පරිශීලක:Arisimale

විකිපීඩියා වෙතින්

උතුරු නැගෙනහිර දෙපළාතේ හා තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක, අරියවංශාවතංශ විනය කීර්ති ශ්‍රී ශිරෝමනි කම්මට්ඨානාචරිය, අරිසිමල ආරණ්‍ය සේනාසනාධිපති, පූජ්‍ය පනාමුරේ තිලක වංශ නායක ස්ථවිරයන් වහන්සේ.

Telephone Number - 0262228600, 0718562700

Address- අරිසිමලේ රජ මහා විහාරය, අරිසිමලේ, පුල්මුඩේ.

  • පූජ්‍ය පනාමුරේ තිලක වංශ නායක ස්ථවිරයන් වහන්සේ

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරලේ, පනාමුරේ නම් වූ ඓතිහාසික සුන්දර ගම්මානයක ඩී.සිරිසේන මහතා සහ එච්.එල්.දයාවතී මැතිනියට දාව පින්වත් පුත් කුමරකු 1983 ජනවරි මස නවවන දින ලොවට දායද විය. වැඩිමල් සොයුරන් තිදෙනෙක්, නැගනියක් සහ බල සොහොයුරෙක් ගෙන් යුක්ත පවුලේ සිව් වැනියා ලෙස තුශාර ඉන්දික දිසානයක යන නමින් දෙමාපියන් තුරුලේ හැදී වැඩුනු මොහු පනාමුරේ ජදුර විදුහලේ මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සදහා පනාමුරේ වලල්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට විය. ගමින් කොළඹට පැමිණ නුගේගොඩ සුභද්‍රාරාම මහ පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරා පසුව 2004 සැප්තැම්බර් 24 දින ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ දී වැලිගම අරියවංස නායක ස්වාමින් වහන්සේගේත්, වලවෙල හේමානන්ද නායක ස්වාමින් වහන්සේගේත්, ආචාර්ය උපද්දිව පනාමුරේ තිලකවංශ නමින් අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර නිකායේන් පැවිදි දිවියට ඇතුලත් වී 2006 කලුතර උදුක්කීත සීමා මාලකයේදී අධි සීල සංඛ්‍යාත උපසම්පදාව ලබන ලදී. පැවිදිවී දින 7ක් පමන ගතවන විට විහාරස්ථානයේ විහාරාධිකාරී වගකීම තිලකවන්ශ හිමියන් මත පැවරිනි. එතැන් පටන් විහාරස්ථානය තව තවත් දියුණු කොට තවත් ස්වමින්වහසේලා පහළොස් නමක් පමණ බිහි කිරීමට පනාමුරේ තිලකවන්ශ හිමියන් සමත් විය.

ඉන් පසු තවදුරටත් වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා මාතර සුදර්ශි මහා පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ මැලේසියාවේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා යොමු විය. එයින් උසස් අධ්‍යාපනය නිම කරණ ලදී. ශිෂ්‍ය පිරිස්වල සහ දායක පිරිස්වල වගකීම ඉතාමත් දක්ෂ ආකාරයෙන් සිදු කිරීමත් සමගම දිවයිනේ ළාබාලතම සාමවිනිසුරුවරයානන් වහන්සේ ලෙස ගෞරව තනතුරු නාමයක් පිරි නමන ලදී. අවුරුදු 6ක් පමන පාලක භාරකත්වය දරා කටයුතු කිරීමත් සමගම සංඝයාගේ ඒකමතික තීරණය මත අමරපුර ශ්‍රී සද්ධරමයුක්තික මාහා නිකායේ උතුරු නැගෙනහිර දෙපළාතේ හා තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක පනමුරේ තිලකවන්ශ හිමියන් වෙත පැවරිණි.


  • පූජ්‍ය පනාමුරේ තිලක වංශ නායක ස්ථවිරයන් වහන්සේගේ නැගෙනහිර ශාසනික, ජාතික මෙහෙවර'

දශක තිහක කාලයක් පැවති ත්‍රස්තවාදී බලපෑම හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල වෙනම පාලන ඒකකයක් ගොඩනැගිය. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ඒකීයභාවය සහ යහපැවැත්ම ගිලිහි යන්නට විය. ගමනා ගමන කටයුතු ගිලිහි යන්නට විය. විදුලි, සන්නිවේදන පහසුකම්, යටිතල පහසුකම් නොමැති විය. කෙත්වතු මුඩු බිම් බවට පත් විය. ආගමික ස්ථාන බොහොමයක් එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන්ගේ කඳවුරු බවට පත් විය. සාමන්‍ය ජනතාවගේ ජන ජිවිත සම්පුර්ණයෙන්ම අඩාල වන්නට විය. කෙසේ නමුත් එවකට නිවැරදි නායකත්වය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ අප්‍රතිහත ධෛර්ය හමුවේ 2009 වර්ෂයේ 5 වන මස 19 වන දින යුද්ධය නිමා කරන්නට විය. යුද්ධයෙන් පසු ගෙවුණු කාල පරිච්ඡේදයේ උතුරු, නැගෙනහිර පළාත් ආශ්‍රිත බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ සිංහල ජනතාව ශුන්‍ය වි බෞද්ධ ආගමික මධ්‍යස්ථාන බොහොමයක් විනාශ මුඛයට ඇද වැටි වල් බිහි වන්නට විය. ය.

අතීතයේ සිට අපට උරුම වූ ජාතික උරුමයන් විනාශ මුඛයට ඇද වැටීම වේදනාවට කරුණකි. මෙවැනි පසුබිමක් තුල උතුරු නැගෙනහිර බෞද්ධ පුනරුදයක් ඇති කිරීම අදිටනින් යුතුව යුද්ධය නිමා වීමත් සමග පුල්මුඩේ, වෙරළාසන්න අරිසිමලය කදු වැටියේ ආසිරි කන්ද පුරාණ රජ මහ විහාරයේ පුංචි මැටි කුටියක් තුළ වැඩ වාසය කරමින් ආරම්භ කිරීමට යෙදුනී.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත බෞද්ධ ආරාමික මධ්‍යස්ථානයක් වූ අරිසිමලේ පිහිටි ආසිරිකන්ද පුරාණ රජ මහා විහාරය යුධ සමයේ ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දැමු ස්ථානයකි. එවකට ඒම පරිශ්‍රය තුළ නාවික හමුදාව විසින් පරිහරණය කර තිබෙන්නට විය.

2010 – 2011 වර්ෂයේ දී වස් වසා වැඩ සිටීමට හැකි වන පරිදි කටු මැටි වලින් පුංචි මැටි කුටියක් සකසා එහි වැඩ සිටීමට අවශ්‍ය කටයුතු සුදානම් කර වැඩ වාසය කරන්නට විය. 2012 කාල වකවානුව වන විට ආසිරිකන්ද පුරාණ රජ මහා විහාරයේ මුලික අවශ්‍යතාවයන් ක්‍රමක් ක්‍රමයෙන් සම්පුර්ණ වනවා සේම ආරණ්‍ය සේනාසනයේ කුල දරුවන් සසුන් ගත කිරීමේ ශාසනික මෙහෙවරේ අවතීර්ණ විය. එසේ ආරම්භ කරන්නට වූනු භික්ෂු පරපුර බිහි කිරීම වේගවත් වන්නට විය. සතර දිග දෙස් විදෙස් කුල දරුවන් අරිසිමල ආරණ්‍ය සේනාසනය සොයා පැමිණීම මහත් භාග්‍යයකි. අද වන විට කුල දරුවන් 135 ක් ශාසනය වෙනුවෙන් දායාද කර තිබීම පනාමුරේ තිලක වංශ නායක ස්ථවිරයන් වහන්සේගේ පරිවාර සම්පත්තියේ පුණ්‍ය බල මහිමයයි.

එකල රජ දරුවන් විසින් ගොඩනැගු බෞද්ධ ආගමික සිද්ධස්ථාන, කොත් පිළිම වහන්සේලා දිනෙන් දින අන්තවාදී කල්ලි කණ්ඩායම් විසින් විනාශ කරන්නට විය. පුරාවිද්‍යා වටිනාකමක් සහිත ජාතික උරුමයන් සීග්‍ර ආක්‍රමණයට ලක් කරමින් නටඹුන් විනාශ කරන්නට විය. පිළිම වහන්සේලා කඩා දැමිය, චෛත්‍ය නටඹුන් ඩෝසර් කර ඒ ආශ්‍රිත කඹුරු සකසන්නට විය. වනගත වූ උරුමයන් රැසකට මෙම ඉරණමට ලක් විය. මෙවැනි පසුබිමක් තුල වනගත උරුමයන් ආශ්‍රිත ආරණ්‍ය සේනාසන ආරම්භ කර ඒහි භාවනා කුටි ඉදි කරවා එම ස්ථානයන්හි ශිෂ්‍ය භික්ෂූන් යෝගාවචරව වැඩ වාසය කිරීමට කටයුතු සලසන්නට වූ අතර ප්‍රදේශීය වශයෙන් මෙන් ම කලාපිය වශයෙන් පවතින උරුමයන් අන්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ සටනට අවතරණ වීමේ දී ඉතා ධෛර්යවන්ත ලෙස කටයුතු කිරීමට සිදු විය.

නැගෙනහිර ශාසනයේ ඉතිහාසයේ උතුම් කර්තව්‍යයක් ලෙස හෙළ රජ සමයෙන් පසු නැගෙනහිර පළාතේ ප්‍රථම උපසම්පදා විනය කර්මය භාහිය පබ්බත වන සෙනසුණේ සල්පයාරු ඔයේ උදුකුප්කේප සීමාමාලකයේදී සිදු කිරිම ශාසනය ආලෝකමත් කල උතුම් කටයුත්තක් වනු ඇත.

මෙසේ ශාසනික, ජාතික මෙහෙවර අද වන විට බොහෝ දුක් ගැට‍ළු තර්ජන ගර්ජන හා ජීවිත අනතුරු හා අවදානම මධ්‍යයේ මෙම ව්‍යායාමය මෙතෙක් ඉෂ්ඨසිද්ද කරගන්නට යෙදෙමින් “පුංචි මැටි කුටියක් තුළ වැඩ සිටිමින් ආරම්භ කිරීමට යෙදුණු ආසිරි කන්ද පුරාණ රජ මහ විහාරය කේන්ද්‍ර කර ආරණ්‍ය සේනාසන සංචිතයක් ලෙස පවත්වා ගනිමින් අරිසිමල ආරණ්‍ය සේනාසන සංචිතය නමින් වන සෙනසුන් 24 ක වනවාසී භික්ෂූන් යෝගාවචරව වැඩ වාසය කරවා සසුන් කෙත අස්වැද්දීමේ ශාසනික, ජාතික මෙහෙවරෙහි නිරත වෙයි”.

අලි, කොටි, වලසුන් වැනි සිව්පාවන්ගෙන් ගහනය වූ මහ වන ළැහැබ මැද පිහිටි වන සෙනසුන් හි වැඩ වාසය කරන භික්ෂූන් බොහෝ අවස්ථාවල දී දානය නොමැතිව ගිලන්පස ටිකකින් සැහෙමිට පත් වෙමින් මෙම ව්‍යායාමය ඉතා සතුටුදායක ලෙස ඉෂ්ට සිද්ධ කරන්නට යෙදෙයි. සුපේෂල ශික්‍ෂාකාමී ධර්මධර, විනයධර භික්ෂු පරපුරක් නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගොඩනගන්නට ලැබීම හෙළ සිංහල ජාතියක් වශයෙන් අප ලද ජයග්‍රහණයක් බව සිහිපත් කර දෙන්නෙමු.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Arisimale&oldid=475127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි