පරිශීලක:යටගල රජමහ විහාරය

විකිපීඩියා වෙතින්

දකුණු පළාතේ ගාල්ල දිස්තික්කයේ අක්මීමන ඡන්ද කොට්ඨාශයට අයත් ඉපැරණි යටගල රාජමහා විහාරස්ථානය රාජ්ය යුග තුනක් හා සබැඳි ඓතිහාසික විහාරයකි. අනුරාධපුර යුගයේ යෝජන ථූප (බෝධි ශාඛා) පිහිටුවන අවස්ථාවේ මෙම භූමියේ ද සිරි මා බෝ ශාඛාවක් රෝපණය කළ බව පිළිගැනේ. එම බෝධි රාජයාණන් වහන්සේ අද ද විරාජමානව පවතී. දඹදෙනි යුගයේ රාජ්ය විචාලා වූ දෙවන පැරකුම් රජතුමාගේ අමාත්ය දේවපතිරාජ ඇමතියා විසින් දර්ශනීය ගල්ලෙන හා සැතපෙන බුදු පිළිමය නිර්මාණය කර ඇති බව පුරාවිද්යාත්මකව සනාථ කර ඇත. විහාර මන්දිරයේ දකුණු පස ලෝකඩ හිටි බුදු පිළිමයක් දැකිය හැකි අතර එය නූතන ගවේෂණයන්ට අනුව මෙතෙක් ලක්දිවින් හමුවූ ඒකඝන ලෝහයෙන් නිම වූ උසම හිටි පිළිමය බව පිළිගැනේ. එම පිළිමය තත් විහාරාධිපති නාහිමියන් විසින් නිර්මිතව මහනුවර යුගයේ රජකළ කීර්ති ශී රාජසිංහ රජු විසින් නොයෙක් පූජාවන්ගෙන් පුද දුන් රාජ පූජිත බුදු පිළිමයක් බව ද කිව යුතුය.