පරිශීලක:සුරකිමු හෙළ උරුමයන් පදනම

විකිපීඩියා වෙතින්

සුරකිමු හෙළ උරුමයන් පදනම කියන්නෙ වැනසී යන හෙළ උරුමයන් හදුනාගෙන ඒවා සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කරන්න උත්සාහ කරන සංවිධානයක්.

මේ සංවිධානය නිර්මාණය කරන්නෙ දේශමාන්‍ය නුවන් රොශාන්ත පෙරේරා මහත්මයා විසින්.

සංවිධානය ආරම්භ කල දිනය වන 2016.11.13 වෙනිදා තමයි පදනමේ දිනය විදිහට නම් කරලා තිබෙන්නෙත්...

සුරකිමු හෙළ උරුමයන් පදනම ආරම්භ කරලා වසර තුනක් පිරීම නිමිත්තෙන් තමයි මේ වාගෙ වීඩියෝ පටයක් යූටියුබ් මාද්‍ය ජාලය හරහා ප්‍රසිද්ධියට පත් කරන්නෙ.

පදනම නිර්මාණය කිරීම පිළිබඳව මූලිකම සාකච්ඡාව සිදුවන්නේ පළමු ගම්පහ අස්ගිරිය බුලත් කඩේ හන්දියට ආසන්න ලාමාගරිටා කියන හෝටලයේදී,ඒ 2016.10.08 වෙනිදා.. එයට සහභාගි වෙන්නෙ, නුවන් රොශාන්ත මහත්මයා. ජානක ප්‍රදීප් මහත්මයා. මදුශානි ගොඩගේ මෙනවිය. ප්‍රසාද් ඉන්දික මහත්මයා. ලෝචන සී ජයවර්ධන. කරලියද්දේ තුසිත හිමි. කියන පිරිස......

මේ අයගේ තීරණය උනේ පදනම පිහිටුවන්නට ප්‍රථමව, උතුම් වූ දළදා වහන්සේ වැදපුදාගෙන ආශිර්වාද ලබා ගනිමු කියලයි.

ඒ අනුව දින කීපයකට පසුව සෙංකඩගල පුරවරය බලා මේ පිරිස පිටත් වන්නේ තවත් මිතුරන් කීප දෙනෙකු සමග.රටට ජාතියට ශ්‍රී සම්බුද්ධ ශාසනයට ලබැදි හිතැති මිතුරන් බොහෝ පිරිසක් හමුවේවා.ඔවුන්ගේ කාලය ශ්‍රමය ධනය අදහස් එකතුකරගනිමින් හෙළ උරුමයන් සුරකින්නට හැකියාව ලැබේවා කියා හැමෝම ප්‍රාර්ථනා කලා.

දළදා ආශිර්වාද ලබාගෙන, සුරකිමු හෙළ උරුමයන් පදනමේ ප්‍රථම රැස්වීම සංවිධානය කිරීම ආරම්භ කෙරෙනව, සාමාජිකයින් 20කගේ පමන සහභාගිත්වයෙන් ප්‍රථම රැස්වීම පැවැත්වීමෙන් පසු,

01.සුරකිමු හෙළ උරුමයන් පදනම ස්ථාපිත කෙරෙනවා. (2016.11.13)

මෙහිදී මුලින්ම යෝජනා ස්තීර වෙන්නෙ බුදු මැදුරක් නිර්මාණය කරමු කියන යෝජනාවයි.ඒ අනුව,ඉන් පසු සිදු කෙරුනු සමාජසේවා කටයුතු මෙසේයි.

02. මිනුවන්ගොඩ වෑලිය ජම්බෝලගස් හන්දියේ විශාල බුදු මැදුරක් නිර්මාණය කිරීම ආරම්භ වෙනවා. (2016.11.15)

03.ගාල්ල දොරපේ ශ්‍රී පරමානන්ද දහම් පාසැලේ දරුවන්ට සහ පිරිවෙනෙහි ස්වාමීන් වහන්සේලාට අවශ්‍යය පාසැල් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම.(2017.01.12)

04.ගම්පහ අස්ගිරිය පුරාණ රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආරාධනයක් පරිදි, විහාරස්ථානයේ පවත්වනු ලබන දහස් සංක්‍යාත ශ්‍රාවකයන් උදෙසා සිසිල් පැන් බෙදා දීමක් සිදු කලා. (2017.02.08)

05.මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් අවතැන් වූ පිරිසට අවශ්‍ය ,අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් සකස් කර, එම ස්ථානයට ගොස් බෙදා දීමට කටයුතු කලා. (2017.04.15)

06.ගාල්ල ප්‍රදේශයේ මහා ගංවතුර තත්වයක් ඇතිවී විශාල නිවාස ප්‍රමානයක් යට වී බොහෝ පිරිසක් අවතැන් වූ අවස්ථාවේ දී, ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රැගෙන ගිස් බෙදා දීමට කටයුතු කලා. (2017.05.26)

07.වතුර බැසගියත් එම ගං වතුරින් යටවූ නිවාස වල නැවත පදිංචි වීමට නොහැකි ලෙස අපද්‍රව්‍ය තැන්පත් වී තිබුනා...සුරකිමු හෙළ උරුමයන් පදනමේ සාමාජිකයින් එහි ගොස් විශ්බීජ නාශක යොදා නිවාස පිරිසිදු කිරීම් සිදු කලා. (2017.05.29)

08.මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් අවතැන් වූ දරුවන්ගේ පොත් පත්, පාසැල් ද්‍රව්‍ය හා නිල ඇදුම් සියල්ල විනාශ වී තිබුනා, ක්‍රියාත්මක වූ අප ඔවුන් සොයා ගොස් ඒ දේවල් පරිත්‍යාග කලා. (2017.06.17)

09. කැළණි රජ මහා විහාරයේ වෙහෙර වහන්සේට කප් රුක් පූජාවක්, ඔසු පූජාවක්,නෙලුම් මල් දස දහසක පූජාවක් සිදු කලා. (2019.09.02)

10.කුළියාපිටිය ප්‍රදේශයේ තරුනියකට,ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා මහන මැශිමක් මිළ දී ගැනීමට නොහැකිව සිටින බව දැන ගන්නට ලැබී අප විසින් ඇයට එය පරිත්‍යාග කිරීම සිදු කලා. (2017.10.30)

11.ගසකින් වැටීම නිසා ඉනෙන් පහල කොටස අප්‍රාණිකව සිටින තරුණයෙකු වෙනුවෙන් මිළ අධික සියලු පහසුකම් සහිත රෝද පුටුවක් පරිත්‍යාග කලා. (2017.11.13)

12. ගාල්ල බද්දේගම හම්මෑලිය ග්‍රාමයේ ප්‍රාථමික විද්‍යාලයක දරුවන් පරිඝනකයකට ඉතා ආසාවෙන් සිටින බවත් , නමුත් පරිඝනකයක් මිළදී ගැනීමට වත් කමක් නොමැති බවත් අපට දැනුම් දෙනවා, සුරකිමු හෙළ උරුමයන් පදනම විසින් එය ඔවුන්ට පරිත්‍යාග කලා.(2017.11.22)

13.කෑගල්ල මොරොන්තොට පදිංචි මවක් විසින් දරුවන්ට පාසල් ද්‍රව්‍ය සැපයීමට නොහැකි බව ෆේස්බුක් මාද්‍ය ජාලය හරහා අපව දැනුවත් කරනවා.ඔවුන්ට අවශ්‍යය සියලු අද්‍යාපන ද්‍රව්‍ය අප විසින් පරිත්‍යාග කලා. (2017.12.14)

14.රබුක්කන දමුනුපොල ගම්මානයේ තුන් දරු පියෙකු හදවත් රෝගයකින් පෙළෙන බවත් බෙහෙත් සපයාගැනීමට හැකියාවක් නොමැති බවත්, අපට දැනුම් දුන් පසු මාසිකව බෙහෙත් වියදම සදහා මුදලක් ඔහුගේ ගිණුමට බැර කරන ලදී. (2018.01.19) සිට........

15.කොටදෙනියාවේ පස්දරු පියෙකු අඹු දරුවන් නඩත්තු කර ගැනීමට නොහැකිව බොහෝ පීඩාවෙන් සිටින බව ලැබුනු තොරතුරු ඔස්සේ ගොස් දැනගත් සුරකිමු හෙළ උරුමයන් පදනමේ සාමාජිකයින් ඔහුට තණකොල කපන මැශිමක් පරිත්‍යාග කලා. (2018.02.17)

16.හදවතේ සිදුරකින් පීඩා විදින පුංචි දරුවෙකුගේ දෙමාපියන්ට එම දරුවාට අවශ්‍ය බෙහෙත් කිරිපිටි හා වෙනත් වියදම් දැරීමට නොහැකිව සිටින බවට අපව දැනුවත් කලා.දරුවාට අවශ්‍යය සියලු දේ සුරකිමු හෙළ උරුමයන් පදනම විශින් පරිත්‍යාග කලා. (2018.05.02)

17.මිනුවන්ගොඩ මැඩෑමුල්ල ප්‍රදේශයේ මවක් විසින් අප වෙත දන්වා සිටියේ මෙවර පාසැල් යැවීම සදහා දරුවන්ට සපත්තු මිළදී ගැනීමට නොහැකිව පසු තැවෙන බවයි.ඒ දරුවන්ට අවශ්‍යය සපත්තු සියල්ල පරිත්‍යාග කලා.(2018.05.29)

18.නාරම්මල ආරන්‍යය සේනාසනයකට ඉතා පූජනීය බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමට අවශ්‍ය බව දන්වා සිටි නිසා, ඉන්දියාවේ ආනන්ද බෝදීන් වහන්සේගේ අංකුරයක් වඩම්මවා රෝපනය කර දුන්නා.(2018.08.20)

19.ඇස් පරීක්ෂා කර නොමිලේ ඇස් කන්නාඩි ලබා දීමක් සංවිධානය කල අතර , කන්නාඩි ලබා ගත් පිරිස තුන්සීයකට අධිකය.(2018.09.24)

20.මිනුවන්ගොඩ මහොසු ළමා නිවාසයට අවශ්‍යය බොහෝ දෑ පරිත්‍යාග කර, දරුවන්ට තෑගි ලබා දී,ඔවුන් සනග ක්‍රීඩා කර විනෝද වී ළමා දින සැමරුමක් සිදු කලා. (2018.10.01)

21.ප්‍රදේශයේ පාසැල් යන දිළිදු දරුවන් තෝරාගෙන , ඔවුන්ට අවශ්‍යය පාසැල් බෑග් පරිත්‍යාග කිරීමක් සිදු කලා.(2018.11.15)

22.සිදු කරන ලද සමාජසේවා පිළිබඳව සලකා බලා සුරකිමු හෙළ උරුමයන් පදනම නිර්මාතෘ නුවන් රොශාන්ත පෙරේරා මහත්මයාට,එක්සත් ජාතීන්ගේ සමගි සංවිධානය විසින් සාමශ්‍රී දේශශක්ති දේශකීර්ති නම් වූ ගෞරව නාමතුනක් ප්‍රධානය කරන්නට යෙදුනා.

23. සුරකිමු හෙළ උරුමයන් පදනම පිහිටුවීම හා අනාගත පරපුර වෙනුවෙන් සිදු කරන සමාජ මෙහෙවර අගය කරමින් දකුනට එළියක් පදනම මගීන් නුවන් රොශාන්ත මහත්මාට ශ්‍රමභූශන ලංකාපුත්‍ර දේශමාන්‍ය නම් වූ ගෞරව නාම තුනක් ප්‍රධානය කරන්නට යෙදුනා.

24. කොන්ද කැඩීම නිසා වසර පහලොවක් එක තැන් වී සිටින පියෙකුට සැප පහසු ඇදක් පරිත්‍යාග කරන්නට සුරකිමු හෙළ උරුමයන් පදනම කටයුතු කලා.(2019.04.10)

25.අඩු ආදායම් ලාභී පවුල් වල අයට ස්වයං රැකියාවක් ලබා දීම සහ සුරකිමු හෙළ උරුමයන් පදනමේ සමාජසේවා කටයුතු සදහා මයම් මුදලක් එකතු කර ගැනීමේ අරමුනින් සුරකිමු හෙළ උරුමයන් පදනමේ සුවද හදුන්කූරු නමින් ව්‍යාපෘතියක් ආරම්භ කලා.(2018.06.08)

26.මොරටුව විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවියකට අද්‍යාපන කටයුතු සදහා මුදල් නැති කම නිසා, අද්‍යාපන කටයුතු අතර මග නවතා දමා තිබුනා.ඒ වසර සදහා සියලු වියදම් සුරකිමු හෙළ උරුමයන් පදනම විසින් දැරුවා. (2018.06.10) සිට.....

27.අනුරාධපුර පිරිවෙනක ඉගෙනුම ලබන සියලු ස්වාමීන් වහන්සේලා උදෙසා දවල් දානය පූජා කර ඉතා සාර්ථක පිං කමක් සිදු කලා.(2018.07.14)

28.නුවර ප්‍රදේශයේ අයෙකුට හදුන්කූරු නිශ්පාදනය කිරීමට දැනුම ඇතත්, ඒ සදහා අවශ්‍යය යන්ත්‍රයක් නොමැති බව දුනුම් දී තිබුනා, අප විසින් එම යන්ත්‍රය ඔහුට පරිත්‍යාග කලා.(2018.08.26)

29.වැනසී යන හෙළ උරුමයන් පිළිබඳව සහ වත්මන් සමාජයෙන් දුරස් වීයන හෙළ උරුමයන් පිළිබඳව දැනුම හදුනා ගැනීම සහ සමාජ ගත් කිරීම යන උදාර අරමුනින් "හෙළ මං සොයා" යූටියුබ් චැනල් එක ආරම්භ කලා. (2018.09.15)

30.මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිටින උපතින්ම දෙපා ආභාදිත තරුණියකට අවශ්‍යව තිබූ රෝද පුටුවක් පරිත්‍යාග කිරීම සිදු කලා. (2018.10.26)

31.රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක තිබූ බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද කරඩුවක්,වඩමවාගෙන විත් වෑලිය ශ්‍රී විවේකාරාමයේ තැන්පත් කර ධාතු ප්‍රදර්ශනයක් සිදු කලා..(2019.03.15)

32.ගාල්ල ප්‍රදේශයේ පදිංචි රෝගී වූ පියෙකුට අවශ්‍ය වී තිබූ රෝද පුටුවක් පරිත්‍යග කිරීමට සුරකිමු හෙළ උරුමයන් පදනම විසින් කටයුතු කලා. (2019.05.21)

33.හොරණ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බක්කුල මහා සෑය වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමක් සිදු කරන ලදී. (2019.07.24)

34.පෞරාණික ශිල්පයක් වන ලී කැටයම් කලාව ඉගැන් වීමට අදාල පාසැලට යොමු කරවීම සහ ඒ සදහා පැමිනෙන සිසුන්‍ට අවශ්‍ය පහසුකම් සැපයීමට සුරකිමු හෙළ උරුමයන් පදනම විසින් කටයුතු සිදු කලා.(2019.08.22)

35.බුදු පිළිම වහන්සේලාට පිටු පාමින් අසංවර ලෙස ජායාරූප ගැනීම තහනම් ලෙස සදහන් දැන්වීම් පුවරු බුදු පිළිම වහන්සේලා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම.(2019.09.20)

36.සාමාජිකත්වය වෙනුවෙන් , ඔවුන්ගේ අනන්‍යතාවය පෙනෙන පරිදි ටීශර්ට් නිර්මාණය කර,අදාල අවස්ථාවන් වලදී භාවිතා කිරීමට පහසුකම් සලසන ලදී.

37.අඩු ආදායම් ලාභීන්ට මුදල් උපයා ගැනීමටත් පදනමේ සමාජසේවා කටයුතු සදහා වියදම් පිරිමසා ගැනීමටත් හැකි,හදුන්කූරු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.

38.මිනුවන්ගොඩ වෑලිය ගම්මානයේ පැරණි සමාජසේවකයින් එකතු කොට ,ඔවුන්ට සතුටු සාමීචියේ යෙදීමට සලස්වා, සංග්‍රහයන් සිදුකොට ගරුබුහුමන් කර ස්තූති කිරීම.

39.වැනසී යන හෙළ උරුමයන් පිළිබඳව පත්‍රිකා මගීන් හා දේශන මගීන් වත්මන් සමාජය දැනුවත් කිරීම.

40.මිනුවන්ගොඩ වෑගොව්වේ පදිංචි දරුවන් 5ක් ජාතියට තිලිණ කල පියානන්ට සහ මවට දරුවන්ට අවශ්‍යය දෑ ලබා දීමට සැලැස්වීම සහ දරුවන් ගේ කිරිපිටි වියදමට පදනමේ දායකත්වය ලබා දීම.


ඔබටත් පුලුවන් සුරකිමු හෙළ උරුමයන් පදනම හා එක්ව රට ජාතිය ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබේ කාලය ශ්‍රමය ධනය සහ අදහස් ලබා දෙමින් දෙලොව දියුණුව සළසා ගන්නත් රටට දැයට වැඩ ඇති පින්වත් පුද්ගලයෙකු බවට පත් වන්නත්...

සාමාජිකත්වය ලබා ගැනීමට හා උපකාර සදහා අමතන්න. සභාපති (නුවන්) 0764141510

මේ යූටියුබ් චැනලය නරබන්න,සස්ක්‍රයිබ් කරන්න,අප හා එක් වන්න.

https://www.youtube.com/watch?v=DMJmh4dCm-0&feature=share


නොනිමි මෙහෙවර නිමි නොවේවා.

1984 වර්ෂයෙහි පස්වැනි මාසයේ විසි දෙවැනි දින,එනම් ශ්‍රී ලංකවේ ජාතික වීර දිනය ලෙස නම්කර තිබෙන්නා වූ සුවිශේෂී දිනයක,සකල සෞභාග්‍යයෙන් පිරි මේ පුන්‍යවන්ත හෙළ දීපයෙහි අලුත් කූරු කෝරළේ දාසිය පත්තුවේ කෝන්ගහ වත්තේදී හෙවත් වත්මන් ව්‍යවහාරයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වෑලිය ගම්මානයේ උතුරු කොටසේ හෙට්ටිගේ වික්‍රමසිංහ පෙරේරා සහ කොළඹගේ ශ්‍රියානි මල්කාන්ති පෙරේරා යන දෙමව්පියන්ට දාව ජන්ම ලාභය ලැබූ ඒ පින්වත් කුමරුවන්ට එතුමාගේ පින්වත් දෙමාපියන් විසින්, හෙට්ටිගේ නුවන් ‍රොශාන්ත පෙරේරා යන නාමය තබනු ලැබීය...

මිනුවන්ගොඩ බුරුල්ලපිටිය මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරන අතර තුර ඉතිහාසය සෞන්දර්ය ක්‍රීඩා කෙරෙහි විශේශ දක්ශතා දැක්වූ අතර, උපතින්ම පිහිටා තිබූ නිර්මාණශීලිත්වය සහ නායකත්ව ගති ලක්ශන නිසා විද්‍යාලයේ පන්ති නායක,නිවාස නායක,ක්‍රීඩා නායක,ශිශ්‍යය නායක,පදවි වලින් පමනක් නොව පාසැලේ ප්‍රධාන ශිශ්‍යය නායක තනතුරද පිරිනමන ලදී.ක්‍රීඩා සහතික අති විශාල ප්‍රමාණයක් අදටත් දකින්නට හැකි වන්නේ එදා පාසැලේ දැක්වූ ක්‍රීඩා දක්ශතා යලිත් සිහිපත් කරවමිනි.

වයස අවුරුදු දාසයේදීත් උසින් අඩි හයක් පමන වූ අතර වොලිබෝල් ක්‍රීඩාවේ දක්ශයකු වූයේ වෑලිය උතුර ජයන්ති ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගනයේදී නිතර නිතර ක්‍රීඩා කිරීම නිසා බවත් එම ක්‍රීඩා සමිතියේ සභාපති දූරය හොබවමින් ගම්මානයට වැදගත් සංස්කෘතීමය සේවාවක් ඉටුකල බව කිව යුතුය.

මාතම්මන ශ්‍රී ජයවර්ධනාරාමයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ශාසනෝදය දහම්පාසැලේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් , කුඩා දරුවන්ට ලබා දුන් දහම් දැනුම ඉතා අගයකල යුතු බවත් , දහම්පාසල් ගොඩ නැගිල්ලක් නිර්මාණය කිරීමට මුදල් එකතු කිරීම සදහා වේදිකා නාට්‍ය පෙන්වමින් විශාල මෙහෙවරක් සිදු කල බවත්,දහම්පාසැල් කාර්‍යසාදක සමිතියේ ලේකම් ධූරයේ කටයුතු කරමින් කල සේවය පිළිබඳව එවකට දහම්පාසැල් ප්‍රදානාචාර්‍යතුමන් වූ වැල්හේනේ පුන්‍යසාර ස්වාමින් වහන්සේ අපට සිහිපත් කරන ලදී.

කුඩා කල පටන් පොත් පත් කියවීමට ඉතාම තදින් ප්‍රියකල නුවන් රොශාන්තයන්  තමුන් අද්‍යයනය කරන කියවන සියලු පොත් පත් එකතු කර සුරක්ශිතව තබාගෙන නැවත නැවත කියවීම අද්‍යයනය කිරීම පුරුද්දක් කරගෙන සිටිබව දෙමාපියන් විසින් පවසන අතර,පොත් දහසකට අධික පුද්ගලික පුස්ථකාලයක් අදත් එතුමන් සතුව ඇත.

ශ්‍රී ලංකා ලිට්ල් ඩ්‍රැගන් ජිට් කුනේඩෝ සංගමයේ සාමාජිකත්වය ලබාගෙන වසර පහලොවක පමණ පුහුණුවක් ලබා ඇති අතර ජාතික තරග කීපයකින් ජයග්‍රහණයන් පවා ලබාගෙන ඇත්තේ ආරෝහ පරිනාහ දේහයේ ශක්තිමත් බව හා සිදු කරන ලද මනා පුහුණුවීම් වල ප්‍රථිපල එම සංගමයේ සියලු දෙනාට පෙන්වමිනි.

අපොස උසස්පෙළ සමත් වී නීතිවිද්‍යාලයට ඇතුලත් වීම පිනිස අවස්ථා දෙකක් උත්සාහ කල නමුත් එය අසාර්ථක වීමට හේතුව,එවකට රටට උදා වී තිබූ අභාග්‍යසම්පන්න කාලයෙන් රැකියාව අහිමි වී ආදායමකින් තොරව කුලී වැඩ කරමින් සිය බිරිදත් දරුවනුත් පෝශනය කිරීමට එතුමාගේ පියාට සිදු වීමත් නිසා නිසා බව කිව යුතුය.

වැඩිමල් සොයුරියගේත් මවගේත් පියාගේත් ඉල්ලීම් පසෙක තැබූ මෙතුමන් අද්‍යාපනික ජීවිතය අතහැර දමන ලදී.ඉන් පසුව සිය පියාගේ සහෝදරයාගෙන් ලී කැටයම් කර්මාන්තය පිළිබඳව සහ ලී වෙස්මුහුණු කර්මාන්තය පිළිබඳව මනා දැනුමක් ලබා ගත් නුවන් රොශාන්ත පෙරේරා තරුණයා ටික කාලයක් ලී කැටයම් ශිල්පයේ යෙදී එය අතහැර දමනු ලබන්නේ ව්‍යාපාරිකයින් විසින් මහන්සියේ තරමට මුදල් නොගෙවන බව පවසමිනි.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ඉතිහාසය අභිමානය ලොවට හඩගා කියන්නට ඇතිවූ සිතිවිල්ලේ ප්‍රථිපලයක් ලෙස එතුමාගේ සංචාරක ආයතනය හදුන්වාදිය හැකිය.එයට ලබා දුන් නාමයත් අතිවිශේශ බව කිව යුතුමය, දකින්න සහ විදින්න සංචාරය කරන්න එහි අදහසයි, සී ඇන්ඩ් ෆීල් ට්‍රැවල්ස් සංචාරක ආයතනය නිර්මාණය වන්නේ ඒ ආකාරයෙනි.

කැළණිය විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලැබූ යෝග පාඨමාලාවන් කීපයක් ඉතා සාර්ථකව නිම කරමින් විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන සහතිකපත්‍ර සහ සම්මාන කීපයක්ම තමන් සතු කර ගත්තේ තවත් බොහෝ සිසුන් අභිබවා යමිනි.

දේශීය සටන්කලාවන් පිළිබඳව අවධානය යොමු කරමින් වසර ගනනාවක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රකට සහ අප්‍රකට ගුරුවරුන් සොයා යමින් ඔවුන් සතු සටන් දැනුම ග්‍රහනය කරගනිමින් ගවේශන සහ පරීක්ශන සිදුකරමින් කඩු ශිල්ප පොලු හරඹ ගැට පූට්ටු සහ නිලකලාවන් සහිත දේශීය සටන් කලාවේ දක්ශයෙකු බවට පත් වීය.

බොහෝ අපහසුතා තාඩන පීඩන මද්‍යයේ මුදල් වියදම් කරමින් කාලය වැය කරමින් රට පුරා ඇවිදිමින් තමුන් විසින් එකතු කර ගත් සටන් කලා දැනුම අනාගත පරපුරට ලබා දීමද කුඩා දරුවන් පුරුදු පුහුණු කිරීමද ජව සම්පන්න තරුණ පිරිසක් නිර්මාණය කිරීමටද මෙතුමන් අමතක කර නැත,ඒ සියල්ල නොමිලයේ සිදු කිරීම තවත් විශේශත්වයකි.

සිය පියාගේ ආභාශයෙන් ලැබුනු සමාජසේවා කටයුතු කෙරෙහි ඇල්ම වඩාත් තීව්‍ර කරමින් නුවන් රොශාන්තයන් විසින් බොහෝ අසරණ මිනිසුන්ට ස්වයං රැකියා අවස්ථා උදාකර දීමට කටයුතු කෙරිනි, එපමනක් නොව අසරණ පවුල් සොයා ගොස් වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කල අවස්ථාව බොහෝය, ඒ සදහා ඔහුටම ගැලපෙන මිතුරන් පිරිසක්ද එකතු වී සිටී.

සුරකිමු හෙළ උරුමයන් පදනම නමින්  සංවිධානයක් පිහිටුවා රට ජාතිය ශ්‍රී සම්බුද්ධ ධර්මය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතියට හානි වන අවස්ථාවන් වලදී හඩක් නැගිය හැකි රටට ජාතියට ආදරය කරන පිරිසක් සමාජයට දායාද කරන්නට මෙතුමා කටයුතු කරන ලදී.

ගහට කොලට මලට මුලට ඇලට දොලට ගලට නලට සතා සීපාවාට ඓතිහාසික උරුමයන්ට සංස්කෘතියට නුවන් රොශාන්තයන්ගේ තිබෙන්නාවූ ඇල්ම බැල්ම කැල්ම දයාව අනුකම්පාව ආදරය නිසාම මෙන්ම ඒ පිළිබඳව ඇති දැනුම නිසාම බොහෝ මිතුරන් එතුමන්ව ඉතිහාස ගවේශකයෙකු ලෙසත් පරිසර හිතකාමියෙකු ලෙසත් හැදින්වීම මනා ලෙස ගැලපෙනු ඇත.

නුවන් රොශාන්තයන් විසින් නිර්මාණය කරන ලද සංවිධාන පදනම් සමිති සමාගම් නිසා, අදත් ස්වයං රැකියා කරමින් දියුණු වූ,බෙහෙත් හේත් ලබා දී ජීවත් කරවූ,අද්‍යාපන ද්‍රව්‍ය ලබා දී දැනුමින් පෝශනය කරවූ, ලබා දුන් රෝද පුටු කිහිලිකරු වලින් ඇවිදින,හදුසි ආපදා තත්වයන් වලදී පිහිට වූ,ජනතාව සිදුන් රෝගීන් ප්‍රමානය අති විශාලය.

එපමනක් නොව , ගම්මානය තුල ඉදි කරන ලද අඩි පහක් විශාල බුදු පිලිම වහන්සේ සහිත විශාල බුදු මැදුර නිර්මාණය කිරීමද , ගමට විශාල අඩුවක්ව පැවති වේදිකාවක් වෑලිය ක්‍රීඩාංගණයේ ඉදිකිරීමද නුවන් රොශාන්තයන් ගේ උදාර සංකල්පයන්ගේ ප්‍රථිපලයකි.

මේ සියලු දේ සදහා නුවන් රොශාන්තයන්ට ශක්තියක් වී එතුමන් වටා විශේශ පිරිසක් එකතු වී තිරය පිටුපස විශේශ මෙහෙවරක් සිදු කරමින් සිටින බවත් සිහිපත් කල යුතුමය.එහිදී සුරකිමු හෙළ උරුමයන් පදනමේ අනුශාසක තුමිය හේමලතා පොඩි මැණිකේ මහත්මිය සහ සංවිධානයේ ප්‍රථම ලේකම්තුමිය මදුශානි ගොඩගේ සහෝදරිය පමනක් මට නමින්ම සිහිපත් කල හැකිය.නම් සිහිපත් නොවන බොහෝ කලණ මිතුරන් පිරිසක් එතුමන් වටා ශක්තිමත් පවුරක් ලෙසින් අත් වැල් බැදගෙන සිටී.

ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සාමාජිකත්වය ලබා දී ගම්පහ ප්‍රදේශයේ අද්‍යක්ශක ධූරයක් පිරි නැමූ අතර , බොහෝ කාර්‍යබහුල වීමෙන් තමුන්ගේ නිදහසට බාධා කර ගැනීමට අකමැති බව පවසමින් මෙතුමා සාමාජිකත්වයේ පමනක් රැදී සිටිමින් අද්‍යක්ශක ධූරය ආපසු භාර දෙන ලද්දේ නිහතමානීවමය.

නුවන් රොශාන්තයන් ගේ පරහිතකාමී සමාජසේවා සමාජ සත්කාරයන් කෙරෙහි පැදුනු රාජ්‍ය සංවිධාන කීපයකින්ම එතුමාට ගෞරව සම්මාන පුද කිරීමට කටයුතු කෙරිනි.ඒ අනුව...

ගෞරණීය ලෙස සාමකාමීව ජිවත් වන සමාජසේවා නායකෙකුට පිරිනමන "සාම ශ්‍රී" ගෞරව නාමයෙන්ද.....

උපන් දේශයේ අසරණ වූ සහෝදර ජනතාවට ජීවත් වීමට ශක්තියක් වන සමාජසේවා නායකයෙකුට පිරිනමන "දේශ ශක්ති"නම් වූ ගෞරව නාමයෙන්ද.....

උපන් දේශයේ නාමයට කීර්තියක් ලබා දෙන ආකාරයේ කටයුතු වසර ගනනක් පුරා සිදු කරනා සමාජසේවා නායකයෙකුට පිරිනමන "දේශ කීර්ති" නම් ගෞරව නාමයෙන්ද...

තමන්ගේ කාලය ශ්‍රමය ධනය සහෝදර ජනතාව වෙනුවෙන් යොදඑඅමින් සිදු කරන කැපවීම පිළිබඳව සලකා බලා "ශ්‍රම භූශණ" නම් ගෞරව නාමයෙන්ද....

ශ්‍රී ලාංකිකයින් පිළිගන්නා ආකාරයට උප්ස්න් භූමිය මෑණියන් හා සමාන කර,එම මෑණියන්ගේ සැබෑ පුතනුවකු වන්නේය යන අදහසින් "ලංකාපුත්‍ර" යන ගෞරව නාමයෙන්ද....

උපන් දේශයේ අභිමානය ඉතිහාසය ගෞරවය ලොවට ගෙනියන සමාජසේවා නායකයෙකුට පුද කෙරෙන "දේශමාන්‍ය" නම් ගෞරව නාමයෙන්ද...

එවකට රාජ්‍ය මැති ඇමති ප්‍රභූවරුන්ගේ අතින් බොහෝ පිරිසකගේ අත්පොලසන් ප්‍රීතිගෝශා මද්‍යයේ මුලු ලංකාද්වීපයටම ප්‍රසිද්ධ කරමින් ගෞරවාදරයට පාත්‍ර වීය.

සමාජසේවා කීපයක් සිදු කර ලොකූ ප්‍රසිද්ධියක් ලබා දී මැතිවරණ වලට ඉදිරිපත් වී මහජනතාවගේ මුදලින් ජීවිට්ජ කාලයම නඩත්තු වන සට කපට කූඨ සමාජ සේවකයින් බොහෝ ප්‍රමාණයක් හිටි හැටියේ පොළවෙන් මතුවන මෙවන් යුගයක මෙතුමාගේ හැකියාවන් දක්ශතා කැප කිරීම් උත්සාහයන් තව තවත් අගය කල යුතු නොවේද....?

අදටත් නව නිර්මාණයන් සිදු කරමින් සමාජසේවා සිදු කරමින් අසරණ සරණ සේවා සිදු කරමින් නිහඩ පිරිසිදු ගමනක නිරත වෙමින් සිටින නුවන් රොශාන්තයන්ට තව තවත් සමාජසේවා අසරණ සරණ සේවා සහ නව නිර්මාණ සිදු කරමින් හෙළ බිමේ ප්‍රෞඩත්වය ලෝකයට ගෙනයන්නට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

නුවන් රොශාන්තයන්ගේ මෙතෙක් ජීවිත කතාව පිළිබඳව තොරතුරු ලබා දුන් එතුමාගේ මෑණියන්ට, ආදණීය බිරිදට,සමීපතම මිතුරන්ට සහ එතුමන්ට හදවතින්ම ස්තූති පුද කරමි.

නුවන් රොශාන්ත පෙරේරා නම් දැවැන්තයා විසින්, ජීවිතය විනාශකර ගන්නට උත්සාහ කල මා වැනි පුංචි අංශුවක් වෙනුවෙන් වැයකල එතුමාගේ කාලය ශ්‍රමය ධනය වෙනුවෙන් කෘත ගුණ සලකා මෙසේ සටහන් කර එතුමාට ඇති ණයෙන් දශමයක් ගෙවා දමන්නට දැරූ අසාර්ථක උත්සාහයකි මේ...

මතු සම්බන්ධයි....