පරිගණකමය පුරාවිද්‍යාව

විකිපීඩියා වෙතින්

පරිගණකමය පුරාවිද්‍යාව දීර්ඝ කාලීන මිනිස් හැසිරීම් හා හැසිරීම් පරිණාමනය අධ්‍යනය සදහා වු පරිගණක මත පදනම් වු විශ්ලේෂණික ක්‍රම විස්තර කරයි. ඔවුන්ගේ නමට ඉදිරියෙන් පරිගණකමය යන උපසර්ගය ඇති (පරිගණකමය ජීව විද්‍යාව පරිගණකමය භෞතික විද්‍යාව හා පරිගණකමය සමාජ විද්‍යාව) අනෙකුත් උප මාතෘකා මෙන්ම මෙම වදනද පරිගණකයක උදවුව නොමැතිව සිදු කළ නොහැකි ක්‍රම හැදින්වීම සදහා යෙදේ.

පරිගණකමය පුරාවිද්‍යාවට‍ භූ විද්‍යාත්මක තොරතුරු පද්ධති (GIS භාවිතය ඇතුළත් වෙයි. විශේෂයෙන් එසේ වන්නේ විව්ෂේඩ (Viewshed) විශ්ලේෂණ හා ලීස්ට් කොස්ට් පාත් (Least cost path) විශ්ලේෂණය වැනි අවකාශ විෂ්ලේෂණය භාවිතා කරන විට එයට හේතුව ඒවා පරිගණකයක සැකසුම් බලයෙන් තොරව සිදු කිරීමට අතිශයින් අපහසු, සැලකිය යුතු තරම් පරිගණකමය වහයෙන් සංකිර්ණ පිවිසුම් වන නිසාය. එමෙන්ම Swarm හා Repast මෙවලම් භාවිතා කර සමහර ආකාර වල සංඛ්‍යානමය හා ගණිතමය ආකෘතිකරණ හා මනුෂ්‍ය හැසිරීමේ පරිගණක අනුහුරුකරණ හා හැසිරීම් පරිණාමනය ද පරිගණකමය උදවුවකින් තොරව ගණනය කිරීමට අපහසු විය හැකිය. ලන්ඩනයේ විශ්ව විද්‍යාලයේ Space Syntax වැඩ සටහන වැනි මෘදුකාංග යොදා ගනිමින් සාදන ලද පරිසර තුළ මනුෂ්‍ය සංජානනය හා චලනය වැනි පුරාවිද්‍යාත්මක ගැටළු විසදීම සදහා වු අනෙක් විවිධ ආකාර වල සංකිර්ණ හා නියමිත මෘදුකාංග වල යෙදීම් ද පරිගණකමය පුරා විද්‍යාව යටතට වැටෙයි.

පරිගණකමය පුරා විද්‍යාව පුරා විදයාත්මක තොරතුරු විද්‍යාව ලෙස හැදින්වෙයි. (Burenhult 2002, Huggett and Ross 2004)



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Computational_archaeology