Jump to content

පරිශීලක:නිලු මුදලිගේ

විකිපීඩියා වෙතින්


අකම්පිත

මෙය සත්‍ය කථාවක ප‍්‍රතිබිම්භයක් යැයි මා විසින් පැවසුවහොත් ඇතැම් විට ඇතැමෙකු පිළි නොගනු ද ඇත. ඒ මෙය මේ සමාජය තුළ සිදු වූ යටගිය - දුක්ඛිත - ඇදහිය නොහැකි පේ‍්‍රමවෘතාන්තයක් වන බැවිනි. ඇය වළ දැමූ ඇගේ අතීත සැමරුම් මම ගොඩ දැමුවෙමි. ඇගේ වළ දැමූ අතීත සැමරුම් ගොඩලද්දී විටෙක ඇතැමෙකුට ඒ දුග`ද දැනෙන්නට පිළිවන. ඇතැමෙක් ඒ දුග`දින් දැවෙමින් හි`දින්නට ද පිළිවන. ජීවිතයේ සිදු විය යුතු දෑ සිදු නොවුණු කළ මෙන්ම, සිදු නොවිය යුතු දෑ සිදු වූ කළ ද, ජීවිතය ගැන ඇති නැත්තෝ විවිධ අයුරින් අදහස් උදහස් දක්වති. තර්ක විතරක් කරති. මුතු බෙල්ලෙකු තම වේදනාව මුතු බවට පත් කරන්නා සේ ඈ වි`දි අනේක විධ දුක්වේදනා මා විසින් මාගේ අත්දැකීමක් බවට පත් කර ගනිමින් ‘අකම්පිත’ නිර්මාණය කරනු ලැබිණි. ඇගේ ජීවිතය ඈට සරදම් කළ ද ඒ සරදම ම ඈ තම ජීවිතයට ශක්තියක් කර ගත්තා ය. බැලූ බැල්මෙන් නොකියවූවත් ඇය පැතුවේ සිතුවේ එක ම දෙයකි. ඒ දිනක සත්‍ය ජයගන්නා බව ම ය. මගේ නිර්මාණකරණය සදහා ඇගේ කථාව ලියන්නට මම කල්වේලා නොබැලූවෙමි. එහෙත් නොදැනී ම ඇය මගේ තවත් කථාවක ප‍්‍රධාන කථා නායිකාව වූවා ය. සැබවින් ම ඇය සමාජයට යම් පණිවිඩයක් - අරුතක් ලබා දුන්නා ය. සහතික කොට මම ඇයට කියමි. දිනක ‘අකම්පිත’ ඇය අතට ද පත් වේවි. සැබෑවට ම මිතුරිය. මා මෙය සටහන් කර වූයේ නුඹ රිදවන්නට නොවේ. සමාජයේ යටපත් වන මෙවන් දෑ රිදව රිදවා - වි`දවා වි`දවා ජීවත් වන්නා වූ නුඹ ඉන්නා කුලකයේ ම ඉන්නා අන් යුවතියන්ට නුඹ ගැන කියන්නට ම ය. නුඹ වැනි අහිංසකියන් රිදවනා වදක ස්වාමිවරුන්ටත්, අම්මා අරුතින් අන් යුවතියන් නොදකිනා නූතන අම්මාවරුන්ටත්, නුඹ වැනි ම අහිංසකියන්ටත්, නුඹේ ජීවිතය නවක කථාවක් කර මෙසේ සටහන් කළේ, ඔවුනට යම් දැනුවත්කමක් ලබා දීම සම්බන්ධයෙන් ම බව පමණක් සිහි කිරීමට කැමැත්තෙමි. ඇගේ ජීවිතය හා සම්බන්ධ ඇතැම් කරුණු හා සිද්ධි, යම් යම් විශ්ලේෂණයන් සිදු කරමින් මාගේ නිර්මාණකරණය ස`දහා වෙනස්කම් කළ බව ද කියන්නට ඕනෑ ම ය. ඒ ඇගේ දෛවය හා මා විසින් ගොඩ නගනු ලැබූ සවින්දිගේ දෛවය හා සැස`දීමේ දී, අවසානය තුළ එකිනෙකට පරස්පර වන හෙයිනි. මා විස`¥ ආකාරයෙන් ම ඉතා සුභදායි ලෙස ඇගේ දෛවය විසදුවේ නම් නැත. මෙවන් දෑ නූතන සමාජය තුළ සිදු වී තිබීම පුදුම සහගත මෙන් ම සත්‍යසහගත ය. මා මෙය සටහන් කරලූයේ එනිසා ම ය. පෙරාතුව මට කියන්නට බැරි වූ කාරණාවක් වේ. මේ අද සමාජයේ ජීවත්වන එක් යුවතියකගේ කථාවක් පමණක් ම නොවේ. ඇතැම් විට ඔබේ බිරි`ද - ඔබේ පෙම්වතිය - ඔබේ සොයුරිය - ඔබේ හිතවතිය, ඔබේ මිතුරිය නිහ`ඩ ව දුක් විදිමින් සිටින ඇගේ කථාව ද විය හැක. මම මතක් කරමි. ඔබ තීරණය කරන්න, සමාජ - සංස්කෘතිය යන රාමුවේ හි`දිමින් නිවැරදි ව ජීවිතයේ ගන්නා සියලූ තීරණ ගන්නට.

එන්න, කියවන්න 
          ..... අකම්පිත.......
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:නිලු_මුදලිගේ&oldid=343353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි