පරිශීලක:123.231.86.93

විකිපීඩියා වෙතින්

ගෝත්‍රික ආගමික ලක්ෂණ නූතන ආගම් තුළින් විද්‍යමානවන අයුරු.[සංස්කරණය]

  1. හැඳින්වීම
  2. ගෝත්‍රික ආගමේ උපත
  3. ගෝත්‍රික ආගමික ලක්ෂණ නූතන ආගම් තුළින් විද්‍යමාන වන අයුරු
  4. නිගමනය
  5. ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

   හැඳින්වීම

ප්‍රාථමික ආගම් වනාහි ආදි කාලීන මිනිසාගේ චින්තන ක්‍රියාවලිය සහ චර්යාරටාවන් ඔවුන් අවට පැවති ස්වභාවික පරිසරයේ ස්වභාවය පමණක් නොව ඔවුන් සතු වූ සියලු දැනුම් ක්‍රියාවලිය ද මැනවින් විදහා දක්වන  අතිශය සුවිශේෂී වූ අතීත සමාජ ප්‍රවාහයකි. වර්තමාන ලෝකය තුළ පවතින සියලු ආගම් වල අක්මුල් සොයා යෑමේ දී ප්‍රාථමික ආගම් එහි මූල බීජය බව මානව සමාජ විද්‍යාඥයන්ගේ දැක්ම යි. ආදිකාලීන මුතුන්මිත්තන්ගේ සමාජය තුළ නිර්මාණය වූ ආගම නූතන ලෝකය තුළ මානවයාගේ පරිණාමයත් සමඟ අද්විතීය ස්ථානයක් ලබා ඇති බව පැහැදිලිව දැකගත හැකි ය. ආගම පමණක් නොව ආදි කාලීන සමාජය තුළ නිපන් සියලු ම සමාජීය අංශයන් මානවයාගේ පරිණාමයත් සමඟ පරිණාමීය වෙමින් වර්ථමානයේ සංකීර්ණ වූත් පෘථුල වූත් විස්තාරික ප්‍රවාහයන් වශයෙන් පවතී. මෙයින් ජනිත කරනු ලබන්නේ මානවයා බිහිවීමට පෙර ආගමික මූලබීජ පැවතිය ද යන්න සැකයකි.

කෙසේවෙතත් ප්‍රාථමික ආගම් බිහිවන්නේ ගෝත්‍රයක් හෝ වංසයක් පදනම් කරගෙන ය. එම ගෝත්‍රයේ ආගම එම ගෝත්‍රයට පමණක් සීමා වන අතර එම ගෝත්‍රයේ සංකේතය වන්නේ ද ආගමික සංකේතය යි. මෙම ඓතිහාසික කරුණු පදනම් ව බලන විට ගෝත්‍රික ජනතාවත් ආගමත් අතර තිබුණු අන්තර් සබඳතාවය කෙතරම් සමීප දැයි පැහැදිලි වනු ඇත. එබැවින් ගෝත්‍රික ආගම් අධ්‍යයනය කිරීම යනු අතීත මානව සමාජය පිළිබඳව අධ්‍යයනය කිරීමක් වැනි ය. මිලේච්ඡ දඩයම් යුගයේ සිටි මිනිසාට සුළං හමද්දී ගහකොළ සෙලවීම, ගස් ඇඹරීම, විදුලි කෙටීම, සිහින පෙනීම ඉර හඳ පායා බැසයාම, කෙනෙකු මිය යාම ආදී සෑම ස්වභාවික සිද්ධියක් ම අද්භූත තේරුම් ගත නොහැකි ගුප්ත දේ ලෙස පෙනුණේ ය. ස්වභාව ධර්මයේ ස්වාභාවික ක්‍රියාවලිය අවබෝධ කරගැනීමට නොහැකිවූ ආදිකාලීන මිනිසා එම ස්වභාවික බලවේගයන් කෙරෙහි  ප්‍රාණයත්, ආත්මයත්, දේවත්වයත් ආරෝපණය කරන්නට විය. මෙලෙස ප්‍රාථමික ආගම් බිහිවීමේ අඩිතාලම සැකසුණු බවට මානව සමාජ විද්‍යාඥයන්ගේ උපකල්පනය යි.

මෙම අධ්‍යයනය තුළින් බලාපොරොත්තු වන්නේ ප්‍රාථමික ආගමික ලක්ෂණ නූතන ආගම් තුළින් විද්‍යමාන වන්නේ ද යන්න පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදුකිරීමට යි. ඒ සඳහා අධ්‍යයන ක්‍රමවේදයන්ට අනුව  ප්‍රාථමික මූලාශ්‍ර,  ද්විතීක මූලාශ්‍ර, තෘතීක මූලාශ්‍ර  හා පුස්තකාල මෙන් ම අන්තර්ජාල  මූලාශ්‍රයන්ද උපයෝගී කර ගන්නා ලදී.

    ආගමේ (ගෝත්‍රික) උපත (ධරසටදබ දf ඍැකසටසදබ :ඔරසඉකැ* )[සංස්කරණය]

මානව වර්ගයාගේ සමීපතම ඤාතීන්  වන්නේ පොදු චිම්පන්සියන් සහ බොනොබෝස් ආදී සතුන් ය.  මෙම ප්‍රයිමේට්වරු :ඡරසප්එැ* අවුරුදු මිලියන හයත් අටත් අතර කාලයක ජීවත් වූ මිනිසුන් සමඟ මෝහු සමීප සබඳතා පවත්වා ඇත. මෙම පොදු මුතුන් මිත්තන්ට ලබා ගත හැකි හොඳම අන්‍යාගමිකයා ලෙස චිම්පන්සියන් සහ බොනොබෝස් සලකනු ලබන්නේ මේ හේතුව නිසා ය. බාබරා කිං :ඊ්රඉ්ර් ණසබට 1956-2015* තර්ක කරන්නේ මිනිසුන් නොවන ප්‍රයිමේට්වරු ආගමික නොවන නමුත් ඔවුන් ආගමේ පරිණාමය සඳහා අවශ්‍යවන ගති ලක්ෂණ ප්‍රදර්ශනය කරන බව යි. මෙම ගති ලක්ෂණ අතර ඉහළ බුද්ධිය, සංකේතාත්මක සන්නිවේදනය සඳහා බුද්ධිමය ධාරිතාවක්, සමාජ සම්මතයන් පිළිබඳ හැඟීමක්, අඛණ්ඩතාවයක් සාක්ෂාත් කර ගැනීම ඇතුළත් වේ. හෝමෝ නියැන්ඩර්තාල් යුගයේ මානවයා ඔවුන්ගේ මළවුන් භූමදාන කර ඇති බවට නිශ්චිත සාක්ෂි තිබේ. එය චාරිත්‍රානුකූලව භාවිතා කළ බව ද අනාවරණය කර ගැනීමට විද්‍යාඥායන් සමත්ව ඇත. සුසාන චාරිත්‍ර භාවිතා කිරීම ආගමික ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි ලෙස සැලකෙන අතර, මිනිසුන් චර්යාත්මකව නූතනත්වයට පැමිණීමට පෙර මානව සංස්කෘතිය තුළ ආගම පැවති බවට වෙනත් සාක්ෂි නොමැත.  හෝමෝ නියැන්ඩර්තාල් විසින් ගුහා කලාව :ක්‍්ඩැ ච්සබඑසබටි* නිර්මාණය කර ඇති බව වෙනත් සාක්ෂි වලින් හෙළි වී ඇති අතර එය ආගමික චින්තනයට අවශ්‍ය ක්‍රමයට සාපේක්ෂව සංකේතාත්මක චින්තනයක් බව විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත් කර ඇත.  

මෙම පුරාණ ශිලා යුගයට :ඡක්ැදකසඑයසජ* අයත් හා  මධ්‍යම පාෂාණ යුගයට අයත්  නියැන්ඩර්තාල්  සමයේ ගල්ගුහාවල වලසුන් ඇදහූ ආගමික කල්ලියක් සිටි බව සිතයි. ප්‍රංශයේ දොර්දෝඤ්ඤේ ප්රදේශයේ වැළලූ නියැන්ඩර්තාල් මිනිසෙකුගේ ඇටසැකිල්ලක් හමු වුණි. සිරුර අසල පොරවක් සහ පිළිස්සු සත්ව ඇට තැන්පත් කර තිබීම තුළින් අවමඟුල් චාරිත්‍රයක් හෝ ගරු කිරීමක් පෙන්නුම් කරයි.   දකුණු ප්‍රංශයේ ලේ ට්‍රැවා පෙරේ ගුහාවේ ඇඳ තිබූ  ක්‍රි. පූ.  20000  සිට 12000 දක්වා පැරණි නචාරීන්ගේ චිත්‍රවල ගෝන අං තට්ටුවක් සහිත වෙස් මුහුණ හා සත්ව හම් පොරවාගත් නැට්ටුවකු නිරූපණය කරයි. මෙම ගෝත්‍රික චාරිත්‍රය මෑත යුගයේ නැටුම් අනුකරණය මාර්ගයෙන් වෙස් මුහුණු පැළඳගෙන නටන ජන නැටුම් ීජ්බාසබ්ඩස් රටවල හා ටිබෙටය මෙන් ම බි්‍රතාන්‍ය පළාත් වල තවමත් පැවැත්වෙයි. මෙයින් පෙන්නුම් කරන්නේ ආගමික විශ්වාස පාෂාණ යුගයේ ගෝත්‍රික ජනතාව තුළ ජනිත වූ ආකාරය යි.

පුරාණ ශිලා යුගයෙන් ඔබ්බට පැමිණෙන මිනිසා චර්යාමය මෙන් ම බුද්ධිමය එමෙන් ම පරිසරයේ වෙනසක් ද ඇතිවිය. මෙම යුගයට අයත් හා චිත්ත්‍ර හා කැටයම් අධ්‍යනය කළ ජෙකිවුස් කෝවින් මුල් ස්ත්‍රීන් දේවතාවියන් ලෙසත්, පුරුෂයන් දෙවිවරු ලෙසත් පෙන්නුම් කරන බව පවසයි.

ක්‍රි. පූ. 5 වැනි සියවසේ මධ්‍යම සහස්‍රයේ හිරු නැඟීම හා බැසීමේ දිසාව පෙන්වන චිත්‍ර තුළින් හා ජර්මනියේ සැක්සානි - අන්හාල්ට් ප්‍රදේශයේ ග්‍රහ ත්‍රරකා පෙළකට සමානව ඉදිකළ එවැනි ම වෘත්තාකාර නිර්මාණයේ මිනිසුන් බිලිදුන් සුන්බුන් හමුවීම තුළින් නව පාෂාණ යුගයේ :භැදකසඑයසජ* මිනිසාගේ ආගමික ලබිධිය පෙන්වන බව පැවසේ.

මීට අවුරුදු ලක්ෂ 5කට පෙර ජීවත් වූ පීකිං මානවයා මිනිසාගේ මොලය අනුභව කිරීම් කොට ඇති අතර එතුළින් ගම්‍ය වන්නේ පීකිං මානවයාගේ ආගමික ලබ්ධික ක්‍රියාවක් බව විද්‍යාඥයෝ පකාශ කරයි . මානව පරිණාමයේ පැරණිත ම මානවයෙකු වන නියැන්ඩර්තාල් මානව සමයේ මෘත ශරීරය ක්‍රමවත් ලෙස මිහිදන් කිරීම තුළින් ද යම් ආගමික පිළිවෙත් පිලිබඳ නිගමන වලට පිවිසිය හැක. තවද උතුරු ඉරාකයේ හනිදාර් ප්‍රාද්ශයෙන් හමු වූ පැරණි ලෙනක මිනිසෙකු වළලා තිබුණේ පාෂාණ තට්ටුවක් යට ය. තුර්කියේ පැරණි සෙහොන් ගෙයක කුඩා දරුවෙකු වළලා තිබුණේ සත්ව අංතට්ටු වලින් වටකොට ය. මෙයින් පැහැදිලි වන්නේ ශරීර හිස් කබල් උපයෝගී කර ගනිමින් පැරණි ආගමික චාරිත්‍රයක් ලෙස මෘත ශරීර මිහිදන් කොට ඇති බව යි. මෙම යුගයේ වීනස් නැමැති දෙවඟන සෞභාග්‍යයේ දෙවඟන ලෙස පූජනීයත්වයට පත්ව ඇත.

පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද ප්‍රාග් ඓතිහාසික යුගයෙහි ආගමික ඇදහිලි පිළිබඳ තොරතුරු රාශියක් ඇත. ඒ අනුව බැබිලෝනියාවේ හා ඇසිරියානු වේ මැටි තහඩු වල ලියන ලද ලේඛන වල ද, උතුරු ක්‍්චච්ාදජස් වේ ඉදට්ිජදහ සෙල්ලිපියේ ද, සිරියාවේ රාස් ෂම්රා සෙල්ලිපි මගින්ද, ක්‍රි.පූ. දෙවැනි සහස්‍රකයට අයත් ආගමික ඇදහිලි පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි ය. එසේ ම ඉන්දියාවේ මොහෙන්ජොදාරෝ හා හරප්පා ශිෂ්ටාචාර නගරවලින් ද ආගමික ඇදහිලි පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක සොයාගෙන ඇත. පැරණි චීනයෙහි අභිචාර විධීන් පිළිබඳ සොයා ගන්නා ලද ඇටකැබලි ලේඛනවලින් චීනයෙහි පැවැති ගෝත්‍රික ආගමික සංකල්පයක් පිළිබඳ අනාවරණය කරගෙන ඇත. එසේ ම පුරාණ ඉරාන ඇදහිලි පිළිබඳ, යුදෙව් ඇදහිලි පිළිබඳ හා වෛදික යුගයෙහි ඇදහිලි පිළිබඳ ඓතිහාසික මූලාශ්‍රවලින් කරුණු අනාවරණය කර ගැනීමට පුරා විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන්ගේ පර්යේෂණ සාර්ථක වී ඇත.  

ප්‍රාග් ඓතිහාසික සමාජ තුළ ප්‍රාථමික ආගම් බිහිවීමේ ස්වභාවය යථෝක්ත කරුණු අවබෝධ කර ගැනීම තුළින් යම් නිගමනයකට අපට පැමිණිය හැක. නූතන යුගයේ මානව සමාජ විද්‍යාඥයින් සහ පුරාවිද්‍යාඥයින්, මනෝ විද්‍යාඥයින්, ආදීන් සිදු කරන ලද සුවිශේෂී පර්යේෂණයන් තුළින් ප්‍රාග් ඓතිහාසික සමාජය පිළිබඳ අධ්‍යයනය කළ පුරා විද්‍යාඥයින් හා මානව සමාජ විද්‍යාඥයින් ප්‍රාථමික ජන කණ්ඩාම් තුළ තිබූ ආගම් හි දක්නට ලැබෙන පොදු ආගමික ලක්ෂණ පිළිබඳ පහත පරිදි සමාලෝචනය කර

  1. ප්‍රාථමික ආගම් වාචිකය, ඇතැම් සමාජ වල සාක්ෂරතාවයක් තිබුණ ද ලිවීමේ උපකරන හිඟ නිසා ඒවාට උරුම ලේඛණයන් නොමැත.
  2. ප්‍රාථමික ආගම් වල මූලික අවධානය යොමු වන්නේ ලෞකික හෙවත් මේ ජීවිතයේ කරුණු පිළිබඳව ය.
  3. ප්‍රාථමික ආගම් එක් භාෂාවක් හෝ එක් ජාතියකට සීමා වේ.
  4. ප්‍රාථමික ආගම් ලෝක ආගම් වල සංකල්පනා බිහි වීමට මූල බීජ සපයයි.
  5. ආගමික ජීවිතය හා සමාජ ජීවිතය වෙන් කළ නොහැකි පරිදි එකට බැඳී පවතී.
  6. ජීවිතය ලෞකික හා ලෝකෝත්තර වශයෙන් පැහැදිලි බෙදීමක් ප්‍රාථමික ආගම් වල දක්නට නොමැත.


යථොක්ත කරුණු ප්‍රාථමික ආගම් තුළ දැකිය හැකි පොදු ලක්ෂණයෝ ය. මෙම කරුණු පිලිබඳ අවධානය යොමු කිරීමේ දී ගම්‍ය වන්නේ ප්‍රාථමික ආගම් නූතන ආගමි බිහි වීමෙහිලා පමණක් නොව නුතන සමාජ ක්‍රියාවලියෙහි සැකැස්ම සඳහා ද බෙහෙවින් බලපා ඇති බවයි.

  ප්‍රාථමික ආගම්වලින් පරිණාමය වූ නූතන ආගම්හි දියුණු සංකල්ප[සංස්කරණය]

කිසිවකින් නොදියුණු අතිශය සරල දිවි පෙවතක් ගතකළ ආදි කාලීන සමාජයේ ආගම ප්‍රාථමික ආගම් ලෙස අප සලකමු. අදෘශ්‍යමාන ගුප්තමය ත්‍රාසජනක සිදුවීම් කෙරෙහි විශ්වාස තැබු ඔවුන් එතුළින් තම ගෝත්‍රය තුළ සමඟිය සතුට පවත්වාගෙන ගිය අයුරු මෙහි දී විද්‍යමාන වන සුවිශේෂිත ම කරුණකි. ආදි කාලීන ආගමික සමාජය තුළ දෙවියෙකු පිළිබඳ සංකල්පයන් සඳහන් නොවෙන අතර දෙවියෙකු සිටියේ නම් ඒ ස්වභාව ධර්මය ම පමණි. ඊට හේතුව වන්නේ ඔවුන්ට සියල්ල ලබාදුන් ඉන්ද්‍රජාලිකයා වන්නේ ස්වභාව ධර්මය බැවිණි. ආදි කාලීන මිනිසාත් ස්වභාව ධර්මයත් අතර පැවතියේ වෙන් කල නොහැකි සම්බන්ධතාවයකි. අද මෙන් නොව ඔවුන් ස්වභාව ධර්මය රැකගත්තේ තම පණ මෙනි. එම නිසා ම ප්‍රාථමික ආගමික මිනිසා ස්වභාව ධර්මයේ චක්‍රීය ක්‍රියාවලියට බාධාවක් නොවුණි. කෙසේ වුවත් නූතනය වන විට මිනිසා නැවත ගෝත්‍රික ආගම් අධ්‍යයනය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. සාක්ෂරතාවය හෝ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් නොපැවති තත් කාලීන සමාජයේ ගෝත්‍රික ආගම් තුළ යම් යම් සංකල්පනාවන් සමානාත්මතාවයක් දක්නට ලැබීම අප පුදුම කරවන්නකි.

ලෝකයේ දර්ශනවාදයන් හා ආගම් අතර ආදි කාලයේ සිට මේ තාක් නොවිසඳුන දාර්ශනික ගැටලු රාශියක් පවතී. ඒ අතර, දෙවියන් පිළිබඳ අදහස, මිනිසා හා විශ්වය පිළිබඳ අදහස හා විමුක්තිය හා මරණින් මතු පැවැත්ම ආදී ගැටලු අද සමාජයේ මෙන් ම ගෝත්‍රික ආගමික සමාජය තුළ ද සාකච්චාවට බඳුන් වී ඇත. මෙම ගෝත්‍රික ආගමික ඉගැන්වීම් මිනිසාගේ බුද්ධිමය හා පාරිසරික පරිණාමයත් සමඟින් පරිණාමය වී නූතනයේ ජීවමාන ලෝක ආගම් අතර සංවර්ධනීය ස්වභාවයක් උසුලයි. සැබැවින් ම මෙම ආගමික සංකල්පයන්ගේ අක්මුල් සඳහන් වන්නේ ආදි කාලින ගෝත්‍රික ආගම් තුළ ය.

  • දෙවියන් පිළිබඳ අදහස
  • මිනිසා හා විශ්වය පිළිබඳ අදහස
  • විමුක්තිය හා මරණින් මතු පැවැත්ම
  • සදාචාර පද්ධතීන්
  • සොබා දහම වන්දනය
  • මළගිය ඥාතිවරු වන්දනය
  • නමස්කාරය


ආදී ඉගැන්වීම් දැකගත හැකි ය.


දෙවියන් පිළිබඳ අදහස


ප්‍රාථමික ආගම් තුළ සංවිධානාත්මක වූ දේව සංකල්පයක් දක්නට නොමැතිමුත් මිනිසාට අවබෝධ කර ගැනිමට නොහැකි ස්වභාව ධර්මයාගේ යම් යම් ක්‍රියාවලින් කෙරෙහි දේවත්වය ආරෝපණය කිරීමක් ගෝත්‍රික ආගම් අධ්‍යයනය කිරීමේ දී අපට දැකගත හැකි ය. උදාහරණයක් ලෙස, වැස්ස, සුලඟ, අකුණු කෙටීම්, විශාල වෘක්ෂයන්, ආදීය කෙරෙහි දේවත්වයක් ආරෝපණය කිරීම පෙන්වා දිය හැකි ය. ප්‍රථමික ජන ආගම තුළ මෙසේ ඇති වූ දෙවියන් විශාල සංඛ්‍යාවක් දැකගත හැකි ය. තව ද ඒ ඒ දෙවියන්ට වෙන් වූ වෙනස් ම කාර්ය භාර්යක් පැවතී ම ද මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. මෙම දේව සංකල්පය ඒකෛකේශ්වර දේව සංකල්පය ලෙස හඳුනාගත හැකි ය. එහි අර්ථය නම් එක්තරා සුවිශේෂී දෙවියෙකුට විශේෂ ලැදියාවක් දක්වන අතර අනෙක් දෙවිවරුන්ගේ පැවැත්ම ද හඳුනා ගැනීම යි.  මෙම දෙවියන් අතර සියල්ල පැවැත්මේ දෙවි කෙනෙකු දක්නට ලැබුන ද එම දෙවියන් මිනිසාගේ කාර්යයන්ගෙන් වෙන් ව සිටි අතර අනෙක් දෙවිවරුන් මිනිසාත් සමඟ එදිනෙදා සම්බන්ධතාවයන් පවත්වා ඇත.

මෙවුන් විශ්වාස කරන දෙවියන් වන්නේ තමන්ගේ මියගිය ඥාති මුතුන් මිත්තන් ය. ඔව්න් ප්‍රථමික දෙවිවරුන් වශයෙන් හඳුන්වයි. ප්‍රාථමික මිනිසා දෙවියන්ට ඉතාමත් භක්තිමත් වූ අතර දෙවියන් කෝප නොකට තම දෛනික කටයුතු සිදු කිරීමට පෙලඹී සිටිය හ. එසේ ම මෙම ප්‍රාදේශීය දෙවිවරු එම ගෝත්‍රයට හෝ සමූහයට සෘජු සම්බන්දයක් දැක් වූ අතර අතීතයේ සිට කණ්ඩායම් තුළ පැවති චාරිත්‍ර වාරිත්‍ර නොකඩවා පවත්වාගෙන යාමට ද මෙය හේතුවක් විය.

කෙසේ වුවත් ආගමික සමාජයේ දෙවියන් පිළිබඳ සංකල්පය නූතන ආගම් තුළ සංවිධානාත්මක ස්වරූපයකින් යුක්ත වන අතර දෙවියන් පිළිබඳ සංකල්පයේ උච්චත ම අවස්ථාවට ද නූතනයේ පැමිණ තිබේ. ආදිකාලීන ආගම් තුළ නිර්මිත දේවවාදී සංකල්පය නූතන ආගම් තුළ ඒකදේවවාදී සංකල්පයක් දක්වා පරිණාමය වීම තුළින් ඒ බව මොනවට පැහැදිලි වේ ද? දේවවාදී සංකල්පය දේවවාදයේ උච්චත ම අවස්ථාව දක්වා පරිණාමය වූයේ ක්‍රමිකව ය. එය,


ප්‍රාණවාදය :්බසපසිප*

බහුදේවවාදය :ඡදකහඑයැසිප*

ඒකදේවවාදය :ඵදබදඑයැසිප*


වශයෙන් විවිධ යුගානුගතව පරිණාමය විය. ගල් යුගයේ ජීවත් වූ බොහෝ මිනිසුන් තමන්ගෙන් පරිබාහිර ව ඇති ජීව අජීවී සෑම දෙයක ම කිසියම් ප්‍රාණයක් ඇතැයි සැලකූ බව පෙනේ. එම ප්‍රාණයන් හැම විට ම තමාට වඩා බලවත් ය. ඒ නිසා හානි පැමිණ වීමේ හැකියාවක් තිබේ. ඉන් මිදීමට නම් ඒවා වන්දනා කළ යුතු ය.  මෙම ක්‍රම විකාශයෙන් පසුව පූජනීයත්වයෙන් සැලකූ වසුතූන් කෙරෙහි මිනිස් රුව ආරෝපණය කළ හ. මින්ස් රුව ආරෝපණය කරන ලද වස්තූන්ගේ ස්වාභාවික ක්‍රියාවලිය අනුව ඒවාට පූජනීයත්වය හෙවත් මිනිසාට වඩා වැඩි බලයක් ඇතැයි යන විශ්වාසයෙන් දේවත්වය ආරෝපණය කළ හ. මෙම දෙවිවරැන් ගැන විශේෂ පරීක්ෂනයක් කළ වින්ටර්නිට්ස් මහතා :ඵග උසබඑැරබසඑ‘  1863-1937* ඍග් වේදය උකහා දක්වමින් ප්‍රකාශ කළේ දේව විධ්‍යාවක් ලෙස හැඩගැසෙන සැටි අපට ප්‍රත්‍යක්ෂව ම පෙනෙන බව යි. ඉන්දියාවේ මුල් කාලීන ජන ආගම් පිළිබඳව අධ්‍යයනයෙහි යෙදුනු තිලකසිරි මහතා ප්‍රකාශ කළේ “වෙවදික සූක්තයන්හි සිය හැඟීම් ප්‍රකාශ පවසන ඍෂිවරුන් පළම්ව යැද්දේ හිරු දෙවියන්ටවත්, සඳු සෙවියන්ටවත්, ගිනි දෙවියන්ටවත්, වෙන දෙවිවරුන්යවත් නොවේ. ස්වභාව ධර්මයේ විවිධ අංගයන් වන අහසේ දිනපතා නැග එන සූර්‍ය්‍යයාට ද, රාත්‍රියෙහි සිය රැස් වලින් ලොව නහවන චන්ද්‍රයාට ද, අහසෙහි සමහර විට බබලන විදුලි දෙවියාට ද, මිහිපිට නිතරම දැල්වෙන ගිනිදැල්වලට ද, එසේ ම ඇසට පෙනෙන වෙනත් නොයෙක් ස්වාභාවික වසතූන්ට ද වේ”

මෙසේ විවිධ දෙවිවරුන් ඇති වූ යුගය බහුදේවවාදී යුගය ලෙස ආගමික සාහිත්‍ය තුළ හඳුන්වයි. මෙම යුගය වන විට ආගමික සමාජය යම් විස්තාරික තත්ත්වයක් දැරූ අතර පූජක පැලැන්තිය ආදී අංශයන්ගෙන් සංවිධාන්ත්මක ස්වරූපයක් ඉසිලී ය. දෙවිවරුන් රාශියක් පිළිබඳ සතුටට පත් නොවූ මිනිසා මේ සියල්ල ම මෙහෙය වන එක් සර්වබලධාරී මැවුම්කාර දෙවියෙකු පිළිබඳ සිතන්නට විය. මේ පිළිබඳ සංකල්පය මිනිසා තුළ මුල් බැසගත් අතර ක්‍රමයෙන් පැරණි දෙවිවරුන් පිළිබඳ වාශ්වාසය ක්‍රමයෙන් තුනී වන්නට විය.  මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවියන් සියලු දෙනා ම පිටි පසින් සිට ඔවුන් පාලනය කරන්නා වූ එක් බලගතු දෙවියකු ගැන විශ්වාසය මිනිසා තුළ මුල් බැස ගන්නට විය.

යථෝක්ත අයුරින් ගෝත්‍රික ආගමික සංකල්පයක් ලෙස ආරම්භ වූ දේව සංකල්පය නූතන ලෝක ආගම් තුළ අද්විතීය ස්ථානයක් හිමිකරගෙන තිබේ. ක්‍රිස්තියානි ආගම තුළ සර්ව බලධාරී යාxවේ දෙවියන් වහන්සේ කෙනෙකු ද, ඉස්ලාම් දහම තුළ සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් වහන්සේ පිළිබඳව ද, හින්දු ආගම තුළ සර්ව බලධාරී බ්‍රහ්ම සංකල්පය ද සඳහන් වීම තුළින් ප්‍රතීයමාන වේ. එය නූතනය තුළ දෙවින්ගේ පිළිම නෙලීම තුළින් ද, දේව සාහිත්‍යය හා දේව ධර්මය වැනි ශේෂ්ත්‍රයන් නිර්මානය වීම තුළි්න තව තවත් මැනවින් පැහැදිලි වේ.

මිනිසා හා විශ්වය පිළිබඳ අදහස[සංස්කරණය]

නියඟය, අදික වැස්ස, සුලි සුළං, නායයෑම්, ව්‍යාධීන් සහ මරනය වැනි ස්වාභාවික විපත් මෙම යුගයේ මිනිසා පැවතුන දුක්කම් කටොලු වලින් සමහරකි. මෙම ස්වාභාවික ව්‍යසනයන් ආදි කාලීන මිනිසා දුටුවේ දෙවින්ගේ කෝපය මත සිදුවන සිදුවීම් ලෙයසි. ප්‍රාථමික ජනතාව අර විද්‍යාත්මක අවබෝධය හා තාක්ෂණික මෙවලම් නොමැතිකම හේතුවෙන් මෙවැනි චින්තනයන්ට අප මුතුන් මිත්තන් යොමු වූවාට සැක නැත. ඒ කෙසේ වුවත් ස්වභාවික පරිසරයේ සිදු වුන මෙවැනි ගුප්තමය ස්වභාවයන් හා එහි ක්‍රියාවලිය එමෙන් ම එහි පැවැත්ම පිළිබඳ යම් අවබෝධයක් ලබා දී මිනිසා එවැනි පීඩනයන්ගෙන් මුදවාලීමට ආගම සමත් විය. මෙහිදී මෙම ආගමික අංශය නියෝජනය කරනූ ලබනුයේ ගෝත්‍රයෙහි වැඩිහිටියන් වන අතර ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය ගෝත්‍රයෙහි පැවැත්ම හා දියුණුව සඳහා බලපැවැත් විය. ප්‍රාදේශීය දෙවිවරුන් විවිධ චර්යාවන්ගෙන් යුක්ත වූ විය. භිය දනවන, දඬුවම් කරන, කරුණාවන්ත ආදී දෙවිවරුන් ඒ අතර වේ.

මිනිසා පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය වූවේ මිනිසා මිය ගොස් අවසාන නිශ්ටාවක් රහිතව නැවතත් දෙවියෙකු වී උපදින බවයි. එසේ ම ලෝකය සිදුවන සියල්ලක් ම නැවත නැවත සිදුවන බව ඕහු විශ්වාස කළ හ. එසේ ඔවුන් සිතන්නට යොමුවන්න ඇත්තේ ස්වාභාවික පරිසරය තුළ නැවත නැවත සිදුවන චක්‍රීය ක්‍රියාවලිය දෙස බලා විය යුතු ය. ඔවුන් මෙවැනි සිදුවීම් නැරඹූවා පමණක් නොව ඒ කෙරෙහි අභිචාර පවත්වන්නට ද විය. නමුදු ඔවුන් මෙවැනි අභිචාර සිදුකරනුයේ ඇයිද යන්න නොදනී. අතීත තම මුතුන් මිත්තන් එවැනි අභිචාර පැවැත් වූ නිසා සම්ප්‍රධායිකව එය සිදු කිරීම ගෝත්‍රයෙහි චාරිත්ත්‍රයක් විය. එවැනි අභිචාර සිදු නොකිරීමෙන් ගෝත්‍රයට හා මිනිසාට විපත් සිදු වීමට හේතු වේ.

මිනිසා හා විශ්වය පිළිබඳ අදහස එසේ කාලීනව සංවර්ධනය වෙමින් පැමින නූතන ලෝක ආගමික දෘශ්ටිකෝණය තුළත් දාර්ශනික දෘශ්ටිකෝණය තුළත් තවමත් නිශ්චිත පිළිතුරක් නොමැති ගැයලුවක් බවට පත්ව තිබේ. ඒ කෙසේ වුවත් නූතන ලෝක ආගමික සන්දර්භය තුළ මිනිසා හා විශ්වය පිළිබඳ සංකල්පය සර්වබලධාරී දෙවියන්ගේ නිර්මිතයක් බවට දේවධර්මය හා ශුද්ධ වූ ආගමික ග්‍රන්ථ සාක්ෂි දරයි. හින්දු ආගමේ ඍග්වේදය අනුව මිනිසා හා විශ්වය මවන ලද්දේ සර්වබලධාරී මැවුම්කාර මහා බ්‍රහ්ම දෙවියන් විසිනි.

“බ්‍රාහ්මණො’ස්‍ය මුඛමා’සිද් බාහු රාජන්‍යඃ කෘතඃ

ඌරු තද’ස්‍ය යද් වෛශ්‍යම් පදභ්‍යාම් ශුද්‍රො අජායත”

(සෘග්වේදය 10 වැනි මණ්ඩලයේ 90 වැනි පුරුෂ සුක්තය)

විශ්වය මවන ලද්දේ “මහා බ්‍රහ්මන් විසින් බිත්තරයක් මවා එය දෙප`ඵ කොට උඩ කොටසින් ආකාසය ද, ආකාස වස්තු ද, යට කොයසින් පොළොව ද, පොළෝ වස්තු ද මහ බඔු විසින් මවන ලදි.

බයිබලයේ උප්පත්ති කථාවට අනුව මිනිසා හා විශ්වය මවන ලදේදේ සර්වබලධාරී දෙවියන් වහන්සේ විසිනි. ඒ බව,

“ස්වාමී වූ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලේන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ ුස්ම හෙ`ඵ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රානයක් විය... ස්වාමී වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණ වූ සේක”

(උප්පත්ති කතා, 2-7,21)

ඉස්ලාම් ආගම තුළ මිනිසා හා විශ්ව සම්භවය දක්වා ඇති අයුරින් ආදි කාලීන ආගමික සකල්පය කෙතෙක් සංවර්ධනිය වී ඇද්දැයි මැනවින් විෂධ වේ. එය ශුද්ධ වු අල්-කුර්-ආණයේ දක්වා ඇත්තේ පහත පරිදි ය.

“ කවරෙකු ගෞරව අපේක්ෂා කරන්නේද ගෞරව සියල්ල අල්ලාහ්ට හිමිය. පිවිතුරු වදන ඔහු වෙතම ඉහල නැගෙන්නේය. තවද යහ ක්‍රියාව එය ඔසවන්නනේය. තවද කවුැුන් නරක දෑ කුමන්ත්‍රණය කරන්නේද දරුණු දඬුවමක් ඔවුන්ට හිමිය. ඔවුන්ගේ කුමන්ත්‍රණය, එය විනාශ වන්නේය. තවද අල්ලාහ් නුඹලාව පස් වලින්ද ශුක්‍රාණු වකින්ද මැව්වේය. ඉන් පසු නුඹලාව ඔහු යුගල ලෙස පත් කළේය. තවද ඔහුලේ දැනුමෙන් මිස කිසිඳු ස්ත්‍රියක් ගඅබ් ගන්නේද නැත. ප්‍රසුත කරන්නේද නැ. ලේඛනයෙහි මිස කිසිඳු වයස්ගත කෙනෙකුට වැඩි වසක් දෙනු ලබන්නේද නැත. තවද තම වයසින් අඩු කරන් ලබන්නේද නැත. සැබැවින්ම මෙය අල්ලාහ් කෙරෙහි පහසු කටයුත්තකි...”

(සූරා ෆාතීර් 35 (10,12)

යාථා්ක්ත අයුරින් මැනවින් දර්ශනය වනුයේ ආදි කාලීන ගෝත්‍රික ආගම් තුළින් ජනිත වූ මිනිසා හා විශ්වය පිළිබඳ සංකල්පය නූතන ලෝක ආගමික සන්දර්බය තුළ සංවර්දනයේ හිනි පෙත්තට පත්ව ඇති ආකාරය යි.

විමුක්තිය හා මරණින් මතු පැවැත්ම

විමුක්තිය පිළිබඳ ප්‍රාථමික ආගම් තුළ පැවති මතය වන්නේ කිසියම් දවසක තම කණ්ඩාමේ සාමයත් සමඟියත් ආරක්ෂා කරදීම උදෙසා ගැලවුම් කරුවෙකු පැමිණෙන බවයි. ගෝත්‍රික ආගම් තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ ඔවුන්ගේ පරම නිශ්ඨාව භෞතික ලෝකයට පමණක් සීමා වීමයි. පවතින ලෝකයෙන් තොර වෙනත් ලෝකයක් ගැන් ඔවුන් සිතුවේ කලාතුරකිනි. පරම නිෂ්ටාව සංකල්පය ඔවුන් සිතුවේ මේ ලෝකයේ මිනිසාට එන දුක් කරදර විඳතොත් පමණක් ඊලඟ භවයේ සතුටන් සිටිය හැකි බවයි. ඒ සඳහා සතුන් බිලි පූජා කොට යාග හෝම කිරීම අනිවාර්ය ලක්ෂණයක් ලෙස ඔවුන් සිතූ හ. එසේ සිදු කිරීමෙන් මියගිය තම්නගේ ඥාතී ආත්මත් සමඟ එක් විය හැකි බව ප්‍රාථමික ආගම්හි විමුක්තිය හා මරණින් මතු පැවැත්මෙහි අවබෝධය යි.

මෙමෙ සංකල්පයේ දියුණු අවස්ථාවක් ලෙස නූතන ආගම්හි පවත්නා පරම නිෂ්ටාව හා මරණින් මතු පැවැත්ම පෙන්වා දිය හැකි ය. නූතන දේවවාදී ආගමික සන්දර්භාය් දී මරණින් මතු පැවැත්මක් පිළිගන්නා අතර එහි අවසන් විනිශ්චය කරුවා වන්නේ සර්වබලධාරී දෙව්යන් වහන්සේ ය. දෙවියන් වහන්සේගේ නියෝගයන් හා පැහැදීම අනුව සුගතිය හෝ දුගතිය තීරණය වේ. එසේ ම විමුක්ති මාර්ගය ලෙස දේවවාදී නූතන ආගම් තුළ විෂද වන අදහස වනුයේ ජීවත් ව සිටින කාලය තුළ දේව භක්තියෙන් හා ශුද්ධ වූ දෙවියන්ගේ වචනය අනුව ජීවත් වීම තුළින් අවසන් විනිශ්චය දවසේ දෙවියන් වහන්සේගෙන් විමුක්තිය ලැබෙන බවයි. එහෙත් බුදු දහම වැනි අදේවවාදී ලෝක ආගම් තුළ දැකිය හැක්කේ උත්සාහ වන්තව තමා විමුක්තිය ලබාගත යුතු බව යි. එය පුද්ගලයාගේ උත්සාහය මත රඳා පවතී. බුදු දහමේ අවසාන විමුක්තිය නිර්වාණ සංකල්පය වශයෙන් හඳුන්වයි. බුදු දහම ද මරණින් මතු පැවැත්මක් පිළිගන්නා අතර එය පුද්ගලයා මේ ලෝකය තුළ දී සිදු කරන හොඳ නරක යන ක්‍රියා මත තීරණය fවි.

මේ අනුව බලන විට පැහැදිලි වන්නේ ආදි කාලීන මිනිසාගේ චින්තන ක්‍රියාවලිය පරිණාමීය ක්‍රියාවලියෙන් යුක්තව නූතන ආගම් තුළ සිදුවෙමින් පවතින බව යි.

සදාචාර පද්ධතීන්[සංස්කරණය]

ගෝත්‍රික සමාජය තුළ සදාචාර පද්ධතිය යනු අනිවාර්ය ලක්ෂණයක් ව පැවතුනි. ගෝත්‍රයෙහි අන්‍යෝන්‍ය සුහදත්වය හා සහයෝගී බව රඳා පැවතියේ සදාචාරය තුළ යි. ගෝත්‍රයෙහි සියලු දෙනා එක් සදාචාර පද්ධතියකට යටත්ව තම දෛනික වැඩකටයුතු ආදීය සිදු කළ යුතු ය. තම ගෝත්‍රය තුළ සදාචාර පද්ධථීන් ඔවුන් ගොඩනගා ගනු ලැබූයේ ඔවුන් එදිනෙදා දෛනික ජීවිතයේ දී ලබන අද්දැකීම් මත ය. සොරකම මනුෂ්‍ය ඝාතනය වැනි අවිචාරවත් ක්‍රියාවන් ගෝත්‍රය තුළ සිදු කිරීම තහනම් විය. නමුත් බොහෝවිට මෙම නීති පද්ධතිය තම ගෝත්‍රයට පමණක් සීමා විය. ගෝත්‍රයෙහි වැඩි හිටියන් විසින් මෙම සදාචාර පද්ධතීන් අද්දැකීමානුකූලව නිර්මාණය කරණ අතර සදාචාර සම්මුතීන් කඩකරන පුද්ගලයන් හට දඬුවම් නියම කරන්නේ ද දඬුවම් සිදු කරන්නේ ද ඔවුන් විසින්ම ය. මානව පරිණාමයත් සමඟ සමාජය හ සංකීර්ණ පද්ධතියක් වූ බැවින් ආදි කාලීන ආගමික සදාචාර පද්ධතීන් සංවර්ධනය වූ අතර නූතන ලෝක ආගමික සන්දර්භය තුළ සදාචාරය :ෑඑයසජකැ* යනු ප්‍රධාන ඉගැන්වීම කි.

නූතන ලෝකයේ ආගම් තුළ සදාචාරය දෙවියන් කේන්ද්‍රකොට ගත්ත කි. සදාචාර සංකල්පය සඳහා ශුද්ධ වූ ආගමික ග්‍රන්ථ වෙන් ව පවතින අතර ඒවා දෙවියන් වහන්සේ විසින් ලබා දුන් මූලික සංකල්පයෝ වෙත්. ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, බෞද්ධ යන නූතන ලෝක ආගම් තුළ

සොබා දහම වන්දනය

ආදි කාලින ගෝත්‍රික ආගමික සමාජය තුළ සොබා දහම වන්දනය වනාහී ප්‍රමුඛ ලක්ෂණය කි. තමාට වඩා සුවිශේෂී බලයක් තමා අවට දිස්වෙන ස්වාභාවික පරිසරයට ඇතැයි යන විශ්වාසය මත ආදි කාලීන මිනිසා තරු, වැස්ස, සතුන්, සුවිශාල වනස්පතියන්, ගල්, පර්වත ආදීය වන්දනා කළ බව මෙහි දී කැපී පෙනේ. මෙම සොබා දහම වන්දනය ආදි කාලීන ප්‍රාථමික ලක්ෂණයක් ලෙස සමහර විද්වතුන් නිගමනය කළ ද යතාරථානුකූලවනම් සැබැවින් ම එය කෘත ගුණ සැලකීම කි.

නූතන ඒකදේවවාදී සංකල්පයට අවැසි මාර්ගය නිරිමාණය වන්නේ ද ආදි කාලීන ගෝත්‍රික මිනිසා සොබා දහම වන්දනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි කීම යුක්ති යුක්ත ය. ඕහු සොබා දහමේ වස්තූන් තමාට වඩා බලයක් ඇති දේ ලෙස දුටු අතර ක්‍රමක් ක්‍රමයෙන් ඒවාට පූජනියත්වය ද, ආත්මය ද, දේවත්වය ද ආරෝපණය කළ බවක් දක්නට ලැබේ. සොබා දහමේ පවතින විවිධත්වය ඔවුන් ප්‍රත්‍යක්ෂ කරගනු ලැබූයේ එලෙසිනි.

ගෝත්‍රික ආගමික ලක්ෂණයන් අධ්‍යයනය කිරීමේ දී දක්නට ලැබුනේ බොහෝ පැරණි ආගම් තුළ වන්දනාවට ලක් වූ පූජනීය වස්තූන් දෙකක් ලෙස අහස හා පොළව යි. පොළව දෙවඟනක ලෙස ද අහස දෙවියෙක- ලෙස ද වන්දනා කල බවට බොහෝ ගෝත්‍රික ආගම් සාක්ෂි දරයි. සුවිශාල කඳු අහස දක්වා දිවෙන බැවින් ඒවා දෙවියන් සමග සම්බන්ධතා පවත්වන බව ඔවුන්ගේ විශ්වාසය යි. ඇල්ෆ්ස්, ෆුජියාමා, හිමාලය වැනි කඳු එයට කදිම නිදසුන් ය. ඉන්දියාවේ ඉන්දු නදිය,ගංගා නම් ගඟ, අප්‍රිකාවේ නයිල් නදිය ආදී ගංගාවන් වන්දනා කිරීම තුළින් සොබා දහමේ දායාදයන් ආදි කාලීන මිනිසා වන්දනා කළ අයුරු පැහැදිලි කරයි.

නූතන ලෝක ආගම් තුළ ද සෙබා දහම වන්දනය තවමත් දැකගත හැකි ය. බෝධීන් වහන්සේ, තුලසි යනුවෙන් හඳුන්වන හිනඳූන්ගේ පූජනිය ගස, ගංගා නම් ගඟ වැනි සොබාවික වස්තු වන්දනය තවමත් සිදුවන බව කවුරුත් දන්නා කරුණ කි. කිතුනු හා ඉස්ලාමීය ශුද්ධ වූ ආගමික ඉගැන්වීම් තුළ සර්වබලධාරී දෙවින් වහන්සේ හර වෙනත් කිසිවක් වන්දනා කිරීම තහනම් බැවින් තත් ආගම් ද්විතවයෙහි සොබා දහම වන්දනය දුර්ලබ ය. එහෙත් අනෙක් ලෝක ආගම් තුළ සොබාව වන්දනය සිදු වන බවට සාදක පවතී.

තෝටමීයවාදය[සංස්කරණය]

තෝටමය යනු පැරණි ගෝත්‍රික ආගම් තුළ පැවති ආගමික සංකේතය නිරූපණය කරන පූජනිය වස්තුව කි. මෙය ඔවුනගේ ආගමික සංකේතය මෙන් ම ගෝත්‍රයෙහි සංකේතය ද වන්නේ ය. තෝටමය සදුහා අවට පරිසරයේ පැළැටියක්, සතෙකු, ගසක් හෝ අං කැබැලල්ක් වැනි සංකේත භාවිත වී ඇත.

“ තෝටමය සඳහා භාවික වන ඉංග්‍රිසි වදන .ඔදඑැප.  යන වදන සාදාගෙන ඇත්තේ උතුරු ඇමරිකාවේ ඔජිබ්වා ගෝත්‍රීකයන්ගේ .ධඑදප්බ. යන වදනෙනි. එහි අර්ථය ඔහුගේ සොහොයුරා හා සොහොයුරිය යන්න යි. සොහොයුරා හා සොහොයුරිය අතර පවතින ලේ ඥාතීත්වය මින් අර්ථ ගැන්වේ. එවැනි ලේ ඥාතීත්වයක් තම ගෝත්‍රයේ ආගමික සංකේතය වන තෝයමය සමඟද ඇති බව විශ්වාස කෙරිණ”

මෙම තෝටමය නූතන ආගම් තුළ ද ශුද්ධ වූ ආගමික සංකේත වශයෙන් යොදා ගැනීම ගෝත්‍රික ආගමික ලක්ෂණ නූතන ලෝක ආගම් තුළින් ප්‍රතීයමාන කරන්න කි. ඉස්ලාම් ආගමේ අඩසඳ හා තරුව ද, ක්‍රිස්තියානි ආගමේ කුරුසය ද, බුදු දහමේ ධර්ම චක්‍රය ද, භාවිත කිරීම උදාහරණ ලෙස දැක්විය හැක.

මළගිය ඥාතිවරු වන්දනය[සංස්කරණය]

තමන්ගේ `ඥාතිවරු මියගිය පසු ඔවුන්ගේ ආත්මයන් තමා අවට ඇති සුවාභාවික පරිසරයේ වස්තූන් සමඟ එකතු වන බව ගෝත්‍රික ආගමික මිනිසුන්ගේ සංකල්පය යි. බි්‍රතාන්‍ය මානව විද්‍යාවේ පියා වන ඊ. බී. ටයිලර්ගේ :ඕහකදරල ෑගඊග 1871* ප්‍රාථමික සංස්කෘතිය :ඡරසපසඑසඩැ ජමකඑමරු* නම් ග්‍රන්ථයේ දී ඔහු සඳහන් කරන්නේ ඕස්ටේ්‍රලියාවේ ඇබෝර්ජියන්වරු තම ගෝත්‍රයෙහි මියගිය ඥාතීන් ආගමික පරිසරයක් සහිතව වන්දනා කළ බව යි. එසේ ම තම ගෝත්‍රයෙහි නායකයන් ආදීන් මියගිය පසු ඔවුන්ගේ දේහයන් සඳහා නිසි ගෞරව දක්වා භූමිදානය කළ අයුරු ටයිලර් එහිදී පෙන්වා දෙයි. පිරිමීඩ යුගය තුළ දී පිරමීඩයන් බිහි වන්නේ ම මළගිය ඥාතීන්ට සිදුකරන චාරිත්‍රයක් ලෙස යි. ආගමික චාරිත්‍රයක් ලෙස මියගිය ඥාතිවරු වන්දනය සෑම ගෝත්‍රික ආගමක් තුළ ම දැකිය හැකි බව ඒ ආශ්‍රිතව සිදු වූ පර්යේෂණයන්ගෙන් පැහැදිලි වේ.

කෙසේ වුවත් නූතන ආගම් තුළ ද මළගිය ඥාතිවරු වන්දනය සිදුවන බව කාටත් ප්‍රත්‍යක්ෂ කරුණ කි. කිතුණුවන් තම මියගිය ඥාතිවරු වන්දනා කරති. ජේසුස වහන්සේගේ උත්තානය සදු වූ දිනය තුළ තම මියගිය ඥාතිවරු වන්දනය කිරීම එහි දී කැපී පෙනේ. ඒ හැර ද ඔවුන් තම මියගිය ඥාතීන් වන්දනය සිදු කරනු ලබ යි. බෞද්ධ ජනතාව අතරේද මෙම ආගමික පිළිවෙත එනම්, මියගිය ඥාතීන් වන්දනය නිරන්තරයෙන් ම සිදුවන ක්‍රියාවක් ලෙස හඳුනාගත හැකි ය. විශේෂයෙන් ම මෙය ආගමික ක්‍රියාවකටත් වඩා මානව චාරිත්‍රයන් ලෙස හඳුනා ගැනීම වඩාත් උචිතයැ යි මාගේ හැඟීම යි. කෙසේ වුවත් නූතන ආගමික මානව සමාජයේ මළවුන් පිදීම නිරන්තරයෙන් සිදුනවනු දැකිය හැක. නිවසේ මියගිය ඥාතිවරයාගේ ඡායාරූපයක් රාමු කොට එයට පහන් ආදීය පුදා වන්දනා කරන අයුරු තවමත් විශේෂ වශයෙන් සිදුවන කාර්යය කි.


නිගමනය


ආදිකාලීන ප්‍රාථමික මිනිසාගේ සිතුම් පැතුම් නිරන්තරයෙන් ම සෙබාව දහමත් සමඟ සංකලනය වී ඇති බව ඔවුන්ගේ ආගමික චර්යාවන් අධ්‍යයනය කිරීමෙන් පිළිබිඹු වේ. විශේෂයෙන් ම ආදිකාලීන මිනිසා තුළ ජනිත වූ ආගමික සංකල්පයන් මානවයාගේ පරිණාමයත් සමඟ පරිණාමීය වී නූතන ආගම නිර්මාණය වී ඇති බවට තර්කයක් නොමැත. ගෝත්‍රික ආගමික ලක්ෂණ නූතන ආගමික සන්දර්භය සමඟ තුළනය කිරීමෙන් තත් කාරණය වඩාත් දර්ශනීය වේ. ඒ අනුව ගෝත්‍රික ආගමික ලක්ෂණ නූතන ආගම් තුළින් විද්‍යමාන වන බව මෙම අධ්‍යයනය තුළින් නිගමනය කළ හැක.


ආන්තික සටහන්

ඉලංගකෝන්, සමන්ත. රත්නායක, තිලක්. ලොව පැරණි ආගම්, සමන්ති පොත් ප්‍රකාශකයෝ. 2007. පි.20

  වනරතන හිමි, රිදීගම. ආගම් අධ්‍යනයට ප්‍රවේශයක්. (2007). ඇස්.ගොඩග සහ සහෝදරයෝ, කොළඹ. පි. 35.

  ඉලංගකෝන්, සමන්ත. රත්නායක, තිලක්. ලොව පැරණි ආගම්, සමන්ති පොත් ප්‍රකාශකයෝ. 2007.පි. 12.

  එම. පි. 14.

එම.

  එම

  වෛදික සිහිත්‍යය, පිටු 4.

  ක`ඵපහන, ජිනදාස. භාරතීය දර්ශන ඉතිහාසය. (1963). අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. පි.111.

  ශුද්ධ බයිබලය, සිංහල සංශෝධිත පැරණී අනුවාදය. (1995). ශ්‍රී ලංකා බයිබල් සංගමය. (්ඡණ මෘදෘකාංගය).

  අල් කුර්ආන් අර්ථ සංග්‍රහය. (2018). සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය. පි.879.

  ඉලංගකෝන්, සමන්ත. රත්නායක, තිලක්. ලොව පැරණි ආගම්, සමන්ති පොත් ප්‍රකාශකයෝ. 2007. පි 27.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය


අල් කුර්ආන් අර්ථ සංග්‍රහය. (2018). සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය.

ඉලංගකෝන්, සමන්ත. රත්නායක, තිලක්. ලොව පැරණි ආගම්, සමන්ති පොත් ප්‍රකාශකයෝ. 2007.

ක`ඵපහන, ජිනදාස. භාරතීය දර්ශන ඉතිහාසය. (1963). අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව.වනරතන හිමි, රිදීගම. ආගම් අධ්‍යනයට ප්‍රවේශයක්. (2007). ඇස්.ගොඩග සහ සහෝදරයෝ, කොළඹ. පි.

ශුද්ධ බයිබලය, සිංහල සංශෝධිත පැරණී අනුවාදය. (1995). ශ්‍රී ලංකා බයිබල් සංගමය. (්ඡණ මෘදෘකාංගය).

Buddhist and Pali University of Sri Lanka[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:123.231.86.93&oldid=482935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි