පරිගණක සාක්ෂරතාව

විකිපීඩියා වෙතින්

පරිගණක සාක්ෂරතාව යනු පරිගණක හා තාක්ෂණය පිළිබඳ දැනුම හා ඒවා කාර්යක්ෂමව භාවිතා කිරීමේ හැකියාවයි. පරිගණක ක්‍රමයට හෝ පරිගණක හා සම්බන්ධ වෙනත් මෘදුකාංග (application) භාවිතා කිරීමේදී පුද්ගලයෙකුට දැනෙන පහසුතා මට්ටම් ලෙසද පරිගණක සාක්ෂරතාවයේ තවත් වැදගත් අංශයක් වන්නේ පරිගණක ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න දැන සිටීමයි. 2005 දී මූලික පරිගණක හැකියා පැවතීම දියුණු රටවල සැළකිය යුතු ලක්ෂණයක් විය.

පරිගණක සාක්ෂරතාවයේ නියම අර්ථ දැක්වීම කාණ්ඩයෙන් කාණ්ඩයට වෙනස් විය හැක. සාමාන්‍යයෙන් සාක්ෂරතාවය යනු (පොත් පිළිබඳ විෂය පථයෙන්) ඔහුගේ මව් භාෂාවෙන් අහඹු ලෙස තෝරා ගත් ඕනෑම පොතක් තව වචන පිළිබඳ සෝදිසි කරමින් කියවිය හැකි පුද්ගලයාය. එලෙසම පළපුරුදු පරිගණක වෘත්තිකයෙක් පරිගණක සාක්ෂරතාවය මැනීමේ දී එම ආයතනයේ (අහඹු ලෙස තෝරා ගත් නව ක්‍රම ඩේටා හා යෙදුම් භාවිතයෙන් ඉගෙන ගැනීම) හැකියාව සළකා බලනු ඇත. කෙසේ නමුත් සාමාන්‍ය භාවිතයේදී පරිගණක සාක්ෂරතාවයෙන් අඟවන්නේ ඉතා හොඳින් අර්ථ දැක්වුණු පහසු කාර්යයන් කිහිපයක් සඳහා ඉතා විශේෂ යෙදුම් (applications) (මයිකොසොෆ්ට් වර්ඩ්, මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හා මයික්‍රොසොෆ්ට් අවුට් ලුක්) මෙය කුඩා ළමා පොත් කිහිපයක් කටපාඩ‍ෙම් ඇති ළමයෙකුට කියවීමට හැකියැයි කියනවා වැනිය. ප්‍රශ්නය මතු වන්නේ ඒ ආකාරයේ පරිගණක සාක්ෂරතාවයක් ඇති පුද්ගලයෙක් ප්‍රථම වරට නව ක්‍රමලේඛනයක් භාවිතා කරන විටය. අනිවාර්යෙන්ම විශාල වේලාවක් ක්‍රමලේඛනය අත්හදා බැලීමට සිදුවේ) සාක්ෂර වීම හා ප්‍රායෝගික වීම සාමාන්‍යයෙන් එකම අරුත දෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_සාක්ෂරතාව&oldid=623693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි