පරිශීලක:රාජු/විද්‍යාව හා නවීනවිද්‍යාව

විකිපීඩියා වෙතින්

සිංහලවප් ගේ නවීන විද්‍යාව සබැදි ඔහු ගේ නිර්මාණ[සංස්කරණය]

ත්‍රිවිද්‍යා - අරහත්බව හෝ බුදුබව ලැබීමේදී නෙකෙකුගේ අවිද්‍යාව දුරුවී පෙර ත්‍රිවිද්‍යා පහලවේ. - පුබ්බේ නිවාසානුස්සතිය - චුතූපපාත ඤාණය - ආසවක්ඛය යොමු -අවිද්‍යාව (බුදු දහම) විජ්ජාචරණ සම්පන්න විජ්ජාචරණ සම්පන්න - විජ්ජාචරණ සම්පන්න යනු සම්මා සම්බුදුවරු සතු බුදු ගුණ 9න් එකකි. යොමු - ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක - http://mahamevnawa.lk/gauthama_sasune_02/

අෂ්ඨ විද්‍යා ත්‍රි විද්‍යා - පරචිත්තවිජානන ඤාණය: අනුන්ගේ සිත් දැනගැනීමේ විද්‍යාව - පුබ්බේනිවාසානුස්මෘති ඤාණය - පෙර භව ගැන දැනීමේ විද්‍යාව - ආශ්‍රවක්ෂයකර ඤාණය - ආශ්‍රව ක්ෂය කිරීමේ විද්‍යාව -+ - අනෙකුත් විද්‍යා 5- විදර්ශනා ඤාණය  : සෑම දෙයක් පිළිබඳ ව ඇත්ත ඇති සැටියෙන් විනිවිද දැකීමේ විද්‍යාව - මනෝභය සෘද්ධි ඤාණය - බොහෝ දෙනකු ලෙස පෙනී සිටීම, නොපෙනී සිටීම - සෘද්ධිවිධ ඤාණය - අහසින්යෑම, දිය මත ඇවිදීම, පොලොවේ කිමිදී යෑම, ගිනිමත සිටීම - දිව්‍ය චක්ඛු ඤාණය - ඕනෑම දුරක පවතින දෙයක් දැනීමේ විද්‍යාව - දිව්‍ය ග්‍රෝත ඥානය - දුර පවතින ශබ්ද , යන්ත්‍ර වලටවත් අසුනොවන සියුම් ශබ්ද ආදිය ඇසීමේ විද්‍යාව යොමු - නූතන විද්‍යා අභිබවන බුදු දහමේ විද්‍යා ඤාණ - http://www.lakehouse.lk/budusarana/2008/05/12/tmp.asp?ID=vision04

බුදුසරණ මතය[සංස්කරණය]

නූතන විද්‍යා අභිබවන බුදු දහමේ විද්‍යා ඤාණ - -කොබ්බෑවල සුමනදාස වීරසිංහ - http://www.lakehouse.lk/budusarana/2008/05/12/tmp.asp?ID=vision04

තම දැන උගත්කම් අන් අයට හඟවන්නට සිතන, පණ්ඩිත මානයෙන් පිරුණු මානසිකත්වයක් ඇති අය බුදුදහම නවීන විද්‍යා සමඟ සසඳන්නට නොයෙක් අදහස් හා තර්ක විතර්ක මත පළ කරති. එසේම මේ පිළිබඳ ලියැවුණු පොත්ද බහුලව දකින්නට ලැෙයි.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව, තරකා විද්‍යාව භූගෝල විද්‍යාව, සාගර විද්‍යාව, කෘෂි විද්‍යාව, දේශපාල විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී මෙකී නොකී විද්‍යා, ප්‍රමාණයෙන් සිය දහස් ගණනක් ඇත. මෙසේ නොයෙකුත් විද්‍යා හා විද්‍යාඥයන් අද ලෝකය පුරාම ඇත. මේ කිසිම විද්‍යාවකට හෝ විද්‍යාඥයකුට දැනට අවුරුදු 2551 කට පෙර සියලු විද්‍යා අවබෝධ කළ අමා මෑණි බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කොට වදාළ ත්‍රි විද්‍යා, අෂ්ට විද්‍යා සහ ලෝක විද්‍යාව ග්‍රහණය කරගන්නට හෝ එය වෙනස් කර විකල්ප ගොඩනගන්නට නොහැකි වී ඇත. ඒ නිසාම බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රි විද්‍යා අෂ්ඨ විද්‍යා ත්‍රි විද්‍යානම්,

විදර්ශනා ඤාණය නම් වූ විද්‍යාව : සෑම දෙයක් පිළිබඳ ව ඇත්ත ඇති සැටියෙන් විනිවිද දැකීමේ විශේෂ නුවණ

මනෝභය සෘද්ධි ඤාණය - බොහෝ දෙනකු ලෙස පෙනී සිටීම, නොපෙනී සිටීම

සෘද්ධිවිධ ඤාණය - අහසින්යෑම, දිය මත ඇවිදීම, පොලොවේ කිමිදී යෑම, ගිනිමත සිටීම. (මේ ඤාණලාභීන්ට මෙසේ මේ සෘද්ධි ප්‍රතිහාරයේ පෑමට අද මෙන් යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය නැත.)

දිව්‍ය ග්‍රෝත ඥානය - දුර පවතින ශබ්ද , යන්ත්‍ර වලටවත් අසුනොවන සියුම් ශබ්ද ආදිය ඇසීමේ විද්‍යාව

පරචිත්තවිජානන ඤාණය - අනුන්ගේ සිත් දැනගැනීමේ විද්‍යාව (මෙය නූතන මනෝ විද්‍යාව මඟින්වත් මෙතෙක් කළ නොහැකිව තිබේ)

පුබ්බේනිවාසානුස්මෘති ඤාණය - පෙර භව ගැන දැනීමේ විද්‍යාව (ත්‍රී විද්‍යා යටතේ ද මෙය සඳහන් වෙයි)

දිව්‍ය චක්ඛු ඤාණය - ඕනෑම දුරක පවතින දෙයක් දැනීමේ විද්‍යාව (මෙය නවීන රූපවාහිනි, චන්ද්‍රිකා, ඉන්ටර්නෙට්ය ආදි තාක්ෂණ මගින් පවා දැකගත නොහැකි තරම් දුර හා සියුම් දෑ දැකගත හැකි විද්‍යාවෙකි

ආශ්‍රවක්ෂයකර ඤාණය - ආශ්‍රව ක්ෂය කිරීමේ විද්‍යාව (ත්‍රී විද්‍යා යටතේ් ඉහත විස්තර කර ඇත.)

ලෝක පිළිබඳ විද්‍යාව

ලෝක ධාතු පිළිබඳ බුදුරජාණන් වහන්සේ නමක් සතු විද්‍යාත්මක විශ්ව දැකීමෙන් අංශුමාත්‍රයක් පමණක්වත් නවීන විද්‍යා තාක්ෂණය තුළින් හෙළිකරගෙන නැත. ලෝක විෂය අචින්ත්‍ය බව බුද්ධ දේශනාවයි. පෘථිවි තලයට දිස්වන ඉර හඳ තත්කාවලට අමතරව, අපට නොපෙනෙන සූර්ය හා චන්ද්‍රයන් විශ්වයේ අප්‍රමාණ සංඛ්‍යාවක් පවතී. ලෝක ධාතු ගැන ෂස්තර දේශනා කොට ඇති බුදුරජාණන්වහන්සේ, ලෝක විෂය පිළිබඳ සිත දැන ගැනීමට අපට නොහැකි බැවින් ඒ ගැන වෙහෙස නොවී බඹයක් පමණ වූ ශරීරය තුළ පවතින ලෝක ස්වභාවය අවබෝධ කර ගන්නා ලෙස වදාළේ ය. එසේම උන්වහන්සේ සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යැ සකල ලෝකය ත්‍රිවිධ ක්ෂේත්‍රයක් යටතේ අවබෝධ කර ගත් නිසා ලෝකවිදූ නම් විය. මේ අනුව විශ්වය තුළ ජීවින් සිටින ලෝක, සකස් වෙමින් පවතින ලෝක, විනාශ වෙමින් පවතින ලෝක අනන්ත අප්‍රමාණව පැවතුණත් නවීන විද්‍යාව මගින් අභ්‍යාවකාශතරණය කොට මේ දක්වා මිනිසකු පා තබා ඇත්තේ පෘථිවියට ආසන්නම ග්‍රහයා වන සඳ මතට පමණකි. පෘථිවියට ආසන්න තවත් ග්‍රහයන්ගේ තොරතුරු බිඳක් චන්ද්‍රිකා තාක්ෂණය මගින් ලබා ගෙන ඇත.

බුදුදහම ට අනුව යමෙකුට ලෝකය පිළිබඳව යථාර්ථය අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් ඔහු තම සිත පිරිසුදු කර දියුණු කර ගත යුතුය. ඒ සඳහා තිබෙන ඒකායන මාර්ගය වන්නේ භාවනා ප්‍රඤාව දියුණු කර ගැනීමයි. යමෙක් සතර සතිපට්ඨානය (කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා) වැඩීමෙන් බුද්ධ දේශනාවට අනුව, සත්ව ලෝකය සංස්කාර ලෝක හා අවකාශ ලෝකය පිළිබඳව යථා අවබෝධය ඇතිවේ. මෙසේ විදර්ශනා භාවනා බහුල වශයෙන් වඩන අයකුට ධර්මය තරම් නිවැරැදි විද්‍යාවක් හී බුදුරදුන් හා ශ්‍රාවක පිරිස තරම් උසස් විද්‍යාඥයන් පිරිසක් තවත් නැති බව ප්‍රත්‍යක්ෂවම අවබෝධ වනු ඇත.

මහමෙවුනා මතය[සංස්කරණය]

දුරජාණන් වහන්සේගේ තුන්වැනි ගුණය ‘විජ්ජාචරණ සම්පන්න.’ ‘විජ්ජා’ කියන්නේ විද්‍යාව. ‘චරණ’ කියන්නෙ හැසිරීම. එතැන විද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඤාණවලට කියන නමක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පර්යේෂණයක් කළා. ඒ පරීක්ෂණයට කියන්නේ ‘ආර්ය පර්යේෂණය.’ උන්වහන්සේ පරීක්ෂණ කළේ සිත පිරිසිදු කරලා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. ඒ පරීක්ෂණය කරගෙන යනකොට උන්වහන්සේට විද්‍යාව පහළ වුණා. දම්සක් පැවතුම් සූත‍්‍රයේ (විජ්ජා උදපාදි) ‘විද්‍යාව පහළ වුණා’ කියලා තියෙන්නේ ඒකයි. විද්‍යාවන් අතර බුදුරජාණන් වහන්සේ සොයාගත් විද්‍යා තුනක් තියෙනවා. ඒකට කියන්නේ ‘ත‍්‍රිවිද්‍යා’ කියලයි.

බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. උන්වහන්සේගේ විද්‍යාව ඉවර වෙන්නේ අරහත්වයෙන්. ඒ කියන්නේ ආරම්භයක් තියෙනවා, මැදක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඒ විද්‍යාව ශ‍්‍රාවකයන්ටත් එහෙමයි. අරහත්වයට පත්වීමෙන් ඉවරවෙනවා. කෙනෙක් සෝවාන් වෙලා, සකදාගාමී වෙලා, අනාගාමී වෙලා, අරහත්වයට පත්වුණොත් එතැනින් ඒ විද්‍යාව සම්පූර්ණයි.

නමුත් අද පවතින නූතන විද්‍යාව එහෙම එකක් නෙවෙයි. ඒ විද්‍යාවේ කොණක් පොටක් නෑ. කොටි වලිගය වගෙයි. ඉවර වෙන තැනක් නෑ. විද්‍යාඥයෝ සොයාගෙන යන මාර්ගය කවදා කොතැනකදී කොයි විදිහට අවසන් වෙයිද කියලා කවුරුවත් දන්නේ නෑ. එබඳු අවිද්‍යා සහගත විද්‍යාවක්, ගෞතම බුදුරජාණන් වහන්සේ සොයාගත් විද්‍යාවත් එක්ක සමාන වෙන්නේ කොහොමද? කිසිසේත්ම සමාන වෙන්නේ නෑ.

ඒ වගේම බුදුරජාණන් වහන්සේට විද්‍යාවෙන් යුතු චරණ ධර්මයනුත් තිබුණා. ඒ කියන්නේ ඒ අවබෝධයට අනුව තමයි උන්වහන්සේ ජීවත් වුණේ. දැන් අපි ගනිමු මෙහෙම. ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා කියමු. එයා ප්‍රොෆෙසර් විශ්ව විද්‍යාලයට විතරනේ. ගෙදරට ප්‍රොෆෙසර් නෙවෙයිනේ. ඔන්න එයා ක්ලබ් එකකට ගිහිල්ලා බොනවා. ඊට පස්සේ එයා කවුද? බේබද්දා. ඊට පස්සේ එයා වල්වැඩ කරන්න යනවා. එතකොට එයා සල්ලාලයා. එතකොට අපට පේනවා එයාගේ උගත්කමත් එක්ක හැම තිස්සේම ක‍්‍රියාව බද්ධවෙලා නෑ. අවබෝධයත් එක්ක ක‍්‍රියාව බද්ධවෙලා නෑ. ඒ විදිහට විජ්ජාචරණ නැති විද්‍යාවක් තමයි මේ නූතන විද්‍යාව. අපි ළඟ රත්තරන් තියෙනවා කියලා හිතමු. නමුත් මේ රත්තරන් ටික ඔප දැම්මොත් තමයි දිළිසෙන්නේ. ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියවද්දී කියවද්දී තමයි අපට උන්වහන්සේව හම්බ වෙන්නේ. ඒකයි උන්වහන්සේ දේශනා කළේ ”(යෝ ධම්මං පස්සති සෝ මං පස්සති) යමෙක් ධර්මය දකිනවා නම් එයා තමයි මාව දකින්නේ” කියලා, උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි. උන්වහන්සේගේ ජීවිතය පුරාම ඒක අපට දකින්න ලැබෙනවා.

ලෝකයේ ආගමික නායකයින් විතරක් නෙවෙයි, සියලු මනුෂ්‍යයින්, දෙවියන් ගත්තත් ඒ වගේ විජ්ජාචරණ සම්පන්න කෙනෙක් මේ ලෝකයේ කොහේවත් නෑ. හිටියා නම් වාර්තාවක් තියෙන්න ඕන. දකින්න ලැබෙන්න ඕන. කොහේ හරි විස්තරයක් තියෙන්න ඕන. අපි වෙන ආගමක් හැදෑරුවොත් එහෙම හම්බ වෙන්නේ නෑ. මොකද, අපි ඒ පොත් පත් කියවලා තියෙනවා.

බුදුරජාණන් වහන්සේ හැර විජ්ජාචරණ සම්පන්න කෙනෙක් වෙන හම්බවෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරාවටම ඒ විජ්ජාචරණ සම්පන්න ගුණය තිබුණා. හරි පුදුමයි… උන්වහන්සේ ගත්ත තීරණ, කතා කරපු දේවල්, පණවපු නීති සෑම දෙයක් තුළම ඒ විජ්ජාචරණ සම්පන්න බව තියෙනවා. හරිම පුදුමයි!

→ මතු සම්බන්ධ යි…