිවැරදි ක්‍රමවේදයක් අනුව සිදු කරන්නේදැයි ඇතැම් විද්‍යාඥයෝ සැක පහළ කරති.

පිටසක්වල ජීවීන්ගේ රේඩියෝ සංඥා බලාපොරොත්තුවෙන් අභ්‍යවකාශයෙන් එන රේඩියෝ සංඥා පිරික්සනවාට වඩා අපට සමීප තරු වටා ඔවුන් විසින් ගොඩනගා තිබේ යැයි සිතිය හැකි විශාල ඉදිකිරීම් පිළිබඳව සෝදිසි කර බැලීම ඵලදායී වනු ඇතැයි මේ විද්‍යාඥ පිරිස අදහස් දක්වති.

මෙවැනි වස්තු වලින් නිකුත් වන සංඥා, සැකයකින් තොරව අවබෝධ කර ගැනීමට උදව් වීම පිණිස පිටසක්වල ජීවීන් විසින් ඒ සඳහා ඇතැම් උපක්‍රම භාවිතා කිරීමට හැකියාවක් ඇති බවද ආර්නෝල්ඩ් පවසයි. ඒ සඳහා ඔවුන් විශාල වස්තුවක් වෙනුවට වස්තු රාශියක් අභ්‍යවකාශයට මුදා හරිනවා විය හැකිය. උදාහරණයක් ලෙස එවැනි වස්තු 11ක් ඔවුන් කක්ෂගත කරනවා යැයි සිතමු. ඔවුනට ඒවා 1,2,3,5, ආදී කාණඩ වශයෙන් කක්ෂවටා ගමන් කරවීමට සැලැස්විය හැකිය. 1,2,3,5, යනු, ප්‍රථමක සංඛ්‍යා වේ. එලෙසම එක් එක් වස්තු කාණඩ එකිනෙක කක්ෂ පිහිටන ස්ථානයද (කක්ෂ ඔස්සේ ගමන් කිරීමේ කාලාන්තරය) ඉහත ප්‍රථමක සංඛ්‍යාවන්ට අනුරූපව පිහිටීමට සැලැස්විය හැකිය. මෙවැනි පිළිවෙලක් ස්වාභාවිකව ඇති නොවන නිසා එවැන්නක් කිසියම් බුද්ධිමත් ජීවයක් විසින්ම ඇතිකරන්නක් යැයි එවිට සෙසු ශිෂ්ඨාචාරයන්ට තේරුම් ගත හැකි වේ.

ආර්නෝල්ඩ් පවසන්නේ මෙවැනි සොයාබැලීමක් වූ කලී පිටසක්වල ජීවීන් වෙත රේඩාර් හෝ රේඩියෝ සංඥාවක් නිකුත් කරන තරම්ම වැදගත් වන බවකි. කෙසේ වුවද මෙවැනි කෘතිම ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමට හොඳම ස්ථානය වන්නේ අප සමීපව පිහිටි වාමන තරු අසලය. එම තරු කුඩා නිසා කෘතිම වස්තුවකින් සිදුවන ආලෝක අඩු වීම තරුව හා වස්තුවට සාපේක්ෂව අනුපාතයක් වශයෙන් ගත් කල ඉහළ වේ. එවිට සංඥා හඳුනා ගැනීම පහසු වේ.

ආර්නෝල්ඩ් මෙම යෝජනාව පිළිබඳව සෙටි (SETI) ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ Paul Schuch පවසන්නේ පිටසක්වල ජීවීන්ගේ තාක්ෂණය පිළිබඳ ගවේෂණය කිරීමේදී මේ කරුණු අදාළ වන බවය.

මේ පිළිබඳව ප්‍රංශ තාරකා විද්‍යාඥයෙකු වන ලූක් ආර්නෝල්ඩ් පවසන්නේ, පිටසක්වල බුද්ධිමත් ජීවයකට තමන් සිටින බව විශ්වයේ අනෙකුත් ශිෂ්ඨාචාරවලට දැන්වීමට ඇති හොඳම ක්‍රමය වන්නේ විශාල කෘතීම ඉදිකිරීම් සිදු කිරීම බවය. දැනටමත් සැලසුම් කර ඇති ඊළග පරම්පරාවේ අභ්‍යවකාශ දුරේක්ෂ මගින් එවැනි පිටසක්වල ඉදිකිරීම් ඇත්නම් දැකගත හැකිවනු ඇති බව හෙතෙම විශ්වාස කරයි.

ඉදිරියේදී අභ්‍යවකාශගත කිරීමට නියමිත නාසා ආයතනයේ කෙප්ලර් දුරේෂයේ හා ඊසා ආයතනයේ කොරොට් දුරේක්ෂයේ හැකියාවන් පිළිබඳව අධ්‍යයනයක් ආර්නෝල්ඩ් විසින් සිදු කර තිබේ. මෙම දුරේක්ෂ මගින් ග්‍රහලොවක් භ්‍රමණය වීමේදී එම ග්‍රහලෝක වලට මුවා වීම නිසා සිදුවන තරුවේ ආලෝක අඩුවීම ග්‍රහණය කරගත හැකිය. ඒ නිසා ආර්නෝල්ඩ් පවසන්නේ කෘතීම ඉදිකිරීමක් වුවද ඒ ආකාරයෙන්ම මෙම දුරේක්ෂ මගින් හඳුනාගත හැකි බවකි. සැහැල්ලු සූර්‍යය රුවලක් එවැන්නකට උදාහරණයක් ලෙස ගත හැකිය.

තවදුරටත් ආර්නෝල්ඩ් විසින් එවැනි විවිධ හැඩයෙන් යුත් වස්තු වලින් තරුවෙන් එන ආලෝකය ආවරණය වීමේදී ලැබිය හැකි සංඥා කුමන ආකාරයෙන් වේදැයි යන්නද සොයා බලා ඇත. ඒ අතරට බ්‍රහ්ස්පති ග්‍රහයා තරම් විශාල වූ සමපාද ත්‍රිකෝණාකාර වස්තු මෙන්ම එකිනෙකාට සමාන්තර පටි වලින් සුසැදි සුළං කඳවුරු වල ඇති ලූවර වැනි කොටසකින් යුත් ඉදිකිරීම්ද ඇතුළත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Ashanlakshitha&oldid=390130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි