පරිගණක මෘදුකාංග - මෙහෙයුම්

විකිපීඩියා වෙතින්

පරිගණක මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීමට පෙර එය පරිගණකයේ දෘඪ තැටියක/මතකයට හෝ සසම්භාවී ප්‍රවේශ මතකයට ප්‍රවේශනය කල යුතු වේ. එහිදී අදාළ උපදෙස් පද්ධති මෘදුකාංගය හරහා යෙදවුම් මෘදුකාංගයෙන් දෘඪ තැටියට ලබා දෙයි. දෘඪ තැටියට ඒවා ලැබෙන්නේ යාන්ත්‍රික කේත ලෙසිනි. මෙම එක් එක් උපදෙස් පරිගණකයට මෙහෙයුම් පවත්වාගෙන යාමට ඉවහල් වේ. උදාහරණය ලෙස දත්ත හුවමාරුව කිරීම්, ගණනයන් සිදුකිරීම, උපදෙස් පාලන ගැලීම් (Control flow) වෙනස් කිරීම ආදිය දැක්විය හැකිය.


සාමාන්‍යයෙන් දත්ත එහා මෙහා වීම මතකයෙ ස්ථාන 2 ක් අතර සිදුවේ. සමහර අවස්ථාවල දී මතකය හා රෙජිස්ටර (registers) අතරද එය සිදුවේ. මධ්‍යම සැකසුම් ඒකක(CPUයෙහි වේගවත් දත්ත ප්‍රවේශයට මඟ පාදයි. විශාල ප්‍රමාණයේ දත්ත එහා මෙහා කිරීම අසීරු කාර්යයකි, එබැවින් දත්ත වෙනුවට ඒවා නියෝජනය කරන දර්ශක ඒ සඳහා යොදා ගනී.ගණනය කිරීම් වලදී, විචල්‍ය දත්තවල (element) මුලාංගයක අගය වැඩි කිරීම වැනි සරල මෙහෙයුම් අන්තර්ගත වන අතර සංකීර්ණ ගණනය කිරීම් වල බොහෝ මෙහෙයුම් මෙන්ම බොහෝ මුලාංගයන්ද වේ.


මෙම උපදෙස් ක්‍රියාකිරීම අනුක්‍රමිකවහෝ කොන්දේසි සහිතව හෝ පුනර්කාරීව සිදුවේ. අනුක්‍රමික ව සිදුවන උපදෙස් ක්‍රියාකරන්නේ එකකට පසු එකක් ය. කොන්දේසියකට යටත්ව ක්‍රියාකරන උපදෙස් සමහර දත්ත වල අගයන් මත රඳා පවතිමින් ක්‍රියාත්මක වේ. උදාහරණ ලෙස If" ප්‍රකාශය දැක්විය හැකිය. පුනර්කාරී උපදෙස් පුනරාවර්තීව ක්‍රියාත්මක වන අතර දත්ත වල අගයන් මත ද රඳා පවතී. ලූපයක් ලෙස හඳුන්වන්නේ ද මෙයම ය. බොහෝ විට එක් උපදෙසක් වෙනත් ක්‍රම ලේඛයක (Program) හෝ මොඩියුලයක ඇති තවත් උපදෙස් වලට ඇමතීම සිදුවේ. පරිගණක සකසන (processor) එකකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන විටද මෙම උපදෙස් එකවිට සමගාමී වීමට ද හැකිය.

මෘදුකාංගයක් ක්‍රියාකරන ආකාරය දැන ගැනීමට සරල උදාහරණයක් ලෙස,මෙනුවකින් (copy) ‘පිටපත් කරන්න’ යන තෝරා ගන්නා ලද සංසිද්ධිය සලකා බලමු. මෙවැනි අවස්ථාවක දී කොන්දේසි සහිත උපදෙසක් අදාළ පාඨය මතකයේ තැන්පත් කර ඇති ලේඛනයෙන් පිටපත් කරගනී. ‍සමහර විට පිටපත් කිරීම (clipboard) ක්ලිප් ‍බෝර්ඩය වැනි අතර මැදි ආයාචනයකට (storage) විය හැකිය. නැතහොත් (paste) ‘අලවන්න යන්න’ මෙනුවෙන් තෝරා ගන්නා ලදි නම්, උපදෙස් ක්‍රියාත්මක වන්නේ ක්ලිප් බෝර්ඩයට අදාළ පාඨය පිටපත් කර එය නැවත පාඨය උපුටා ගත් ලේඛනයේම හෝ වෙනත් ලේඛනයක නිශ්චිත ස්ථානයකට පිටපත් කිරීමයි. යොදාගන්නා යෙදුම අනුව ඉහත සඳහන් කළ උදාහරණය ද ආකූල විය හැකිය. පරිගණක ඉංජිනේරු ‍ක්ෂේත්‍රය උත්සාහ කරන්නේ මෙම මෘදුකාංග ක්‍රියාකාරිත්වයේ සංකීර්ණභාවය පාලනය කිරීමටයි. විශේෂයෙන්ම විශාල හා ප්‍රබල පරිගණක පද්ධතිවල ක්‍රියාත්මක මෘදුකාංග සඳහා මෙය වඩාත් සත්‍ය වේ.


වර්තමානයේ පරිගණක මෘදුකාංග යොදා ගැනීම එහි මෝස්තර රචකයා/සම්පාදක හෝ ඒ පිළිබඳව ඇති කෞෂ්‍යලයට සීමා වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අතීතයේ මෘදුකාංගයකින් නිරූපනය කළ නොහැකි යයි උපකල්පනය කළ චෙස් ඇඳීම වැනි ක්‍රීඩාද දැන් ක්‍රමලේඛිත (Programmed) කර ඇත. දැනට එසේ නිරූපනය කිරීමට නොහැකි වී ඇත්තේ සංගීතය හා සාහිත්‍යය වැනි කලාවට අදාළ විෂය පථයන් ය.


මෙහෙයුම් අනුව මෘදුකාංග වර්ග, ක්‍රියාත්මක කළ හැකි පරිගණක වැඩ සටහන්, ප්‍රභව කේත හෝ පිටපත්, වින්‍යාසය ආදි වශයෙන් හැදින්වේ.


සටහන්[සංස්කරණය]

Computer software Execution